තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම උදෙසා සම්බුදු සසුන උකසට තබා, නිවන් අරභයා බණ භාවනා කරන සිව්වනක් පිරිසගේ කටවල් වසා තර්ජනය කර නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතවන ඊනියා විභජ්ජවාදීන්ගෙන්, උන්ගේ මුසා බසට රැවටුන රාජ්‍ය නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් හා උන්ට උඩගෙඩි දෙන ඊනියා ජනමාධ්‍යවේදීන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න මාලාව
1.තම තම නැණ පමණින් දැන ගෙන දෙසිය යුතු යැයි වදාළ දහම තිබියදීත්, ත්‍රිපිටකයට අර්ථ දිය නොහැකි යැයි සඳහන් වන සූත්‍ර දේශනාව කුමක්ද?
2 සංකාසන සූත්‍රයේ සඳහන් පරිදි චතුරාර්ය සත්‍යය විග්රහ කිරීමේදී,අකුරු අසීමිතයි,පද අසීමිතයි,ව්‍යංජන අසීමිතයි,බෙදීම් අසීමිතයි..ආදී වශයෙන් සඳහන් වන්නේ බුද්ධ දේශනාවක් නොවේද? ඒ සූත්‍රය තබාගෙන ත්‍රිපිටකයට ඉබි යතුරු දමා ජාතික උරුමයක් කළේ කෙසේද?
3.සිවුරු දරාගෙන දරු පවුල් නඩත්තු කරන,ස්ත්‍රීන් සමග කාමුකව හැසිරෙන,රාත්‍රී සමාජ ශාලාවල රිංගන,පාරාජිකාවට පත්වූ පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
4.සිවුරු දරාගෙන විශ්වවිද්‍යාලවලට ගොස් නවක වදය දෙන,ලිප්ටන් වට රවුමේ ඔලු පලා ගන්නා,අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නමින් විවිධ දේශපාලන කටයුතුවල නිරතවන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
5.සිවුරු දරාගෙන විවිධ දේශපාලන පක්ෂවල වේදිකාවලට ගොඩවන,ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල නිරතවන,ඒ සඳහා විහාරස්ථාන පවා යොදවන,නිවන් මග නොදෙසා දේශපාලන කතා පවත්වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
6. භික්ෂූන්ට පිණ්ඩපාත කළ හැක්කේ සිව්පසය පමණක් හා එයද තමන් හෝ සහෝදර භික්ෂූන් හෝ තමන්ගෙ ගුරුවරයා හෝ තම වයෝවෘද්ධ දෙමව්පියන් හෝ වෙනුවෙන් පමණක් යැයි සඳහන්ව තිබියදී,හරි හෝ වැරදි වේවා,අධිකරණයෙන් වැරදිකරුවන් කොට දඩ නියම වූවන්ගේ දඩ මුදල් ගෙවා දැමීමට උතුම් බුද්ධ පාත්‍රය රැගෙන මුදල් හිඟමනේ ගිය පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
7.සිවුරු දරාගෙන වැටුපට රස්සා කරන,විවිධ වෘත්තීය සමිති පිහිටුවා ගෙන ඒවාට නායකත්වය දෙන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
8.සිවුරු දරාගෙන ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්,අනවින කොඩිවින,යන්ත්‍ර මන්ත්‍ර..ආදී කටයුතුවල ප්‍රසිද්ධියේ නිරත වෙමින්, ඒ ගැන පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පල කරමින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
9.ධර්මය විකෘති කරනවා යැයි සිල්වත් ගුණවත් භික්ෂූන්ට තර්ජනය හා දෝශාරෝපනය කරමින් ඔවුන් දෙසන ප්‍රකෘති දහම කුමක්ද? ඒ දහම් මග අනුගමනය කර නිවන් දැක්කේ කව්ද?
10.බුදුන් වහන්සේ විසින් ලෝකායත සාස්ත්ර හැදෑරීම භික්ෂූන්ට තහනම් කර තිබියදී විවිධ ලෞකික සාස්ත්ර,උපාධි හදාරන,උගන්වන හා ඒවායින් මුදල් උපයන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
11.සිවුරු පෙරවන විට,සබ්බ දුක්ඛ නිස්සරණ...ආදී වශයෙන් සියලු දුක් දුරු කර නිවන් සාක්ශාත් කර ගැනීම සඳහා මේ කසාවත දෙන සේක්වා... යන පොරොන්දුව දී,ඉන් අනතුරුව බුද්ධ නීතියට පටහැනිව යමින් ඉහත ක්‍රියාකාරකම්වල නිරත වන පැවිද්දන් සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?
12 තමන් කැමති අදහසක් දැරීමේ,ඉගැන්වීමේ,කැමති තැනක වැඩ වාසය කිරීමේ,ආගම දහම ඇදහීමේ නිදහස බුද්ධ දේශනාවෙන් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සලසා දී තිබියදීත්,එකී නිදහසද අමු අමුවේ උල්ලංඝනය කරමින්, තමන්ගෙ පාඩුවේ බණක් භාවනාවක් කර ගන්න කුටියක්,සෙනසුනක් හදා ගැනීමට,අදාල පලාත් පාලන ආයතනයෙන්,ප්‍රාදේශීය ලේකම්ගෙන්,සාසනාරක්ශක බල මණ්ඩලයෙන්,බුද්ධ සාසන අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු යැයි ඊනියා චක්‍ර ලේඛන නිකුත් කර, නිවන් අරබයා බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලා විතරක් හිර කර තබන්නේ කාගේ උවමනාවටද?
ඇස් පොට්ට වී නැත්නම්,කන් බිහිරි වී නැත්නම්,මන්ද බුද්ධික නැත්නම්,රෙද්ද පල්ලෙන් බේරෙන සාසනාලයෙන් කතා කරන උන්,ජාතික උරුමයක් බවට පත් කළ ත්රිපිටකයෙන්ම මේවාට උත්තර දීපල්ලා.නැත්නම්"ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ-සැපයක් යැයි කකුළුව දිය කෙලියේ" යනුවෙන් වීදාගම මෛත්‍රී ස්ථවිර පාදයන් වහන්සේ විසින් ශ්‍රී බුද්ධ දේශනාවට අනුව පද බඳින ලද කවියේ අර්ථයවත් වටහා ගන්න උත්සාහ කරපල්ලා.