ත්‍රීමලේ_තෙල්ටැංකි_හදාගෙන පාවිච්චි කරමු&

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ත්‍රීමලේ_තෙල්ටැංකි_හදාගෙන පාවිච්චි කරමු&

    දැන්වත් ත්‍රීකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාවට නොදී, අපි හදාගෙන පාවිච්චි කරමුද..?

    මේ වනවිට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් පවතින්නේ ඉන්දියාවයි. ඊට අමතරව තවත් තෙල් ටැංකි 8ක් භාවිතා කිරීමට සැලසුම් කරමින් සිටී. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉන්දියානු අයි.ඔ.සී. සමාගම ලංකා තුළ තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබයි. ඉන්දියාව මේ වනවිට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් සිටින්නේ කිසිදු නීතිමය බැඳිමකින් තොරවය. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නීත්‍යානුකූල අයිතිය පවතින්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය.

    1930දී තමයි බි‍්‍රතාන්‍ය ජාතිකයන් ලෝකයේ දෙවෙනි ගැඹුරුතම ස්වභාවික වරාය වන ත‍්‍රීකුණාමල වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉදිකරලා තියෙන්නේ. ආරම්භයේදී 101ක්ව පැවති මෙම ටැංකිවලින් 99ක් අදටත් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. 1964 වෙනකල්ම මෙම තෙල් ටැංකිි සංකීර්ණයේ අයිතිය තිබුණේ බි‍්‍රතාන්‍යයන්ට. මුළු ආසියාවටම තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් හැටියට මෙම ස්ථානය භාවිතා කරන එක තමයි ඔවුන්ගේ ඉලක්කය වුණේ.”රාජකරුණා මහතාගේ කරුණු දැක්වීමට අනුව බි‍්‍රතාන්‍යයට පවුම් දෙලක්ෂ පනස් දහසක් ගෙවීමෙන් 1964දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ත‍්‍රීකුණාමල තෙල් ටැංකි මිලට ගෙන තිබේ. අදාළ මුදල ගෙවන ලද්දේ ඛනිජ තෙල් සංස්ථාව මගින් වුවද අදාළ භූමියෙහි අයිතිය දිගින් දිගටම පැවත ඇත්තේ ආණ්ඩුව සතුව වන අතර, කිසිදු ආණ්ඩුවක් එම භූමිය හා තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය ඛනිජ තෙල් සංස්ථාවට පවරා දීමට මේ තාක් කටයුතු කර නොමැත.

    ටැංකි සංකීර්ණයෙහි ඉහළ කොටසෙහි ටැංකි 85කින් සමන්විත වන අතර, පහළ කොටස ටැංකි 14කින් සමන්විත වේ. එක් ටැංකියක ධාරිතාවය ඝනමීටර් 12,500කි. ඒ අනුව තෙල් ටැංකි 99හිම ධාරිතාවය මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දහයක් පමණ වේ. 1970 අවසානය වන තෙක්ම ඛනිජ තෙල් සංස්ථාව දුම්රිය මාර්ග භාවිතා කරමින් උතුර, උතුරු මැද හා නැගෙනහිර දක්වාත්, කුරුණෑගල දක්වාත් තෙල් ප‍්‍රවාහනය කර ඇති අතර, 1980 දශකයේදී ත‍්‍රස්තවාදී කලබල හේතුවෙන් මෙම කටයුතු නවතා දැමීමට සිදුව තිබේ.

    1987දී එවකට එජාප විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එම තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවට බදු දීමට ගත් උත්සාහය වැළකෙනුයේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ තර්ජනාත්මක ලිපියකින් ඇති වූ බලපෑම හේතුවෙනි. මෙම තත්ත්වය 1987දී ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එළඹීමටද බලපෑම් කළ අතර, එම ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුළුමනින්ම නිරායුද කිරීමේ වගකීම බාරගනු ලැබීය. එහෙත් කිසිදු අවස්ථාවක ඉන්දියාව තම වගකීම ඉටු නොකළ හෙයින් කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයද බිඳ වැටුණි.

