ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව ඔප

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව ඔප

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව සාක්ෂි සහිතව ඔප්පු වෙයි.පුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමිත් පිලිගනියි. පුරාවිද්යා දෙපාර්තමේන්තුව කලුසුද්දන්ගේ නියමය පරිදි මරනින්දේ...:shocked::shocked::shocked:

    පුජාවලියේ 6 පරිච්චේදයට අනුව වෙස්සන්තර රජු හිමගිරියට යද්දී රෑයක් මාතුල සිට ඇත .මාතුල යනු කෑගල්ලේ පිහිටි මාතුල අලුලෙන රජමහා විහාරයයි .ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කල ස්තානයද මෙයයි . චක්‍රවර්ති සීහනාද සුත්‍රයට අනුවද බුදුරදුන් මගධ රට මාතුලා නුවර වැඩ සිටිබව සදහන් වේ. මේ සුත්‍රයෙන් මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි .සින්හල දේශීය ශබ්දකෝෂයට අනුව මාතුල = අත්තන වේ.අදද මේ රජමහා විහාරය ඇත්තේ අත්තනගොඩය . මින් ඔප්පුවන්නේ බුදුරදුන් පමනක් නොව දේවදත්තද ජීවත් වූයේ මේ සිරිලකේ බවයි .කෑගල්ලේ බුදුරදුන් වැඩසිටි බව ත්‍රිපිටකයද සාක්ෂි දරන ලදී. තවත් සාක්ෂි කුමටද ?

    විහාරාධිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින් කලුසුදු වහලෝ.. තොපිලා පල්ලි ගිහින් මේරටේ ඉතිහාසය විකෘති කලාට හැමදාම ඕක කොරන්න ලැබෙන්නේ නෑ...:lol::lol::lol:

    මේත් සමග නිතැතින්ම දේවදත්තගේ පාසටහන පිලිබද වාර්ථාව නිතැතින්ම සත්යයක් වේ .එය මෙසේය

    49205005_785722668427129_3635463123395149824_n.jpg

    එච්.සී.පී. බෙල් විසින් 1892 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය.

    "දේදුගල ලෙකම්වරයා පර්වතයක් මත පිහිටි එක් සලකුණක් මා වෙත දැක්වීය. එය දේදුගල සහ උඩුව යන ගම්මාන අතර මායිමේ පිහිටියකි. මෙම සලකුණ බුදුන් වහන්සේගේ පරම සතුරු දේවදත්තගේ පා සලකුණ වශයෙන් සලකනු ලැබේ. එය මුල්කොට දේවදත්ත ගල වශයෙන් මුලින් සැලකුණු මේ ආශ්‍රිත ප්‍රදේශය පසුව දේදුගල වීලු. මෙම පා සලකුණ මන:කල්පිත සතෙකුගේ මෙනි. මේ වන විට එය ජලයෙන් බොහෝ දුරට ඛාදනය වී මැකී යමින් තිබේ.

    "බුදු හාමුදුරුවෝ සිරි පතුල පිහි‍ටුවන්න යන බව දැනගත්තු දේවදත්තයත් ඇවිත් ඔතන තියෙන ගල උඩට නැගලා බුදු හාමුදුරුවන්ට පයින් ගහන්න උත්සහ කළාලු. ඒත් ඉතින් බුදු හාමුදුරුවන්ට එහෙම දෙයක් කරන්න කාටවත්ම බෑනේ. ඒහින්දා දේවදත්තයාගේ ඒ පයින් පාරට එතන ගල හෑරිලා ගිහින් තියෙනවා. මෙවයේ ඇත්ත බොරු මං දන්නේ නෑ. ඒත් පරණ මිනිස්සු කියන්නේ නම් ඔය කතාවම තමයි. දේවදත්තයාගේ පාදය ගලේ එරුණු විදිහටලු ඔය ගල හෑරිලා තියෙන්නේ" (ගැමියෙක්ගේ මතයක් - 2013/12/08 ලක්බිම)

    කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගර මධ්‍යයෙන් වැටී ඇති දේදුගල පාරේ කි.මී.10ක් පමණ උඩට නැගිය යුතුය. ඉන්පසු හමුවන උඩුව හන්දියෙන් බස් නැවතුම අද්දරින් වමට හැරෙන රලු මාවත ඔස්සේ තව කි.මී2 විතර ඉහලට නගින විට වහරකගම. මෙහි ගම් පියසේ තරමක් උස් බිමක කුඩා පර්වතය පිහිටා ඇත. මේ අනුව බලන කල පෙනී යන්නේ බුදුන්වහන්සේගේ පමණක් නොව බුදුන්වහන්සේට එරෙහි වූ දෙව්දත්ගේ ජනශ්‍රිතද අද දක්වා මේ හෙළදිව තුල පැවතුනු බවයි.

    මෙ අනුව බුදුන්ගේ දේශය කුමක්ද යන්න නැවත පිරික්සා බැලිය යුතු කරුණක් බවට පත්වේ

    29177266_422513471519277_1379841961342533632_n.jpg
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24099104 said:

    මෙරට වසන්ගතයක්වගේ බෝ වෙලා ඉන්න ඉතිහාසය විකෘති කරන තොපිලා වගේ කලුසුද්දෝ ...ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කරපු තැනත් විකෘති කලේ ජේම්ස් අල්විස් කියන කතෝලික කලුසුද්දා පොතක් ලියලා .විහාරාදිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින්...:angry::angry::angry::angry:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මෙරට වසන්ගතයක්වගේ බෝ වෙලා ඉන්න ඉතිහාසය විකෘති කරන තොපිලා වගේ කලුසුද්දෝ ...ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කරපු තැනත් විකෘති කලේ ජේම්ස් අල්විස් කියන කතෝලික කලුසුද්දා පොතක් ලියලා .විහාරාදිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින්...:angry::angry::angry::angry:
    හැකි ඉක්මනින් ලගම ඇති රෝහලේ මානසික වෛද්‍ය සායනයට යොමු වෙයන්..එන්න එන්න තත්වෙ දරුණු වෙනවා උඹේ...:baffled::oo:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24100425 said:
    හැකි ඉක්මනින් ලගම ඇති රෝහලේ මානසික වෛද්‍ය සායනයට යොමු වෙයන්..එන්න එන්න තත්වෙ දරුණු වෙනවා උඹේ...:baffled::oo:

    උඹලට යන එනමන් නැතිවීගෙන යන නිසා දැන් එහෙමවත් කියමු...
    අර sri lanka = siri lanka කියලා පිලිගන්නේ නැති maxtalker කලු සුදු වහලා දැක්කේ නැතැයි?මූගේ තර්කවලට අනුව කොහෙ හෝ තැනක siri lanka කියලා තිබුනොත් ඒ මේ රට නෙමෙයි..ඒක ගිහින් ඉන්දියාවේ තියනවද කියලා හොයන්න ඔනි ..:yes:ආමේන් ..:P:P:rofl:
    :rofl:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    49342352_959370540927601_6303438701057802240_n.jpg

    දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
    සිතියම් සහිත

    රත්නපුර - මාරපන
    සාශ්ත්‍රෝදය පරිවේනාදිපති රාජකීය පන්ඩිත
    කිරි ඇල්ලේ ඥානවිමල සිවාමින් වහන්සේ
    විසින් ලියන ලදී.

