ත්‍රිපිටකය ජාතික උරුමයක්

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ත්‍රිපිටකය ජාතික උරුමයක්

    ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන්න යයි

    (නිමල කොඩිතුවක්කු)

    වසර 2300කට අධික කාලයක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප‍්‍රමුඛ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ මූලධර්මයන් ඇතුළත් ති‍්‍රපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කොළඹදී පැවසීය.


    ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය භික්ෂූන් වහන්සේ 2000ක සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ අලූවිහාරයේ දී ලබන 5 වැනි දා සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.


    කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා මෙසේද කීය.

    ‘‘බෞද්ධ දර්ශනය නොමග යැවෙන විවිධ දෑ අද සිදුවෙනවා. රජයක් විදියට අපි මේ ගැන විශාල අවධානයක් යොමු කර තිබෙනවා. එහි පියවරක් ලෙස ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාව අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළා.

    මේ ත‍්‍රිපිඨකයේ ඇතුළත් කරුණු කිසිවකුටත් වෙනස් කිරිමට නොහැකි වන ලෙස අපි ඉදිරියේදි පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනිමටත් කටයුතු කරනවා.

    බුද්ධ ධර්මය විකෘති කරමින් බුද්ධ ශාසනයට හානි වන ලෙසට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිනවා. බුද්ධ ශාසනයට අදාළව රජය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ මහානායක හිමිවරුන් ප‍්‍රධාන කමිටුවක් මගින් තමයි අපි තීන්දු තීරණ ගන්නේ. ඉදිරියේදීත් බුද්ධාගම රැක ගැනිම වෙනුවෙන් රජයක් විදියට ගන්න පුළුවන් සෑම ක‍්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



    source: Lankadeepa
     

    Similar threads