    “2002 එජාප ආණ්ඩුව මේ තෙල් ටැංකි දහය සිංගප්පූරු සමාගමකට බදු දෙන්න සූදානම් වුණා. නමුත් නැවත 2003 පෙබරවාරි 07 දින අයි. ඕ.සී. සමාගම සමග ලංකා රජය ගිවිසුමකට එළඹුණා. ඒක අවබෝධතා ගිවිසුමක්. ඒ ගිවිසුමට අනුව ඝන මීටර් 12,500ක් ගබඩා කරන්න පුළුවන් තෙල් ටැංකියක වසරක කුලිය වුණේ ඇමරිකන් ඩොලර් 1,000යි. ටැංකි 99ට ඩොලර් 99,000ක් සමග අනෙකුත් පහසුකම් සමගින් තව ඩොලර් 1,000ක් තමයි අපට ලැබුණේ. තෙල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන් මෙම තෙල් ටැංකි සංකීර්ණයේ වාර්ෂික කුලිය වෙන්නේ කෝටි එක හමාරයි. 2003 අත්සන් කළ මෙම ගිවිසුමට අනුව විධිමත් බදු ගිවිසුමකට එළඹෙන්න ඕනේ. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ඒ නිසා දැන් ඉන්දියානු අයි. ඕ.සී. සමාගම සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම වලංගු නැහැ. නමුත් මේ වෙනකල් ඉන්දියානු සමාගම තෙල් ටැංකි 14ක් භාවිතා කරනවා. ඒ අය ආණ්ඩුවට කුලියකුත් ගෙවනවා. ආණ්ඩුව ඒ කුලිය අරගෙනත් තියෙනවා. මේ කටයුතු සිද්ධ වෙන්නේ කොහෙත්ම නීත්‍යනුකූල ආකාරයෙන් නෙමෙයි. නොදැනුවත්කම නිසත් නෙමෙයි. ඒ අනුව ආණ්ඩුව හා ඉන්දියාව බොහෝම අවබෝධයෙන් හා දැනුම්වත්ව තමයි මේ ප‍්‍රයෝගකාරී ක‍්‍රියාව කරගෙන යන්නේ.”

    අවබෝධතා ගිවිසුම පැවති කාලසීමාව තුළදී ඉන්දියානු ඔයිල් සමාගම තෙල් ටැංකි සංකීර්ණයෙහි දැවැන්ත නළ පද්ධතිය කපා යකඩවලට විකුණා ඇති අතර ඉමහත් වටිනාකමකින් යුතු දැවැන්ත පිත්තල කරාම ගලවා ඉන්දියාවට යවා තිබේ.
    තවදුරටත් නීතිවිරෝධීව රැුඳී සිටිමින්ම 2005 – 2010 කාලසීමාව තුළදී ත‍්‍රීකුණාමලය සිට උතුරට තෙල් ප‍්‍රවාහනය කිරීම සඳහා අයි. ඕ.සී. සමාගම ආණ්ඩුවෙන් මිලියන නවසිය හතලිස් පහක මුදලක් ඉල්ලා තිබේ. නමුත් එම වසර පහක කාල සීමාව වෙනුවෙන් එම සමාගම ආණ්ඩුවට කුලිය වශයෙන් ගෙවා ඇත්තේ මිිලියන හැටක මුදලක් පමණි. ඒ මෙරට පාලකයන්ගේ ගැතිභාවය මෙන්ම රට පත්ව ඇති ආර්ථික අහේනියේ තරම කියා පාන්නකි.

    වර්තමානයේ භාවිතයට ගනු ලබන කොලොන්නාව හා මුතුරාජවෙල තෙල් ටැංකි තුළ ගබඩා කළ හැක්කේ තෙල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ හතරක් පමණක් වන අතර, එම ඉන්ධන ප‍්‍රමාණය සෑහෙනුයේ මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සති දෙකක තරම් කාල සීමාවකට පමණි. ඒ අනුව ඉන්දියාවට පවරාදීමට කටයුතු කරන ත‍්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ වැදගත්කම කරුණු කිහිපයක් නිසා විශේෂ වෙයි. උතුර, නැගෙනහිර හා උතුරු මැද මෙන්ම කුරුණෑගල දක්වා තෙල් බෙදා හැරීමේ කටයුතු දුම්රිය මාර්ගයෙන් සිදු කිරීමට ඇති පහසුකම හා අදාළ ප‍්‍රදේශයන්ට ඇති ආසන්න බව හේතුවෙන් නැව් ගාස්තු, ප‍්‍රවාහන ගාස්තු ඉතිරියෙන් පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 1,000කට අධික මුදලක් ඉතිරි කර ගැනීමේ හැකියාව හා නියමානුකූලව ටෙන්ඩර් කැඳවීමක් මගින් විදේශ සමාගම්වල තෙල් ගබඩා කිරීම සඳහා මෙම තෙල් ටැංකි සමූහය ලබාදීමෙන් පමණක් විශාල මුදලක් ඉපයීමට හැකිවීමත්, ගබඩා සංකීර්ණයට ඉන්ධන ගෙන එන නැව්වලට ඉන්ධන හා සේවා සැපයීමෙන් ද විශාල ආදායමක් උපයා ගත හැකිවීමය.

    “ආණ්ඩුව මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යන්නේ ඇයි කියන ගැටලූව අපට තියෙනවා. මේ ටැංකි නවීකරණය කරලා පවත්වාගෙන යන්න අවශ්‍ය සියලූම සම්පත් අපට තියෙනවා. ඉංජිනේරුවරු ඉන්නවා. අවශ්‍ය තාක්ෂණය තියෙනවා.”

    අන්තර්ජාතික සහතික ලත් හා වෙනත් රටවල සේවය කරලා පළපුරුදු අපේ ඉංජිනේරුවරුන් හතර දෙනෙක් මේක ජාතික අවශ්‍යතාවක් විදිහට සලකලා අවංක චේතනාවෙන් මැදිහත්වෙලා 2016 පෙබරවාරි මාසයේදී තෙල් ටැංකි 42ක් පරීක්ෂා කළා. ඒ සියල්ල ඉතාම හොඳ තත්ත්වයේ තියෙන බවට නිර්දේශ කළා. එයින් 16ක් නවීකරණය කරන්න තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරලා එම ටැංකි 16 ඛනිජ තෙල් සංස්ථාවට පවරා ගන්න කැබිනට් අනුමැතිය පවා ලැබී තියෙද්දී එම තීරණය ක‍්‍රියාත්මක කරන්න ත‍්‍රීකුණාමලයට ගිය තෙල් සංස්ථා ඉංජිනේරුවන් අයි. ඕ.සී. ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගත්තා.අගමැතිවරයා වහාම අදාළ කැබිනට් අනුමැතිය අවලංගු කරලා මේ වන විට තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න කටයුතු කරමින් ඉන්නවා.

    අදාළ ඉංජිනේරුවන් විසින් සකස් කරන ලද වාර්තාවට අනුව තෙල් ටැංකි 16 නවීකරණය කිරීම හා පරිපාලන ගොඩනැගිල්ල අලූත්වැඩියාව, වරායේ සිට ඉහළ තෙල් ටැංකිවලට නළ එළීම, දුම්රිය මාර්ගයේ අබලන් කොටස අලූත්වැඩියාව, දුම්රිය අංගනය ඉදිකිරීම ආදී සියලූ කටයුතු සඳහා ඇස්තමේන්තු මුදල් ඇමරිකන් ඩොලර් මිලියන දහයක් හෙවත් රුපියල් මිලියන එක්දහස් පන්සියයක් වේ. මෙම මුදල ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එහි සේවකයෝ ප‍්‍රකාශ කර සිටින අතර, ත‍්‍රීකුණාමල වරායේ සිට උතුර, නැගෙනහිර හා උතුරු මැද පළාත්වලට තෙල් බෙදා හැරීමෙන් ඉතිරි කර ගත හැකි මුදලින් වසරක් තුළ ඉහත කී මුදල සපයා ගත හැකි බව ඔවුහු ප‍්‍රකාශ කර සිටිති.

    එමෙන්ම නැව් තෙල් වෙළඳාම ඇරඹීම මගින් ඉතා කෙටි කලක් තුළ ඉතිරි තෙල් ටැංකි 85ද නවීකරණය කිරීමට අවශ්‍ය මුදල් උපයා ගත හැකි බවත්, අන්තර්ජාතික තෙල් ගබඩාවක් වශයෙන් විදේශ සමාගමකට බදුදීමෙන්ද විශාල ආදායමක් උපයා ගත හැකි බව ඛනිජ තෙල් සේවකයෝ ප‍්‍රකාශ කර සිටිති.

