ත්‍රීවිල් බාස්ලා දන්න PCV Delete😂

Himazharin

Well-known member
  • Jul 22, 2020
    2,095
    3,120
    113
    Mind Palace

    මම කලින් දැම්මා මේ මනුස්සයා මොකක්ද මේ කියන්නෙ කියලා අහලා නූලක් කවුරුත් ඒක ගැන වැඩිය යමක් දැනගෙන හිටියෙ නෑ ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා මේක ගැන,මායි තව කෙනෙක් දාපු comment එකකුයි දාන්නම් ඔයාලට දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි ඒ comment දෙකෙන්

    Comment 1

    ඕක එයාර් ෆිල්ටරේට දෙන එකේ කිසිම වැරැද්දක් නෑ.
    හැබැයි ඉතින් ඕකට ඔච්චර ලොකු බටයක් නම් දාන්න අවශ්ය නෑ 1/4 වගේ බටයක් තමා ඕකට ගැලපෙන්නෙ

    ඒත් මේකෙන් කෙරෙන්නෙ මොකක්ද කියල ඔබ තුමාගෙ පැහැදිලි කිරීමනම් ටිකක් වැරදියි . ඒ නිසා ඒ ගැන ටිකක් විස්තර කරල දෙන්න කැමතියි.

    ඔය හෝස් එකට කියන්නෙ බ්‍රීදර් හෝස් එක කියල , ඕකෙන් කෙරෙන්නෙ එන්ජින් එකේ පිස්ටන් එක පහලට ගමන් කරද්දි ක්‍රෑන්ක් කේස් එක තුල ඇතිවෙන පීඩනය සහ පිස්ටන් රින්ග්ස් අතරින් කාන්දු වෙන blowby gas එක එන්ජින් එකෙන් ඉවත් කරන එක සහ පිස්ටන් එක ඉහලට යද්දී ක්‍රෑන්ක් කේස් එක තුල ඇතිවෙන අඩු පීඩනය පිරවීමට බාහිරින් වාතය ඇදල ගන්නවා. ඔය බටේ බ්ලොක් වෙලා තිබ්බොත් ක්‍රෑන්ක් කේස් එක ඇතුලෙ පීඩනය වැඩි නිසා එන්ජින් එකේ කාර්යක්ෂමතාව අඩු වෙනවා
    ඕනම 4 ස්ට්‍රොක් එන්ජින් එකක මේ බ්‍රීදර් ලයින් එක තියෙනවා.
    ඒත් හැම වාහනේම ඔය බටේ එයාර් ෆිල්ටර් එකට සම්බන්ධ නොකරන්න හේතුව තමා ලෝකේ කාලෙන් කාලෙට අලුත් වෙන emission regulations.
    එහෙම නැතුව අලුත් මොඩ්ල් එක මාකට් කරන්න දාන දෙයක් නෙවෙයි ඕක.

    ඔය බටේ නිකම්ම එලියට දීල තිබ්බොත් ඕක හරහ පරිසරයට ඔයිල් වාශ්ප සහ නොදැවුනු ඉන්දන වාශ්ප පිටවෙනවා.
    ඒක පරිසර දූශනයට හේතුවක්.
    ඒකට පිලියමක් විදියට තමා සමහර වාහන වල ඔය හෝස් එක නිකම්ම එලියට නොදා නැවත එයාර් ෆිල්ටර් එක හරහ එන්ජින් එකට යවල එලියට එන ඔයිල් වාශ්ප දහනය කරවන්නෙ. ඒකෙන් පරිසර දූෂණය අඩු වෙනවා.

    නමුත් ධනුක මහත්තයා කියනව වගේ මේකෙන් එන්ජින් එකට අමතර හුලං ලැබීමක් නම් සිද්ධ වෙන්නෙ නෑ. එයාර් ෆිල්ටර් එකෙන් දුවන්න පුලුවන් දුර වැඩි වෙන්නෙත් නෑ මේකෙන් එයාර් ෆිල්ටර් එක බ්ලොක් උනත් ගැටලුවක් වෙන්නෙ නෑ කියන කතාවනම් සම්පූර්ණයෙන්ම වැරදියි.
    මොකද ඔය බටෙන් එලියට දෙන්නෙ එන්ජින් එක ඇතුලට ගන්න හුලංමනෙ, පිටින් ඇදල ගත්ත හුලං පාරක් ඕකෙන් එලියට එනව නෙවෙයි. අනික ඔය බටේ ප්‍රෙශර් එක + සහ - කියන දිශා දෙකටම ක්‍රියාත්මක වෙනව.

