ත්‍රි’මල වරායේ ගිලුණු බ්‍රිතාන්‍ය නැව ගො&#3497

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ත්‍රි’මල වරායේ ගිලුණු බ්‍රිතාන්‍ය නැව ගො&#3497

    ත්‍රි’මල වරායේ ගිලුණු බ්‍රිතාන්‍ය නැව ගොඩගත් මෙහෙයුම

    image_62d4a8826e.jpg

    දෙවැනි ලෝක යුද සමයේ 1942 වසරේ ත්‍රීකුණාමලය වරයායේ නැංගුරම් ලා තිබිය දී ජපන් ගුවන් යානා මගින් බෝම්බ හෙළා ගිනිබත් කර ගිල්ලවා තිබූ ‘‘සගයින්’’ නමැති නෞකාව වසර 75 ට පසු, පසුගිය දිනක නාවික හමුදාවේ කිමිදුම් අංශය විසින් නැවත ගොඩගන්නා ලදී.

    ස්කොට්ලන්තයේ වළියම් ඩෙනිස් ගි‍්‍රනොක් සමාගම විසින් 1924 මෙම නෞකාව නිෂ්පාදනය ආරම්භ කර තිබූ අතර 1925 වසරේ එය සම්පූර්ණයෙන්ම නිපදවා අවසන් කර තිබුණි.

    මගී ප‍්‍රවාහන නෞකාවක් මෙන්ම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් වන මෙය දිගින් මීටර් 138 කින් යුක්ත වූ අතර එහි පළල මීටර් 18කි. ගැඹුර මීටර් 10 කිි. මෙහි මගීන් 137 දෙනෙකුට ගමන් කිරීමට පහසුකම් ඇති අතර ටොන් 7994 ක භාණ්ඩ රැගෙන ගිය හැකිය.

    රාජකීය නාවික සේවයට අයත් ‘සගයින්’ නෞකාව 1925 වසරේ දෙසැම්බර් 24 වැනි දින මුල්වරට දියත් කර තිබූ අතර ලෝකයේ රටවල් රැසක සංචාරය කරමින් ලංකාවට පැමිණ 1942 අප්‍රේල් මස 09 වැනි දින ති‍්‍රකුණාමලය වරයායේ නැංගුරම් ලා තිබියදී බෝම්බ ප‍්‍රහාරයට ලක්විය.

    එය ලංකාවට පැමිණ ඇත්තේ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ සහ විස්කි, ඉන්ධන ඇතුළු භාණ්ඩ තොගයක් රැගෙන බ්‍රිතාන්‍යයේ සිට බුරුමයේ රැන්ගුන් වරාය දක්වා ගමන් කරන අතරතුරදී ය.
    නාවික හමුදා තොරතුරු අනුව මෙම නෞකාවට බෝම්බ ප‍්‍රහාර එල්ල වී ඇත්තේ 1942 අප්‍රේල් මස 09 වැනි දින පස්වරු 3.00 පමණය.


    එදින පෙරවරුවේ සිට ත්‍රිකුණාමල වරාය වෙත එල්ලවිය හැකි සතුරු ප‍්‍රහාර සම්බන්ධයෙන් කොළඹ හමුදා මූලස්ථාන තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

    ඒ සමඟ ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබූ සියලු නෞකා ඉන් ඉවත්කරන ලෙසට කොළඹින් නියෝග ලැබුණේය. එම නියෝගයට අනුව බොහොමයක් නැව් වරායෙන් පිටතට රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇති අතර මෙම නෞකාව පමණක් වරායේ නැංගුරම් ලා තිබුණි.

    මෙම නෞකාවේ තිබූ පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ සියල්ල ඉවත් කර ඇති අතර පස්වරු 3.00 ට මුල්ම ප‍්‍රහාරය නෞකාව වෙත එල්ල වී ඇත. පළමු විනාඩි 10 ක කාලය තුළ නෞකාව වෙත දරුණු ප‍්‍රහාර කිහිපයක් එල්ල විය.
    නැවේ සිටි නාවිකයන් ගින්න නිවීමට උත්සාහ ගත් අතර පසුව නැවේ කාර්ය මණ්ඩලය නැව අතහැර දැමීය. ඉන් පසුව නෞකාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ විය.


