තාත්තට ගහපු දුවගේ කථාව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,107
    46,692
    113
    “මගේ තාත්ත තමයි මම ආසම නැති මනුස්සය කියල ලියපු දරුවෙක් මේ ලෝකෙ ඉන්නව නම් ඒ මම. මොකද දන්නවද තේරෙන දවසෙ ඉඳලම තාත්තා අම්මට ගහනවා. මේ පැත්ත පළාතටම ඇහෙන්න කෑ ගහනවා. ඒක එයාගෙ සාමාන්‍ය දෙයක්. අපිට වරදකදී දුන්නෙත් මහා පරිමාණ දඬුවම්. අම්මට කරන්න කිසිම දෙයක් තිබ්බෙ නැහැ. මගෙ අම්මා හරිම අහිංසකයි. ගුටි කකා අපි නිසා පවුල රැකගත්තා. එදා ඉඳන් මම තාත්ත කියන වචනෙ මගෙන් නොකියවෙන්න පරිස්සම් වුණා.. කතා කළේම නැහැ. ඒත් අම්ම කිව්වා අම්මට ආදරේ නිසාවත් තාත්තා එක්ක කතා කරන්න කියල. මගෙ අම්ම මගෙ පණ.. ඒ නිසා තාත්තා එක්ක මං කතා කළා. ඒත් හිතේ තාත්තා ගැන තිබ්බ ජුගුප්සාජනක හැඟීම නම් එහෙමම තිබ්බා. කාලය ගෙවිල ගියා. අපි බැන්දා.. ළමයි ලැබුණා.. අම්ම නැතිවුණා.. අම්ම මැරෙන මොහොතෙදි කීවා පුතෙ අක්කයි, අයියයි නම් තාත්ත්ගෙ වැඩ නිසා එයාට සලකන්නෙ නැහැ. ඒත් ඔයා මම වෙනුවෙන් මොන ජරා වැඩ කළත් තාත්තාට කන්න ටික දෙන්න කියලා”

    මේ පොතක ලියවුණු ඡේදයක් නොවේ. කලකට ඉහත පමුදි කොඩිකාර මවෙත ලියා එවූ ඇගේ ජීවිතයේ ඇත්ත කතාවෙන් කොටසකි. ප්‍රමුදි කියන්නේ, අද වෙන කොට හරි හැටියට සිද්ධ වුණේ, සහ සිද්ධවෙන්නෙ මොකක්දැයි නොදැන ගේට්ටුවක් ළඟ පියෙකුට පහරදෙන වීඩියෝවක එක පැත්තක් විතරක් බැලූ සිය දහස් ගණනකගෙ සාප කිරීමට ලක්වුණු දියණියයි. පමුදි ඉන්නෙ නාරාහේන්පිට දාබරේ මාවතේය. ඒත් ඒ දුව ඒ තාත්තාට එදා පහර දුන්නේ අද සමාජ මාධ්‍යවල රස කර කර කියන ඔය කිසිම හේතුවක් නිසා නම් නොවන බවද ඈ කියන්නීය.

    “මං කසාද බැඳලා ගිහිල්ලා ආයෙ ඔය ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු එකොළහක්. මුල් දවස්වල එක ගෙදර හිටියට දැන් තාත්තයි මමයි එක ගෙදර දෙපැත්තෙ ඉන්නෙ. ඒ කියන්නෙ ගෙවල් දෙකක. එදා ඉඳලා මං මේ අද විඳින දුක විඳිනවා. අපේ තාත්තා මාසෙකට දෙකකට සැරයක් පරලවෙනවා වගේ. පොල්ලක් අරන් හොඳ වචනවලින් නෙවේ, ඉතාමත් නරක වචනවලින් මට බණිනවා. ඒ වෙලාවට මටත් දුවටත් බණින්න, ගහන්න, මගේ ගෙදර බඩුමුට්ටු, ගේට්ටුව, දොර ජනෙල්, පොලුවලින් ගහලා කඩන්න එයාට හේතුවක් ඕන නෑ. එයා මගේ ගෙදර දේවල් කඩනවා. මං අක්කගෙ උදව්වෙන් ආයෙ ආයෙ ඒවා හඳාගන්නවා. ඒකෙන් විතරක් නවතින්නෙ නෑ. ඒ පොල්ලෙන්ම පේන්න හිටියොත් මටයි, දුවටයි දෙන්නටත් ගහනවා. ඒ මගේ තාත්තනෙ කියලා මුලදි මුලදි ගුටි කාලා තැළුනු තැන්වලට තෙල් බේත් දාගත්තා. ඊට පස්සෙ නොකළ වැරදි කිය කියා බණිද්දි, ගහද්දි මමත් ඒ විදිහටම බණින්න පුරුදු වුණා. ඒත් මෙච්චර කාලෙකට අතක් ඉස්සුවේ නෑ. ඒ මගේ තාත්තනෙ කියලා එතකොටත් ඉවසුවා. ඒත් එදා මගේ ඉවසීමේ සීමාව නැත්තටම නැතිවුණා.”

