තාත්තා හා ජීවිතය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුපිරි පොස්ට් එක අය්ය
    මගෙ තාත්ත නම් ගොඩක් සැරයි..හැමවෙලේම
    බිස්නස් ගැන තියා ජීවිතේ ගැනවත් මට මොකුත් කියල දීල නෑ
    අම්මටත් වටේ ඉන්න අයටත් ගොඩක් සැරෙන් ඉන්නෙ
    ඒ සැර වැඩි කම නිසා මම කාමරේ දොර වහන් අඬපු පාරවල් අනන්තයි
    වෙලාවකට හිතෙනවා එයට මාව පේන්න බැරිද කියලත්
    දැනට මේ ඇති මොකද මට මේක ලියනකොට ඇඬෙන නිසා, ශොප් එකේ ඉන්නෙත්
    හ්ම්
    අම්මා ගැන නම් මට ලොකු ආදරයක් තියෙන්නෙ...
    මොක උනත් සුපිරි පෝස්ට් එක.ජය වෙවා

    මචෝ උබගේ ජීවිත කතාව උබ කිව්වනේ. උබ පට්ට ගේමක් ගහපු එකෙක්. ඒ වගේම උබ සුපිරිම ආත්මශක්තියක් තියෙන එකෙක්, ඒ නිසා තාත්තගේ පැත්ත වැඩිය හිතන්න එපා. වයසට යනකොට ඔය අය නිකන්ම නැමෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් උබ ඔහොම කියනවා.මගේ අප්පච්චි හැබැයි කියල දුන්න ජීවිතේ ගැන.හැබයි බනින්න පටන් ගත්තොත් බනින්නේ අම්මගේ වගේ කපටි මූන ගගා.අම්මා පොඩි කාලේ වලියක් ගිහින් ගෙදරින් ගිහින්.ඔහොම බනිද්දි හිතපන් මම කොහොම ඉන්න ඇත්ද කියලා.මම මොනව කරන්නද බන් මට අම්මගේ වගෙ පෙනුමක් ආවා කියල.ඒකට මම පලිද?පවුලක සාමන්යෙන් 1 වෙනියා ටිකක් අම්මා වගේ නේ.හැබයි අවවාද කරනවා.ඉස්සර නන් ඔහොම කියද්දි එපාම වෙනවා.නින්දකුත් නැතුව අඩ අඩ ඉදල තියෙනවා.එත් දැන් හිතෙනවා කොහොම සැර කරත් .............. :) නැත්තන් වෙන කසාදයක් කරන් ඉන්න තිබ්බනේ. හ්ම්ම්ම්.....මොනවා වුනත් කන්න බොන්න හම්බ කරල ඔක්කොම කරල දෙන්නේ අප්පච්චි.කියන්න දෙවල් නන් ගොඩයි ඉතින්.මම මේ දවස් වල කියවපු පොස්ට් සෙට් එක දැක්කම හිත හැදුන.හැමෝම සර්වසම්පූර්න නෑනේ.අඩු පාඩු තියෙනවා.

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    dan ithin oke kiuwama kiyai thawa kal ehemmama kiyala. :( e wunata exam wath pass nathi mata eka lokui wage .... 23i ....soft dev dip eka withrai kareth.23kata amba lollek wela inne dan

    23ත් වයසක්ද යකෝව්??:angry::angry: තාම ඉස්තාලේ වහන්න අස්සයා ගිහින් තියා තාම අස්සයා ඉපදිලත් නෑ... පටන් ගනින් ගේම. උබ පරක්කු නෑ. මම දන්නේ නෑ මොකා උබේ ඔලුව නෙගටිව් අදහස් වලින් පිරෙව්වද කියල? උබ ආස්සරේ කරන සෙට් එක අවුල් කියලත් හිතෙනවා
     