    රත්නපු⁣රේ සාශ්ත්‍රෝදය මුද්‍රනාලයෙහි මුද්‍රිතයි...
    මාතුල - අත්තන ,කෝමාරිකා ,දෙළුම්
    ,ලප්නාරං ,ඉඹුල්

    අත්තන ගස සිංහළ වෛද්‍ය සාහිත්‍යයේ හදුන්වනු ලබන්නෙ " මාතුළ " නමිනි. " මාතුළ" යන්න පැහැදිලි අර්ථයකින් ප්‍රකාශ වූ තනි පදයක් විනා අන් වචන ප්‍රයෝගයකින් බිඳී ආවක් නොවේ.කරඬුපොත අළුලෙන පිහිටා ඇත්තේ අත්තනගොඩ නමින් හදුන්වන ප්‍රදේශයට නුදුරුවය.අත්තන යනු මෙසේ පැරණි සිංහළෙහි " මාතුළ " යන්න වේ. " ගොඩ " යනු ජනපදය යන අර්ථ ගනී. " මාතුවේලංඟය " යනු කවර හෝ භාෂා රීතියකට අනුව " මාතලේ " කියා අරුත්ගත නොහැකිය." මාතුවේලංඟය " පිහිටියේ මහාවංශයට අනුව සාල ගල්ලටසමීපවය.සාල ගල්ල නම් වර්තමාන " සල්ගල " නම් ස්තානයයි.අත්තන ගස සිංහළ වෛද්‍ය සාහිත්‍යයේ හදුන්වනු ලබන්නෙ " මාතුළ " නමිනි. " මාතුළ" යන්න පැහැදිලි අර්ථයකින් ප්‍රකාශ වූ තනි පදයක් විනා අන් වචන ප්‍රයෝගයකින් බිඳී ආවක් නොවේ.කරඬුපොත අළුලෙන පිහිටා ඇත්තේ අත්තනගොඩ නමින් හදුන්වන ප්‍රදේශයට නුදුරුවය.අත්තන යනු මෙසේ පැරණි සිංහළෙහි " මාතුළ " යන්න වේ. " ගොඩ " යනු ජනපදය යන අර්ථ ගනී. " මාතුවේලංඟය " යනු කවර හෝ භාෂා රීතියකට අනුව " මාතලේ " කියා අරුත්ගත නොහැකිය." මාතුවේලංඟය " පිහිටියේ මහාවංශයට අනුව සාල ගල්ලටසමීපවය.සාල ගල්ල නම් වර්තමාන " සල්ගල " නම් ස්තානයයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹලට යන එනමන් නැතිවීගෙන යන නිසා දැන් එහෙමවත් කියමු...
    අර sri lanka = siri lanka කියලා පිලිගන්නේ නැති maxtalker කලු සුදු වහලා දැක්කේ නැතැයි?මූගේ තර්කවලට අනුව කොහෙ හෝ තැනක siri lanka කියලා තිබුනොත් ඒ මේ රට නෙමෙයි..ඒක ගිහින් ඉන්දියාවේ තියනවද කියලා හොයන්න ඔනි ..:yes:ආමේන් ..:P:P:rofl:
    :rofl:

    මම මෙහෙම කියපු එක තැනක් එකම එක තැනක් ක්වෝට් කරලා පෙන්නපං වහල් sj. එහෙම බැයි නං උක නොදී හිටපං. මම චක්කවත්ති සීහනාද සූත්‍රය උපුටලා පෙන්නුවට පස්සේ හිමීට මාතුල තියන එක මාතුලා කියලා වෙනස් කරලා දැං. ලැජ්ජ නැති සොන්නයා. හැබැයි යට එක වෙනස් කරන්න අමතක වෙලා.
    උඹනේ සුද්දන් ලියපු ඉතිහාසය කරතියං යන එකා. අර hcp බෙල් කියන්නේ හෙලයෙක්ද
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම මෙහෙම කියපු එක තැනක් එකම එක තැනක් ක්වෝට් කරලා පෙන්නපං වහල් sj. එහෙම බැයි නං උක නොදී හිටපං. මම චක්කවත්ති සීහනාද සූත්‍රය උපුටලා පෙන්නුවට පස්සේ හිමීට මාතුල තියන එක මාතුලා කියලා වෙනස් කරලා දැං. ලැජ්ජ නැති සොන්නයා. හැබැයි යට එක වෙනස් කරන්න අමතක වෙලා.
    උඹනේ සුද්දන් ලියපු ඉතිහාසය කරතියං යන එකා. අර hcp බෙල් කියන්නේ හෙලයෙක්ද

