තාත්තා කවුද කියල ඔප්පු කරන්න ද වෙන්නේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පුතා නේද ගහල තියෙන්නෙ

    රාගම වෛද්‍ය පීඨයේ සිසුනට පහර දීමට තමන් සම්බන්ධ යයි නම් ඔප්පු කරන්නේ නම් ඇමති ධුරයෙන් ඉවත්වන බව රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අදාළ සිදුවීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන වෛද්‍ය පීඨ සිසුවකුගේ සුව දුක් බැලීම සඳහා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

    අදාල සිදුවීමට පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් යොදා ගෙන ඇති බව තහවුරු වී ඇති අතර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකුද ප‍්‍රහාරයට සම්බන්ධ වී තිබේ.

    ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    දැනටමත් අදාල කාර්ය මණ්ඩල නිලධාරියාගේ සේවය අත්හිටුවීමට ද කටයුතු කර ඇත.