ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතුද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතුද?

    ත්‍රස්‌තවාදී ක්‍රියා මර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කළ යුතු යෑයි ද්‍රවිඩ සංවිධාන මෑතකදී පවසා තිබුණි. මේයට සමානව විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂද පැවසුවේ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවයි. එහෙත් සැබෑ යථාර්ථය සිහිපත් කළ යුතුය. 2009 මැයි 19 වැනිදා කොටි සංවිධානය විනාශ වූවත් කොටි ඩයස්‌ පෝරාව විනාශ වී නැත. ඔවුන් සතුව අතිවිශාල මුදල් සම්භාරයක්‌ පවතී. මේ කොටි හිතවාදීන් බලා සිටින්නේ අවස්‌ථාව පැමිණෙන තුරුය. යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්‌ඩායමක්‌ මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ව සැමරීමට ක්‍රියා කළේ ද මේ වසරේදීය. එහෙත් කොටි මිනීමරුවන්ව සැමරීම ඇතැම් මාධ්‍ය පාර්ශවයන් විසින් හඳුන්වනු ලැබුවේ දෙවියන්ව නැමදූ සිසුන්ව ආරක්‍ෂක හමුදා විසින් අත්අඩංගුවට ගත් බවයි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කැනඩාව සහ රුසියාව ඇතුළු රටවල් රැසක ත්‍රස්‌ත මර්දන පනත් ක්‍රියාත්මක වේ. මෑතකදී කැනඩා පොලිසිය දුම්රියක්‌ පිපිර වීමට උත්සාහ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඉස්‌ලාමීය අන්තවාදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ කැනඩා ත්‍රස්‌ත මර්දන පනත යටතේය. එහෙත් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කළ යුතු යෑයි කියමින් හඬක්‌ නැගී ඇත. මෙහිදී අතීතය සිහිපත් කළ යුතුය. ආණ්‌ඩු පක්‍ෂය විපක්‍ෂයේ දේශපාලඥයන් විසින් 2002 ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සිදු වූ විනාශකාරී තත්ත්වය විමර්ශනය කළ යුතුය. මේ ගිවිසුම අත්සන් කිරීමත් සමගම කොටි සංවිධානය ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්නැයි එවකට සිටි රජයට කියා සිටියේය. රජය ඊට හිස නැමුවේය. ඒ අනුව වහාම ත්‍රස්‌ත මර්දන පනත අත්හිටවනු ලැබීය. කොටි වැඩ ඇරඹුවේ ඉන් පසුවය. දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ ප්‍රධානී තාබෘව ඝාතනය වීය. එසේම තවත් බුද්ධි ක්‍රියාකාරීන් රැසක්‌ම කොටින්ගේ ඉලක්‌ක විය. ත්‍රස්‌තමර්ධන ඒකකයේ ප්‍රධානියෙකු වූ පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දින්ද සිය ජීවිතය බේරාගත්තේ අනුනවයෙනි. මේ තත්ත්වය මැද එවකට ශ්‍රී ලංකා පොලිස්‌ පරීක්‍ෂක සංගමයේ සභාපතිවරයාව සිටි ඩේල් ගුණරත්න ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත හදිසි සංදේශයක්‌ යවමින් වහාම ත්‍රස්‌ත මර්දන පනත සක්‍රීය කරන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් එකල ජනාධිපතිනියට ආරක්‍ෂක බලතල පැවරී නොතිබුණි. පොලිස්‌ පරීක්‍ෂක තාබෘ ඝාතනය කළ කොටි සංවිධානය වෙත හඹායනු වෙනුවට රජය හඹාආවේ ඩේල් ගුණරත්න පසුපසය. වහාම ජනාධිපතිනියට යෑවූ ලිපිය ඉල්ලා අස්‌කර ගනින් නැත්නම් උඹට පොලිස්‌ සේවයට ආයුබෝවන් කියන්නට වෙයි යෑයි ඇතැම් ඡේHෂ්ඨ නිලධාරීහු ඩේල් ගුණරත්නට කියා සිටියහ. එහෙත් ඔහු ඉන් සැලුණේ නැත. කීයටවත් ලිපිය අස්‌කරගන්නේ නැතැයිද කොටි අපේ අය බලාසිටියදී නුඹලා කියන්නේ අපට පුට්‌බෝල් ගහන්න කියලා දැයි ඩේල් පොලිස්‌ ලොක්‌කන්ගෙන් ප්‍රශ්න කළේය. තමා ඕනෑම වෙලාවක කබාය ඉවත දමා ගෙදර යැමට සූදානම් බවද හෙතෙම කියා සිටියේය. මේ අතීතය අද බොහෝ දෙනෙකුට අමතක වී තිබේ. 