    ත‍්‍රීකුණාමලය චීන වරාය තෙල් ගිවිසුම බලාත්මක වුවහොත් රට පත්වන දැවැන්ත අනතුර පිළිබඳව රටට ඇල්මක් ඇති සියලූ වැසියන් දැනුම්වත් විය යුතුය. එය ඔවුන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් බවටද මේ වන විට පත්ව හමාරය.
    චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සතු වීමෙන්, මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව මගින් තෙල් ලබා ගන්නා පිරවුම්හල් හිමියන් අයි. ඕ.සී. සමාගම විසින් ලීටරයට සත පනහක් වැනි සුළු කොමිස් මුදලක් ලබා දීම මගින් අයි. ඕ.සී. වෙත හරවා ගැනීමට කටයුතු කරනු ඇත. එම සමාගම දැන් එය නොකරනුයේ ඔවුන් සතුව තෙල් ගබඩා කිරීමේ පහසුකම් නොමැති බැවිණි. එමෙන්ම චීන වරාය ඔවුන් බුක්ති විඳිනුයේද ගිවිසුමකින් තොරව නීති විරෝධීව බව අයි. ඕ.සී. සමාගම අවබෝධයෙන් සිටිනවා මෙන්ම ගිවිසුමක් මගින් එය එම සමාගමට පවරාදීමත් සමගම ඉතා කෙටි කාලයක් තුළදී සමස්ථ ලාංකීය ඛනිජ තෙල් වෙළඳපොළ අයි. ඕ.සී. සමාගම විසින් ආක‍්‍රමණය කරනු ඇතිවාට නිසැකය.

    වර්තමානයේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ජාතික වගකීමක් ලෙස සලකා ත‍්‍රිවිධ හමුදාවට, ශ‍්‍රී ලංකා ගුවන් සේවයට ණය මත ඉන්ධන සපයන අතර, විජාතික සමාගමක් ජාතික වුවමනාවන් වෙනුවෙන් එලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. එමෙන්ම විදුලි බල මණ්ඩලයට මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව මගින් මිලිනය 52,000 ඉන්ධන ණයට ලබා දී ඇති අතර, යුද සමයේදී යුද හමුදාව රුපියල් මිලියන 8,000 ණය තිබියදීද ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන සපයා තිබේ. එම අවධියේදී භාරත් පෙට්‍රෝලියම් සමාගමට සී.පී.එස්.ටී.එල්. හි 1/3ක් විකිණීමට ගත් උත්සාහය වෘත්තීය සමිති විසින් අරගල කර පරාජය නොකළේ නම් අද රට පාලනය කරනුයේ ඉන්දීය අනුග‍්‍රහය මත එල්.ටී.ටී.ඊ.ය විසින් වනු නොඅනුමානය.

    මෙරට ඛනිජ තෙල් ඒකාධිකාරිය අයි. ඕ.සී. සතු වීමෙන් මෙරටෙහි ස්වාධීනත්වය අහෝසි වීමේ අනතුරට පත්වීම අනිවාර්ය වන අතර, එමගින් එට්කා වැනි මෙරටට අහිතකර ගිවිසුම් අත්සන් කරවා ගැනීම සඳහා ඉන්දියානු බලහත්කාරය යෙදීමට හැකි වනු ඇති අතර, අපට එම බලපෑම්වලට යටත්වීමට සිදුවීමද අනිවාර්ය වනු ඇත.
    මෙයට අමතරව හම්බන්තොට වරාය තෙල් ටැංකි 11 හා තෙල් ජැටි ද්විත්වය ඛනිජ තෙල් සංස්ථාවට පවරා දෙන ලෙස ඛනිජ තෙල් සේවකයන් විසින් දිගින් දිගටම ඉල්ලා සිටින අතර, එහි ඇති වැදගත්කම පිළිබඳවද නොයෙක්විට කරුණු දක්වනු ලැබීය.

