ලංකාවේ නීතිය අනුව පෙට්රල් ඩීසල් දෙක තහනම්/නීති විරෝධී දේ නොවෙයි. ඒවා තමන්ගේ වාහනයක හෝ බැරල් එකක ගබඩා කර තබා ගැනීමත් වරදක් නොවෙයි. ඒ සඳහා කිසිම සීමාවක් මේ දක්වා පනවා නැහැ.
ඒ උනාට ඩිසල්/පෙට්රල් විකුනන්න පුළුවන් බලයලත් පෙට්රල් ෂෙඩ් වල පමණයි. ඒත්, බූමිතෙල් ගම්බද කඩවල විකිණීම හැමදාටම සිදු උනා. එය වරදක් ලෙස නීතිය ඉදිරියේ ඔප්පු වී නැහැ.
ඒ නිසා මේ ආකාරයට තෙල් එක්රැස් කරන්නවුන් උසාවියට ඉදිරිපත් කලාම ඔවුන්ට චෝදනා ගොනු කරන්න නීතියේ ප්රතිපාදන නැහැ. බොහෝ වෙලාවට සිදු වෙනවා ඇත්තේ මේ තෙල් ටික පොලිසියට අරන් ගිහිල්ලා, පොලිසියේ කෙනෙක් මේ ටික අරගෙන, විත්තිකාරයාව එළවලා දාන එක යි.