තාත්තා නැතිවුනා...

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මචන් තාත්තා පිලිකාවෙන් කොච්චර දුක් විදින්න ඇද්ද?.තව දුරටත් එහෙම නොවෙන එක ගැන සතුටු වෙයන්.තාත්තව මතක් කරලා පුලුවන් විදිහට පිනක් දහමක් කරලා පින් දියන්.ජීවිතේ ඔහොම තමයි බන්.මේ දුක දරාගන්න උබට පුලුවන් වෙන්න කියලා පතනවා මචන්:(
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    :( දෙමාපියො ලඟ ඉන්නකම් අඩුව දැනෙන්නෙ නැති තරම් මචන්. නැති උන ගමන් ඒ අය අපි වෙනුවෙන් කරපු කියපු දේවල් පොඩි කාලෙ මතක තියෙන මුල්ම දේවල් වල ඉඳලා මතක් වෙනවා.

    පොඩිම කාලෙ වඩාගෙන ගිය හැටි. නින්දගියාම උස්සන් ගිහින් ඇඳෙන් තියනකොට යාන්තම් ඇහැරුනත් ආයෙ නිදි වගේ හිටිය එව්ව. කොහෙ හරි ගිහින් එනකොට මොනාහරි කන්න ගෙනත් දීලා ඔලුව අතගාන හැටි. ලෙඩක් දුකක් වුනාම එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්න එව්ව. සෙල්ලම් බඩු ඉල්ලපුවාම එව්වා අරන් දෙන එක. ඇඳුම් පැළඳුම් අරන් දෙන එක. සෙරෙප්පු. කොණ්ඩෙ කපන්න ගියාම එපා වෙලා අඬද්දි කෑ ගහද්දි හා හා ඉන්න ඔච්චරයි තව පොඩ්ඩයි නෙ කියන එව්ව. ඒ අය කෑවෙ නැතත් අපිට කෑම එකක් ගෙනල්ල දීලා රස්නෙන්ම තියෙනවා අන්න බෙදාගෙන කන්න කියන එව්ව. ඉස්කෝලෙ රැස්වීම් වලට ගිය එව්වා. පොඩිම කාලෙ ඉස්කෝලෙ මොන්ටිසෝරි එක්ක ගිය එව්ව. තරහට දඬුවම් කලාට ඒ අයම ඒ ගැන මතක් වෙලා අඬන එක. හ්ම්ම්..

    දෙමාපියො ජීවත්ව ඉන්න අය ඒ අයට යුතුකම් ඉටු කරන්න. අවුරුදු 100ක් තමන්ගෙ මව් පිය දෙන්නව උරහිසේ කදයක් විදියට තියාගෙන කවලා පොවල පෝශණය කරලා බලාගත්තත් ඒ අය අපි වෙනුවෙන් කල කී දේවල් වල ණය ගෙවන්න බෑ. දෙමාපියන්ගෙන් කෙනෙක් හරි නැති අය පිනක් දහමක් කරලා ඒ මියගිය තමන්ගේ අම්මට තාත්තට හෝ දෙන්නටම අනුමෝදන් කරන්න.

    දෙමාපියො ජීවත්ව ඉන්න අය හිතන්න කවදාහරි මටත් මගෙ අම්ම තාත්ත නැති වෙන දුක විඳින්න වෙනවා, ඊට කලින් ඒ අයට මගෙන් ඉටු වෙන්න ඕන දේවල් ඉෂ්ඨ කරනවා කියලා.

    උඹේ තාත්තට සුගතිගාමී උපතක්ම අත්වේවා මචන්!!!

    :yes::yes::yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    උඹේ තාත්තට සුගතිගාමී උපතක්ම අත්වේවා මචන්!!!:(
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :( දෙමාපියො ලඟ ඉන්නකම් අඩුව දැනෙන්නෙ නැති තරම් මචන්. නැති උන ගමන් ඒ අය අපි වෙනුවෙන් කරපු කියපු දේවල් පොඩි කාලෙ මතක තියෙන මුල්ම දේවල් වල ඉඳලා මතක් වෙනවා.

