ත්‍රි‘මලේ දුම්රියේ නියාමක මඟ හැලෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරියේ කියයි .

    ත්‍රිකුණාමලය බලා යන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ අද අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැත.

    එම හේතුවෙන් කළ සොයා බැලීමේ දී නියාමකවරයා දුම්රිය නියාමක මැදිරියේ දක්නට සිට නැත.

    පසුව දැන ගන්නට ලැබී ඇත්තේ දුම්රිය ධාවනය වෙමින් පැවතිය දී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවයි .

    ඉන් අනතුරුව කොළඹ කොටුවේ සිට මහනුවර බලා යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

    පෙරවරු 7.30 එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයට ලඟා වීමට නියමිතව ඇති හෙයින් ඉන් අනතුරුව ත්‍රිකුණාමලය බලා යන දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

    yako නියාමක බිම ඇද watenne kohomada ban?