    විනාශයට පත්ව අතහැර දමා තිබූ මෙම නෞකාව වරායේ අනිකුත් යාත‍්‍රාවන්ට ජැටියක් වශයෙන් භාවිතා කිරීම සඳහා 1943 වසරේ අගෝස්තු මස 24 වැනි දින බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් ගිල්ලවා දැමීමට කටයුතු කළේය.

    එලෙස ගිල්වා දැමු නෞකාව වසර 75 ට පසු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දැවැන්ත මෙහෙයුමක් සිදුකර නැවත ගොඩගෙන තිබූ අතර එය ගොඩගෙන එම ස්ථානයේ සිට කිලෝ මීටරයක් දුර ඇදගෙන ගොස් නැවත ගිල්වා දැමීමට කටයුතු කළේය.

    නාවික හමුදාව පවසන පරිදි ඉදිරියේ නාවික හමුදාවට අලුතින් මිලදී ගන්නා නෞකා සඳහා ත්‍රිකුණාමල වරාය තුළ නැංගුරම්ලෑමට අවශ්‍ය ඉඩකඩ පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙම නෞකාව වරාය පරිශ‍්‍රයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව තිබී ඇත.

    එවකට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතාගේ සංකල්පයක් අනුව මෙම කටයුතු ආරම්භ කෙරුණු අතර වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගෙන් ඒ සඳහා සහය ලැබිණි.

    image_736d987698.jpg


    2017 වසරේ ති‍්‍රකුණාමලය ජැටියක් අලුතින් ඉදිකිරීම සඳහා රජයේ මුදල් නාවික හමුදාව වෙත ලබාදී තිබුණ ද ගිල්ලවා තිබූ නෞකාව මෙම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට නාවික හමුදාවට අවශ්‍ය වී තිබුණි.

    එම කර්තව්‍යයේ වගකීම නැගෙනහිර විධාන බාර ප‍්‍රධාන කිමිදුම් නිලධාරී වශයෙන් කපිතාන් කි‍්‍රෂාන්ත අතුකෝරළ මහතා වෙත පැවරී තිබුණු අතර 2017.9.11 දින ඒ මහතා එම තනතුරේ වැඩ බාර ගත්තේය.
    නෞකාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලැස්ම සකස්කළ කළ ඒ මහතා ඒ සැලැස්ම සැප්තැම්බර් 26 දින නාවික හමුදා මූලස්ථානයේ එවකට නාවික හමුදාපතිවරයා වශයෙන් සිටි ට‍්‍රැවිස් සින්නයියා මහතා වෙත ඉදිරිපත් කළේය.


    මෙම නෞකාව මෙම තිබෙන තත්ත්වයෙන්ම මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට හැකියාව ඇති ද යන්න සොයා බැලිණි.

    එම සැලසුම අපේ රටේ ආර්ථිකයට, නාවික හමුදාවට, නාවික හමුදා ආර්ථිකයට ගැලපෙන අයුරින් සකස් කිරීමේ වගකීම් කපිතාන් අතුකෝරළ මහතා වෙත පැවරිණි. එම අභියෝගය ඒ මහතා බාරගත්තේය.
    එම අභියෝගය බාරගනිමින් නැගෙනහිර නාවික විධානයේ කිමිදුම් කණ්ඩායමට සැපයුම් හා සේවා, ඉංජිනේරු, විදුලි යා විද්‍යුත්, නැව් බඳ කාර්මික, වෛද්‍ය සහයක අංශය ද දායකත්වය ලබා දුන්හ.