    Niish

    Member
    Feb 10, 2015
    22
    9
    0
    [FONT=&quot]තාත්තාගෙන් උගත් පාඩම්[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තාත්තා හරි අපූරු මනුස්සයෙකි. ඕනෑම ප්‍රබලයෙකු ඉදිරියේදී කොන්ද කෙලින් තබාගෙන නොබියව වැඩ කලයුතු ආකාරය මා උගත්තේ තාත්තාගෙනි. රටෙන් බහුතරයක් දෙනා බොහෝ අප්‍රසන්නව කතා බහ කරන රැකියාවක් වන පොලිස් සේවයේ නියැළි මගේ තාත්තා තනතුරෙන් ස්ථානාධිපති වරයෙකි. අයථා ලෙස නූල් පොටක දෙයක් ඔහු තම රාජකාරි බලයෙන් නොගත් බව මම හොදාකාරවම දනිමි. අවන්කවම සේවයේ නියැලී ඔහු කොතරම් දුක් ගැහැට, ප්‍රශ්න වලට මුහුණ දුන්නේදැයි මා දනිමි. නොසැලෙන පෞරුෂයක් හිමි ඔහු ඕනෑම දෙයකට අදටත් නොබියව මුහුණ දෙන අතර ඒ පෞරුෂය මා හටත් උරුම කිරීමට අසීමිත කැපකිරීම් කරන ලදී. උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන නිවටයන් අතිශය පිළිකුල් කරන ඔහු මා තුල හෝ එවැනි ගති පැවැත්මක් දුටු විගස එය නිවැරදි කිරීමට පසුබට නොවීය. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]3 වසරේදී එක්තරා චන්ඩියෙකුට බිය වී සිටින්නට මා ඇතුලු පන්තියේ සෙසු සිසු සිසුවියන්ට සිදු විය. ඔහුගේ අයියා 5 වසරේ වීම සහ අම්මා මෙම පාසලේම ගුරුවරියක වීම නිසා ඔහු නොබියව අණසක පතුරවාලීය. දිනපතා ඔහුගෙන් ගුටි කන මට පාසල එපා වීය. අයෙත් පාසල් යන්නට බැරි බව පවසමින් අඩමින් සිටි මා ඇකයට ගත් තාත්තා මා සිප සනසමින් මා හට අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ නම් පරම්පරාවෙන් ආ සටන් කලා ශාස්ත්‍රය මෙන්ම ඔහු මනාව ප්‍රගුණ කල අනෙකුත් සටන් කලාවන් මා හට උගන්නන බවයි. අම්මාගෙ වැඩි කැමත්තක් නොතිබුනත් ලොකු අකමැත්තකුත් නොතිබින. සටන් කලාව ඉගැන්වීමට පෙර ඔහු මගෙන් ලබාගත් එකම පොරොන්දුව වූයෙ කිසි කලෙක සටනක ආරම්භක පහර මා විසින් නොදෙන බවටත්, වැටෙන අඩපණ වන්නෙකුට පහර නොදෙනා බවටත්‍ය. මෙම සටන් කලාවන් ආත්මාරක්ෂක සටන් කලාවන් වන්නේ එලෙස බව ඔහු මට එදා පෙන්වාදුනි. ඉනික්බිතිව මාසයක් යන්නට මත්තෙන් චන්ඩියා තොල් පලාගෙන, අඩාගෙන ඔහුගේ මවසොයා දිවයනු දැකගත හැකි වූයේ එතරම් ඉක්මණින් මා සටන් ශාස්ත්‍රය ප්‍රගුණ කල නිසා නොව තාත්තාගෙ ගුරු හරුකම් වලින් මා සිතට ආ ප්‍රාණවත් බව නිසාය. එදින පන්තිභාර ගුරුතුමිය වේවැලක් ගෙන මා බිත්තිය පැත්තට හරවා පස්ස පැත්ත හම යනතුරු තැලුවාය. එනමුදු මාගෙ සිතේ හටගත් ප්‍රාණවත් බව හෝ සතුට බිදකුදු වෙනස් කරවීමට වේවැල් පහරවල් අසමත් වූව මෙන්ම මා කල හපන්කම මා විසින්ම තාත්ත ගෙදර එනතුරු නොඉවසිල්ලෙන් බලා සිට මුල සිට අගටම පැවසීමි. එදිනත් මා ආදරයෙන් සිප ගත් ඔහු මා නින්දට යන විට වේවැල් පාරවල් වලට වූ තුවාළවල බෙහෙත් පවා ගැල්වීය. එදින පටන් කිසිම දිනයක මා කිසිවෙකුටත් බිය වූයේ නැතුවා මෙන්ම නිකරුණේ හෝ කිසිවෙකුට පහර නොදීමට වග බලා ගත්තෙමි. සටන් කලාව ඉතා හොදින් ඉගන ගත්තා මෙන්ම පාසලේ 7, 8 වසර වනවිට ගිනිඅවියක් ක්‍රියා කරන ආකාරය , නීතිය, විදුලි කාර්මික ශිල්පය, යන්ත්‍රෝපකරණ ආදී බොහො දේ තත්තාගෙන් උගත්තෙමි. 5 වසර ශිෂ්‍යත්වය සමත්ව කොළඹ පාසලකට ඇතුලු වීම සිට උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවේ මුල් 10 අතර ස්ථානයක් ලබා ගැනීම දක්වා මා තත්තාගෙන් උගත් දේ බොහෝය. පොලිසිය සතු කිසිම වාහනයක් එකම එක දිනක් හෝ මාව පාසැලට, පන්තියකට ඇරලවීමට තාත්තා යොදා ගත්තේ නැත. පොලිස් මෝටර්සයිකල මා පැද ඇති නමුත් කිසිම දිනක පාරේ යාමට තාත්තා ඉඩ දුන්නේම නැත. මා තුල ඇති අසීමිත ආශාව තේරුම් ගත් තාත්තා එම මෝටර්සයිකලය වට කිහිපයක් ගෙමිදුලේ පැදීමට පමණක් ඉඩ දුනි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මා උසස් පෙළ කරන සමයේ තාත්තා සිටියේ කොළඹ්න් පිටත ප්‍රදේශයකය. උසස් පෙළ අවසන් කර ප්‍රතිපල නිකුත් වනතුරු අම්මාත් මමත් තාත්තා සිටි නිල නිවාසයට ගියෙමු. ඒ අවට අසල්වැසියන් කිහිප දෙනෙකුම ඒ වනවිටත් අප හොදින් දැන අදුරන්නේ අවස්තා කිහිපයකදිම මාත් අම්මාත් මීට පෙර එහි ගොස් තිබූ නිසාවෙනි. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම අසල්වැසි නිවසක වෙසෙන, මට වඩා වසරක් වයසින් බාල සුරේන් නිසා මම ජීවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තෙමි. සුරේන් හා පලමු කතාබහෙන්ම ඔහුගේ දුර්වලකමක් මා හදුනාගත්තෙමි. එනම් ඔහුගෙ කතාබහ විලාශය කාන්තාවට සමාන වීමයි. එම පලාතේ මා හට තවත් යහලුවන් කිහිප දෙනකුම සිටි අතර සුරේන් සැමවිටම මා ඔවුන් හා කතා බහ කිරීමට පවා විරුද්ද විය. එයට හේතුවක් මා නොදන්නා නමුදු මා කිසිදු පැකිලීමකින් තොරව සියලු දෙනාම හොදින් ආශ්‍රය කල අතර අවස්ථා කිහිපයකදීම සුරෙන් විසින් විවිද කේලාම් අම්මාට මෙන්ම තාත්තාටද කියා ඇති නමුත් මා හෝ මාගේ දෙමාපියන් විසින් ඒවා සැලකිල්ලකට ලක් නොවුනි. නමුත් මේ හේතුවෙන් සුරෙන් කෙරෙහි යම් තරහක් මගේ සිතේ පැන නොනැග්ගා නොවේ. එක් දිනයකදී සුරේන්, මම හා අනිත් මිතුරන් කිහිපදෙනෙක් අතර කතාබහක් දුර දිග යාමෙන් මම සුරේන්ට පහර දුනිමි . පොඩි එකෙකු මෙන් අඩාගෙන දිවගිය සුරෙන්ව දකින ඕනෑම කෙනෙක්ට සිනහ එනු නොඅනුමානය. එය එතරම් ලොකු සිද්ධියක් නොවුන නිසා අපි ඒ පිළිබඳව තැකීමක් කලේ නැති අතර පැය කිහිපයකට පසු තාත්තාගෙන් ලැබුනු ඇමතුමක් නිසා මම යහලුවන්ගෙන් වෙන්වී ගෙදර පැමිනියෙමි. කිසිම දිනයකදී කොට කලිසමක්, යාන්තමට හෝ නොගැලපෙන ඇදුමක් ඇදන් පොලිසියට ගියොත් වෙන කාට නැතත් මට තාත්තාගෙන් බැනුම් අහගන්නට වන බව අත්දැකීමෙන් දන්නා මම ඉක්මනට මූනකට හෝදා ඩෙනිමක් හා ටී ශර්ට් එකක් ඇද සපත්තු දෙකකුත් හනිකට දමාගෙන තාත්තා මුන ගැසීමට පොලිසියට ගියෙමි. එහිදී මා දුටු තාත්තා මට කතා කොට පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු සමග යන ලෙස දන්වන ලදී. කිසියම් වැදගත් වැඩකට මාගෙන් උපකාරයක් අවශ්‍ය වී ඇතැයි සිතූ මා ඔවුන් සමග තාත්තාගේ කාමරයෙන් පිටතට පැමිනියෙමි. ඉන් පසුව ඔවුන් මා කැටුව ගබඩා කාමර දෙසට යන ලදී. එහිදී පාද 3ක් සහිත රවුම් කුඩා ආසනයක් මට වාඩිවීමට ලබා දුන් අතර අප විසින් කල යුත්තේ කුමක්ද යන්න මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ඊට නිසි පිලිතුරක් නොලැබුනු අතර එක් අයෙක් ලණු පොටකින් මාගේ පාදයක් මා වාවිවී සිටින ස්ටූලයෙ ගැටගසන්නට සැරසුනි. මම වහාම එතනින් යෑමට සැරසුනෙමි. ඉනික්බිතිව අනිත් නිළධාරීන් වහාම පැන මා බදා ගන්නා ලදී. මම ඔවුන් හා හැකි උපරිමයෙන් පොර බැදූ නමුදු අවසාන ප්‍රතිපලය වූයෙ විනාඩි පහලොවකින් පමණ මා සෙලවීමටවත් නොහැකි වන සේ පෙර කී කුඩා ආසනයේ ගැට ගැසීමයි. දෑත් පිටුපසට කොට තදින් ගැට ගැසූ ඔවුන් මාගේ පාද සපත්තුව ලගින්, දණහිස් ලගින් ස්ටූලයේ පාද වලටද කලවා ලගින් ඉතා තදට මාව කුඩා ස්ටූලය මත තබා ගැට ගසන ලදී. ඉන්පසු රෙදි කඩකින් දෑස ගැටගැසූ ඔවුන් මාගේ කෑගැසීම නවතිනුවස් කටට රෙදි ඔබා ගැටගසන ලදී. ඉන්පසුව ස්ටූලය පිටින් මාව ඔසවාගත් ඔවුන් යම් ස්ථානයකට ගොස් බිම තබා ස්ටූලය පෙරලෙනු වලක්වනු වස් එය බිම තිබූ යමකට තබා ගැටගසන බව ඔවුන්ගේ කතාබස් වලින් මට වැටහුණි. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සිදුවූයෙ කුමක්ද යන්න මට සිතාගන්නටවත් නොහැකි විය. දැඩි ආයාසයක් ගෙන දෑත, දෙපා මුදවා ගන්නට උත්සාහ කලෙමි. ලණු පොටක් හෝ එහා මෙහා කර ගැනීමට මට නොහැකි වූවා මෙන්ම කෙටි වෙලාවකින්ම ඉතා දරුණු වේදනාවෙන් දැනෙන්නට විය. ලණුපොටවලට හිරවුනු දෑත්, දෙපා මෙන්ම ඉතා දැඩිව ස්ටූලයට ගැට ගසා ඇති නිසාවෙන් ඒකාකාරී ඉරියව්වෙන් වාඩිවී සිටින පස්සා පැත්තෙන්ද අසීමිත වේදනාවක් දැනෙන්නට විය. නොදැනුවත්ව දෑසට කඳුළු පැමිණි අතර ටික වේලාවකින් කරකියාගත දෙයක් නොමැතිව මට ඇඬුණි. කිහිපදෙනෙකුගෙ පා ගැටෙන හඩක් ඇසුනු නිසා ඇඬුම නවත්වා, කට ගැටගසා තිබුනද යම් ශබ්දයකින් හඩක් නගා උදව්වක් ගැනීමට වෙර දැරුවෙමි. මම සාර්ථක බව හගවමින් ඔවුන් මා වෙතට පැමිණියෝය. දෑස් බැදි රෙදිකඩ හා කටට ඔබනු ලැබූ රෙදි පාන්කඩ ඉවත්වූ අතර මා ඉදිරිපිට සිටියේ මාගේ තාත්තාය. තවත් අමුත්තෙකු පසෙකින් සිටි අතර මට එකිනෙහිම දවාලේ වූ සිද්ධිය මතක් විය. කට කොනකින් සිනාවෙමින් සිටි අමුත්තා කවුරුවත් නොව සුරේන්‍ය. මට එකිනෙහිම ඌ මරා දැමීමට සිත් විය. දැන් සියල්ල පැහැදිලි අතර මා මේ දඬුවමට පත්ව සිටින්නේ අර අපතයා දවාලේ වූ සිදුවීම එක දෙක කර තාත්තාට පැවසීම නිසාය. සුරේන්ව එතනින් ඉවතට යැවූ තාත්තා මා හා කතා කරන්නට පටන් ගත්තේය. මාව ලිහන ලෙස කෙඳිරිගෑවත් තාත්තා එය ගනන් ගත්තේවත් නැත. හැමදාම වැදගත් දෙයක් මා හා කතාකරන තාත්තා පුරුද්දක් වශගෙන් මා හිස අතගා සිබිනු ලබයි. එදිනත් පුරුදු පරිදිම තාත්තා මුලින්ම කලේ ගැට ගැසා සිටින මා හිස අතගා ඉබීමයි. ඉන්පසු සාක්කුවට අතා දා ඉතා පරණ කුඩා දිනපොතක් එළියට ගන්නා ලදුව එය පෙරලා පරණ සටහනක් පෙන්වන ලදී. එහි වූයෙ “මගෙ පුංචි කුමාරයා මට ලොකු පොරොන්දුවක් දුන්නා, මම මගෙ ජීවිතේටත් වඩා ඒක විස්වාස කරනවා” යන්නයි. මගෙන් එය විමසූ විට මතකයට නොආ නිසා ඔහු එය මතක් කරන ලදී. එනම් 3 වසරෙදි මට සටන් කලාව ඉගැන්වීමට පෙර මාගෙන් ගත් පොරොන්දුවයි. මට එවෙලේම මැරෙන්නට සිත් විය. පපුව පැලී යනනාක් මෙන් විය. පොඩි එකෙකු මෙන් මම ඉකි ගසා අඩන්නට වීමි. තාත්තා මා තුරුල් කරන් කීවේ “කමක් නෑ පුතේ, මම තරහ නෑ. ඔයා අද වෙනකන් පොරොන්දුව කැඩුවෙ නෑ. ඒකත් කොච්චර ලොකු දෙයක්ද? අද මට ආයේ පොරොන්දු වෙලා කවදාවත් එක කඩන්නෙ නැතුව ඉන්න. කරපු වරදට අපූරු දඩුවමක් මම දීල තියෙනවනෙ” යනුවෙනි. මම අඩමින්ම නැවත තාත්තාට පොරොන්දූ වීමි. මට තාත්තා කෙරෙහි මෙන්ම සුරේන් කෙරෙහි පැමිණ තරහා සම්පූර්නයෙන්ම අමතක වූවා මෙන්ම මානය පසෙකලා සුරේන්ගෙන් සමාව ගැනීමටද එකග වීමි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉන්පසුව තාත්තා එතනිනි ඉවත්ව ගිය අතර සුරේන් පැමිණියේය. ලණු වලට තෙරපුණු අත් පා වලින් මෙන්ම හෙලවීමටවත් නොහැකිව එකම ඉරියව්වෙන් වාඩි වී සිටීම නිස පිටුපස්සෙන් නැගෙන වේදනාවන් තවත් ඉවසිය නොහැකි තැන මම සුරේන්ගෙන් සමාව ගත්තෙමි. මා බැමි වලින් නිදහස් කරන මෙන් ඉල්ලුවෙමි. දුබලයෙකුට පහර දුන් වරදට අන්තිමට මට සිදුවූයේ ඒ දුබලයාටම පින්සෙන්ඩු වී අත් පා ලෙහා ගැනීමටය. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සුරේන් මා ලිහා නිදහස් කරන ලදී. තාත්තාගේ කාමරයට ගොස් තාත්තාට වැද සමාව ගත් මම සුරේන් සමගම ගෙදර ගියේ කිසි කලෙක ඒ වරද නොකරන බව සිතට ගනිමිනි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තාත්තලා කවුරුත් දරුවන්ට අසීමිතව ආදරය කරයි. මෙය යම් අයෙකු කියවනු ලැබූ විට මාගේ තාත්තාට චරිත සහතික දෙනූයේ මහ නපුරු තාත්තා කෙනෙකු ලෙසයි. සැබවින්ම තාත්තලා නපුරු නැත. ඔවුන් අසීමිත දරු සෙනෙහස නිසා නොකරන දෙයක් නැත. එදින රාත්‍රියේ තාත්තා අම්මා සමග මෙ ගැන කතා කරනු මට ඇසුණි. “පුතාට ගොඩක් රිදුනද දන්නෙ නෑ, මම පුතාට සැර උනා වැඩිද මන්දා” ආදී වශයෙන් පසුතැවිලි වනු මට ඇසුනු අතර කිහිප සැරයක් කඳුළු පිසදමනු හොරෙන් දුටිමි. වයස අවුරුදු 8 දී මම දුන් වචනය තාත්තා කොච්චර විස්වාස කර තිබේද? එය ලියූ සටහන සැමවිටම ලග තබා ගන්නට තරම් ඔහුට එය කොතරම් වටින්නේද? පොලිස් ස්ථානාධිපති කෙනෙක්ට සාක්කුවේ නිතර ලග තබා ගැනීමට කොතරම් දේ ඇත්ද? [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තරුණ වියට පැමිණීමත් සමගම විශේෂයෙන්ම පිරිමි දරුවන් තාත්තලා සමග විරසක වෙති. තාත්තලා දන්න බම්බුවක් නෑ යැයි සිතති. තාත්තලාගේ තාත්තලා වෙන්නට සිතති. පොඩි පොඩි දේවල් නිසා ආරවුල් පවා ඇතිකර ගනිති. තාත්තලාගෙ දරු සෙනෙහස ලෙහෙසියෙන් දරුවෙකුට දැක බලා ගැනීමට නොහැකි වන්නේ තාත්තලා දරුවන්ට පෙන්වන්නේ තම අසීමිත සෙනෙහසින් සීමිත කොටසක් පමණි. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මා මෙය තාත්තාට පෙන්නුවෙමි. පුරුදු පරිදි මා හිස අතගා සිබ පැවසූයේ “පුතා මාත් එක්ක යන්තමටවත් තරහක් නැත්නම් මට ඒ ඇති” යනුවෙනි. “නෑ තාත්තේ නෑ. කවදාවත් නෑ.!!” මම මගේ තාත්තාව බදා ගත්තෙමි.[/FONT]
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17879497 said:
    23ත් වයසක්ද යකෝව්??:angry::angry: තාම ඉස්තාලේ වහන්න අස්සයා ගිහින් තියා තාම අස්සයා ඉපදිලත් නෑ... පටන් ගනින් ගේම. උබ පරක්කු නෑ. මම දන්නේ නෑ මොකා උබේ ඔලුව නෙගටිව් අදහස් වලින් පිරෙව්වද කියල? උබ ආස්සරේ කරන සෙට් එක අවුල් කියලත් හිතෙනවා

