ශ්‍රී ලංකාවේ ත්‍රීවීල් ප්රශ්නය කියන්නෙත් අපේ තියෙන දුර්වල රාජ්‍ය පරිපාලනයේම තවත් එක නිර්මාණයක්. කාලෙන් කාලෙට මතු වෙන විවිධ පුද්ගලයන් ගේ එක එක අදහස් වලට නතු නොවී ත්‍රීවිල් ක්ෂේත්රය ගැන රජයකට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන්නම ඕන. අපි බලමු දැන් මේක තේරුම් ගන්න.
ඕනම රටක ප්‍රවහන ක්ෂේත්රයේ ටැක්සි කියන්නේ අත්‍යාවශ්‍ය ප්‍රවහන අංගයක්. ටැක්සි සේවය කියන්නේ ඇත්තෙන්ම පොදු ප්‍රවහන සේවයක කොටසක්. රටේ පොදු ගොඩබිම් ප්‍රවහනය සැළසුම් කරද්දී බස් සේවය, දුම් රිය සේවය වගේම ටැක්සි සේවය ඒ හා සමානම බරක් උසුලනවා.
බස් එකෙන්, කෝච්චියෙන් පොදුවේ සාමූහිකව ගියාට තනි තනියෙන් යන්න වෙන පුද්ගලික ගමනාන්තයන් වෙනුවෙන් ටැක්සි සේවා අත්‍යාවශ්‍යයි. ඒ නිසා තමයි හැම රටකම ටැක්සි සේවා දක්නට ලැබෙන්නේ. ඉතිං පොදු ප්‍රවහනයේ කොටසක් බැවින් එම සේවා වල ගුණාත්මකභාවය පවත්වා ගැනීමටත්, ඒවායේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත්, පුරවැසියන්ට හොඳ ප්‍රවහන සේවයක් සැපයීමත් හේතු කර ගෙන හැම රටකම වගේ මේ ටැක්සි සේවා රජය විසින් නියාමනය කරනවා.
යමක් කමක් තියෙන රට වල ටැක්සි වලට ගන්නේ කාර්. පොඩි පොඩි ටොයෝටා කාර් වල ඉඳලා බෙන්ස් BMW පවා ටැක්සි සේවා වල යොදවන රට වල් තියෙනවා. ඒත් අපේ රටේ සාමාන්‍ය ජනතාවට එතරම් මුදල් නොමැති නිසා මෙහේ ප්‍රචලිත වෙලා තියෙන්නේ ත්‍රීවිල්. වාහනෙත් ගාණ අඩුයි, නඩත්තුවත් ලේසියි, තෙලුත් අඩුවෙන් යන්නේ. ඒ නිසා ඉතා අඩු මිළ ටැක්සි සේවයක් විදියට තමයි ත්‍රීවිල් ජනප්‍රිය වෙලා තියෙන්නේ.
මම දැකලා තියෙන අනිත් හැම රටකම රජයමගීන් නියාමනය කරපු මිළක් යටතේ මීටර් එකක් හැම ටැක්සියටම දීලා තියෙනවා. ඒ මීටරේ වෙනස් කරන්න ටැක්සි රියදුරාට බැහැ. සිංගප්පූරුවේ ටැක්සි මීටර් වල මගියට පේන්න වෙනම සීල් කරපු ලොක් එකක් දාලා තියෙනවා. ඒ සීල් එක කැඩිලා තිබුණොත් රියැදුරාට එරෙහිව නඩු දාන්න පුළුවන්. ේඑ නිසා හොරට ඒක වෙනස් කරන්න වත්, ඕන ඕන ගාණ කියන්නවත් බෑ. නැග්ගා, යන තැන කිව්වා, ගිහින් බැහැලා මීටරේ ගාණ ගෙව්වා. ඉවරයි.
ඒ වගේම ඒ හැම රියැදුරෙකුටම වාහන පදින ලයිසන් එකට අමතරව ටැක්සි රියැදුරෙක් විදියට වෘත්තීය ලයිසන් එකක් ගන්න වෙනවා. ඒක දෙන්නේ ප්‍රවහන මණ්ඩලය යටතේ තියෙන වෘත්තීය පුහුණු අධිකාරියකින්. ටැක්සි පදින්න කැමති ඕන කෙනෙකුට මේ vocational license එක ගන්න වෙනවා. ඒක ගන්න නියමිත වයසකුත් තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රයිවින් ලයිසන් එක අරගෙන නියමිත වසර ගණනකට පසුව තමයි ටැක්සි එලවන්න ලැබෙන්නේ. ඒ නිසා ඉස්කෝලෙන් එළියට ආපු ගමන් ටැක්සි එලවන්න බෑ.
