COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා නාවික හමුදාව, අමෙරිකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව පිළිබඳ (CARAT–21) පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව අද (24) ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී පැවැත්විණ.
එහි සමාරම්භක අවස්ථාව මාර්ගගත ක්‍රමවේදයට අනුව පැවති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසී ය.අදියර කිහිපයක් යටතේ නාවික අභ්‍යාසය ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී එළඹෙන 30 වන දා දක්වා පවැත්වීමට නියමිතයි.
මෙම නාවික අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුරළ සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා දෙක සහභාගී වේ.
මේ අතර බෙල් 212, බෙල් 412 හෙලිකොප්ටර් යානා සහ B – 200 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානා මගින් ගුවන් හමුදාව මෙම අභ්‍යාසය සඳහා අවශ්‍ය ගුවන් සහය ලබා දීමට කටයුතු කර තිබේ.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් USS Charleston (LCS – 18) නෞකාව, Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානාවක් සහ MH – 60S වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය (JMSDF) නියෝජනය කරමින් JDS Yugiri නොකාව සහ MH – 60R වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද මෙම අභ්‍යාසය සඳහා එක්ව සිටී.
මෙම පුහුණු අභ්‍යාසය තුළදී මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම, සමුද්‍රීය වපසරිය පිළිබඳ අවබෝධය, සාගරික ගුවන් මෙහෙයුම්, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව, සතුරු යාත්‍රා ලුහුබැඳීම , නෞකා වෙත ප්‍රවේශ වීම ඇතුළුවීම සහ පරීක්ෂා කිරීම සහ සෙවීම් හා මුදා ගැනීම් ඇතුළු නාවික අභ්‍යාස රැසක් කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට සැලසුම්කර ඇත.
අද දින පැවති සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න මහතා පවසා ඇත්තේ, මෙවැනි නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම තුළින් සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බවත්, කලාපීය හා කලාපීය නොවන සියලුම පාර්ශවකරුවන් හා එක්ව සුරක්ෂිත සාගර කලාපයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය නිපුණතාවය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ය.
නාවික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් සජිත් ගමගේ ඇතුළු නවික හමුදාවේ ඉහළ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක ලුතිනන් කොමණ්ඩර් රිචඩ් ලිස්ටර්, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිට ඇත.
මේ අතර මෙම නාවික අභ්‍යාසයේ සමාප්තිය ලබන 30 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව පැවැත්වීමට නියමිතව ඇත.