    ඒ ඉවසීමේ සීමාව නැතිවූ තැන සිද්ධවූ සිද්ධියට මේ වන විට හිතූ හිතූ දේ එකතු කරමින් සමාජ මාධ්‍ය හරහා බෙදාහරින පිරිසක් ද සිටිති. පමුදි කියන්නේ එදත් පුරුදු ලෙස උදේම ඇය ආසන්නයේ වූ කැඳ කඩයට ගොස් කැඳ කෝප්පයක් බී තාත්තාටත්, දියණියටත් කැඳ කෝප්ප දෙක දෑතින් ගෙන ගෙදර ආ බවයි.

    ” මං එළියට යනකොට දුව ගේ ඇතුළෙ නිදි. වෙන දූවරුන්ට තාත්තා කියන්නේ මේ ලෝකේ ඉන්න විශාලම අරක්ෂකයා වුණට මට එහෙම නැති නිසා මං එදා ඉඳලම ගෙදර යතුර දාලා වහලා යන්නේ. මං එනකොට තත්තා පොල්ලකින් අපේ දොරට තඩි බානවා. මං ඇහුවා ‘ තාත්තේ ඔය මොකද කරන්නෙ කියලා?’ ඒක ඇහුවා විතරයි මගේ පැත්තට හැරිලා අර පොල්ලෙන් මට එකක් ගැහුවා. අතේ තිබ්බ කැඳ කෝප්ප දෙක වීසිවෙලා ගියා. ඒත් එක්කම ආයෙත් මට එකක් ගැහුවා. එතකොට මං ඉක්මනටම ගේ ඇතුළට පැනගත්තා. ඊට පස්සෙ පුරුදු විදිහට බණින්නත් ගේට්ටුවටත් අපේ දැල් දොරටත් ගහන්න ගත්තා. ඔය දැල් දොර පස් ගමනකට වඩා කඩලා තියෙනවා. ඒ වෙලේ එයාගෙ භාෂාවෙන්ම කතා කරලා කිව්වා ඔය ගහන එක නවත්තපන්. නැත්තම් මමත් උඹට ගහනවා කියලා. ඒත් නැවතීමක් නෑ. අපි දෙන්නා එළියෙන් බිත්තියට හේත්තු කරලා තිබ්බ ඉඳලයි කුඩෙයි අරන් එළියට බැස්සෙ එයාට ගහන්න නෙවේ. අපේ ආරක්ෂාවට. මෙයා අපි යද්දි බැණ බැණම පොලිසි යනව කිය කිය පස්සෙන් පස්සට ගේටුවෙන් එළියට යනගමන් එක පාරටම දුවගෙ අතින් ඇද්දා. ඒ වෙලේ තමයි ඔය දේ සිද්ධ වුණේ.. ඉතින් මමත් එයාගෙ භාෂාවෙන්ම කිව්වා පොලිසියට යන්න කියලා. ඒ වෙච්ච දේවලුත් ඔය එළියෙන් වීඩියෝ කරපු අය දකින්න ඇති. තාත්තා අපට කුණුහරුපෙන් බණිනවා ඇහෙන්න ඇති. ඇයි ඒ ටිකත් වීඩියෝ කරලා නොදැම්මේ.? ඔය ඔක්කොම කළේ මාත් එක්ක තරහ ගෙවල් දෙකක්. අපේ ගේ පේන දුරින් තියෙනවා. ඒ ගෙදර ළමයෙක් තමයි ඒක වීඩියෝ කරලා දාලා තියෙන්නේ. සිද්ධිය වෙච්ච දවසෙම පොලිසියෙන් ප්‍රශ්නෙ විසඳුවා. තාත්තගෙ පොඩි ඇඟිල්ල කැපිලා තිබුණෙ කියලා පොලිසිය දන්නවා. අර තරහ මිනිස්සු පහුවදා තාත්තා ගෙන්නගෙන අවුස්සලා රෝහල් ගත කළා. මහවෙලාවක් ඉඳලා නෑ. වාට්ටුවේ කුණුහරුප කියනවා කියලා ටිකට් කපලා ගෙදර එවලා. අපේ තාත්තා ඔහොමයි කියලා මේ හැම කෙනෙක්ම දන්නවා. නාරාහේන්පිට පොලිසියත් හොඳටම ඒක දන්නවා.”

    ඒ දන්නේ මේ තාත්තාගෙන් විටින් විට සිදුවන බව කියන මෙවන් කරදරවලදී ප්‍රමුදි 119 පිහිට පැතීමෙන් පසු නාරාහේන්පිට පොලිසියට ඒ පැමිණිල්ල සම්බන්ධ වන නිසාය. එවන් බොහෝ විටෙක නාරාහෙන්පිට පොලිසියෙන් පැමිණ මේ තාත්තාව රැගෙන ගොස් පොලිසියේ රඳවා තබයි. ඒ වරක් දෙවරක් නොවේ.

    ” එකොළොස් වතාවකට වඩා තාත්තගෙ කරදර ගැන අපි නාරාහේන්පිට පොලිසියේ පිහිට පතලා තියෙනවා. අන්තිමට මීට අවුරුදු එකහමාරකට වගේ කලින් අපේ ගෙදර බඩු කුඩු කරපු වෙලේ නං පොලිසි ගියා. එදාත් තාත්තා අරන් ගියා. එතන කුණුහරුප කිය කිය කෑගහලා උසාවි දාලා රිමාන්ඩ් කළා. එදා මං ළමා හා කාන්තා කාර්යාංශයට මගේ පැමිණිල්ල දාන්න ගියා. එදා එතන හිටපු වයසක WSI කෙනෙක් මට කිව්වා මේ තාත්තනෙ. විසි එක් වතාවක් ඉතිපිසෝ ගාථාව කියලා ගෙදර යන්න කියලා. ඒත් මං පැමිණිල්ලක් දාලමයි ගියේ. ඊළඟ උසාවි දවසෙ මං ගිහින් සමථයකට පත්වෙන්න කැමැතියි කිව්වා. ඒ ඇවිත් ලොකු අලාභ හානි කළේ නෑ. හැබැයි පොඩි පොඩි දේවල් කළා. කුණුහරුපෙන් දුවටයි මටයි බණින එක නැවැත්තුවෙ නෑ. මට සමහර දවසට ගෙදරට එන්න දුන්නෙ නැහැ. මාවයි දුවයි ඉස්කෝලෙ ඉඳන් එද්දි ඇතුළෙන් ගේට් එක ලොක් කරන් අපිට කියනවා තොපි පොලිසි පලයව්.. තොපිව ගෙට ගන්නෙ නැහැ කියලා.. ඉතිං අපි එහෙම මම පොලිසි යනවා….”

    ” මේ සිද්ධියෙන් පස්සෙ මේ පැත්තෙ නාගරික මන්ත්‍රීයි, ඩඩ්ලි සේනානායක ඉස්කෝලේ ප්‍රින්සිපල් හාමුදුරුවොයි ඇවිල්ලා තාත්තගෙ ගෙදර බලලා. එතකොට මේ පැත්තෙ මිනිස්සු කිව්වලු මං තාත්තට සලකන්නෙ නෑ, ගෙවල් අස් කරලා දෙන්නෙ නෑ, ලයිට් දෙන්නෙ නෑ කියලා. ඒවා හැම එකක්ම අසාධාරණ චෝදනා.

    මං තාත්තට එදත් සැලකුවා, අදත් සලකනවා, හෙටත් සලකනවා. අසනීප වුණාම ඉස්පිරිතාල ගානෙ අරන් යන්නෙ මම. බැණුම් අහගෙන ගුටි කාගෙන කරන්න පුළුවන් උපරිම දේ කළා. මගෙ යාළුවෝ කෝල් කරලා කියනවා අපි නම් සියදිවි නසා ගන්නවා, කොහොමද ඔයා ඉන්නෙ කියලා. මට වෙච්චි දේවල්වලට මගෙ හිත යකඩයක් වගේ හයියයි දැන්. මං ගොඩාක් දුක් වින්දා. ලස්සනට ඇඳලා හිනහවෙවී පාරෙ ගියාට. කන්ඩ නැතුව කුණු බක්කියක ඉඳුල් කාපු කෙනෙක්. මගෙ ළමයා කන්න නැතුව ඉඳලා හොඳට ඉගෙන ගන්න ළමයෙක්. එයාට තියෙන්නෙ මගේ හිත. “


    පමුදි තාත්තා නිසාම පසුගිය අඟහරුවාදා පොලිස් අත්අඩංගුවට පත්ව පැය කීපයකට පසු උසාවියෙන් ඇප පිට මුදා හැරියේය. ඒ වෙනුවෙන් නඩුවක් ගොණු වෙද්දිත් ඈ හිතේ තාත්තා ගැන වෛරයක් නැත. ඒ නිවසේ දෙපසට වී ආයෙත් ජීවත් වන්නට සිදුවන නිසාත් ඒ ඇගේ තාත්තා නිසාත් ය.