    මුලින්ම නෞකාව ගොඩගැනීමේ සවිස්තරාත්මක සැලැස්මක් විධායක කිමිදුම් නිලධාරී කපිතාන් අතුකෝරාල මහතා විසින් සකස් කළ අතර ලුතිනන් කමාන්ඩර් (කිමිදුම්) සතිෂ්ක පතිරණ, ලුතිනන් කමාන්ඩර් ශිරාන් බුද්ධික, ප‍්‍රධාන සුළු නිලධාරී (කිමිදුම්) ඒ. එල්. එන්. එස්. එස්. ලියනගේ ගේ මුලිකත්වයෙන් කිමිදුම් අංශයේ 98 දෙනෙක් මෙම මෙහෙයුම් සදහා සහභාගි වුහ.

    නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් හා අධීක්ෂණ යටතේ මෙම සියලු කටයුතු සිදුවිය.

    මෙම නෞකාව ජැටියක් වශයෙන් භාවිතා කර තිබීම හේතුවෙන් එහි ඉහළින් විශාල ගස් වැවී තිබී ඇත. මීටර් 10 පමණ ගැඹුරු මුහුදේ ගිලී තිබූ මෙම නෞකාව වතුර යට සිට උඩට නෞකාවක් වශයෙන් සැකිල්ල නිර්මාණය කිරීම මුලින් මෙම මෙහෙයුමෙන් සිදු කළ අතර මිලි මීටර් 4 වර්ගයේ යකඩ තහඩු (ප්ලේට්) සහ ඒ අතරට රබර් ආවරණයක් උපයෝගි කරගෙන නෞකාවක් වශයෙන් අලුතින් යළි නිර්මාණය කිරීමට නාවික හමුදාව කි‍්‍රයා කළේය.

    නාවික හමුදා පෑස්සුම් කණ්ඩායම් මුහුද පතුලේ සිට පෑස්සුම් කර සැකිල්ල ශක්තිමත් කර නැව යළිත් මුහුදු මට්ටමේ සිට ඉහළට නිර්මාණය කළේය.

    පසුව නෞකාවේ පිරී ඇති ජලය ඉවත් කර එය සැහැල්ලු කිරීමට පියවර ගත්තද නැව ගිලෙන අවස්ථාවේ නැවේ තිබූ බඩු භාණ්ඩ එලෙසින් පැවතීම හේතුවෙන් ඒම කාර්ය සිදුකිරීමට අපහසු වී තිබුණි.

    image_fd629296f9.jpg


    මෙම නැව නිර්මාණය කළ ආයතන ඒ සඳහා ඉදි කිරීමට භාවිතා කර තිබූ යකඩ ඇතුළු මනා ප‍්‍රමිතියෙන් යුක්ත අමුද්‍රව්‍ය වීම හේතුවෙන් වසර 75 ක් මුහුදු පතුළේ තිබුණද එය සාර්ථිකව ගොඩගැනීමේ කටයුතු පහසු වු බවද නාවික හමුදාව කියයි.

    එම අවස්ථා​ෙව් නෞකාවේ යුද ටැංකි උපකරණ, බැරල්, යකඩ දැල්, ගල් අඟුරු, තිබී ඇත. මෙම භාණ්ඩ ඉවත් කර පතුළ සකස් කිරීමට නම් ඒවා ඉවත් කර යුතුවූ අතර ඒවා ඉවත් කිරීමට ග‍්‍රැබ් යන්ත‍්‍ර, දොඹකර යන්ත‍්‍ර භවිතා කිරීමට සිදුව තිබුණි. එම යන්ත‍්‍ර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති සමාගම මගින් නොමිලේ ලබා දුන් බව නාවික හමුදාව කියයි.

    මෙම නෞකාව සැකිල්ල හරස් අතට කොටස් 8 ට බෙදී තිබූ අතර ඒ සියලු කොටස් ශූද්ධ පවිත‍්‍ර කිරීමට සිදුවූ බව නාවික හමුදාව සඳහන් කරයි.