    "උබ ආස්සරේ කරන සෙට් එක අවුල් කියලත් හිතෙනවා" :P
    මම ආස්සරේ කරන සෙට් එකක් නෑ.යාලුවෝ අයින් කරල ඉන්නේ.උන් ඉන්නවට වැඩිය තනියම ඉන්න එක හොදයි.අපෙන් උදවු ඇරන් අපේ ඔලුවටම අත හෝදන උන් ඉන්නේ.:angry::angry::angry:

    :oo:
    මොනව පටන් ගන්නද ආයේ. ටාගට් එකක්වත් නැතුව :3 කියන්න තේරෙන්නේ නෑ.බලමු ඔයෙ වෙන දෙයක් වෙලා ගියදෙන්:dull::dull::dull:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;16545998 said:

    වාහන බයික් ගැන ඉගෙනගත්ත හැටි වාහන බිස්නස් කරපු හැටි මම ආයේ දවසක කියන්නම් (උබලට ඕනෙයි කියල හිතෙනවනම්)

    ඕන ඕන... :yes:
     
    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    රත්තරං;16545998 said:
    ​හුගාක් කාර්යභහුල උනත් තනියම ඉන්නකොට මතක් වෙච්ච අතීතයත් එක්ක ලියන්න හිතුනා, මට ආදරය කරන එලකිරියේ කොල්ලෝ වෙනුවෙනුයි දැම්මේ. ලක්ශ ගනන් වල ලක්සරි ටෝක් දීලා අපරාදේ මගේ මෙගාබයිට් 15 කියන උන් නොබැලුවට කමක් නෑ

    father-son-460_1238439c.jpg

    තාත්තා...