    වැඩක් නෑ බන් දැගලුවට.පුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවොත් පිලිගත්තලු ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කලේ කෑගල්ල මාතුල කියලා .විඩියෝව බලපන් ..ඇත්තට හිස නමපන් .
    .:P:rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    වැඩක් නෑ බන් දැගලුවට.පුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවොත් පිලිගත්තලු ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කලේ කෑගල්ල මාතුල කියලා .විඩියෝව බලපන් ..ඇත්තට හිස නමපන් .
    .:P:rofl:

    වටේ යන්න එපා. මං
    අර sri lanka = siri lanka කියලා පිලිගන්නේ නැති maxtalker කලු සුදු වහලා දැක්කේ නැතැයි?මූගේ තර්කවලට අනුව කොහෙ හෝ තැනක siri lanka කියලා තිබුනොත් ඒ මේ රට නෙමෙයි

    මෙහෙම කිව්ව එක තැනක් පෙන්නපං උපුටා අරගන. එකක් අහපුවාම වෙන එකක් කියන්න එපා.
    උඹ මොකෝ මම චක්කවත්ති සීහනාද සූත්‍රය උපුටලාගත්තාම වචනෙ හිමීට එඩිට් කලේ. පිළිගනිං වැරදුනාම. පිළිගනිං බොරු කිව්වාම. දැං මම කිව්වද කොහෙ හරි තැනක කෑගල්ලෙ නෙමෙයි ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඩ කලේ කියලා.
    මට දැන් පෙන්නපං ත්‍රිපිටකේ උපුටා අරගන බුදුරජාණනවහන්සේ කෑගල්ලෙ වැඩ වාසය කලා කියලා තියන තැන. මට දැන් පෙන්නපං චක්කවත්ති සීහනාද සූත්‍රෙය් මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි කියල තියෙන්නේ කොතනද කියලා
    මොලේ හොඳනැද්ද උඹට. බලාගන ගියාම යකෝ මූ බොරු විදිනවනේ.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරි.

    මුන් මචන් කිරෙන් බාල වෙච්ච උන්. ඉස්සෙල්ලම දැන ගන්න ඕනේ අපි අද දන්නා ඉතිහාසය කියන්නේ කවුරුත් ඇහින් දැකල ලියපු ඒවා නෙමෙයි. ඉතිහාස සාක්ෂි අනුව කරපු අනුමාන. ඒ වගේම ඒ කාලේ ඕව හොයපු සුද්දෝම උන් උන් අතර තිබුණු තරඟය සහ අනවබෝධය වගේ කරුණු නිසා වරද්දපුවත් තියෙනවා. ලොකුම අපරාධය තමයි අද ඉතිහාස පරීක්ෂණ කරන අය නැවත ඉතිහාසය විමසන්නේ නැතුව අර සුද්දෝ සහ අපේ ඒ කාලේ හිටපු ඉතිහාසග්ඥයෝ ලියපු දේවල් පාදම කරගෙන ලියපු දේම අනුව තමයි කතා කරන්නේ.

    මම කියන්නේ ඉතිහාසය සම්බන්ධ යම් කරුණක් ගැන වෙනස් යමක් කෙනෙක් පවසනවා නම්, ඊට විරුද්ධ මතධාරීන්ට තියෙන්නේ ඒ කරුණු හේතු සාධක සහිතව බිඳින එක.

    මෙරට වසන්ගතයක්වගේ බෝ වෙලා ඉන්න ඉතිහාසය විකෘති කරන තොපිලා වගේ කලුසුද්දෝ ...ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කරපු තැනත් විකෘති කලේ ජේම්ස් අල්විස් කියන කතෝලික කලුසුද්දා පොතක් ලියලා .විහාරාදිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින්...:angry::angry::angry::angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹලත් හරියට නිකන් ලංකාවේ බහුතරය වගේ. රනිල්ට විරුද්ධ උනොත් මහින්ද වාදියා, මහින්දට විරුද්ධ උනොත් UNP දේශද්‍රෝහිය.