    ආ තව දෙයක් , පොලිස් මොඩ්ල් එකේ කාබියුරේටර් එකක් නෑ


    Comment 2

    ඔයාගෙ කතාවට 100% එකගයි,මම ඔයාගෙ කතාවට තව ටිකක් කරුණු එකතු කරන්නම්,

    ඔය බටේ දිගේ පොඩි හුලංපාරක් එනවා හැබැයි ඒකෙන් ධනුක මහත්මයා කියනවා වගේ ලොකු වෙනසක් වෙන් නෑ.factory එකෙන් එන breather hose එක ගලවපුවාම engine එකේ smooth ගතියක් තියනවා(හේතුව-ගලවපු factory එකෙන් එන hose එක block වෙලා තිබුන නිසා හෝ වාතය පිටවීමට හා ඇතුලුවීමට ඇති සිදුර පොඩි වීම නිසා breather hose එක ගලවපුවාම එන්ජිම ඇතුලේ ඇතිවෙන අනවශ්‍ය පීඩනය නිදහස් වෙන නිසා.)

    ඔහොම air intake එකට breather hose එක සවිකරන එකේ පොඩි අවාසියක් තියනවා(මම කියන දේට කට්ටිය එකග නොවෙන්න පුලුවන් හැබැයි ටිකක් හොයලා බැලුවොත් කට්ටිය එකග වෙයි),එන්ජිම රත් උනාම breather hose එකෙන් එලියට යන්නෙ රත් වෙච්ච වායුධාරාවක්,ඒ රත්වෙච්ච හුළං air intake එකට ගියාම එන්ජිමේ කාර්‍යක්ශමතාව අඩුවෙනවා(turbo වාහන වල intercooler එකක් එන්නෙ ඒ නිසා තමයි)(හේතුව-රත්වෙච්ච වාතයේ වායු අංශු තියෙන්නෙ තරමක් ඈතින්,සිසිල් වාතයේ වායු අංශු තියෙන්නෙ ළගින් එතකොට රත්වෙච්ච වාතයට වඩා සීතල වාතයේ තියන ඔක්සිජන් ප්‍රතිශතය වැඩී)

    කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් එතකොට සමහර වාහන වල Air intake එකට කෙලින්ම breather line එක සම්බන්ධ කරලා එන්නෙ,එතකොට ඒ වාහන වල ඔය කියනවා වගේ කාර්‍යක්ශමතාවය අඩුවෙන්නෙ නැත්තෙ ඇයි කියලා,උත්තරේ තමයි ඒ වාහන එන්නෙ ඒ අදලා තත්වයට ගැලපෙන විදිහට tune කරලා හදලා කරලා.සමහර වාහන වල breather line එක intake manifold එකට සම්බන්ධ කරන්නෙ නැතුව catch can එකකට breather සම්බන්ධ කරලා තියනවා,එහෙම කරන්නෙ ඔය මම කියපු කාර්‍යක්ශමතාවයේ අඩුවෙන හේතුව නිසා,හැබැයි එහෙම intake එකට breather line සම්බන්ධ කරලා නැති වාහනයක උඩ comment එකේ කීවා පොඩිවට පරිසරය නම් දූෂණය වෙනවා.

    ඕනෙම වාහනයකට ඕනෙවට වඩා modification කරන්න හොද නෑ එක්තරා සීමාවක් තියාගෙන දැනගෙන කරන්න ඕනේ.