    “මේ තෙල් ටැංකි 11 ධාරිතාවය මෙටි‍්‍රක් ටොන් 75,000ක් වෙනවා. හම්බන්තොට ආසන්නයෙන් ප‍්‍රධාන නාවික ගමන් මාර්ගයක් පිහිටලා තියෙනවා. දිනකට නැව් විශාල ප‍්‍රමාණයක් හම්බන්තොට හරහා ගමන්් කරනවා. මෙම ගමන් කරන නැව් ප‍්‍රමාණයෙන් දශම එකක් වැනි ගණනකට තෙල් විකිණීමෙන් පමණක් දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් හතලිස් දාහක් පමණ විකිණිය හැකි වෙනවා. ඒ වගේම තමයි ඉදිරි වසර සීයක් සඳහා චීනය විසින් සකස් කළ සංවර්ධන සැලැස්මට අනුව ලංකාව නාවික වෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා. මේ වන විට චීනය විසින් තායිලන්තය හරහා ඇළක් ඉදිකිරීමට නියමිතයි. ඒ හේතුවෙන් සංගප්පූරුව හරහා නැව් පැමිණීම නතර වෙනවා. ඒ අවස්ථාව ලංකාව සතු වෙනවා. ඒ අනුව එතෙක් සිංගප්පූරුව තෙල් වෙළඳාමෙන් ගත් ලාබය ලංකාවට ලබා ගත හැකි වෙනවා.

    හම්බන්තොට තෙල් ටැංකි හා ජැටි ඉදිකිරීමට ගිය වියදම ඇමරිකන් ඩොලර් මිලියන සීයයි. එය වසර විස්සකින් ගෙවීමේ පදනම මත කැඳවූ ටෙන්ඩරය ඛනිජ තෙල් සංස්ථාවට හිමි වුණා. හම්බන්තොට නැව් තෙල් වෙළඳාම ඇරඹුව හොත් වසර විස්සක් නොවෙයි පහළවකටත් අඩු කාලයකින් මේ ණය මුළුමනින්ම ගෙවිය හැකියි. මේ ජාතික සම්පත චීනයට දුන්නොත් ඒ ලාභය මුළුමනින්ම චීනය සතු වෙනවා. මේ අපරාධය වළක්වන්න අපි කටයුතු කරමින් ඉන්නේ ඒකයි. මේ වන විට අපි මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා තියෙනවා.”

    ඒ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඞී.ජේ. රාජකරුණා විසින් කරනු ලැබූ පැහැදිලි කිරීමය.

    ත‍්‍රීකුණාමලය හා හම්බන්තොට යන අපේ ධන උල්පත් අප මෙතෙක් භාවිතා නොකළේ මෙරට බලයට පත් පාලකයන්ගේ අමනකම් හේතුවෙන්මය. ජනතාව සබුද්ධික විය යුත්තේද ක‍්‍රියාත්මක විය යුත්තේද මෙම දේශද්‍රෝහී තත්ත්වයට එරෙහිවය. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම මගින් හම්බන්තොට චීනයට ලබාදීම අනිවාර්යයක් බවට පත් කරනු ඇත. මෙම ව්‍යසනය වැළැක්වීමට ජාතික වගකීමක් හා යුතුකමක් බවට පත් වනුයේ එබැවිනි.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dan too late lu bn.
    Hutan & Ponil Modi jee th ekka agreement eka gahalalu, next month wage deal eka close karanawalu neda.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කරනවනම් කරමු... පොලවෙන් ආපු එකයි සුද්දා මහත්තයයි කැමති වෙයිද මන්දා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    76.gif

    බම්පි... බම්පි....
     
    • Like
    Reactions: hi.dushan

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රනිල මේ ගිවිසුම් ගැහුවේ 2003 දී.

    මුන් හොරු කියමුකෝ, හැබැයි 2005 ඉඳන් 2015 වෙනකල් රජ කරපු, ගොඩක් අය තාමත් අපේ එකම බලාපොරොත්තුව කියල හිතන රජතුමාට බැරි උනානේ මේක හරි ගස්සන්න. අඩු ගානේ යුද්දෙන් පස්සෙවත්.

    තව 100 ගානක් තියෙනවා මේ වගේ රටට ආර්ථිකයට විශාල ඍන බලපෑම් තියෙන රජතුමා කරපු සහ කරන්න පුළුවන් කම තියාගෙන නොකරපු.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රනිල මේ ගිවිසුම් ගැහුවේ 2003 දී.

    මුන් හොරු කියමුකෝ, හැබැයි 2005 ඉඳන් 2015 වෙනකල් රජ කරපු ගොඩක් අය තාමත් අපේ එකම බලාපොරොත්තුව කියල හිතන රජතුමාට බැරි උනානේ මේක හරි ගස්සන්න. අඩු ගානේ යුද්දෙන් පස්සෙවත්.

