තස්මේනියානු යක්ෂයා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    තස්මේනියානු කොටියා

    මම අද බලපු ෆිල්ම් එක හින්දයි මේ සතා ගැන විස්තර හොයන්න හිතුනේ.:D
    මේ තස්මේනියානු කොටියා ලෝකේ ඉන්න මිත්‍යා කතා වලට බර සත්වයෙක්.මෙයට නම් කීපයක් තියෙනවා
    විද්‍යාත්මක නම තමා Thylacinus cynocephalis පොඩ්ඩක් ශබ්ද කරන්න අමාරුයි.අනිත් නම් තමා තස්මේනියානු කොටියා,තස්මේනියානු වෘක්කයා.ඇත්තටම මෙයා කොටියෙක් වගේ නම් නෙමේ :rolleyes:
    මට මෙයාගේ පින්තූර හම්බුන ඔක්කොම ඒවා කළු සුදු ඒවා.ඒ තරම් ඉස්සර කාලේ තමා එය වද වෙලා ගිහිල්ලා තියෙන්නේ.බලන්නකෝ මම පහලින් දැම්ම මෙයාගේ පින්තූරයක්.


    attachment.php
    :rolleyes:

    මෙයා ජීවත් වෙලා තියෙන්නේ Australia,පැපුවා නිව් ගිනියා පැත්තේ.
    මෙයාගේ පෙනුමේ හැටියට මෙයා ලොකු බල්ලෙක් වගේ. ඉරි වැටුන පස්සා ප්‍රදේශයක් මෙයාට තියෙනවා.ඒ වගේම තමා පහසුවෙන් නොනැමෙන වල්ගයකුත් තව ශරීරයේ තරමට වඩා ලොකු වෘක්ක හිසකුත් තියෙනවා.හොදින් හැදුන කෙනෙක් 180 cm වගේ දිගයි (නාසයේ අග ඉදන් වල්ගයේ කෙලවර තෙක්)

    වාර්තා වල හැටියට අන්තිම වනගත තස්මේනියානු කොටියා මරලා තියෙන්නේ 1910 ත් 1920 අතර කාලේදී.ඒ වගේම අන්තිමට අල්ලගත්තු තස්මේනියානු කොටියා ඉදල තියෙන්නේ Australia, තස්මේනියා වල හෝබාර්ට් සත්තු වත්තේ.එයත් 1936 වගේ කාලේ වෙද්දී මැරිලා.

    තස්මේනියානු කොටියාගේ DNA නැවත පන උපදී කියල සමහර තැන වල තියෙනවා ඇත්ත කොහොමද නම් දන්නේ නෑ.

    අනික විශේෂ කරුණ තමා මාංශ භක්ෂක ගණයට අයත් පැසක් සහිත විශාලතම සත්ව කොට්ටාශයට මෙයාලා අයත් වීම.පැසක් සහිත කිව්වේ හරියට කැන්ගරුවන් වගේ.
    ඒ වගේම මේ වෙද්දී ලෝකෙන් මේ සත්ව කොට්ටාශය වද වෙලා ගිහිල්ලා ඉවරයි.:(

    attachment.php


    මේ සත්වයා මාංශ භක්ෂක කිව්වට හරිම දුර්වල සතෙක්.මෙයාගේ හකු වලින් බැටළුවෙක් වත් මරන්න තරම් හයියක් නෑ.මෙයාලගේ ආහාර වලට තියෙන්නේ කුරුල්ලන් වගේ පොඩි සතුන් තමා.හරිම දුර්වල විදියට ඇවිදින්නේ.හරිම ලජ්ජා ශීලි සතෙක්.:(
    මම නෙට් එකේ ගොඩක් හෙව්වා මෙයා වද උනේ ඇයි කියල.මෙයාව ගොඩක් පරීක්ෂණ වලට යොදාගන තියෙනවා ඒ මොකද කියන්න මට තමා හොයා ගන්න හම්බුනේ නෑ.ඒ ඇරෙන්න මිනිස්සු මරලම තමා මෙයාලා වද වෙලා තියෙන්නේ.:(
    :angry::angry:

    attachment.php


    මොවුන් මිනිසුන්ට අහු උනාම කිසිම සටනකින් තොරව මිය යනවා.ඒ තරමටම මොවුන් හරිම දුර්වල විශේෂයක්.ඒ හින්දමද දන්නේ නෑ මොවුන් මේ වෙද්දී ලෝකේ නැත්තේ.
    ඒ අතින් බලද්දී තව මිනිස් කෙරුවාවල ප්‍රති පලයක් තමා මේ තස්මේනියානු කොටියා ලොවින් තුරන් වෙලා යාම :(.


    attachment.php


    ගොඩක් සයිට් වලින් හොයල තමා මේ තොරතුරු ඔයාලට දැම්මේ.ඔයාලට වැද ගත වෙයි කියල හිතල මම ඒ සයිට් දාන්නම්.
    http://en.wikipedia.org/wiki/Thylacine
    http://www.petermaas.nl/extinct/speciesinfo/tasmaniantiger.htm
    http://australia.gov.au/about-australia/australian-story/tasmanian-tiger
    http://www.dpiw.tas.gov.au/inter.nsf/webpages/bhan-53777b
    http://news.bbc.co.uk/2/hi/7408840.stm
    http://www.dpiw.tas.gov.au/inter.nsf/webpages/bhan-53777b
    http://www.tasmanian-tiger.com/

    අහ්හ් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එකත් බලන්න.ඔයාල කැමති ටයිප් එකේ එකක් තමා මේක. :D

    http://www.imdb.com/title/tt1703148/

    attachment.php


    මේක සම්පූර්නෙන්ම මගේ මහන්සියෙන් ලිව්ව එකක්:growl: ඒ හින්ද යාලුවනේ තව යාලුවෙක්ට බලන්න කමෙන්ට් එකක් හරි දාලා යන්න.රේප් දුන්නට තරහ වෙන්නෙත් නෑ :P:P
     

    Attachments

    • _44669823_tas1_tasmus_466_282.jpg
      _44669823_tas1_tasmus_466_282.jpg
      53.7 KB · Views: 677
    • 070702_tasmanian_tiger_02.jpg
      070702_tasmanian_tiger_02.jpg
      51.8 KB · Views: 635
    • _44669821_tas4_tasmus_226_170.jpg
      _44669821_tas4_tasmus_226_170.jpg
      22.9 KB · Views: 626
    • Bagged_thylacine.jpg
      Bagged_thylacine.jpg
      82.7 KB · Views: 623
    • the_hunter.jpg
      the_hunter.jpg
      85.1 KB · Views: 632
    Last edited: