|| තාක්ෂනය සහ ශ්‍රීලංකාව ||

Untitled1

Member
Apr 18, 2016
247
98
0
|| තාක්ෂනය සහ ශ්‍රීලංකාව ||

t9hxzo.jpg


උබලට මොනාද හිතෙන්නේ දැන් ශ්‍රිලංකාව හා තාක්ෂනය ගැන. උදාහරණයක් විදියට අපි ගමු
facebook . මේක කොච්චර දුරට ප්‍රචලිත වෙලාද කියනවා නම් facebook නැති එකෙක්
හොයාගන්න නැති තරම්. Smartphone තිබුනත් නැතත් Facebook එකක් නම් අනිවාරයෙන්
තියෙනවා. කොටින්ම කියනවා නම් අල්ලපු ගමේ මළගෙදර දැනගන්නෙත් ෆේස්බුක් එකේ ෆොටෝ
එකක් දැකලා.

දැන් කෙල්ලෙක් නැති කොල්ලෙක්ට කියන්නේ මොනාද. "ෆේස්බුක් එකෙන් වත් කෙල්ලෙක්
හොයාගනින් බන් " කියලා. ඉස්සර මිස් කෝල් ගහලා , random numbers ඩයල් කරලා.
කෙල්ලෝ දාගත්ත කට්ටිය ඉන්නවා. දැන් ෆේස්බුක්. ෆේක් ෆ්රෝෆයිල්. මේකෙන් නරක දේවල්
තමයි වැඩිපුර වෙන්නේ.

මේ ලගදි මට අහන්න ලැබුන දෙයක්. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සෙට් වෙලා. ෆේස්බුක්
එකෙන්මයි. පස්සේ කෙල්ල ෆේක් එකවුන්ට් එකක් හදලා කොල්ලා එක්ක මැසේජ් කරලා ටෙස්ට්
කරන්න. 3 වෙනි දවසෙම කොල්ලා ආදරේ කියලා. මන් කියන්නේ නැහැ හැමෝම මෙහෙමයි
කියල. එක්තරා සිද්දියක් විතරයි ඔය.

තව මගේ ලගම කෙනෙක්ට වුන දෙයක්. දවසක් මු ෆෝන් එක දිහා බලාගෙනම ඉන්නවා කිසි
කතාවක් නැහැ . මන් ඇහුවා ඇයි මචන් මොකක්ද අව්ල කියලා. කෑල්ල තරහා වුනාලු. මන් ඇහුවා
ඇයි මචන් කියලා. බලනකොට මු ෆේස්බුක් දාපු ෆොටෝ එකකට (ex girlfriend) පරණ
කෙල්ලව tag කරලලු. එකට දැන් ඉන්න කෙල්ල වලිය දාගෙන තියෙන්නේ.
මොකටද එයාව ටැග් කරේ කියලා.

ඔය පොඩි සිද්දි දෙකක් විතරයි. මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න සමහර අය Singapore ගිහින්
ෆොටෝ දානකොට තව එකෙක් ගල් බෝතලයක් එක්ක හොද ෂොට් එකක් දාලා ෆොටෝ එකක්
දානවා. ඒ එක එක්කෙනාගේ ආසාව. ඉස්සර නම් එක්තරා පන්තියක් විතරයි ෆේස් බුක් පාවිච්චි
කරේ. අර ඒ කාලේ තිබුන දීසන්ට් ගතිය දැන් නැහැ. මෙහෙම කියනකොට හිතෙනවා මම කුහක
වෙනවදෝ කියලා. අද කාලේ හැම මනුස්සයාම ආසයි සෙල්ෆියක් ගහලා ෆේස්බුක් දාලා ලයික්
ටිකක් ගන්න. හැමෝම මිනිස්සු. ඒත් රු 3000- 5000 smart phone ගන්න තිබුනා විතරයි
හැමෝම මේ දේවල් වලට අනුගත වුනා.

හුගක් මිනිස්සු හිතන් ඉන්නේ ෆේස්බුක් එකක් තියෙන එක හරි ලොකු කමක් කියලා. එකෙන්
status හැදෙනවා වගේ. ගමේ ඉන්න කට්ටියට මේක හොදට තේරෙනවා. ඉස්සර පත්තරේක ගිය
දෙකක්, නිවුස් එකක් ගැන ගමේ කඩේක කතා වුනාට අද කතා වෙන්නේ ෆේස්බුක් ගිය වයිරල්
විඩීයෝ එකක් ගැන. එකෙක් මෙහෙම හිතනවා "මම ෆේස්බුක් එකේ මේ වීඩියෝ එක දැක්කා "
(උ හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා ) . නොදැක්ක එකා හිතන්නේ " අය්යෝ මන් දැක්කේ
නැහැ . මොකක්ද දන්නේ නැහැ බලන්න ඕනි " කියලා. අනිත් එක office වල. ෆේස්බුක් නැත්නම්
ඔයා කොන් වෙනවා වගේ සීන් එකක් වෙනවා.

මේ සේරම IT සාක්ෂරතාවය නැති නිසා වෙන දෙයක් මන් හිතන්නේ. IT දන්න එකා කවදාවත්
ඔයවගේ මවාගත්ත status එකක් පස්සේ යන්නේ නැහැ. IT නොදන්නා එකා හිතන්නේ එයා IT
නොදන්නා එක මදි පුංචි කමක් කියලා.