    තව 100 ගානක් තියෙනවා මේ වගේ රටට ආර්ථිකයට විශාල ඍන බලපෑම් තියෙන රජතුමා කරපු සහ කරන්න පුළුවන් කම තියාගෙන නොකරපු.

    සේරම උන් එකයි බං
    කාලකන්නි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සේරම උන් එකයි බං
    කාලකන්නි
    :yes::yes::yes:
    පත් උන වෙලේ ඉඳන් කල්පනා කරන්නේ රට ගොඩගන්න හැටි නෙවේ, ආයේ ඊගාව පාර බලය ගන්නේ කොහොමද කියලා.
    මෙව්වා අපි කියෙව්වට වැඩක් නෑ බන්. ඔය ගමේ ගොඩේ පාක්ෂිකයෝ අතරට යන්ඩ හොඳ දේශනා මාලාවක් වත් පවත්වන්ඩ වෙනවා.
     
    රනිල මේ ගිවිසුම් ගැහුවේ 2003 දී.

    මුන් හොරු කියමුකෝ, හැබැයි 2005 ඉඳන් 2015 වෙනකල් රජ කරපු, ගොඩක් අය තාමත් අපේ එකම බලාපොරොත්තුව කියල හිතන රජතුමාට බැරි උනානේ මේක හරි ගස්සන්න. අඩු ගානේ යුද්දෙන් පස්සෙවත්.

    තව 100 ගානක් තියෙනවා මේ වගේ රටට ආර්ථිකයට විශාල ඍන බලපෑම් තියෙන රජතුමා කරපු සහ කරන්න පුළුවන් කම තියාගෙන නොකරපු.

    ගිවිසුමක් ගැහුවට පස්සේ කොහොමද බං අයින් කරන්නේ? නිකම් මේ ගෙදර ගැනි එක්ක ගිවිසුම් ගහනවා වගේ කියලා හිතුවද රටවල් අතර? රනිල් දුන්නේ 2005 ඉඳන් ක්‍රියාත්මක වෙන පරිදි අවුරුදු 10ක්.ඒක ඉවර වෙන්නේ 2015 දී...මහින්ද ඒක නැවත පවරාගන්න අවශ්‍ය දේ කරලා තිබ්බේ
     
    • Like
    Reactions: hi.dushan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටන් මේව දන්නේ නෑ... පොනිල්ට මේව විකුනගන්නකම් හදිස්සි....
     
    • Like
    Reactions: hi.dushan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද රනිලයි නිවට සිරයි ඔක ඉන්දියාවට ව්කුනනව බන්....කාලකන්නි පරයො දෙන්නක්නෙ රට කරවන්නෙ...
     
    • Like
    Reactions: hi.dushan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රනිල මේ ගිවිසුම් ගැහුවේ 2003 දී.

    මුන් හොරු කියමුකෝ, හැබැයි 2005 ඉඳන් 2015 වෙනකල් රජ කරපු, ගොඩක් අය තාමත් අපේ එකම බලාපොරොත්තුව කියල හිතන රජතුමාට බැරි උනානේ මේක හරි ගස්සන්න. අඩු ගානේ යුද්දෙන් පස්සෙවත්.

    තව 100 ගානක් තියෙනවා මේ වගේ රටට ආර්ථිකයට විශාල ඍන බලපෑම් තියෙන රජතුමා කරපු සහ කරන්න පුළුවන් කම තියාගෙන නොකරපු.

    මහින්ද අවුරුදු 30 යුද්දය ඉවර කර. යටිතල පහසුකම් ඇති කල. විදුලි බලාගාර ඇති කල. මහින්ද ඔය අවුරුදු කිහිපයට කරපු දේ හොදටම ඇති.

    මේ ආණ්ඩුවෙන් අවුරුදු 3 වෙලා මොනාද කලේ? මහින්ද හදපුව වික්ක එක තමයි.

    අනිත් එක ගිවිසුමක් ගැහුවම එක අයින් කරන්න ලේසි නැහැ. රටවල් අතර ප්‍රශ්න එන්න පුළුවන්.
     
    • Like
    Reactions: hi.dushan