ත්‍රිපිටකය කෑලි වලට ඉරලා...

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ත්‍රිපිටකය කෑලි වලට ඉරලා...

    61109977_2300669343514859_2497624508844736512_n.jpg


    වරක් ඇමරිකානු නාවිකහමුදාවෙ අයෙක් කුරානයක් ඉරා ටොයිලට් එකක දමා තිබුනා..මෙය ලොවපුරා පත්තරවල පවෘතියක් වුනා. මම හිටියේ එතකොට ඔස්ට්‍රෙලියාවෙ. මෙහෙ මාධ්‍යවේදිනියක් අප රටේ සියලුම ආගමික නායකයින්ගෙන් අහලා තිබුනා ඔබේ ආගමේ ධර්ම පොතක් කෙනෙක් ටොයිලට් එකක දැම්මොත් ඔබ මොකද කරන්නේ කියලා. ඔස්ට්‍රලියාවෙ බෞද්ධනායකයා හැටියට මටත් ඇයගේ ප්‍රශ්නය යොමු වුනා.
    බුදුදහම අඩංගු ධර්ම පොතක් කෙනෙක් ඉරා ඔබේ ටොයිලට් එකේ ෆ්ලශ් කර යැවුවොත් ඔබ මොකද කරන්නේ...
    මම ඇයට උත්තර දුන්නා.
    කෙනෙක් එහෙම කරොත් මම කරන්නේ පයිප්ප බාස් කෙනෙක්ට කතාකරන එක. මොකද පොතක් හින්දා අනිවාර්යෙන් හිරවෙන්න පුලුවන් ..ඊට පස්සේ මගේ අත්‍යාවශ්‍ය කටයුත්ත කරද්දි අතර මග හිර වෙන්න පුලුවන් හින්දා..
    ඇය හිනා වුනා. ඇයට ලැබුනු අමුතුම සහ හොඳම පිලිතුර එය බව ඇය කීවා
    මා තවදුරටත් ඇයට පිලිතුර පැහැදිලි කරා
    ඔබට ඕනෙ තරම් බෞද්ධ පොත් ටොයිලට් එකකට දාන්න
    බුදුපිලිම කඩන්න,පන්සල් ගිනි තියන්න ,හාමුදුරුවරු මරන්න
    හැබැයි නුබේ ක්‍රියාව නිසා නුබට මාතුලින් බුදුන්වහන්සේගේ ධර්මය ෆ්ලශ් කර හරින්න මම ඉඩ තියන්නෙ නෑ.සමාවදීම ,දයාව, අනුකම්පාව,මා තුල ඇති හිතේ සාමය කිසිවිටෙකත් මා ඔබට දියකර හරින්න ඉඩ තබන්නෙ නෑ

    -අජාන් බ්‍රහ්මවන්සෝ මහ තෙරුන්වහන්සේ-

    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: Ultron