2009 කොටි සංවිධානය පරාජය වීමෙන් පසු යළිත් වරක්‌ කොටින්ව ජීවමාන කිරීමට මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධානද කොටි හිතවාදී දේශපාලඥයන්ද ක්‍රියා කරන බවටද තොරතුරු ගත වූ කාලය මුළුල්ලේ වාර්තා වීය. ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ශ්‍රීදරන් ඊට නිදසුන්ය. ඔවුන් විදේශගත වී කර ඇති ප්‍රකාශ දෙස බලන විට ත්‍රස්‌තමර්දන පනත අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ තිබිය යුතුය. ප්‍රභාකරන් මියයාමත් සමගම කොටි ත්‍රස්‌තවාදීන් නිම වී ඇතැයි බොහෝ දෙනා සිතුවත් තමිල්නාඩුව යළිත් වරක්‌ කොටින්ව පෝෂණය කරණ බව අනාවරණය වී තිබේ. එසේම මෙරට රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද උතුරු නැගෙනහිර ඊළම් රාජ්‍යයක්‌ බිහි කිරීම සඳහා අභිරහස්‌ සැළසුම් දියත් කර තිබේ. රටක පැවැත්මට ත්‍රස්‌තවාදී මර්දන පනතක්‌ තිබිය යුතු බව පැවසූවේ රුසියානු ජනාධිපති වැලඩර්මිර් පූටින්ය. දෙස්‌ විදෙස්‌ සතුරන් රට අරාජික කිරීමට උත්සාහ කරද්දී ඔවුන්ට එරෙහිව භාවිතා කළ හැකි එකම ආයුධය ත්‍රස්‌තවාදී මර්දන පනත යෑයි හෙතෙම පසුගියදා ප්‍රකාශ කර තිබුණි. එහෙත් බටහිර රටවල් ශ්‍රී ලංකාව වෙතින් ඉල්ලීමක්‌ කරමින් ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු යෑයි හඬ නගයි. එහෙත් එම රටවල ත්‍රස්‌ත මර්දන පනත් අහෝසි කර නැත. බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌ත මර්දන පනත යටතේ ත්‍රස්‌ත සැකකරුවෙකු වූ දවස්‌ 14 ක්‌ රඳවා ගැනීමට හැකියාව ලැබේ. එසේම ඇමරිකාව දේශප්‍රේමී පනත යටතේ ඇමරිකානුවන්ට ත්‍රස්‌ත ක්‍රියාවලට සහය වීම අපරාධකාරී ක්‍රියාවක්‌ යෑයි පෙන්නුම් කර තිබේ. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතුද? කොටි ඩයස්‌ පෝරාවෙන් සහ ඇතැම් කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලකයන් පිටුපස සිටින බටහිර රටවල අරමුණ තේරුම් ගත යුතුව තිබේ. ඔවුන් නොකඩවා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව තුළ අරාජික තත්ත්වයක්‌ ඇති කිරීමයි. පසුගිය කාලයේදී මැඳ පෙරදිග අරාබි වසන්තය මෙන් ශ්‍රී ලංකාව තුළද කොළඹ වසන්තයක්‌ ආරම්භ වනු ඇතැයි බොහෝ පාර්ශවයන් බලාපොරොත්තු වූහ. එහෙත් ඔවුන්ගේ අරමුණු ව්‍යර්ථ වීය. අරාබි වසන්තයේ ප්‍රතිඵලය දැන් ඇස්‌ පනාපිට ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදු වන ක්‍රියාදාමයන්ගෙන් සනාථ වේ. මේ වාතාවරණය ශ්‍රී ලංකාව තුළත් ඇති වීමට ඉඩ දිය යුතුද? ඇතැම් බලකාමී දේශපාලඥයෝ තම අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු යෑයි කියා සිටී. එහි අරමුණ නම් රාජ්‍ය බලය ලබා ගැනීමයි. අසහාය සෝවියට්‌ නායක ලෙනින් පැවසූවේ බලය හැර අන් සියලු දේම මායාවන් බවයි.

