තාජුඩීන් මැරුවාද හැප්පුණාද
අනුර සේනානායක දිවයිනට සියල්ල හෙළි කරයි
යම් අභිරහස් මරණයකදී සිදුව ඇත්තේ මිනී මැරුමක්ද එහෙමත් නැතිනම් රිය අනතුරක්ද එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන්න නිශ්චිතව තීරණය කරන්නේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විශේෂඥවරයා.. ඒ විශේෂඥ සාක්ෂිය තමයි අධිකරණයේදී වැදගත්ම සාක්ෂිය වෙන්නෙත්..
තාජුඩීන්ගේ මරණය පිළිබඳ එදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ මේ රටේ ප්රවීණතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා
එතුමා තමයි එදා තාජුඩීන්ගේ මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පවත්වා වසරකට පමණ පසුව එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට අධිකරණයට තහවුරු කළේ
වසර හතරකට පසු මියගිය තාජුඩීන්ගේ අස්ථී කොටස් ගොඩගෙන නැවත සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු අද පොලිසිය අධිකරණයට කියනවා මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය නිවැරදි නැහැ
මෙතනදී මට මතුවෙන ගැටලුව තමයි මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්ෂණය නිවැරදිව සිදු කර නැති නම් ඩීඅයිජී අනුර සේනානායකට ඉස්සර වෙලා සීඅයිඩී එක මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන එකයි
මොන විදිහකින් හරි අද අසත්‍යයක් වෙලා තිබෙන්නේ මේ රටේ ප්‍රවීණ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ සාක්ෂිය
තාජුඩීන්ගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අය අද මගෙන් නොකියා ඉල්ලන්නේ එක දෙයයි.. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.. හැබැයි මේ රටේ මිනිස්සුන්ට ඇහෙන්න මෙතනදී මම කෑගහලා එක දෙයක් කියනවා.. මේ අමූලික බොරුව ඉදිරියේ මගේ ගැලවීම වෙනුවෙන් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන යමක් කිව්වොත් එදාට මට හෙණ ගහයි
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කවදාවත් අනුර සේනානායකට කියල නැහැ.. අරූව ඇතුළට දාපන්.. අරූව නිදහස් කරපන්.. මේ කේස් එක යට ගහපං කියලා..
හැබැයි ගෝඨාභය මහත්තයා මට එක දෙයක් ගැන නම් නියෝග දීලා තියෙනවා.. ඒ පාතාලය ඉවර කිරපන් එල්ටීටීඊ එකට ගහපන් කියලා..
අනුර සේනානායක ඕනම තැනකට ගිහින් ගෝඨාභය මට එහෙම කිව්වා කියලා කියන්න සුදානම්.
එහෙම නැතුව මේ වගේ තුට්ටු දෙකේ වැඩවලට බය වෙලා ගෝඨාභයගේ නම කියන්න තරම් වසලයෙක් නෙමෙයි. මේ අනුර සේනානායක

Last edited: