Yu Xukang කියන්නෙ චීනයේ වාසය කරන තාත්ත කෙනෙක්. එයා තමුන්ගේ ආබාධිත පුතත් එක්කයි ජිවත් වෙන්නෙ. අම්මත් නැති මේ පුතාව අවුරුදු තුනේ ඉඳන් මේ තාත්ත බලාගත්ත. පුතාගේ ආබාධිත තත්වය නිසා ළඟ පාත කිසිම ඉස්කෝලෙකින් පුතාව බාරගත්තේ නැහැ. කොහොමහරි එයාට එයාගේ පුතාව නිවසේ සිට කිලෝමීටර් 8ක් දුරින් පිහිටි පාසලකට දාගන්න පුළුවන් උනා. චිනේ කොයිතරම් දියුණුයි කිව්වත් මේ පළාතේ කිසිම ප්‍රවාහන සේවයක් නැහැ. ඉතින් මේ තාත්තා හැමදාම උදේට කිලෝමීටර් 8ක් පුතාව කරේ තියාගෙන පාසලට යනවා පයින්. ආයෙත් කිලෝමීටර් 8ක් පයින් එනවා වැඩට යන්න. ආයෙ හවස පාසැල් ඇරෙන වෙලාවට කිලෝමීටර් 8ක් යනවා පුතාව අරගන්න. ආයෙත් පුතාව කරේ තියන් කිලෝමීටර් 8ක් පාගමනින් නිවස බලා එනව. මේ තාත්තා දවසට කිලෝමීටර් 32ක් පමණ පයින් යනවා. මේ ප්‍රවෘතිය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමග මේ තාත්තට ආණ්ඩුව මගින් පාසැල අසලින් නිවසක් ලබාදුන්නා. දැන් මේ තාත්තා ඇවිදින්නේ දවසට කිලෝමීටර් 16යි. ඒ තමුන්ගේ රැකියාව වෙනුවෙන්.
සමහර විට උඹේ තාත්තා යකෙක් කියල උඹට හිතෙනවා ඇති. එහෙම හිතන්ඩ උඹට උඹේම හේතු ඇති මචං. මොකද මටත් මගෙ තාත්ත යකෙක් වගේ අනන්තවත් පෙනිලා තියනව. අම්ම තරම් තාත්ත උඹට ආදරේ නැතිව ඇති. වැරද්දක් කරපු වෙලාවට අම්ම උඹව බේරගන්ඩ හදනකොට තාත්ත උඹට කෝටුවක් කැඩෙනකන් ගහන්ඩ ඇති. ඒත් තාත්ත උඹ වෙනුවෙන් පොඩි කාලෙ ඉඳන් වියදම් කරපුව ගැන හිතල බලපන්. ඇඳුම් පැළදුම්, කෑම බිම, ඉස්කෝලේ වියදම්, ක්ලාස් වලට වියදම්, පොකට් මනී වලට වියදම්. ඉස්කෝලෙන් අවුට් උනාම එක එක කෝස් වලට නැත්තන් කැම්පස් එකේ වියදම්. තාත්ත ඇරෙන්ඩ වෙන කවුද ලෝබ නැතිව අපිට වියදම් කරන්න හිටියෙ. කෙටියෙන් කියනවනම් උඹ ඔය දැන් කරන රස්සාව කරන්න කලින් මේ සමාජේ අභිමනෙකින් ජිවත් උනානම් ඒ උඹේ තාත්ත හින්දයි. ඒ මුකුත් තාත්තාගෙන් උඹට හම්බුනේ නෑ කියමුකො. ඒ නැතත් රෑට බීල ඇවිත් ගමටම ඇහෙන්ඩ කෑගහන්න හරි උඹට තාත්ත කෙනෙක් හිටිය. ඔය තාත්ත නොහිටියානම් උඹට ඔහොමවත් ගෞරවයක් ලැබෙන්නෙ නැහැ. එහෙනම් මිනිස්සු කට හදාගෙන බලන් ඉන්නෙ උඹට අවජාතකය කියන්න. සිරාවටම කියනවනම් මම මගෙ තාත්තට, අම්මට තරම් ආදරේ නෑ. ඒත් මගෙ හිතේ තාත්ත ගැන තියෙන්නෙ අමුතුම විදිහේ ගෞරවයක්.