    ඔයාල මේකෙ ගන්න දෙයක් තියේ නම් ගන්න එකතුකරන්න දෙයක් තියේනම් එකතුකරන්න

    තව වැදගත්වෙන video links කිහිපයක් පහතින් දාන්නම්

    https://www.youtube.com/watch?v=s0NsxmfM6tI
    https://www.youtube.com/watch?v=aBzlaWS0M-k
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    1,386
    1,436
    113
    ඕවට ඔහොම නිකං බට කෑලි ගැහුවට efficiency මහ ගොඩක් වැඩි වෙන්නෙ නෑනෙ බං... Purge Control Valve එක කියන්නෙ valve එකක් මිසක් direct line එකක් නෙමෙයිනෙ..
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,095
    3,120
    113
    Mind Palace
    ඕවට ඔහොම නිකං බට කෑලි ගැහුවට efficiency මහ ගොඩක් වැඩි වෙන්නෙ නෑනෙ බං... Purge Control Valve එක කියන්නෙ valve එකක් මිසක් direct line එකක් නෙමෙයිනෙ..
    Turbo වෙනවා කියන්නෙ :ROFLMAO:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,791
    3
    98,120
    113
    Gampaha
    කමෙන්ට් එක සුපිරි... නියමෙට පැහැදිලි කරල තියෙනව.
    ඕකට රිප්ලයි වැටුනෙ නැද්ද ඉංජිනේරු මහත්තයගෙන්....?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,095
    3,120
    113
    Mind Palace
    කමෙන්ට් එක සුපිරි... නියමෙට පැහැදිලි කරල තියෙනව.
    ඕකට රිප්ලයි වැටුනෙ නැද්ද ඉංජිනේරු මහත්තයගෙන්....?
    ටිපර් වෙලා reply වීඩියෝ එකකුත් දාල තිබ්බා ආයෙ මම උන්ට මොකුත් කියන්න ගියෙ නෑ උන්ට කීවට වැඩක් නෑ
    comment කියවලා බලන්නකො පට්ටම toxic
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,791
    3
    98,120
    113
    Gampaha
    ටිපර් වෙලා reply වීඩියෝ එකකුත් දාල තිබ්බා ආයෙ මම උන්ට මොකුත් කියන්න ගියෙ නෑ උන්ට කීවට වැඩක් නෑ
    comment කියවලා බලන්නකො පට්ටම toxic
    දෙයක් තේරුම් කරන්න පුලුවන් එකෙක්නං නෙමෙයි වගේ.... පඬි සේන කෙනෙක්. කමෙන්ට් කරන උං ඊට හපං....

    සිලි කවරෙට හුළං පුම්බන එකේ මැදින් කට් කරපු පොඩි එඩිට් එකකුත් යනව.... කටිං පුම්බලද දන්නෑ....😂😂

    එහෙම නැත්තං පෙට්‍රල් ගඳ එනව කියන්නෙ රිංස් වලින් කම්ප්‍රෙශන් ලීක් ඇති... කම්ප්‍රශන් ලීක් තියෙන වාහනේක නං ඔය වැඩෙන් පිකප් එක, පෙට්‍රල් කාර්යක්ශමතාව එහෙමත් වැඩි වෙන්න පුලුවන්....
    පුලුවන්නං ඔය ටික කමෙන්ට් කරන්න.... මටනං බෑ....😂😂
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    5,217
    4,714
    113
    මෑඩ් මැක්ස් ෆිල්ම් එකේ වාහන වල වේගෙ වැඩි කරන්න air intake ekata පෙට්‍රල් දාන සීන් එකෙත් වෙන්නෙ මෙහෙම දෙයක්ද ?
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,095
    3,120
    113
    Mind Palace
    දෙයක් තේරුම් කරන්න පුලුවන් එකෙක්නං නෙමෙයි වගේ.... පඬි සේන කෙනෙක්. කමෙන්ට් කරන උං ඊට හපං....

    සිලි කවරෙට හුළං පුම්බන එකේ මැදින් කට් කරපු පොඩි එඩිට් එකකුත් යනව.... කටිං පුම්බලද දන්නෑ....😂😂

    එහෙම නැත්තං පෙට්‍රල් ගඳ එනව කියන්නෙ රිංස් වලින් කම්ප්‍රෙශන් ලීක් ඇති... කම්ප්‍රශන් ලීක් තියෙන වාහනේක නං ඔය වැඩෙන් පිකප් එක, පෙට්‍රල් කාර්යක්ශමතාව එහෙමත් වැඩි වෙන්න පුලුවන්....
    පුලුවන්නං ඔය ටික කමෙන්ට් කරන්න.... මටනං බෑ....😂😂
    ඔය වාහන වල breather line එක factory එකෙන් block කරලා එවන්නෙ බට කෑල්ලක් ගහලා චූටි සිදුරක් තියෙන්නෙ ඒක මදි ඉතින්,ඒ කෑල්ල ගලවලා නිකන් තිබ්බම engine එක ටිකක් smooth,engine එකේ යට තියන පීඩනේ නියම ගානට අඩු වැඩි වෙන හින්දා එලවනකොට වෙනස තේරෙනවා,උන් හිතන් ඉන්නෙ කාබ් එකට ඒ ලයින් එක යැව්වම ටර්බො වෙනවා කියලා :ROFLMAO:
    මෑඩ් මැක්ස් ෆිල්ම් එකේ වාහන වල වේගෙ වැඩි කරන්න air intake ekata පෙට්‍රල් දාන සීන් එකෙත් වෙන්නෙ මෙහෙම දෙයක්ද ?
    Fual air ratio එක වෙනස් උනාම අදින එක වෙනස් වෙන්නත් පුලුවන් තියන ටිකත් නැතිවෙන්න පුලුවන්,ඒක අනුපාතෙ වාහනේ තත්වය අනුව වෙනස් වෙනවා. බාගි අයියා තවටිකක් පැහැදිලි කරයි ඇවිල්ලා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,154
    12,844
    113
    Miami
    ඕකුන් කිසිම ටෙක්නිකල් දැනුමක් තියෙන උන් නෙමේ. බාස්ලට අත් උදව් දෙන්න ගිහින් ඉගෙනගත්ත උන්. අඬුවක් අල්ලන්න යතුරක් කරකවන්න දැනගත්ත පලියට වැඩ්ඩො කියල හිතන් ඉන්නෙ.