    මම ආච්චි අම්මා කියනවා අහල තියෙනවා තාත්තා පොඩි ගෑනු ලමයිට ආස නෑ කියල. තාත්තා ලොකු බලාපොරොතුවක් තියාන හිටියලු මම ඉපදෙන්න ඉන්නකොට කොල්ලෙක්ම ඉපදෙයි කියලා. කොහොම හරි එක්දාස් නමසිය අසූ ගනන් වල ඒ හීනේ එයාගේ සැබැවුනා. පෙර පාසැල් කාලය දක්වා නම් ලොකූ මතකයන් නෑ. එක මතකයක් විතරයි තියෙන්නේ පොඩි කාලේ මාව බලා ගන්න ගෑනු කෙනෙක් එක්කන් ආවා. මම වැලි සෙල්ලම් කරනකොට ඒ ගෑනු කෙනා මට සැර කලා, එදා ගෙදර ලොකු ස්ට්‍රයික් එකක්. කොහොම හරි අඩලා අඩලා ඒ ගෑනු කෙනාව ගෙදරින් යවාගත්තා.මම ඉස්කෝලේ ගියේ ගමේ ඉස්කෝලෙට, තාත්තත් ප්‍රාතමික අංශයට ගියේ ඒකට, ආතා ගියෙත් ඒකට මම අද මොන මට්ටමක උන්නත් කවද හරි මගේ දරුවෝ යන්නෙත් ඒකට. මට මතකයි තාත්තා මාව අතින් අල්ලන් පන්තිය ගාවට එක්කන් ගිහින් තාත්තගේ සාක්කුවෙන් පොඩි පනාවක් අරන් හැමදාම මගේ අවුල් වෙලා තියෙන කොන්ඩේ පීරනවා. අද වගේම ඒ මතකය මට පැහැදිලියි.ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගිය කාලේ හොදට මතක එක සිද්දියක් තියෙනවා, ඔය පන්තියේම හිටියා ලමයෙක්, නම සමන් කියමුකෝ. සමන්ගේ තාත්තත් අපේ තාත්තත් එක්ක එක පන්තියේමයි ඉදලා තියෙන්නේ, සමන්ගේ තාත්තා ප්‍රාදේශිය සභා සේවකයෙක්. තාත්තත් එක්ක හොද හිතෙන් උන්න මනුස්සයෙක්. හැබැයි පොඩි කාලේ නම් තාත්තා එක්ක හරිම තරහයිලු. හරියට හිරිහැර කරනවලු. සමනුත් ඒ ජාතියෙම තමා, දැන්නම් මගේ හොද හිතවතෙක් දැක්ක තැන කතා කරනවා. ලී මෝලක ට්‍රැක්ටරේ එලවනවා. ඉතින් මේ සමන් මට හරියට ගහනවා. ඒ දවස්වල මම පට්ටම අහින්සකය. මම ඉතින් ගෙදර ඇවිත් අඩනවා. තාත්තා පලවෙනි දවසේ කිව්වා ටිකක් ඈත් වෙලා ඉන්න කියලා, එහෙම කලා හරිගියේ නෑ. දෙවෙනි දවසේ තාත්තා කිව්වා ටීචට කියන්න කියලා ටීචට කිව්වා. ඒත් මූ ටීචට හාවගෙයි හාවිගෙයි කතාව කියන ජාතියේ එකෙක්, ඒත් හරිගියේ නෑ. ඊලගට තාත්තා කිව්වේ ගැහුවොත් බය නැතුව අහුවෙන එකකින් ගහන්න කියලා. ඒ තරමට මම ඉස්කෝලේ යන්න බෑ කියලා අඩන එක එපා වෙලා තිබ්බේ, මගේ ලෝකේ තාත්තට එහායින් අල්ලා කියලා බුවෙක් වත් උන්නේ නෑ, තාත්තා කිව්වනම් එච්චරයි. ගියා ඉස්කෝලේ. මම ගාව ඒ දවස්වල අර කොටස් දෙකේ බෝතලයක් තිබ්බා. එකක වතුර අනිකේ බීම ජාති දාන් යන්නේ, ඒකාලේ ආතල් එක ඉතින් ඕවනේ. මෙන්න සමන් ආවා. දැන් මම බලන් ඉන්නේ දෙන්නම් දෙන්නම් කියලා. සමන් මොකක් හරි කලා. මට මතක නෑ. ගත්තා වතුර බෝතලේ එක පාරයි ගැහුවේ බෝතලේ සුන්. සමන්ගේ මූන හොදටම හීරුනා ඒක වැදිලා ටීච මට හොදටම ගැහුවා. එදායින් පස්සේ සමන්ගෙන් ප්‍රශ්නයක් උනේ නෑ. එදා ඉදන් අද දක්වාම එකෙක්ටවත් ඔලුව නමන්නේ නෑ. ඒක තමයි මට මතක තාත්තා කියල දුන්න පලවෙනි පාඩම.
    තාත්තා ලොකු සල්ලි කාරයෙක් නෙමේ. හැබැයි හම්බ වෙන පඩියෙන් හැමදේම හොදින් බැලන්ස් කරන් ජීවිතේ ඉස්සරහට ගෙනිච්චා. මම ශිශ්‍යත්ව විභාගේ හොදට පාස් වෙලා ඔන්න ජනප්‍රිය පාසැල් කියන ජාතියේ එකකට ගියා. මට මතකයි හය වසරේ ඉදන් හුගාක් කල් යනකන් තාත්තා මාව ඉස්කෝලේ එක්කන් ගිහින් දාලයි වැඩට ගියේ. තාත්තා මට එක ගෝල් එකක් දුන්නා. උබ කවදා හරි මේ තැනට එන්න ඕනෙයි කියන එක. ඒ ගෝල් එකට මම යන බව පේන තාක් කල් තාත්තා මට මම කරන අනෙක් ජඩ වැඩ වලට බාල්දි දැම්මේ නෑ. ඒවා හොයලා බැලුවේ අම්මා. ඔහොම යද්දි තාත්තට සුවකරන්න බැරි ලෙඩක් හැදුනා, මම සාමාන්‍ය පෙල කරද්දි තාත්තා කීප වතාවක්ම ඔපරේශන් කරලා හිටියේ. මට ජිවීතේ තාත්තා කියල දුන්න පාඩම් මම විශ්වවිද්‍යාලෙන් වත් ඉගෙනගෙන නෑ. තාත්තා හරිම දක්ශයි චිත්‍ර අදින්න ඒ වගේම මැකෑනිකල් වැඩ වලට. තාත්තා ගාව එක ආයුද ගොඩාක් තිබුනා. නියන් යතුරු ඉදන් හැමදේම. මම තමයි පොඩි කාලේ ඉදන් ඒ සේරම කැඩුවේ නැතිකලේ. තාත්තා වචනයක් වත් කිව්වේ නෑ. තාත්තා හුගාක් සතුටු උනා මම සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරනවට වඩා අඩුවක් මිටියක් කියතක් අරන් පොඩි කරත්තයක් හදනවට, අන්න එතනින් තමා මගේ ජීවිතේ ඉංජිනේරුවෙක් වෙන හීනය හැදෙන්නේ. තාත්තට අපොස උසස් පෙලින් එහාට ඉගෙනගන්න ලැබිලා නෑ. ඒත් උසස් පෙල සාමාන්‍ය විදිහට ඒකාලේ පාස් වෙලා තියෙනවා ගනිත අංශයෙන්ම. විශ්ව විද්‍යාලයකට ගිය මනුස්සයෙක් නෙමේ මගේ තාත්තා. තාත්තට ඕනේ උනේ මාව ඉංජිනේරුවෙක් කරන්න. ඊටත් වඩා තාත්තට ඕනේ උනේ මාව සිංහලයෙක් කරන්න, තාත්තා මගේ ජාතිය ගැන මගේ රට ගැන පාඩම් ගොඩාක් කියල දුන්නා. අපි කව්ද, මේ පොලවේ වැවෙන වී වල සාරය එන්නේ කොහෙන්ද මේ හැමදේම කියල දුන්නේ තාත්තා. තාත්තා හරිම ආසාවෙන් උන්නේ මම ඕලෙවල් වලට ඒ දහයක් ගනී කියලා. තාත්තා ඒ දවස්වල ලෙඩ ගානේ ඉදන් ඒක මට කිව්වා. හැබැයි ඒක කරන්න මට බැරි උනා. හැබැයි ඒ ආසන්න හොද රිසාල්ට් එකක් අරන් මම ඕලෙවල් පාස් උනා. තාත්තගේ අල්ටිමේට් ගෝල් එකට යන්න ඕනේ නිසාත් ගනිත විශයට තිබ්බ අසීමිත ආසාවත් නිසාත් අපොස උසස්පෙලට ගනිතය තෝරගත්තා. මම පලවෙනියටම ඒ ලෙවල් වලට ක්ලාස් යන දවසේ ඇදන් යන්න අලුත් ඇදුමක් තිබ්බේ නෑ, අච්චර අසනීප ගානේ උන්න තාත්තා තාත්තගේ පර්ස් එක ඇදලා ඒකේ අස්සක දෙකට තුනට නමලා හංගලා තිබ්බ රුපියල් 1500කුත් අරන් කලින් දවසේ රෑම ටවුන් එකට ගිහින් මට කලිසමකුයි කමිසෙකුයි අරන් දුන්නා. එදා මම එන ගමන් හිතුවා මේ මනුස්සයාගේ ජීවිතේ කවදා හරි සතුටින් පුරවනවා කියලා.එතනින් එහාට ආවේ ජීවිතේ කටුකම කාලය. තාත්තව පස් පාරකට වඩා ඔපරේශන් කලා. සල්ලි කියන දේ ඉතාම වැදගත් සාදකයක් වෙලා ජීවිතේ හිර උනා. මරනය ඉස්සරහා උනත් තාත්තගේ එකම බලාපොරොත්තුව උනේ මම ඒලෙවල් පාස් වෙන එක. ඉංජිනේරු පීටයට යන එක . තාත්තට හොදටම අමාරු උනා. ගෙදර හුගාක් ප්‍රශ්න ආවා ඔය ප්‍රශ්න අතරේ මම ඒලෙවල් ලිව්වා. එක විශයක් ෆේල්.අනික් දෙක පාස්. මට තාත්තගේ බලාපොරොත්තුව දෙවන වතාවටත් ඉටුකරන්න්න බැරි උනා. මම දෙවෙනි පාර කරන්න පටන් ගත්තා, මම ඒලෙවල් ෆේල් උනාම නෑදෑයෝ හිනා උනා මැත්ස් කරන්න ගිහින් ඇනගත්තා කියලා.පොඩි කාලේ ඉදන්ම නෑදෑයෝ හැමෝම වගේ මට ඊරිසියා කලා මගේ අත්තම්මා ආතා පුංචි අම්මා ඇරෙන්න ඔය අතර අපේ ලොකු අම්මෙක් කියලා එකියක් උන්නා. ඒකිගේ ලමයා කොමර්ස් කලේ. මම පොඩි කාලේ ඉදන් මගේම වයසේ උන්න ඒ ලමයව මාකට් කිරිල්ලක් තමා ලොකු අම්මා කලේ. අන්තිමේ ඒ ලමයා කොමර්ස් වලින් ඒලෙවල් පාස් වෙද්දි මම ෆේල් උනා. දවසක් උදේ මම කඩේ යද්දි කඩේ ගාවදි ලොකු අම්මා හම්බ වෙලා රිසාල්ට් අහලා කින්ඩියක් දැම්මා. රිදුනා කියන්නේ මචන් රිදෙන එක උපරිමේට රිදුනා.