සහන ඉල්ලන්න ගිහින් ගුටිකාලද?
ඊයේ නුගේගොඩ මිරිහාන ප්රදේශයේ ෆිනෑන්ස් සමාගමක සේවකයින් සමග ඇතිකරගත් ගැටුමකින් මියගිය සුනිල් ජයවර්ධන මහතා (53) එලෙස මියයාම ගැන වැඩි විස්තර දැන් වාර්තාවී තිබේ.
මියගිය සුනිල් ලංකා ස්වයං රැකියාලාභීන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති මෙන්ම ඉදිරි මහමැතිවරණයේ ෆුට්බෝලය ලකුණින්
තරගවදින අපේක්ෂකයෙකු බවද කියැවිණි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ මිරිහානේ පරණ කොට්ටාව පාරේ පිහිටි 'චන්මිල් ඉන්වෙස්ට්මන්ට්' නමැති පුද්ගලික ෆිනෑන්ස් සමාගමක කාර්යාලයකදීය.
ලීසිං සමාගම සම්බන්ධ ත්රිරෝද රථයක ගෙවීම සම්බන්ධයෙන් සුනිල් තවත්
අයෙකු සමග ගොස් ඊයේ කතාබස් කර තිබේ.
පසුගිය ඇඳිරි නීති සමයේ ලීසිං වාරික අයකරගැනීම සම්බන්ධයෙන් පනවන ලද ලිහිල් නීතිවලට අවනත නොවී වාරික අයකරගැනීමට මෙම ආයතනය කටයුතු කර තිබීම නිමිත්ත වූ බව පැවසිණි. ඔහු වෘත්තීය සමිති නායකයෙකු වීම නිසා ලීසිං සමාගමේ වරද සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කථාකළ බවත් තර්ජනාත්මක ආකාරයට වාද කළ බවත් පැවසිණි.
ඇති වූ උණුසුම් බහින් බස්වීම දුරදිග යාමෙන් ඇති වූ පහරදීම ආයතනයේ පිටතින් තිබෙන ගරාජය දක්වා
දිවගිය අතර ආයතනයේ සේවය කළ සේවකයින් 8 දෙනා අතරින් දෙන්නෙකු කැපී පෙනෙන ලෙස ඔහු සමග අතින් පයින් පහරදීමට පැමිණ තිබේ. පසුව කිසියම් යකඩ කූරක් ගෙන සුනිල්ගේ මුහුණට දමා ගැසීමට එක් සේවකයෙකු කටයුතු කර තිබේ. .. gossiplanka
