ත්‍රීවීල්_එක overtake කරාට ගහලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    ත්‍රීවීල්_එක overtake කරාට ගහලා

    ත්‍රිරෝද රථයට ඉස්‌සර කළැයි කියා කැබ් රථයේ හිමිකරුට දතක්‌ කැඩෙන්න ගහලා


    තමාගේ ත්‍රිරෝද රථය පසු කොට කැබ් රථයක්‌ ඉස්‌සර කළැයි කිපුණු අයෙකු කැබ් රථයේ හිමිකරුගේ මුහුණට පහරදී දතක්‌ කැබීම නිසා තුවාලකරු ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

    ගම්පොල නාවලපිටිය මාර්ගයේ මරියාවත්ත ප්‍රදේශයේ ඇති වූ මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ගම්පොල මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවක්‌ සඳහා 18 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

    ගම්පොල මරියාවත්ත පදිංචි ලක්‌මාල් සෙනෙවිරත්න හා ඇරෑගොඩ පදිංචි ධනංජය ප්‍රේමරත්න යන දෙදෙනා මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත විය.

    ගම්පොල නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් කැබ් රථය ගම්පොල රෝහල පසු කොට ඉදිරියට යැමේදී මෙම ත්‍රිරෝද රථය පසුකොට ඇත.

    තමාගේ ඇඟට කැබ් රථය කපා ඉස්‌සර කළැයි චෝදනා නගා කැබ් රථය පසුපස ගොස්‌ ඉදිරියේදී එය හරස්‌ කොට නවතා ත්‍රිරෝද රථයෙන් බැස ගොස්‌ කැබ් රථයේ රියෑදුරු ලෙස සිටි එහි අයිතිකරුට දොර ඇර මුහුණට පහරදී ඇති බව පොලිසියට පැමිණිලි කොට ඇත.

    ඒ අවස්‌ථාවේ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාම ගම්පොල පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.

    ගම්පොල පොලිස්‌ ස්‌ථානාධිපති යාපා බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති පො.ප. ටී. ආර්. තල්වත්ත, පො.සැ.(28946) රෝහිත පො.කො. (74073) ඒකනායක යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.



    source



    :lol::lol::lol:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔය මාරියවත්ත හරියේ එවුන් කොහොමත් එහෙමයි බන්. හෙන චාටර් එවුන් ඉන්නේ. වානතමුල්ලේ වගේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    ඔය මාරියවත්ත හරියේ එවුන් කොහොමත් එහෙමයි බන්. හෙන චාටර් එවුන් ඉන්නේ. වානතමුල්ලේ වගේ

    උන්ට පාරවල් ලියලා දීලා වගේනේ බං.:lol::lol:මෝඩකම තමා..:yes:
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඕවගේ සාමන්යෙන් වෙන්නේ ගහපු එකා ගිහින් අන්ට්‍රිය දානවා ඌට ගැහුවා කියල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය මාරියවත්ත හරියේ එවුන් කොහොමත් එහෙමයි බන්. හෙන චාටර් එවුන් ඉන්නේ. වානතමුල්ලේ වගේ

    :yes: :yes:

    Uba gampola da?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාව ප්‍රසිඩන්ට් කරපං සිඞ්හලු :D :D :D
    මං රැම්සි ස්නෝ වගේ මාරියාවත්තෙ උන්ව දඩයම් කරනව :baffled: :baffled: :baffled:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    නූගත් ත්‍රී රෝද රථ රියදුරන්ගේ විනය අන්තිමයි. උන්ගෙ හැසිරීම දක්කාම අපිට විනය තකා ගෙන යන්න හිතෙනවා... අවංක උන් නැතුවාම නෙවි..
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    මාව ප්‍රසිඩන්ට් කරපං සිඞ්හලු :D :D :D
    මං රැම්සි ස්නෝ වගේ මාරියාවත්තෙ උන්ව දඩයම් කරනව :baffled: :baffled: :baffled:
    :D ඊතලෙන් විදලා දඩයම් කරන්නේ?
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    hqdefault.jpg