ඒ පුහුණුවෙන් පස්සේ දිග කළිසමක් ඇඳලා, සපත්තු දාලා පිළිවෙලට ඩ්‍රයිවර්ලා ඉන්න ඕනේ. මගියා කාර් එකට නගිද්දි බහිද්දි, එයාගේ බඩු තියෙනවා නම්, පටවන්න බාන්න උදව් වෙන්න ඕනේ. නවත්වන තැන්, නැති තැන්, රෙගුලාසි ගැන අවබෝධය මේ හැම දේම අර පුහුණුවෙන් ලබා දෙනවා. වැරදි කළොත් ලයිසන් කැන්සල්. වැඩේ ඉවරයි.
ඒ වගේම මේ රට වල ගොඩක් ටැක්සි සේවා කරන්නේ පුද්ගලික සමාගම් වගේ. ඒ නිසා සමාගම් කීපයක් මගීන් තරඟකාරිව මේ සේවා සපයනවා. ඒ නිසා තවත් නියාමනය පහසුයි.
අපේ රටේ ටැක්සි ක්‍රම ගොඩක් තියෙනවා. පික්මී ඌබර් හින්දා තවත් ක්‍රම වැඩියි. දැන් මෝටර් බයිසිකල් පවා බුක් කරන්න පුළුවන්. අපේ ගොඩක් අයට ටැක්සි සේවයක් කියන්නේ ස්වයං රැකියාවක් වෙලා. මේවා ක්‍රමිකව නියාමනයකට ලක් වන්නේ නෑ. නිරීක්ෂණය කරන්න කෙනෙක් නෑ. ඕනම කෙනෙකුට පාරට ත්‍රීවිල් එකක් දාලා අර පොදු ප්‍රවහන සේවාවේ කොටස් කාරයෙක් වෙන්න පුළුවන්.
මේ ස්වයං රැකියා ගොඩක් වෙලාවට නියාමනය වෙන්නේ ස්වයං විනයෙන්. ත්‍රීවිල් රියැදුරන්ම මීටර් හයි කර ගත්තා. ත්‍රීවිල් සංගම් තියෙනවා. පොඩි පොඩි සංගම් මහ ගොඩක්. පාරේඅයිනේ හන්දියටත් සංගමයක් තියෙනවා. ඒවායින් ස්වයං නියාමනයක් කරන ගමන් තමයි වැඩේ යන්නේ. නමුත් එයට ජාතික වැඩපිළිවෙලක් නෑ. මේ ප්‍රවහන ක්ෂේත්රය පළාත් සභා තුල හිර කිරීම තමයි ලොකුම අවුල. පළාත් සභා ඇත්තෙත් නෑ, වැඩක් වෙන්නෙත් නෑ. නිසි නියාමනයක්, පනතක් නිර්මාණය වෙලත් නෑ.
ඒ නිසා ස්වයං විනයක් තියෙන ගෞරවයෙන් මේ සේවාව වෘත්තීයක් විදියට තෝර ගත්ත අය වගේම, මේ වැඩේ චොර කරලා කන විවිධ පුද්ගලයන් හිතට එන විදියට කටයුතු කරනවා දකින්න පුළුවන්.
ඒ නිසා වැඩි කල් නොගොස් ත්‍රීවිල් වලට අපහාස නොකර, එය රටේ අත්‍යාවශ්‍ය වැදගත් ටැක්සි සේවාවක් ලෙස හඳුනා ගෙන, එයට අවශ්‍ය නියාමන රෙගුලාසි , ලියාපදිංචි කිරීම, මීටර්, පුහුණුව ආදිය ඇතුළත් අලුත් පනතක් නිර්මාණය කොට එය සම්මත කොට , වැඩි දියුණු කළ තාක්ෂණික ක්‍රම ඔස්සේ ඒවා කර ගැනීමට ප්රාදේශීයව පහසුකම් සකස් කොට ප්‍රවහන ක්ෂේත්රය සුරක්ෂිත කිරීම රජයක කාර්යභාරයක්.
ඔබේ අදහසුත් එකතු කරන්න.
ඔබට පුළුවන්.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්
#හරිත
#මේකහදන්නපුළුවන්රටක්
කොහොම උනත්