ගිය චන්දෙ මතකනේ. බල පෙරළියට ශෝෂල් මීඩියා කොච්චර බලපෑමක් කරාද.

දැන් පොඩි කාලෙම පොඩි අයගේ හීනේ Smart phone එකක්. මේ දේවල් රැල්ලට යන්නේ.
smart phone එක අරන් නිකන් ඉන්නේ නැහැ. ගත්ත ගමන් pouch එකයි , Tempered
glass එකයි ඕනි. තව power bank එකකුත් ඕනි. මේ දේවල් නරකයි කියනවා නෙවෙයි..
ඒ අයටත් ආසාවන් තියෙනවා. මන් කියන්නේ මේ දේවල් හරි වෙනස් වෙනදට වඩා.

මන් අහගෙන ඩිජිටල් ඇමති කියනවා සමුර්ධි ලාබියාටත් රු.100 ට ස්මාර්ට් පෝන් එකක් දෙනවා
කියලා. ගෙවන්න. මේක කුහකත්වය නෙවෙයි. එයාලටත් ලැබෙන්න ඕනි. අපිට විතරක් මේවා සීමා
වෙලා තියෙන්න ඕනි නැහැ. එත් අද වෙන දේවල් දැක්කම සමාජේ කොතන නවතීද කියලා හිතන්න
අමාරුයි. ලයික් හිගාකෑම දක්වා දැනට මේක පැතිරිලා ඉවරයි. අනික් එකාට වැඩියෙන් තමන්ගේ
පොටෝ එකට ලයික් වට්ටගන්න තමයි බලන්නේ.

ලගදීම තත්වයක් උදාවෙයි. මේ වගේ දේවල් අහන්න පුළුවන් වෙයි. අල්ලපු ගමේ සියාතු මාමා ඇවිත්
ගෙදරට කියයි "කොලුවෝ මොකද අපේ කෙලීගේ පොටෝ එකට ලයික් දාන්නේ. ඕක වහාම
නවත්වන්න. මම නරක මිනිහා කියන්නේනතුව ", "මොකක්ද මේ වයිබර් ස්ටිකර් එවන එකේ
තේරුම පුතා." .

ඒ එක පැත්තක්. දැන් වශී ගුරුකම් කරන්නෙත් ගොසිප් සයිට් එකක ඇඩ් එකක් දාලා. ඒ ඇඩ් එකේ
තියෙන්නෙත් පෝන් නම්බර් එකක් නෙවෙයි. whatsapp , Viber, Imo කතාකරන්න කියලා.
අද කිරියේ ත්‍රෙඩ් එකක් ගියා සයිට් එකක් ගැන. මාස 4 ට 10$ ලු. කෝල් ගර්ල් ලගේ නම්බර් හැම
මාසෙම එවන්වාලු. මේ වගේ බොරු වියාපාර ඇතිවෙන්නේ ඇයි. මාකට් එකක් තියෙන නිසානේ.

G+ ගියාම වෙනස තේරෙනවා ටිකක්. මොකද ෆේස්බුක් වගේ විහිදිලා නැහැ. වැඩිපිරිසක් නැහැ
(ලංකාව ගැන කිව්වේ.) ඊමේල් එකක් යවාගන්න දන්නේ නැහැ අද බහුතරයක්. එත් viber file
sharing හොදට දන්නවා. ඊමේල් අයිඩි එකවත් දන්නේ නැහැ. එත් ෆේස්බුක් එකේ ඕනි දෙයක්
දන්නවා.

දැනට බේරිලා තියෙන්නේ කිරිය විතරයිද කොහෙද. දැන් නිවුස් කියලා ඉවරවුනාමත් කියන්නේ වැඩි
විස්තර සදහා අපගේ ෆේස්බුක් පිටිවට එක්වෙන්න කියලා. හැෂ් ටැග් එකේ තේරුමවත් දන්නේ
නැතුව කට්ටිය එක එක දේවල් ගහලා හැෂ් ටැග් කරනවා. දැන් මැසේජ් එකක් දාලා කියනවා මචන්
ඉමෝ වරෙන් කෝල් එකක් ගන්න තියෙනවා කියලා. සමහර කට්ටිය ලැප් එකක් ගන්නේ ෆේස් බුක්
යාම සදහාමයි. අද ෆේස්බුක් වහනවා කිව්වොත් සියදිවිහානි කරගන්න දෙපාරක් හිතන්නේ නැති
පිරිස් බිහිවෙලා ඉවරයි. ඒ තරමට ඇබ්බැහි වෙලා

pYuxoDV.png


ඒ කියන්නේ ඉස්සරට වඩා දැන් ඔන්ලයින් එන පිරිස මොඩයිද ? .
මේ දේවල් පාවිච්චි කරන විදිය වැරදිද අපි ?
මේක එක්තරා පලන්තියකට සීමා වෙන්න ඕනි දෙයක් ද ?
තාක්ෂණය හැමෝම පාවිච්චි කරන එක වරදක් ද?.
මෙහෙම ගියොත් තාක්ෂනය නිසා අපි පිරිහෙයිද ?


කාලීන සංවාදයට විවුර්තයි.