    බියංකා නානායක්කාර


    ළමයි හදනවනම් ඒ ළමයින්ටට කවදහරි බරක් නොවෙන විදිහට ජීවත් වෙන්න හැමෝම හිතේ තියාගන්න. හම්බකරන සල්ලි කීයක් හරි තමන්ට කියලා ඉතුරු කරන්න..ළමයි හදන්න ඵපා තමන්ගෙ වාසියට..ලංකාවෙ අය ළමයි හදන්නෙ කවදහරි ඒ ළමයින්ගෙන් සැලකීම් බලාගෙන..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    Meka aththa wennath puluwan nowennath puluwan. Ane manda karumayak gewanawa duwai thaththai dennama. Paw ithin.
    බොරු වෙන්න බෑ 119 කීප පාරක් ගැහුවා කියනවා..පොලිසියේ රෙකෝඩ්ස් තියෙනවනේ..අනික ඔය වගේ තාත්තල ලංකාවෙ ඕන තරම් ඉන්නව..ගෑණු කොච්චර ගුටි කාල මැරෙනවද ලංකාවේ ඔය වගේ බේබදු කාලකන්නි නිසා..
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    බොරු වෙන්න බෑ 119 කීප පාරක් ගැහුවා කියනවා..පොලිසියේ රෙකෝඩ්ස් තියෙනවනේ..අනික ඔය වගේ තාත්තල ලංකාවෙ ඕන තරම් ඉන්නව..ගෑණු කොච්චර ගුටි කාල මැරෙනවද ලංකාවේ ඔය වගේ බේබදු කාලකන්නි නිසා..
    :yes: :yes: :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    අපේ උනුත් ඉතින් වීඩියෝ එකක් දාපු ගමන් පීතෲ සෙනෙහස පිරිලා ඉතිරිලා අර ගෑනිට බනිනව.
    ධම්මික පැණිය දෙරණේ දැකල පෝලිමේ ගන්න ගිය මිනිස්සු බං අපේ රටේ ඉන්නෙ..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ගොබ්බ යක්කු ටික කාලයක් ඕක status දදා වැලපෙන්න ගියා. අනේ මන්ද බන් මේ රටට සහ රටේ උන්ගෙ mentality එකට මොකක් වෙලාද කියල මට හිතාගන්න බෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ මිනිස්සු ළමයි හදන්නෙ තමන්ගෙ වාසියට කියන එකනං ඇත්ත.

    අප්පච්චි කියල එකෙක් ළමයි ලක්ෂ ගානක් හැදුවා උගේ වාසියට

    දැන් මුලු රටක්ම විදවනවා :angry:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එහෙම වුනාට අහළ පහළ උන් ටික දීපු චරිත සහතික ටික දැක්ක නේ? ගුටිකාපු මිනිහ හරිම හොඳයි අරක මේක කිය කියා.
    ඒ මනුස්සයට මානසික ලෙඩකුත් ඇති. කොහොමත් ළමයෙක් හදපු පමණින් නියම තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ. සමාජෙට වැඩක් තියන විදිහට සහ ගුණගරුක විදිහට හදන්නේ නැතුව.
    මේවට පොලිසි වලින් නං සාධාරණයක් වෙන්නෙ නෑ ලේසියකට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    ඔය ප්‍රශ්නේ මුලටම ගිහින් බැලුවොත් Sex වල සම්බන්ධයක් ඇති. අනිවාර්යෙන්. ඔය වයසක මිනිහා ළමයි පොඩි කාලේ තමන්ගේ ගෑණිට ගැහුවා කියලා කියනවනේ. ඒ කියන්නේ ඉස්සර මූ පඩි පෙල වගේ ළමයි හදන්න ඇති හරියට ආදායමක් වත් නැතිව. ඉතිං ගෑණි ආර්ථික ප්‍රශ්නයි ලමයින්ගේ වැඩයි නිසා සෙක්ස් වලට තැන දෙන්න නැතුව ඇති. ඉතිං මිනිහා බීගෙන ඇවිදින් ගෑනියට ගහන්න ඇති. මෝඩ මිනිස්සුනේ ලංකාවේ. අර අරූ කියනවා වගේ නෝ කිඩ්ස් නෝ වොරීස් තමයි බෙහෙත. ළමයි හදන්නම ඕනෙ නම් මුලින් හොඳ ආදයමක් හදාගෙන හිටපියව්. නැත්තං මිහිපිට අපාය තමයි
     
    • Like
    Reactions: buu