    මේ කරුණ සම්බන්ධයෙන් මම ඉන්නේබොහෝ දුරට SJ ගේ මතයට සමාන මතයක. උඹල ලංකාවේ බුදුන් වැඩ සිටිය සහ බුද්ධ චරිතයේ බොහෝ අවස්ථා ලංකාවේ උනා කියන එක පිළිගන්න බැරි නම් ඊට අදාළ කාරණා බිඳහෙලපාන්.
     
    බිඳ හෙලන්න පිළිගන්න පුලුවන් සාක්ෂි සාධක එක්ක දාන්නෙ නෑනේ. දාන්නේ එක්කො අැලපිලි පාපිලි අඩුවෙන් පොඩි එඩිට් එකක් එක්ක. නැත්තං

    සුදු හාවො ඉන්නවා, නරියෝ හාවො කනවා. ඒ නිසා චීනේ මකරු හිටියා කියන එක තහවුරු වෙනවා

    ටයිප් එකේ එකට එකක් පෑහෙන්නෙ නැති ගොං තර්ක එක්ක කොපි පේස්ට්.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹලත් හරියට නිකන් ලංකාවේ බහුතරය වගේ. රනිල්ට විරුද්ධ උනොත් මහින්ද වාදියා, මහින්දට විරුද්ධ උනොත් UNP දේශද්‍රෝහිය.

    මේ කරුණ සම්බන්ධයෙන් මම ඉන්නේබොහෝ දුරට SJ ගේ මතයට සමාන මතයක. උඹල ලංකාවේ බුදුන් වැඩ සිටිය සහ බුද්ධ චරිතයේ බොහෝ අවස්ථා ලංකාවේ උනා කියන එක පිළිගන්න බැරි නම් ඊට අදාළ කාරණා බිඳහෙලපාන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: maxtalker කියන්නේ කලවම් වුණු කලු සුද්දන්ගෙන් පැවතෙන වහලෙක් .මූ පුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ටත් උඩින් ඉන්නේ .ඉතිහාසය ගැන අදහස් දක්වන විද්යාධරයින්ට,උපකුලපතිවරුන්ට,ආචාර්ය මහාචාර්යවරුන්ටත් උඩින් ඉන්නේ .මිනිස්සු ඇත්ත දැනගනිවි කියලා බියෙන් මට විරුද්දව නූල් හදලා ..:rofl:

    අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ මාතුලා කියන්නේ මාතුල නෙමේ වගේ ගොන් තර්ක ටිකක් විතරයි .ඒක ඔප්පුකොරන්න මොකක් හරි පක්ශග්‍රාහි කලුසුද්දෙක් ලියපු පොතක් පෙරලයි. මෙතන ඉන්න ගොන් රෑලත් එක්ක එකතු වෙලා අන්තිමට මාතුලා = ඉන්දියාවේ මථුරා කියලා සම්මත කොරාවි:Pඅසරණ maxtalkerට අන්තිමට එල්ලෙන්න වෙලා තියෙන්නේ ඇලපිලි,ඉස්පිලි,පාපිලි වල තමයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹ හරි.

    මුන් මචන් කිරෙන් බාල වෙච්ච උන්. ඉස්සෙල්ලම දැන ගන්න ඕනේ අපි අද දන්නා ඉතිහාසය කියන්නේ කවුරුත් ඇහින් දැකල ලියපු ඒවා නෙමෙයි. ඉතිහාස සාක්ෂි අනුව කරපු අනුමාන. ඒ වගේම ඒ කාලේ ඕව හොයපු සුද්දෝම උන් උන් අතර තිබුණු තරඟය සහ අනවබෝධය වගේ කරුණු නිසා වරද්දපුවත් තියෙනවා. ලොකුම අපරාධය තමයි අද ඉතිහාස පරීක්ෂණ කරන අය නැවත ඉතිහාසය විමසන්නේ නැතුව අර සුද්දෝ සහ අපේ ඒ කාලේ හිටපු ඉතිහාසග්ඥයෝ ලියපු දේවල් පාදම කරගෙන ලියපු දේම අනුව තමයි කතා කරන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වටේ යන්න එපා. මං
    අර sri lanka = siri lanka කියලා පිලිගන්නේ නැති maxtalker කලු සුදු වහලා දැක්කේ නැතැයි?මූගේ තර්කවලට අනුව කොහෙ හෝ තැනක siri lanka කියලා තිබුනොත් ඒ මේ රට නෙමෙයි

    මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි කියල තියෙන්නේ කොතනද කියලා
    මොලේ හොඳනැද්ද උඹට. බලාගන ගියාම යකෝ මූ බොරු විදිනවනේ.

    ත්‍රිපිටකය විහ්‍රහ කරන අට්ඨකතා ආදී පාලි භාෂාව අර්තදක්වන පොත්වල තියෙන්නේ එහෙම තමයි වහලෝ..ඒවා ලියලා තියෙන්නේ තෝ ඉපදෙන්නත් කලින් :lol::lol::lol:උඹ ඊලගට අල්ලගන්න හදන ඇලපිල්ල මොකක්ද ?:rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    42186151_472740833229474_8550365638122536960_n.jpg

    උතුම් ත්රිපිටකය ග්රන්තාරෑඪ කරණුලැබුවේ වලගම්බා රජු සමයේ බව නොදන්නා කෙනෙකු නොමැත. එහෙත්, එය සිදුවූයේ මාතලේ අලුවිහාරයේදීද නැතිනම් මායා රට, බෙලිගල් කෝරලයේ දහමුනු පත්තුවේ මාතුල ජනපදයේ (අත්තනගොඩ ග්රාමයේ) අලුලෙනේ දීද?
    පූජාවලිය, සව්මෝහණ විනෝදනී, සද්ධර්මාලංකාරය, අස්ගිරි තල්පත, මහා බෝධිවංසය හා පපංචසූදනිය වැනි ග්රන්ථ වල ත්රිපිටකය ග්රන්ථාරෑඪ කළ ස්ථානය සහ සහභාගී වූ තෙරැන් වහන්සේලා සංක්යාව සහ එය සිදුකළ ආකාරය පිළිබඳව කරැනු ඇතුලත්වන බව සොයා බලන්නෙකුට හමුවේ.
    මෙරට ඉපැරණි ග්රන්තයන්හි මාතලේ අලු විහාරය යනුවෙන් සඳහන් කර නැත. සෑම තැනම සදහන්ව ඇත්තේ මාතුල අලුලෙණ කියාය. අප කවුරැත් අසා ඇත්තේ ත්රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ ලෙනක සිට මිසක් විහාරයක සිට නොවේ.