    ත්‍රීවීල් කාරයොත් හරියට එළවන උන් නෙමේනෙ. කන්දක් අදිද්දි යන ගියර් එකේම එන්ජිම නොක් කරද්දි ඇක්සලරේටරේ අඩියටම කරකෝලා එන්ජිම නතර වෙන්න වගේ එනවනම් විතරක් ගියර් මාරු කරන උන්. ඉතින් රොඩ් යන එක අහන්න දෙයක්ද?

    මෙතන මූ කියන්නෙ PCV සිස්ටම් එකක් ගැන නෙමේ. එච්චර ඇඩ්වාන්ස්ඩ් නෑ ත්‍රීවීල්. බයික් වල වගේ බ්‍රීදර් එක එයාබොක්ස් එකට සම්බන්ධ කිරීමක් ගැන කියන්නෙ. ඒකෙන් එන්ජිමේ පවර් එකට වෙන බලපෑම නම් හිතාගන්න බෑ. එන්ජිමක් හරියට වැඩ කරන්න නම් බ්‍රීදර් ලයින් එකක් තියෙන්නම ඕනෙ හැබැයි. නැත්නම් ක්‍රෑන්ක් කේස් එක ඇතුලෙ වැඩිවෙන ප්‍රෙෂර් එක නිසා පැකින් වලින් ඔයිල් සීල් වලින් ඔයිල් ලීක් වෙන්න ගන්නවා.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,550
    7,292
    113
    උප්

    Fual air ratio එක වෙනස් උනාම අදින එක වෙනස් වෙන්නත් පුලුවන් තියන ටිකත් නැතිවෙන්න පුලුවන්,ඒක අනුපාතෙ වාහනේ තත්වය අනුව වෙනස් වෙනවා. බාගි අයියා තවටිකක් පැහැදිලි කරයි ඇවිල්ලා
    @PHBhagya
    ------ Post added on Nov 25, 2022 at 3:22 PM
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,791
    3
    98,120
    113
    Gampaha
    මෑඩ් මැක්ස් ෆිල්ම් එකේ වාහන වල වේගෙ වැඩි කරන්න air intake ekata පෙට්‍රල් දාන සීන් එකෙත් වෙන්නෙ මෙහෙම දෙයක්ද ?
    Efi වාහන වලනං වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි. මොකද ecu හරහා අන්තිම දශමෙටම ටියුන් කරල තියෙන නිසා...

    හැබැයි කාබියුරේටර් තියෙන වාහන වල හයි rpm වලදි ෆීඩ් වීම මදි නිසා ඔය වැඩෙන් පිකප් එක වැඩි වෙන්න පුලුවන්.
    ටර්බෝ, සුපර් චාජර් තියෙන වාහන වලත් ඇතුලට ලොකු ප්‍රෙශර් එකකින් වාතය දෙන නිසා ඔහොම කෙරුවොත් පවර් එක වැඩිවෙන්න පුලුවන්.

    ඩීසල් වාහන වල එයා ඉන්ටේක් එකට පෙට්‍රල් ස්ප්‍රේ කරන එකෙනුත්, දහනය ඉක්මන් වෙලා පිකප් වැඩි වෙන්න පුලුවන්.

    හැබැයි එන්ජිමේ කොටස් වලට කෙලවීමේ සම්භාවිතාව වැඩියි...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,095
    3,120
    113
    Mind Palace
    අනේ තොපි දන්නා පක. ඒ මනුස්සයා වැරදි උනත් හොද දැනුමක් තියෙනවා. වාහන කියක් ගලවලා අතපත ගාලා ඇතිද? තොපි මෙතන ගුගල් යුටියුබ් බලලා ඉන්ජිනියර් ලා වෙන්න හදනවා. අනේ පකෝ ඉරිසියා නොකර පුස් සයිකල් වැඩ පලක් වත් දාපල්ලා.
    අපි වාහන හදලා නෑ ගලවලා නෑ අතපත ගාලා නෑ එයා විතරයි දන්නෙ එල