    දිය යට ගිලෙන විදුලියෙන් ක්‍රියාත්මක නළ උපයෝගි කරගෙන නෞකාවේ වතුර සියල්ල ඉවත් කර තිබුණි. මෙම වතුර ඉවත් කිරීමේ දී නොයෙක් බාධා මතු වුවද බාධක මැඩගෙන මෙහෙයුම සාර්ථක කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

    සම්පූර්ණයෙන්ම නිර්මාණය වූ නෞකාව 23 දින මුහුදු පතුලේ සිට ඉහළට ඔසවා තිබූ අතර පසුව එය ත්‍රිකුණාමලය වරායේ සිට කිලෝ මීටරයක් පමණ දුර ඇදගෙන ගොස් නැවට කිසිදු හානියක් සිදු නොවන අයුරින් නැවත ගිල්ලවීමට සිදුවිය.

    මෙම නැව නැවත ගිල්ලවීමෙන් පසු එම ප‍්‍රදේශය කිමිදුම් කලාපයක් බවට පත්කිරීම නාවික හමුදාවේ අරමුණයි.

    මෙම මෙහෙයුම සඳහා මූලික වියදම රුපියල් මිලයන 9.3 ක මුදලක් වියදම් දරු ඇත. මෙම නෞකාව ගොඩ ගැනීමට ප‍්‍රධාන අරමුණ දිනෙන් දින දියුණු ​ෙවන නාවික හමුදාවට ඉදිරියේ තවත් නෞකා ගැනීමට නියමිත අතර එම නෞකා සඳහා නාවික තටාකාංගණයේ ඉඩපහසුකම් සැපයීම බව නාවික හමුදාව කියයි.

    නැව ගිලී ගොස් තිබූ ප‍්‍රදේශයේ නාවික ජැටියක් සෑදීම සඳහා සුදුසුම ප‍්‍රදේශය බැවින් ඒ සඳහා අවශ්‍ය ඉඩ ලබා ගැනීමට එකම විකල්පය මෙම නෞකාව ඉවත් කිරීම බව නාවික හමුදාව කියයි.

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් කේ.​ කේ. සී. උදයංග යන මහතුන්ට විශේෂ ස්තූතිය.



    සටහන - ඉන්දිකා රාමනායක
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තියන ඒව ගිල්ලන්ව ගිලින එව්ව ගොඩ ගන්නව :baffled::baffled::baffled::baffled:
     

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    තියන ඒව ගිල්ලන්ව ගිලින එව්ව ගොඩ ගන්නව :baffled::baffled::baffled::baffled:


    නාවික හමුදාව පවසන පරිදි ඉදිරියේ නාවික හමුදාවට අලුතින් මිලදී ගන්නා නෞකා සඳහා ත්‍රිකුණාමල වරාය තුළ නැංගුරම්ලෑමට අවශ්‍ය ඉඩකඩ පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙම නෞකාව වරාය පරිශ‍්‍රයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව තිබී ඇත.

    මේකනේ පුතී සීන් එක
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    බොම්බ දෙකක් තුනක් දාල මේක පුපුරලා දෑම්මනම් වෑඩේ ඉවරයි. රුපියල් මිලියන 9.3 ඉතුරුයි.මේ වගේ බොරුවෑඩවලටනම් සල්ලි වියදම් කරනවා.රටේ පාරකට තාරටිකක් දාන්න සල්ලි නෑහෑ.​
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    බොම්බ දෙකක් තුනක් දාල මේක පුපුරලා දෑම්මනම් වෑඩේ ඉවරයි. රුපියල් මිලියන 9.3 ඉතුරුයි.මේ වගේ බොරුවෑඩවලටනම් සල්ලි වියදම් කරනවා.රටේ පාරකට තාරටිකක් දාන්න සල්ලි නෑහෑ.​

    uba hithuwe bomba 3k dammama wathure gilila thiyana yakada kadan washpa wenawa kiyalada. :rolleyes::rolleyes::rofl:
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    uba hithuwe bomba 3k dammama wathure gilila thiyana yakada kadan washpa wenawa kiyalada. :rolleyes::rolleyes::rofl:

    Nethu wa moko newa penala yanawada bomba demmama.
    Dynamite daala kochchara loku buildings bima dhana eke oka dhiracha nawa kudukarala dhaanna beridha.