    500ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා ත්රිපිටකය ලිවීමට සහභාගීවූ බව මූලාස්රවල සඳහන්වේ. මෙම 500ක් තෙරැන් වහන්සේලාට "මාතලේ අලුවිහාරයේ ඇති ලෙණෙහි විහරණය කළහැකිද? එහි ප්රමාණය අ ඩි 30ක් දිග අඩි 10ක් පලල අඩි 10ක් උස ගල් කුටියක 500 දෙනෙකු සිටීමට හැකියාවක්නම් නැත. එහෙත් මාතුල ජනපදයේ අලුලෙණහි ප්රමාණය දිග අඩි 220ක් පලල අඩි 25ක් උස අඩි 56ක් සහිත ගල්ලෙණක 500 දෙනෙකු සිටීමට තරම් ප්රමාණවත්ය. මෙම ලෙණෙහි විශේෂත්වය නම් උදෑසන හිරැ පෑයූ වෙලාවේ සිට හිරැ බැසයන වෙලාව දක්වාම හොදින් ආලෝකය ලැබීමත් වාතාස්රය ලැබීමත්ය.
    ත්රිපිටකය ග්රන්ථ කරණයේදී වලගම්බා රජුගේ නාමය සඳහන් කිරීමට ⁣හේතුවනම් මෙම මාතුල ප්රදේශය අවට වලගම්බා රජුගේ බොහෝ කරැණු කාරණා සම්බන්දව පවතින ප්රදේශයකි. ඉන්දීය ආක්රමණ මැඩපැවත්වීමට සේනාව සංවිධානය කිරීම, මගුල් කඩුව සහ ජය සක සඟවා තැබුවේ කෑගල්ල ප්රදේශයේය. මෙම කරැණු සලකා බැලීමේදී තහවුරැ වෙන්නේ මෙම ප්රදේශයේ වලගම්බා රජු වසර ගනනාවක් ජීවත් වූ බවයි. මතලේ අලුවිහාරයටනම් වලගම්බා රජු හා සම්බන්ද කම් ඉතා අල්පය. අනෙක් කරැණ නම් ත්රිපිටකය ග්රන්ථකරණයේ යෙදීමට විශාල වශයෙන් තල්පත් ලබාගැනීමට ඒ අවට ඇති තලගොඩ ග්රාමයෙන් තල්පත් ලබාගන්නට ඇත. අදටත් තල්ගස් එම ප්රදේශයේ දැකිය හැක.