මම මොන වගේ වටපිටාවකද ඒ ලෙවල් කලේ කියලා මම විතරයි දන්නේ මම ගෙදර ඇවිත් කුස්සියේ බංකුව උඩට වෙලා ඉදගෙන ඇඩුවා. එදා තාත්තා කෘශ වෙච්ච ඇගත් එක්ක බොහොම අමාරුවෙන් මම ලගට ඇවිත් මාව බදාගෙන ඇඩුවා. තාත්තා අඩපු පලවෙනි දවස. තාත්තා කිව්ව උබ බයවෙන්න එපා උබට මම ඉන්නවා කියලා. ඒත් රෙජිස්ටාර්ට කලින් දොස්තරලා මරන සහතිකේ ලියපු තාත්තටත් මටත් ඒ කතාව හුදෙක් කතාවක් බව නොතේරුනා නෙමේ. එදා බංකුවට වෙලා ඇඩුවා ඇඩුවා අන්තිමට එදා හවස මම බංකුවෙන් නැගිට්ටේ ආයේ ජිවිතේ අඩන්න නෙමේ, තාත්තා ජීවිත කාලේ දුන්න සම්පූරන පන්නරය අරගෙන නැගිට්ටේ, මේ ඉර හද යට මම මිනිහෙක් වෙනවා කියන අරමුනෙන් නැගිට්ටේ. ගත්තා පොත් ටික, බැස්සා ගේමට, දැන් ගේම යනවා හෝ ගාලා. මොකටද? තාත්තා දුන්න ගෝල් එකට යන්න, මම පලවෙනි පාර පිසික්ස් ඉතාම හොදට පාස් මට බොහොම හොද පිසික්ස් දැනුමක් තිබුනා. ඉතින් මම කම්බයින්ඩ් මැත්ස් ක්ලාස් එක ඉවර වෙලා ඔය පන්තියේම ඉදන් වැඩ කර කරා ඉන්නවා දෙවෙනි පන්තිය පටන් ගන්නකන්, ඒ හෝල් එකේ එහෙම ලමයි හුගාක් උන්නා. ඒ අතර හැමදාම මගේ ඉස්සරහම ඉදගන්න ගෑනු ලමයෙක් උන්නා, නම සදලි කියමුකෝ. එච්චර ලස්සනක් නම් නෑ. හැබැයි හොද මීටරයක්,. මම වගේම පලවෙනි පාර අනාත වෙච්ච කුකුලෙක්. කොහොමින් කොහොම හරි මේ ලමයට මම පිසික්ස් උගන්නනයි ඒ ලමයා මට කෙම උගන්නනයි සෙට් උනා. අන්තිමට ඒක ආදරයක් බවට හැර උනා. එක එක ක්‍රශ් තිබ්බට පලවෙනියටම කෙල්ලෙක්ට මූනටම ආදරෙයි කියලා ලව් කලේ එයාට. හැබැයි මගේත් එයාගෙත් අන්තිම ගෝල් එක උනේ ඉන්ජිනේරු පීටය. ඒ වෙනුවෙන් වැඩකලා. කලාස් කට් කරලා අනිත් උන් ෆිල්ම් බලන්න යනකොට අපි ෆිල්මුත් බලලා ක්ලාසුත් ගිහින් පාඩමුත් කලා. හුගාක් ආර්තික වගේම මානසික පීඩන තාඩන මැද ගෙවුනු මගේ උසස්පෙල කාලේ විභාගෙට හුගාක් ලන් වෙලා තාත්තා අවසන් ගමන් ගියා. මට ඒලෙවල් වලට පාඩම් කරන්න ලැබුනේ සති තුනයි. මම දැනන් හිටියා තාත්තා කොහේ හරි ඉදන් මම දිහා බලන් ඉන්නවයි කියලා. ඒ ආත්මෙට වත් සැනසීමක් දෙන්න තාත්තගේ පුතා ලෝකේ දිනනවා බලන්න පුලුවන් වෙන්න කියන එක තමයි මගේ අරමුන උනේ.කොහොම හරි සති තුනෙන් පාඩම් කරලා ඒ ලෙවෙල් ලිව්වා. සදලි බොහොම හොදින් පාස් වෙලා ඉන්ංජිනේරු පීටයට ගියා. මම සාමාන්ය මට්ටමින් පාස් වෙලා පිසිකල් ගියා. හරිම ආසාවක් තිබ්බා ටෙලිකමියුනිකේශන් වලට ඒ නිසා ඉලෙක්ට් තෝර ගත්තා. මේ අතර නොසිතපු දෙයක් උනා. සදලිට මේක නවත්තන්න ඕනේ උනා. එයාට හේතුවක් තිබ්බේ නෑ. ඒත් මම හොදාකාරවම දන්නවා එයාට ඕනේ උනේ මමත් ඉංජිනේරුවෙක් වෙනවා දකින්න. ඒ බලාපොරොත්තුව මගෙන් ගියාම එයාට මාව එපා වෙන්න ඇති. එයා මගෙන් වෙන් වෙලා ගියා. යන දවසේ මම ඇඩුවා. මම එයාට දෙයක් කිව්වා, මම කවදා හරි ඔයාට වඩා අගලක් හරි ඉස්සරහින් ඉදලා පෙන්නනවා කියලා. මම එයාට වැරැද්දක් කියන්නේ නෑ. එයාට ලැබුනු මනුස්ස ජීවිතේ වගකීම එයාට, ඒක කැපකරනවද නැද්ද යන්න එයාගේ තීරනේ. මට තේරුනා පිසිකල් කරලා ආත්මයක් නැති බව. ඒ අතර හැමෝම දන්නවා වගේ පිසිකල් කරන ලමයි තව දෙයක් කරනවා ඒ එක්කම, මම ඒ එක්කම වරලත් ඉංජිනේරුවෙක් වෙන්න පුලුවන් අමතර කෝස් එකක් තෝරගත්තා.කිත්සිරි සමරසිංහ සර් මට ජීවිතේ ගැන හුගාක් දේවල් කියලා දුන්නා.කිත්සිරි සර්ගේ නම කිව්ව ගමන් හැමෝම දන්නවනේ මොකක්ද කියලා.අර දවසක් මේකේ ඉන්න කල දුටුකල වල ඉහින මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක් කරන්න ගිහින් ඒකත් කෙලෝ ගත්ත මල්ලි කෙනෙක් අහනවා මම පිසිකල් ගිහින් ඉන්ංජිනේරුවෙක් කියලා පොර මාන්දමින් කියවනව කියල. ඔන්න ඕකට මෙන්න උත්තරත් දුන්නා. ඒකට සල්ලි හොයන්න ටීගෝ එකේ ටවර් වල වැඩකලා,ඒකාලේ එටිසලාත් එක ට ටීගෝ එක විකුනලා තිබ්බේ නෑ. BTS ඉන්ස්ටලේශන් කලා.අර්ත් ගැහුවා. රැයක් දවාලක් නැතුව පිස්සෙක් වගේ රුපියල් පස්සේ දිව්වා. ඒ සේරම මගේ අල්ටිමේට් ගෝල් එකට ආයෝජනේ කලා. කිත්සිරි සමරසිංහ සර් මට ජීවිතේ ගැන හුගාක් දේවල් කියලා දුන්නා. අන්තිමට මම තාත්තගේ හීනය සැබෑකලා. හැබැයි මම ජීවිතේ දිනපු දවසේ තාත්තා ලග උන්නේ නෑ. මාව ඉන්ංජිනේරුවෙක් වෙයි කියලා බලා පොරොත්තු උන සදලි උන්නේත් නෑ. මට ටික කාලෙකින් මිස්ට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ලගෙන් ජොබ් එකක් ආවා. ඒකටත් මට උදව් කරපු කෙනෙක් හිටියා. අද මිට්සුබිශි එකේ ලංකාවේ නම තිබ්බ දෙතුන් දෙනාගෙන් කෙනෙක් මම. අද සදලියි සදලිගේ සැමියයි මාසෙකට හොයන ගාන වගේ දෙතුන් ගුනයක් මම හොයනවා.සදලිට වඩා බලයෙන් උගත්කමෙන් හැකියාවෙන් ආදරෙන් හදවතින් හැමදෙයින්ම උසස් කෙල්ලෙක් මගේ ලග ඉන්නවා. මට ජීවිතේ තියෙන ලොකුම පසුතැවීම තාත්තා ලග නැති එක. තාත්තා ජීවත්ව ඉද්දි තාත්තට හොද ජීවිතයක් දෙන්න බැරි උන එක.ඒ නිසා මම අම්මා වෙනුවෙන් සේරම යුතුකම් අකුරටම කරනවා. මම හිතන විදිහට තාත්තට කරන්න පුලුවන් ලොකුම දේ තාත්තා විශ්වාස කරපු තැනට මම ඇවිත් ජීවත් වෙන එක. තාත්තා සිංහලයෙක් විදිහට ආදරය කරපු මේ මහපොලව රැකගන්න එක. ඒකයි මොකා මොනවා කිව්වත් මොන මරන තර්ජන ආවත් මගේ තාත්තා පස් උන මේ සිංහලයාගේ පොලව මගේ දරුවටත් උරුම කරන්න දතකන්නේ, කොටින්ම තාත්තා ලගින් මටත් කවදා හරි වැලලෙන්න මේ බිමේ උරුමය අපිට තියෙන්න ඕනේ. ඔන්න ඔහොමයි මට තාත්තා ජීවිතේ කියලා දුන්නේ.මගේ තාත්තා මරනය ඉස්සරහවත් සැලුන කෙනෙක් නෙමේ. ජීවිතේ මොන තත්වේ ඉදගෙන හරි ජීවිතේට මූන දෙන හැටි ඉගැන්නුවේ තාත්තා, ප්‍රශ්නයක් දිහා බලන හැටි, ප්‍රශ්නයක් තේරුම් ගන්න හැටි කියල දුන්නේ තාත්තා. ඒ වගෙම මිනිස්සු ඇති වෙන්නේ කොතනින්ද නැති වෙන්නේ කොතනින්ද තාත්තට වැරදුනේ කොතනද ඇයි එහෙම වැරදුනේ කියන හැම දෙයක්ම මට කියල දුන්නා. තාත්තගේ අඩුපාඩු නැතුවා නෙමෙයි. ඒ උනාට තාත්තා කියන්නේ තාත්තාට.උබලට තාත්තා ලගින් ඉන්නකම් කවදාවත් තාත්තගේ වටිනාකම තේරෙන්නේ නෑ. නැතිවෙලාම බලන්න ඕනේ ඒ යොද ශක්තිය නැති උනාම අපිව ගිලගන්න කොච්චර බලවේග එනවද ඒවට තනියම මූන දෙන්න කොච්චර අමාරුයිද කියන එක