    පොඩිම කාලෙ වඩාගෙන ගිය හැටි. නින්දගියාම උස්සන් ගිහින් ඇඳෙන් තියනකොට යාන්තම් ඇහැරුනත් ආයෙ නිදි වගේ හිටිය එව්ව. කොහෙ හරි ගිහින් එනකොට මොනාහරි කන්න ගෙනත් දීලා ඔලුව අතගාන හැටි. ලෙඩක් දුකක් වුනාම එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්න එව්ව. සෙල්ලම් බඩු ඉල්ලපුවාම එව්වා අරන් දෙන එක. ඇඳුම් පැළඳුම් අරන් දෙන එක. සෙරෙප්පු. කොණ්ඩෙ කපන්න ගියාම එපා වෙලා අඬද්දි කෑ ගහද්දි හා හා ඉන්න ඔච්චරයි තව පොඩ්ඩයි නෙ කියන එව්ව. ඒ අය කෑවෙ නැතත් අපිට කෑම එකක් ගෙනල්ල දීලා රස්නෙන්ම තියෙනවා අන්න බෙදාගෙන කන්න කියන එව්ව. ඉස්කෝලෙ රැස්වීම් වලට ගිය එව්වා. පොඩිම කාලෙ ඉස්කෝලෙ මොන්ටිසෝරි එක්ක ගිය එව්ව. තරහට දඬුවම් කලාට ඒ අයම ඒ ගැන මතක් වෙලා අඬන එක. හ්ම්ම්..

    දෙමාපියො ජීවත්ව ඉන්න අය ඒ අයට යුතුකම් ඉටු කරන්න. අවුරුදු 100ක් තමන්ගෙ මව් පිය දෙන්නව උරහිසේ කදයක් විදියට තියාගෙන කවලා පොවල පෝශණය කරලා බලාගත්තත් ඒ අය අපි වෙනුවෙන් කල කී දේවල් වල ණය ගෙවන්න බෑ. දෙමාපියන්ගෙන් කෙනෙක් හරි නැති අය පිනක් දහමක් කරලා ඒ මියගිය තමන්ගේ අම්මට තාත්තට හෝ දෙන්නටම අනුමෝදන් කරන්න.

    දෙමාපියො ජීවත්ව ඉන්න අය හිතන්න කවදාහරි මටත් මගෙ අම්ම තාත්ත නැති වෙන දුක විඳින්න වෙනවා, ඊට කලින් ඒ අයට මගෙන් ඉටු වෙන්න ඕන දේවල් ඉෂ්ඨ කරනවා කියලා.

    උඹේ තාත්තට සුගතිගාමී උපතක්ම අත්වේවා මචන්!!!
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ ස්වභාවය ඔහොම තමා මස්සිනා......
    ඇති වෙන සියළු ම දේ නැති වෙනවා...
    දැ ඉතං තාත්ත වෙනුවෙන් කරන්න තියන ප්‍රණ්‍යමය කටයතු කරල පිං අනුමෝදන් කරමු. අපිට කරන්න පුළුවන් එච්චරයි...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අහන්න දුකයි... තමන්ගේ ආගමේ හැටියට පුළුවන් තරම් පින් දෙන්න ලබන ආත්මේ මෙවන් භයානක රෝග වලට ගොදුරු නොවේවා කියල.....
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පිළිකාව කියන්නෙ ලෙඩේ තියෙන කෙනා වගේම පවුලේ උදවියත් මහත් පීඩාවට පත් කරන කටුක තත්වයක්. මගේ කිට්ටුවන්තයෙකුත් පිළිකාවෙන් පීඩා විඳල තියෙනවා.
    ඔබේ පියාට සසර වසන තුරා මෙවන් කරදරය්ක් නොවී ඉක්මනින නිවන් සුව ලැබීමට හැකි වේවා