තාජුඩීන් ඝාතනයට හේතුව හෙළි කර ගනී !

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    තාජුඩීන් ඝාතනයට හේතුව හෙළි කර ගනී !

    ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට මූලික හේතුව වී ඇත්තේ හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සංගමය මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු සමග ඇති වූ ආරවුලක්‌ බව පොලිසිය මෙතෙක්‌ කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.

    එම පුවත් වාර්තාවට අනුව, මෙම තරුණ දේශපාලනඥයා හැව්ලොක්‌ස්‌ රගර් සමාජය අයිතිකර ගැනීමට සූදානම් වෙද්දී වසීම් තාජුඩීන් ඊට එරෙහිව කටයුතු කර තිබේ.

    තාජුඩීන් ඒ වනවිට හැව්ලොක්‌ස්‌ රගර් කණ්‌ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්ව සිටි අතර මේ සිද්ධිය මුල් කරගෙන ඔහු සහ තරුණ දේශපාලනඥයා අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී පැවතිණි.

    මෙම ආරවුල මුල් කරගෙන ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක්‌ ලෙස තාජුඩීන් ඝාතනයට ලක්‌වූ බවට සාක්‍ෂි රැසක්‌ පොලිසිය වෙත මේ වනවිට ලැබී තිබේ.

    තරුණියක්‌ මුල් කරගෙන :

    2012 මැයි මස 17 වන දින නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසල ප‍්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ අභිරහස් ලෙස පිලිස්සී මිය ගිය තාජුඞීන්ගේ සිරුර සොයා ගැනිණි.

    තාජුඩීන්ගේ මරණය තරුණියක්‌ මුල් කරගෙන ඇති වූ ආරවුලක්‌ නිසා සිදුවූවක්‌ බවට ඒත්තු ගන්වා පොලිස්‌ පරීක්‍ෂණ වෙනත් මගකට යොමු කිරීමට ඊට සම්බන්ධ සැකකරුවන් පසුගිය කාල වකවානුව පුරාම උත්සාහ කර තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    කෙසේවුවද, ඉකුත් පෙබරවාරි 25 දින තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බවට තීන්දු කළ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා, එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගය කළේය.

    ඒ අනුව, තාජුඞීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැගවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා වෛද්‍ය විශේෂඥයකු පළමු අදියරේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    සැකකරුවන් 3ක් පාපෝච්චාරණයක:


    සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝග මත සැකකරුවන් 16 දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති අතර, හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහ දේශපාලන ප‍්‍රභූවරයකුගේ පුත‍්‍රයකු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් හි අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ඇත.

    පරිවේශනීය සාක්ෂි තහවුරු වන ආකාරයට ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත ය.

    මේ අතර මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් තිදෙනෙකු මේ සිදු වීම ගැන පාපෝච්චාරණයක් කිරීමට එකග වී ඇති බවත් නඩු විභාගයේ දී ඔවුන් රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.


    - http://www.sinhala.srilankamirror.com/news/item/11893-wasim-thajudeen
    - http://www.divaina.com/2016/02/27/news05.html
     
    • Like
    Reactions: DiksonAlex