    ඔය අතර එකී මෙකී නොකී කතා ගොඩායි. ජීවිතේ ගොඩගත්තේ සෑහෙන අමාරුවෙන්. මගේ ජීවිතේ අන්තිම නිගමනේනම් මේ ලෝකේ ගොඩ එන්න බැරි කොල්ලෙක් ඉන්න විදිහක් නෑ. උපතින් ලැබෙන දේ වල් වලට අමතරව අපි මේ ලෝකෙදී ඇතිකරගන්න කාලකන්නි කම උවමනාවක් නැතිකම සහ කම්මැලි කම කියන දේවල් නිසා තමයි හුගාක් අය විනාස වෙන්නේ

    වාහන බයික් ගැන ඉගෙනගත්ත හැටි වාහන බිස්නස් කරපු හැටි මම ආයේ දවසක කියන්නම් (උබලට ඕනෙයි කියල හිතෙනවනම්)

    තෙරුවන් සරනයි!
    ----උබලගේ ආදරනීය රත්තරං
    ----තාත්තා හා ජීවිතය

    19-04-2014​

    වචන නෑ කියන්න
     
    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    පිස්සු කෙලපුව මතක් වෙනකොට ඉතින් අවුල් යනවනේ...

    නොසෑහෙන්න දේවල් කරලත් ඒ කාලේ පිස්සු කෙලලා කිසිම වැඩක් කරගත්තේ නෑ.තාමත් කොච්චර තේරුනත් මොකුත් කරගන්නවත් හිතක් නෑ.අම්මත් නැතුව දුක් විදල හැදුවට මම නිකමෙක් වුන කියල දැනෙද්දි හිතට එන දුක කියල නිම කරන්න බෑ.කදුලු සට සට ගාල වැටෙන්නේ මේවා කියවද්දි. :(

