එක්‌නැලිගොඩ ඝාතනයට සැක
හමුදා නිලධාරීන්ට කප්පම් චෝදනාත්
හේමන්ත රන්දුණු
මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග දක්‌වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ.
එක්‌නැලිගොඩ ඝාතනයට අත්අඩංගුවේ සිටින එක්‌තරා කර්නල්වරයකු අතුරුගිරිය ප්‍රදේශයේ තුන් මහල් නිවසක් ද ඉදි කර ඇත. පිහිනුම් තටාක ඇතුළු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම නිවස ඉදි කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මාසික වැටුපක් ලබා ගන්නා හමුදා නිලධාරියකු කෙටි කාල සීමාවක් තුළදී මේ තරම් විශාල වත්කම් උපයා ගත්තේ කෙසේදැයි පිළිබඳව පොලිසිය සොයා බලා ගෙන යයි.
මෙම හමුදා සාමාජිකයන් කොළඹ, පිටකොටුව, වැල්ලවත්ත, කොටහේන ඇතුළු ප්‍රදේශ කීපයකින් ධනවත් දෙමළ ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් ඔවුන් සිරකර තබාගෙන රුපියල් කෝටි ගණනක් කප්පම් මුදල් ලබා ගෙන ඇත.
මෙසේ මුදල් ලබාගෙන ඇතැම් ව්‍යාපාරිකයන් නිදහස් කර යවා ඇති අතර ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේම මරා දමා ඇති බවද හෙළි වී ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.
http://www.divaina.com/2015/08/28/news06.html
මේවා යන්නේ දිවයින පත්තරේ හේමන්ත රන්දුනු ලියල තියෙන්නේ