තාත්තා නැතිවුනා...

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    :( දෙමාපියො ලඟ ඉන්නකම් අඩුව දැනෙන්නෙ නැති තරම් මචන්. නැති උන ගමන් ඒ අය අපි වෙනුවෙන් කරපු කියපු දේවල් පොඩි කාලෙ මතක තියෙන මුල්ම දේවල් වල ඉඳලා මතක් වෙනවා.

    පොඩිම කාලෙ වඩාගෙන ගිය හැටි. නින්දගියාම උස්සන් ගිහින් ඇඳෙන් තියනකොට යාන්තම් ඇහැරුනත් ආයෙ නිදි වගේ හිටිය එව්ව. කොහෙ හරි ගිහින් එනකොට මොනාහරි කන්න ගෙනත් දීලා ඔලුව අතගාන හැටි. ලෙඩක් දුකක් වුනාම එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්න එව්ව. සෙල්ලම් බඩු ඉල්ලපුවාම එව්වා අරන් දෙන එක. ඇඳුම් පැළඳුම් අරන් දෙන එක. සෙරෙප්පු. කොණ්ඩෙ කපන්න ගියාම එපා වෙලා අඬද්දි කෑ ගහද්දි හා හා ඉන්න ඔච්චරයි තව පොඩ්ඩයි නෙ කියන එව්ව. ඒ අය කෑවෙ නැතත් අපිට කෑම එකක් ගෙනල්ල දීලා රස්නෙන්ම තියෙනවා අන්න බෙදාගෙන කන්න කියන එව්ව. ඉස්කෝලෙ රැස්වීම් වලට ගිය එව්වා. පොඩිම කාලෙ ඉස්කෝලෙ මොන්ටිසෝරි එක්ක ගිය එව්ව. තරහට දඬුවම් කලාට ඒ අයම ඒ ගැන මතක් වෙලා අඬන එක. හ්ම්ම්..

    දෙමාපියො ජීවත්ව ඉන්න අය ඒ අයට යුතුකම් ඉටු කරන්න. අවුරුදු 100ක් තමන්ගෙ මව් පිය දෙන්නව උරහිසේ කදයක් විදියට තියාගෙන කවලා පොවල පෝශණය කරලා බලාගත්තත් ඒ අය අපි වෙනුවෙන් කල කී දේවල් වල ණය ගෙවන්න බෑ. දෙමාපියන්ගෙන් කෙනෙක් හරි නැති අය පිනක් දහමක් කරලා ඒ මියගිය තමන්ගේ අම්මට තාත්තට හෝ දෙන්නටම අනුමෝදන් කරන්න.

    දෙමාපියො ජීවත්ව ඉන්න අය හිතන්න කවදාහරි මටත් මගෙ අම්ම තාත්ත නැති වෙන දුක විඳින්න වෙනවා, ඊට කලින් ඒ අයට මගෙන් ඉටු වෙන්න ඕන දේවල් ඉෂ්ඨ කරනවා කියලා.

    උඹේ තාත්තට සුගතිගාමී උපතක්ම අත්වේවා මචන්!!!

    :(:(:(:(
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හිතට හයිය අරන් අවසන් කටයුතු ලස්සනට කරන්න මචන්. උඹට ලමයි ඉන්නවනම් එයාලට පෙන්න අඬන්නෙ නැතුව ඔයාට එයාල ඉන්නනිසා දුකක් නැතිබව පෙන්වන්න.
    මේ තරම් කරඩර වෙලත් එවට සතුටුවෙන අය ඉන්නව කියල හිතන්න.
    ඔය දේ හැමොටම වෙනවා, මටත් උනා. මම තාත්තට ගොඩක් දේවල් කරල දුන්න ඉන්න කාලේ. ඉන්න ගෙයක් පවා හඩල දුන්නෙ මම. එක හිතල මම හිත හදගත්ත මචන්.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    :( දෙමාපියො ලඟ ඉන්නකම් අඩුව දැනෙන්නෙ නැති තරම් මචන්. නැති උන ගමන් ඒ අය අපි වෙනුවෙන් කරපු කියපු දේවල් පොඩි කාලෙ මතක තියෙන මුල්ම දේවල් වල ඉඳලා මතක් වෙනවා.

    පොඩිම කාලෙ වඩාගෙන ගිය හැටි. නින්දගියාම උස්සන් ගිහින් ඇඳෙන් තියනකොට යාන්තම් ඇහැරුනත් ආයෙ නිදි වගේ හිටිය එව්ව. කොහෙ හරි ගිහින් එනකොට මොනාහරි කන්න ගෙනත් දීලා ඔලුව අතගාන හැටි. ලෙඩක් දුකක් වුනාම එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්න එව්ව. සෙල්ලම් බඩු ඉල්ලපුවාම එව්වා අරන් දෙන එක. ඇඳුම් පැළඳුම් අරන් දෙන එක. සෙරෙප්පු. කොණ්ඩෙ කපන්න ගියාම එපා වෙලා අඬද්දි කෑ ගහද්දි හා හා ඉන්න ඔච්චරයි තව පොඩ්ඩයි නෙ කියන එව්ව. ඒ අය කෑවෙ නැතත් අපිට කෑම එකක් ගෙනල්ල දීලා රස්නෙන්ම තියෙනවා අන්න බෙදාගෙන කන්න කියන එව්ව. ඉස්කෝලෙ රැස්වීම් වලට ගිය එව්වා. පොඩිම කාලෙ ඉස්කෝලෙ මොන්ටිසෝරි එක්ක ගිය එව්ව. තරහට දඬුවම් කලාට ඒ අයම ඒ ගැන මතක් වෙලා අඬන එක. හ්ම්ම්..

    දෙමාපියො ජීවත්ව ඉන්න අය ඒ අයට යුතුකම් ඉටු කරන්න. අවුරුදු 100ක් තමන්ගෙ මව් පිය දෙන්නව උරහිසේ කදයක් විදියට තියාගෙන කවලා පොවල පෝශණය කරලා බලාගත්තත් ඒ අය අපි වෙනුවෙන් කල කී දේවල් වල ණය ගෙවන්න බෑ. දෙමාපියන්ගෙන් කෙනෙක් හරි නැති අය පිනක් දහමක් කරලා ඒ මියගිය තමන්ගේ අම්මට තාත්තට හෝ දෙන්නටම අනුමෝදන් කරන්න.

    දෙමාපියො ජීවත්ව ඉන්න අය හිතන්න කවදාහරි මටත් මගෙ අම්ම තාත්ත නැති වෙන දුක විඳින්න වෙනවා, ඊට කලින් ඒ අයට මගෙන් ඉටු වෙන්න ඕන දේවල් ඉෂ්ඨ කරනවා කියලා.

    උඹේ තාත්තට සුගතිගාමී උපතක්ම අත්වේවා මචන්!!!
    :(:(:(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුය.. නිවන් සුව ලැබේවා
     
    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    නිවන් සැප ලැබේවා..
    උපදින කිසිදු ආත්මයක මෙවන් රෝග පීඩාවන්ට ගොදුරු නොවේවා..