ත්‍රීවීල්_එක overtake කරාට ගහලා
ත්‍රිරෝද රථයට ඉස්සර කළැයි කියා කැබ් රථයේ හිමිකරුට දතක් කැඩෙන්න ගහලා
තමාගේ ත්‍රිරෝද රථය පසු කොට කැබ් රථයක් ඉස්සර කළැයි කිපුණු අයෙකු කැබ් රථයේ හිමිකරුගේ මුහුණට පහරදී දතක් කැබීම නිසා තුවාලකරු ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
ගම්පොල නාවලපිටිය මාර්ගයේ මරියාවත්ත ප්‍රදේශයේ ඇති වූ මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ගම්පොල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
ගම්පොල මරියාවත්ත පදිංචි ලක්මාල් සෙනෙවිරත්න හා ඇරෑගොඩ පදිංචි ධනංජය ප්‍රේමරත්න යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත විය.
ගම්පොල නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් කැබ් රථය ගම්පොල රෝහල පසු කොට ඉදිරියට යැමේදී මෙම ත්‍රිරෝද රථය පසුකොට ඇත.
තමාගේ ඇඟට කැබ් රථය කපා ඉස්සර කළැයි චෝදනා නගා කැබ් රථය පසුපස ගොස් ඉදිරියේදී එය හරස් කොට නවතා ත්‍රිරෝද රථයෙන් බැස ගොස් කැබ් රථයේ රියෑදුරු ලෙස සිටි එහි අයිතිකරුට දොර ඇර මුහුණට පහරදී ඇති බව පොලිසියට පැමිණිලි කොට ඇත.
ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාම ගම්පොල පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.
ගම්පොල පොලිස් ස්ථානාධිපති යාපා බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පො.ප. ටී. ආර්. තල්වත්ත, පො.සැ.(28946) රෝහිත පො.කො. (74073) ඒකනායක යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.