    මචෝ, උඹ උඹ ගැන අවතක්සේරුවෙන් කතා කරන්න එපා. අපෙන් කෙරෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියපන්. පුළුවන් උදව්වක් කරන්නම්.
    උඹ ජොබ් එකක් කරනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [FONT=&quot]තාත්තාගෙන් උගත් පාඩම්[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තාත්තා හරි අපූරු මනුස්සයෙකි. ඕනෑම ප්‍රබලයෙකු ඉදිරියේදී කොන්ද කෙලින් තබාගෙන නොබියව වැඩ කලයුතු ආකාරය මා උගත්තේ තාත්තාගෙනි. රටෙන් බහුතරයක් දෙනා බොහෝ අප්‍රසන්නව කතා බහ කරන රැකියාවක් වන පොලිස් සේවයේ නියැළි මගේ තාත්තා තනතුරෙන් ස්ථානාධිපති වරයෙකි. අයථා ලෙස නූල් පොටක දෙයක් ඔහු තම රාජකාරි බලයෙන් නොගත් බව මම හොදාකාරවම දනිමි. අවන්කවම සේවයේ නියැලී ඔහු කොතරම් දුක් ගැහැට, ප්‍රශ්න වලට මුහුණ දුන්නේදැයි මා දනිමි. නොසැලෙන පෞරුෂයක් හිමි ඔහු ඕනෑම දෙයකට අදටත් නොබියව මුහුණ දෙන අතර ඒ පෞරුෂය මා හටත් උරුම කිරීමට අසීමිත කැපකිරීම් කරන ලදී. උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන නිවටයන් අතිශය පිළිකුල් කරන ඔහු මා තුල හෝ එවැනි ගති පැවැත්මක් දුටු විගස එය නිවැරදි කිරීමට පසුබට නොවීය. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]3 වසරේදී එක්තරා චන්ඩියෙකුට බිය වී සිටින්නට මා ඇතුලු පන්තියේ සෙසු සිසු සිසුවියන්ට සිදු විය. ඔහුගේ අයියා 5 වසරේ වීම සහ අම්මා මෙම පාසලේම ගුරුවරියක වීම නිසා ඔහු නොබියව අණසක පතුරවාලීය. දිනපතා ඔහුගෙන් ගුටි කන මට පාසල එපා වීය. අයෙත් පාසල් යන්නට බැරි බව පවසමින් අඩමින් සිටි මා ඇකයට ගත් තාත්තා මා සිප සනසමින් මා හට අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ නම් පරම්පරාවෙන් ආ සටන් කලා ශාස්ත්‍රය මෙන්ම ඔහු මනාව ප්‍රගුණ කල අනෙකුත් සටන් කලාවන් මා හට උගන්නන බවයි. අම්මාගෙ වැඩි කැමත්තක් නොතිබුනත් ලොකු අකමැත්තකුත් නොතිබින. සටන් කලාව ඉගැන්වීමට පෙර ඔහු මගෙන් ලබාගත් එකම පොරොන්දුව වූයෙ කිසි කලෙක සටනක ආරම්භක පහර මා විසින් නොදෙන බවටත්, වැටෙන අඩපණ වන්නෙකුට පහර නොදෙනා බවටත්‍ය. මෙම සටන් කලාවන් ආත්මාරක්ෂක සටන් කලාවන් වන්නේ එලෙස බව ඔහු මට එදා පෙන්වාදුනි. ඉනික්බිතිව මාසයක් යන්නට මත්තෙන් චන්ඩියා තොල් පලාගෙන, අඩාගෙන ඔහුගේ මවසොයා දිවයනු දැකගත හැකි වූයේ එතරම් ඉක්මණින් මා සටන් ශාස්ත්‍රය ප්‍රගුණ කල නිසා නොව තාත්තාගෙ ගුරු හරුකම් වලින් මා සිතට ආ ප්‍රාණවත් බව නිසාය. එදින පන්තිභාර ගුරුතුමිය වේවැලක් ගෙන මා බිත්තිය පැත්තට හරවා පස්ස පැත්ත හම යනතුරු තැලුවාය. එනමුදු මාගෙ සිතේ හටගත් ප්‍රාණවත් බව හෝ සතුට බිදකුදු වෙනස් කරවීමට වේවැල් පහරවල් අසමත් වූව මෙන්ම මා කල හපන්කම මා විසින්ම තාත්ත ගෙදර එනතුරු නොඉවසිල්ලෙන් බලා සිට මුල සිට අගටම පැවසීමි. එදිනත් මා ආදරයෙන් සිප ගත් ඔහු මා නින්දට යන විට වේවැල් පාරවල් වලට වූ තුවාළවල බෙහෙත් පවා ගැල්වීය. එදින පටන් කිසිම දිනයක මා කිසිවෙකුටත් බිය වූයේ නැතුවා මෙන්ම නිකරුණේ හෝ කිසිවෙකුට පහර නොදීමට වග බලා ගත්තෙමි. සටන් කලාව ඉතා හොදින් ඉගන ගත්තා මෙන්ම පාසලේ 7, 8 වසර වනවිට ගිනිඅවියක් ක්‍රියා කරන ආකාරය , නීතිය, විදුලි කාර්මික ශිල්පය, යන්ත්‍රෝපකරණ ආදී බොහො දේ තත්තාගෙන් උගත්තෙමි. 5 වසර ශිෂ්‍යත්වය සමත්ව කොළඹ පාසලකට ඇතුලු වීම සිට උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවේ මුල් 10 අතර ස්ථානයක් ලබා ගැනීම දක්වා මා තත්තාගෙන් උගත් දේ බොහෝය. පොලිසිය සතු කිසිම වාහනයක් එකම එක දිනක් හෝ මාව පාසැලට, පන්තියකට ඇරලවීමට තාත්තා යොදා ගත්තේ නැත. පොලිස් මෝටර්සයිකල මා පැද ඇති නමුත් කිසිම දිනක පාරේ යාමට තාත්තා ඉඩ දුන්නේම නැත. මා තුල ඇති අසීමිත ආශාව තේරුම් ගත් තාත්තා එම මෝටර්සයිකලය වට කිහිපයක් ගෙමිදුලේ පැදීමට පමණක් ඉඩ දුනි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මා උසස් පෙළ කරන සමයේ තාත්තා සිටියේ කොළඹ්න් පිටත ප්‍රදේශයකය. උසස් පෙළ අවසන් කර ප්‍රතිපල නිකුත් වනතුරු අම්මාත් මමත් තාත්තා සිටි නිල නිවාසයට ගියෙමු. ඒ අවට අසල්වැසියන් කිහිප දෙනෙකුම ඒ වනවිටත් අප හොදින් දැන අදුරන්නේ අවස්තා කිහිපයකදිම මාත් අම්මාත් මීට පෙර එහි ගොස් තිබූ නිසාවෙනි. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම අසල්වැසි නිවසක වෙසෙන, මට වඩා වසරක් වයසින් බාල සුරේන් නිසා මම ජීවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තෙමි. සුරේන් හා පලමු කතාබහෙන්ම ඔහුගේ දුර්වලකමක් මා හදුනාගත්තෙමි. එනම් ඔහුගෙ කතාබහ විලාශය කාන්තාවට සමාන වීමයි. එම පලාතේ මා හට තවත් යහලුවන් කිහිප දෙනකුම සිටි අතර සුරේන් සැමවිටම මා ඔවුන් හා කතා බහ කිරීමට පවා විරුද්ද විය. එයට හේතුවක් මා නොදන්නා නමුදු මා කිසිදු පැකිලීමකින් තොරව සියලු දෙනාම හොදින් ආශ්‍රය කල අතර අවස්ථා කිහිපයකදීම සුරෙන් විසින් විවිද කේලාම් අම්මාට මෙන්ම තාත්තාටද කියා ඇති නමුත් මා හෝ මාගේ දෙමාපියන් විසින් ඒවා සැලකිල්ලකට ලක් නොවුනි. නමුත් මේ හේතුවෙන් සුරෙන් කෙරෙහි යම් තරහක් මගේ සිතේ පැන නොනැග්ගා නොවේ. එක් දිනයකදී සුරේන්, මම හා අනිත් මිතුරන් කිහිපදෙනෙක් අතර කතාබහක් දුර දිග යාමෙන් මම සුරේන්ට පහර දුනිමි . පොඩි එකෙකු මෙන් අඩාගෙන දිවගිය සුරෙන්ව දකින ඕනෑම කෙනෙක්ට සිනහ එනු නොඅනුමානය. එය එතරම් ලොකු සිද්ධියක් නොවුන නිසා අපි ඒ පිළිබඳව තැකීමක් කලේ නැති අතර පැය කිහිපයකට පසු තාත්තාගෙන් ලැබුනු ඇමතුමක් නිසා මම යහලුවන්ගෙන් වෙන්වී ගෙදර පැමිනියෙමි. කිසිම දිනයකදී කොට කලිසමක්, යාන්තමට හෝ නොගැලපෙන ඇදුමක් ඇදන් පොලිසියට ගියොත් වෙන කාට නැතත් මට තාත්තාගෙන් බැනුම් අහගන්නට වන බව අත්දැකීමෙන් දන්නා මම ඉක්මනට මූනකට හෝදා ඩෙනිමක් හා ටී ශර්ට් එකක් ඇද සපත්තු දෙකකුත් හනිකට දමාගෙන තාත්තා මුන ගැසීමට පොලිසියට ගියෙමි. එහිදී මා දුටු තාත්තා මට කතා කොට පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු සමග යන ලෙස දන්වන ලදී. කිසියම් වැදගත් වැඩකට මාගෙන් උපකාරයක් අවශ්‍ය වී ඇතැයි සිතූ මා ඔවුන් සමග තාත්තාගේ කාමරයෙන් පිටතට පැමිනියෙමි. ඉන් පසුව ඔවුන් මා කැටුව ගබඩා කාමර දෙසට යන ලදී. එහිදී පාද 3ක් සහිත රවුම් කුඩා ආසනයක් මට වාඩිවීමට ලබා දුන් අතර අප විසින් කල යුත්තේ කුමක්ද යන්න මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ඊට නිසි පිලිතුරක් නොලැබුනු අතර එක් අයෙක් ලණු පොටකින් මාගේ පාදයක් මා වාවිවී සිටින ස්ටූලයෙ ගැටගසන්නට සැරසුනි. මම වහාම එතනින් යෑමට සැරසුනෙමි. ඉනික්බිතිව අනිත් නිළධාරීන් වහාම පැන මා බදා ගන්නා ලදී. මම ඔවුන් හා හැකි උපරිමයෙන් පොර බැදූ නමුදු අවසාන ප්‍රතිපලය වූයෙ විනාඩි පහලොවකින් පමණ මා සෙලවීමටවත් නොහැකි වන සේ පෙර කී කුඩා ආසනයේ ගැට ගැසීමයි. දෑත් පිටුපසට කොට තදින් ගැට ගැසූ ඔවුන් මාගේ පාද සපත්තුව ලගින්, දණහිස් ලගින් ස්ටූලයේ පාද වලටද කලවා ලගින් ඉතා තදට මාව කුඩා ස්ටූලය මත තබා ගැට ගසන ලදී. ඉන්පසු රෙදි කඩකින් දෑස ගැටගැසූ ඔවුන් මාගේ කෑගැසීම නවතිනුවස් කටට රෙදි ඔබා ගැටගසන ලදී. ඉන්පසුව ස්ටූලය පිටින් මාව ඔසවාගත් ඔවුන් යම් ස්ථානයකට ගොස් බිම තබා ස්ටූලය පෙරලෙනු වලක්වනු වස් එය බිම තිබූ යමකට තබා ගැටගසන බව ඔවුන්ගේ කතාබස් වලින් මට වැටහුණි. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සිදුවූයෙ කුමක්ද යන්න මට සිතාගන්නටවත් නොහැකි විය. දැඩි ආයාසයක් ගෙන දෑත, දෙපා මුදවා ගන්නට උත්සාහ කලෙමි. ලණු පොටක් හෝ එහා මෙහා කර ගැනීමට මට නොහැකි වූවා මෙන්ම කෙටි වෙලාවකින්ම ඉතා දරුණු වේදනාවෙන් දැනෙන්නට විය. ලණුපොටවලට හිරවුනු දෑත්, දෙපා මෙන්ම ඉතා දැඩිව ස්ටූලයට ගැට ගසා ඇති නිසාවෙන් ඒකාකාරී ඉරියව්වෙන් වාඩිවී සිටින පස්සා පැත්තෙන්ද අසීමිත වේදනාවක් දැනෙන්නට විය. නොදැනුවත්ව දෑසට කඳුළු පැමිණි අතර ටික වේලාවකින් කරකියාගත දෙයක් නොමැතිව මට ඇඬුණි. කිහිපදෙනෙකුගෙ පා ගැටෙන හඩක් ඇසුනු නිසා ඇඬුම නවත්වා, කට ගැටගසා තිබුනද යම් ශබ්දයකින් හඩක් නගා උදව්වක් ගැනීමට වෙර දැරුවෙමි. මම සාර්ථක බව හගවමින් ඔවුන් මා වෙතට පැමිණියෝය. දෑස් බැදි රෙදිකඩ හා කටට ඔබනු ලැබූ රෙදි පාන්කඩ ඉවත්වූ අතර මා ඉදිරිපිට සිටියේ මාගේ තාත්තාය. තවත් අමුත්තෙකු පසෙකින් සිටි අතර මට එකිනෙහිම දවාලේ වූ සිද්ධිය මතක් විය. කට කොනකින් සිනාවෙමින් සිටි අමුත්තා කවුරුවත් නොව සුරේන්‍ය. මට එකිනෙහිම ඌ මරා දැමීමට සිත් විය. දැන් සියල්ල පැහැදිලි අතර මා මේ දඬුවමට පත්ව සිටින්නේ අර අපතයා දවාලේ වූ සිදුවීම එක දෙක කර තාත්තාට පැවසීම නිසාය. සුරේන්ව එතනින් ඉවතට යැවූ තාත්තා මා හා කතා කරන්නට පටන් ගත්තේය. මාව ලිහන ලෙස කෙඳිරිගෑවත් තාත්තා එය ගනන් ගත්තේවත් නැත. හැමදාම වැදගත් දෙයක් මා හා කතාකරන තාත්තා පුරුද්දක් වශගෙන් මා හිස අතගා සිබිනු ලබයි. එදිනත් පුරුදු පරිදිම තාත්තා මුලින්ම කලේ ගැට ගැසා සිටින මා හිස අතගා ඉබීමයි. ඉන්පසු සාක්කුවට අතා දා ඉතා පරණ කුඩා දිනපොතක් එළියට ගන්නා ලදුව එය පෙරලා පරණ සටහනක් පෙන්වන ලදී. එහි වූයෙ “මගෙ පුංචි කුමාරයා මට ලොකු පොරොන්දුවක් දුන්නා, මම මගෙ ජීවිතේටත් වඩා ඒක විස්වාස කරනවා” යන්නයි. මගෙන් එය විමසූ විට මතකයට නොආ නිසා ඔහු එය මතක් කරන ලදී. එනම් 3 වසරෙදි මට සටන් කලාව ඉගැන්වීමට පෙර මාගෙන් ගත් පොරොන්දුවයි. මට එවෙලේම මැරෙන්නට සිත් විය. පපුව පැලී යනනාක් මෙන් විය. පොඩි එකෙකු මෙන් මම ඉකි ගසා අඩන්නට වීමි. තාත්තා මා තුරුල් කරන් කීවේ “කමක් නෑ පුතේ, මම තරහ නෑ. ඔයා අද වෙනකන් පොරොන්දුව කැඩුවෙ නෑ. ඒකත් කොච්චර ලොකු දෙයක්ද? අද මට ආයේ පොරොන්දු වෙලා කවදාවත් එක කඩන්නෙ නැතුව ඉන්න. කරපු වරදට අපූරු දඩුවමක් මම දීල තියෙනවනෙ” යනුවෙනි. මම අඩමින්ම නැවත තාත්තාට පොරොන්දූ වීමි. මට තාත්තා කෙරෙහි මෙන්ම සුරේන් කෙරෙහි පැමිණ තරහා සම්පූර්නයෙන්ම අමතක වූවා මෙන්ම මානය පසෙකලා සුරේන්ගෙන් සමාව ගැනීමටද එකග වීමි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඉන්පසුව තාත්තා එතනිනි ඉවත්ව ගිය අතර සුරේන් පැමිණියේය. ලණු වලට තෙරපුණු අත් පා වලින් මෙන්ම හෙලවීමටවත් නොහැකිව එකම ඉරියව්වෙන් වාඩි වී සිටීම නිස පිටුපස්සෙන් නැගෙන වේදනාවන් තවත් ඉවසිය නොහැකි තැන මම සුරේන්ගෙන් සමාව ගත්තෙමි. මා බැමි වලින් නිදහස් කරන මෙන් ඉල්ලුවෙමි. දුබලයෙකුට පහර දුන් වරදට අන්තිමට මට සිදුවූයේ ඒ දුබලයාටම පින්සෙන්ඩු වී අත් පා ලෙහා ගැනීමටය. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සුරේන් මා ලිහා නිදහස් කරන ලදී. තාත්තාගේ කාමරයට ගොස් තාත්තාට වැද සමාව ගත් මම සුරේන් සමගම ගෙදර ගියේ කිසි කලෙක ඒ වරද නොකරන බව සිතට ගනිමිනි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තාත්තලා කවුරුත් දරුවන්ට අසීමිතව ආදරය කරයි. මෙය යම් අයෙකු කියවනු ලැබූ විට මාගේ තාත්තාට චරිත සහතික දෙනූයේ මහ නපුරු තාත්තා කෙනෙකු ලෙසයි. සැබවින්ම තාත්තලා නපුරු නැත. ඔවුන් අසීමිත දරු සෙනෙහස නිසා නොකරන දෙයක් නැත. එදින රාත්‍රියේ තාත්තා අම්මා සමග මෙ ගැන කතා කරනු මට ඇසුණි. “පුතාට ගොඩක් රිදුනද දන්නෙ නෑ, මම පුතාට සැර උනා වැඩිද මන්දා” ආදී වශයෙන් පසුතැවිලි වනු මට ඇසුනු අතර කිහිප සැරයක් කඳුළු පිසදමනු හොරෙන් දුටිමි. වයස අවුරුදු 8 දී මම දුන් වචනය තාත්තා කොච්චර විස්වාස කර තිබේද? එය ලියූ සටහන සැමවිටම ලග තබා ගන්නට තරම් ඔහුට එය කොතරම් වටින්නේද? පොලිස් ස්ථානාධිපති කෙනෙක්ට සාක්කුවේ නිතර ලග තබා ගැනීමට කොතරම් දේ ඇත්ද? [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තරුණ වියට පැමිණීමත් සමගම විශේෂයෙන්ම පිරිමි දරුවන් තාත්තලා සමග විරසක වෙති. තාත්තලා දන්න බම්බුවක් නෑ යැයි සිතති. තාත්තලාගේ තාත්තලා වෙන්නට සිතති. පොඩි පොඩි දේවල් නිසා ආරවුල් පවා ඇතිකර ගනිති. තාත්තලාගෙ දරු සෙනෙහස ලෙහෙසියෙන් දරුවෙකුට දැක බලා ගැනීමට නොහැකි වන්නේ තාත්තලා දරුවන්ට පෙන්වන්නේ තම අසීමිත සෙනෙහසින් සීමිත කොටසක් පමණි. [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මා මෙය තාත්තාට පෙන්නුවෙමි. පුරුදු පරිදි මා හිස අතගා සිබ පැවසූයේ “පුතා මාත් එක්ක යන්තමටවත් තරහක් නැත්නම් මට ඒ ඇති” යනුවෙනි. “නෑ තාත්තේ නෑ. කවදාවත් නෑ.!!” මම මගේ තාත්තාව බදා ගත්තෙමි.[/FONT]