    මේ නිසා ශ්‍රී ලංකාව තුළත් අද දියත් වී ඇති ක්‍රම වේදය නම් කෙසේ හෝ බලය ලබා ගැනීමයි. මේ බලය ලබා ගැනීමට යන්නේ ජනතාවගේ යහපත උදෙසා නොව තම අරමුණු ඉටු කර ගැනීමත් ඒ සමගම විදේශීය ස්‌වාමිවරු සතුටු කිරීමත් සඳහායි. බටහිර රටවල නීතිරීති යටතේ ජාතීන් අතර ප්‍රකෝපකාරී තත්ත්වයක්‌ ඇති වන ප්‍රකාශ කිරීම තහනම් වේ. එවැන්නන් සමහර රටවලදී අත්අඩංගුවටද ගනු ලබයි. මේ සඳහා භාවිතා කරන්නේ ත්‍රස්‌ත මර්දන අණපනත්ය. මේ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්‌ත මර්දන පනත කිසිවිටකත් අහෝසි නොකළ යුතුයි. සතුරා අවදියෙන් සිටින බව අප තේරුම් ගත යුතුය. ද්‍රවිඩ සංවිධානය විසින් දියත් කර ඇති. බෙදුම්වාදී ආකල්පය ඊට නිදසුනක වේ. මේ සඳහා සහය දක්‌වන්නේ කොටි ඩයස්‌ පෝරාවයි. මේ අනාරක්‍ෂිත තත්ත්වය දැන දැනම අප උගුලේ වැටිය යුතුද? මෙරට සෑම කාර්යකටම වඩා වැදගත් වන්නේ ජාතික ආරක්‍ෂාවයි. මෙම ජාතික ආරක්‍ෂාව සඳහා අනිවාර්යයෙන්ම ත්‍රස්‌ත මර්දන පනත අවශ්‍ය වේ. ඇමරිකාවේ පදිංචි ඉස්‌ලාමීය ජාතිකයෙක්‌ ඇමරිකාවට එරෙහිව සටන් කිරීමට අවිආයුධ අතට ගත යුතු යෑයි හඬ නැගුවේ නම් ඇමරිකානු රජය නිකම් බලා සිටින්නේ යෑයි කිව හැකිද? එහෙත් ශ්‍රී ලංකාව තුළ එවැනි හඬක්‌ නැගුණොත් ඊට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි. මෙය දෙබිඩි පිළිවෙතක්‌ නොවන්නේද? වන්නි මෙහෙයුම සමයේ ජනතාව ආරක්‍ෂා වූයේ ත්‍රස්‌ත මර්දන අණපනත් නිසාය. මෙයට වසර 15 කට පෙර කොටින්ගේ මිසයිල ප්‍රහාරයකට ලක්‌ වී විනාශ වී ලයන් එයාර් ගුවන් යානාවට සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් පවා අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ත්‍රස්‌ත මර්දන පනත යටතෙයි. එසේම බිහිසුණු අපරාධ කළ කොටි 200 ක්‌ පමණ තවදුරටත් රඳවාගෙන ඇත්තේ මේ පනත යටතේය. මේ පනත අහෝසි කරන්න යෑයි කියන්නේ මේ මිනීමරු කොටින්ට නිදහස දීමට ද? ද්‍රවිඩ සංධානය මේ පනත අහෝසි කරන්නැයි ඉල්ලීමේ පසුබිම ඕනෑම අයෙකුට අවබෝධ වේ. ඔවුන්ට අවශ්‍ය අත්අඩංගුවේ සිටින කොටි කණ්‌ඩායම නිදහස්‌ කර ගැනීමයි. මේ අන්දමේ ක්‍රියාදාමයකින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ඉදිරි සැළසුම්ය. එහෙත් රජය ඊට ගොදුරු විය යුතුද? දේශපාලඥයන් කුමන හඬක්‌ නැගුවත් රටේ ආරක්‍ෂාවට ත්‍රස්‌ත මර්දන පනත අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. ප්‍රභාකරන්ගේ පදයට නැටූ පිරිස්‌ තවමත් අප අතර සිටී. කොටින්ට මුදල් පෙට්‌ටි යෑවූ පිරිස්‌ද ඒ අතර වේ. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ බලය ලබා ගැනීමයි. මේ තත්ත්වය ත්‍රස්‌තවාදී මර්දනය පනත තුළින් රටේ ජාතික ආරක්‍ෂාව වැදගත් කාර්ය භාරයක්‌ ඉටු කරන බව පැහැඳිලිය. එහෙත් පොලිසිය විසින් මේ පනත තමන්ගේ පෞද්ගලික එදිරිවාදී කම් සහ වෙනත් ක්‍රියා මාර්ගයන් උදෙසා භාවිතා කරන්නේ නම් එය පිළිගත නොහැකි ක්‍රියාදාමයකි. මන්ද යත් ශ්‍රී ලංකාවේ පොලිසියට එවන් ඉතිහාසියක්‌ තිබෙන බැවිනි. කොටි සංවිධානය පරාජය වී වසර 4 ක්‌ ගත වන මේ අවස්‌ථාවේ ත්‍රස්‌තවාදය සහමුලින්ම ශ්‍රී ලංකාවෙන් නිම වී ඇතැයි කිව නොහැක. මන්ද යත් ත්‍රස්‌තවාදීන්ගේ ආධාර කරුවෝ විදේශ රටවලත් ශ්‍රී ලංකාව තුළත් තවදුරටත් ක්‍රියාත්මක වීමයි.

    කීර්ති වර්ණකුලසූරිය .
     
    • Like
    Reactions: ewmdyn

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    tumblr_mimfc9ZGDk1rfduvxo1_500.gif
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    ඔව් ඒක අහෝසි කරන්නම ඕන.අද ලංකාවේ ආයුධ අතට අරගෙන මිනීමරන ආන්ඩුවට සම්බන්ධ නැති ත්‍රස්තවාදීන් නෑ. කවුරුත් ආන්ඩුවට විරුද්ධව ආයුධ අරගෙන සටන් කරන්නේ නෑ.බෝම්බ තියන්නේ නෑ.නමුත් ආන්ඩුවට සම්බන්ධ නීති විරෝධී මිනීමරු කල්ලිනම් ඉන්නවා.උන් තමයි භාරතව මැරුවේ, තංගල්ලේ විදේශ කාන්තාවකගේ කොල්ලා මැරුවේ,කහවත්තේ මැරුවේ.ත්‍රස්තවාදීන් නැතිව ත්‍රස්ත පනතක් ඕනි නෑ.අසාඩ් සාලි කියන්නේ මහින්දගේ හිටපු ගොට්ටෙක්.
     

    Similar threads