    මේ අනුව බැලීමේදී ⁣ත්රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට පෙර 700ක් පමණ සීහෙළ තෙරැන් වහන්සේලා මංගලාරාමයට (වර්ථමාණ "පොල්ගහවෙල වට්ටාරම රජමහා විහාරය") රැස්ව සම්මේලනයක් පැවැත්වා එතෙක් එක් එක් තෙරැන් වහන්සේලා කටපාඩමින් පවත්වාගෙන ආ සුවාසුව දහසක් සිරි සද්ධර්මය තුල කටපාඩමින් පවත්වාගෙන ඒමේදී යම් යම් ධර්ම කොටස්වල වෙනස්කම් තිබේදැයි පරීක්ෂාකර ඇත්තේ වට්ටාරමේදීය. මෙම වට්ටාරමට අයත් විහාරස්ථාන 04 න් එකක් වන ගොඩපොල ග්රාමයේ පිහිටි ගල්ටැඹේ විහාරයේ එකල නායක හිමි වූ , කුන්ථීක්කුල මහා තිස්ස හිමියන් ත්රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට මුල්වූ බව සඳහන්. වට්ටාරමේ සිට නැගෙනහිරින් සැතපුම් 4 පමන දුරින් පිහිටි , තෙරැන් වහන්සේලා 1000 පමන රැස්ව සිටිය හැකි අලුලෙණ පිහිටි ජනපදයේ ප්රධානියා වන "පරැමක අගිය" නැමැත්තාගේ ආරක්ෂාව සහ අනුග්රහය ඇතිව ත්රිපිටකය ග්රන්ථාරෑඪ කිරීමට සියලු විදිවිධාන සැකසීය. කි.පූ 103-77 වන කාලය වෙද්දී බැමිනිතියාය සාය නම් දරැණු නියන් තත්වයත් , සාගතයත්, ඉන්දීය ආක්රමණත් හමුවේ ඇතැම් තෙරැන් අපවත්විය ඇතැම් තෙරැණ් පලාගියහ. මේකරැණු හමුවේ ත්රිපිටකය ග්රන්ථාරෑඪ කරණුලැබුවේ 500 පමන තෙරැන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි.
    මාතුල ග්රාමයේ ලෙන් සංකීරණයෙන් ප්රධාන ලෙණෙහි සඳහන් ශිලා ලිපියේ "පරැමක ඉදි පුත පරැමක අගිය ශගශ" සඳහන් ඉන් කියැවෙන්නේ ප්රමුඛ ඉදි විසින් ප්රමුඛ අගියගේ ලෙණෙ මහා සංඝයාට දුන් බවයි. මෙම කරැණු කාරණා සලකා බැලීමේදී ත්රිපිටකය ග්රන්තාරෑඪ කරණ ලද්දේ මාතලේ අලුවිහාරයේ නොව, මාතුල ජනපදයේ අලුලෙනෙහිදී බව ඉතා පැහැදිලිය. මෙරට ඉතිහාසයේ සහ බෞද්ධ සංස්කෘතිය තුල සිදුවී තිබෙන තවත් බරපතල අතපසුවීමකි.
    මෙම මාතුල ජනපදයේ අලුලෙණෙහි , 2005 වර්ශය වෙද්දී වැඩවාසය කළේ දිවෙල ජිනානන්ද හිමිපානන් වහන්සේය. එවක එක්තරා පුවත්පතක් සමග කරණ ලද සම්මුඛ සාකච්චාවක් ආසුරෙන් උන්වහන්සේගේ වචනයෙන්ම සිය කටහඬ අවදිකරමින් කරන ලද අවසන් ඉල්ලීම නම්.... මම මහණ වුණේ 1946 අවුරැද්දෙ. 1968 ජනවරි පලවෙනිද තමයි මම මේ ලෙණට ආවෙ. එදා ඉඳල මම මේ ලෙණ් විහාරය ගැන හොඳින් හැදෑරැවා. එතකොට මට දැනගන්න ලැබුන ත්රිපිටකය ග්රන්ථාරෑඪ කරල තියෙන්නෙ මාතලේ නෙමෙයි කෑගල්ලෙ මාතුල ගමේ අලුලෙණේ බව. 1983 පුරාවිද්යා දෙපාර්ථමේන්තුව දැනුවත් කලා පසුව පරීක්ෂා කරල, කැනීම් ආරම්ඹ කරා. අදින් වසර 40000 වඩා පැරණි ඇඹරැම් ගලක් ලැබුන. මෙවැනි බොහෝ පුරා වස්තු ලැබෙමින් පැවතුන අතරවාරයේ... හිටිගමන් කැනීම් නැවත්තුවා... ⁣කැනීම් නවත්තන්න තරම් හේතුව මොකද්ද කියල මම සොයල බැලුව. එතකොට මට දැනගන්න ලැබුනා, මාතලේ මහ දිසාපති කෑගල්ලෙ දිසාපතිට ලියුම් එවල තියෙනවා කෑගල්ලෙ අලුලෙණේ කැනීම් වහාම නවත්තන්න කියලා. එදා ඒ මාතලේ මහදිසාපතිට ඒ ලියුම් එවන්න කියල බලකරල තියෙන්නෙ අලුවිහාරේ කියන මන්ත්රී පරම්පරාවයි කියල මට සොයාගන්න පුලුවන් උනා....
    ඒ වැඩෙන් ලොකු ඉතිහාස කතාවක් වැහිල ගියා. පරම්පරා කීපයක ලක්ෂ සංක්යාත බෞද්ධයන්ගේ අනවබෝදාත්මක අන්ද විස්වාසයට හේතුවුන මිසදුටු වැඩක්.....
    සම්මුක සාකච්චාව අවසන්වී, මාද්ය වේදියා ආපසු පැමිනීමට සූදානම් වූ අවස්තාවේ...වයෝවෘද්ධ හාමුදුරැවෝ ඉතා අපහසුවෙන් මාධ්ය වේදියා වෙත පිවිස, මහත්තයෝ... මටත් දැන් හුඟක් වයසයි...මගෙන් පස්සේ මෙතන කවුරැ රැක බලාගනීවිද කියලා තමයි මට බය... ඇත්ත හෙළිකරන්න මම මගේ ජීවිත කාලෙම මහන්සි වුණා... ඒත් පලක් උනේ නෑ...පුලුවන් විදියකට මේ තැන ආරක්ෂා කරගන්න....ඒක තමයි මගේ එකම ඉල්ලීම...
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    දැන්වත් උබලා ඔක්කමලා මහමෙව්නා අසපුවකට ගිහිලා සැබැ ධර්මය අහපල්ලා.