    palaweni post eka neda? digatama liyapan machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "උබ ආස්සරේ කරන සෙට් එක අවුල් කියලත් හිතෙනවා" :P
    මම ආස්සරේ කරන සෙට් එකක් නෑ.යාලුවෝ අයින් කරල ඉන්නේ.උන් ඉන්නවට වැඩිය තනියම ඉන්න එක හොදයි.අපෙන් උදවු ඇරන් අපේ ඔලුවටම අත හෝදන උන් ඉන්නේ.:angry::angry::angry:

    :oo:
    මොනව පටන් ගන්නද ආයේ. ටාගට් එකක්වත් නැතුව :3 කියන්න තේරෙන්නේ නෑ.බලමු ඔයෙ වෙන දෙයක් වෙලා ගියදෙන්:dull::dull::dull:

    ithin target ekak hadaganinko:yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කියන්න වචන නැහැ බං.. අපේ තාත්තට මගේ හිතේ තියෙන ගෞරවය කියන්න වචන නැහැ, අපේ තාත්ත නම් මට සහ අපේ පවුලේ අයට දෙන්න පුළුවන් හැම සැපක්ම දුන්නා.. තාත්තා නැති උන දවසේ මට දැනුන දුක කියන්න වචන නැහැ..
    මම මගේ පලවෙනි පඩියෙන් අපේ තාත්තට තුවායක් අරන් දුන්නා.. ඒක ගොඩක් සාමාන්‍ය තුවායක්, අපේ තාත්තට ඊට වඩා සිය ගුනයක් හොඳ තුවායවල් තියෙනවා.. කිව්වට විශ්වාස කරපන් ඒක දැලක් වෙලා නූල් යනකම් අපේ තාත්තා ඒක පාවිච්චි කරා, හම්බ වෙන අයට කියනවලු තුවාය කරේ දාගෙන මේක අපේ පුතා පලවෙනි පඩියෙන් අරන් දුන්නේ කියලා.. මට තවත් ලියන්න වචන නැහැ බං..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචෝ, උඹ උඹ ගැන අවතක්සේරුවෙන් කතා කරන්න එපා. අපෙන් කෙරෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියපන්. පුළුවන් උදව්වක් කරන්නම්.
    උඹ ජොබ් එකක් කරනවද?

    mam gana mam danna tharan wena kauda danne bun >.< mattek kiyala therenawane karapu kiyapu wada walin. :rolleyes::rolleyes::rolleyes:

    wadiya hithanneth na bun dan nan.owa hithpuhma oluwa kachal wenwa.eeta wadiya hodai nidimatha wenakan game ekak ghala inna eka.:D

    dan nan karanne na december ayin wuna.apo colomba board wela wada karanwata wadiya inna thana foodcityaka wada karana eka hodai. :oo::oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන්න වචන නැහැ බං.. අපේ තාත්තට මගේ හිතේ තියෙන ගෞරවය කියන්න වචන නැහැ, අපේ තාත්ත නම් මට සහ අපේ පවුලේ අයට දෙන්න පුළුවන් හැම සැපක්ම දුන්නා.. තාත්තා නැති උන දවසේ මට දැනුන දුක කියන්න වචන නැහැ..
    මම මගේ පලවෙනි පඩියෙන් අපේ තාත්තට තුවායක් අරන් දුන්නා.. ඒක ගොඩක් සාමාන්‍ය තුවායක්, අපේ තාත්තට ඊට වඩා සිය ගුනයක් හොඳ තුවායවල් තියෙනවා.. කිව්වට විශ්වාස කරපන් ඒක දැලක් වෙලා නූල් යනකම් අපේ තාත්තා ඒක පාවිච්චි කරා, හම්බ වෙන අයට කියනවලු තුවාය කරේ දාගෙන මේක අපේ පුතා පලවෙනි පඩියෙන් අරන් දුන්නේ කියලා.. මට තවත් ලියන්න වචන නැහැ බං..

    මටනම් කරන්න පුලුවන් ඇති හැකි කාලේ වෙද්දි පැන්ඩෝල් පෙත්තක්වත් දෙන්න තාත්තා උන්නේ නෑ බන්. ඒ අතින් උබලා හුගාක් වාසනාවන්තයි