තාත්තා

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
FL_31.JPG



[FONT=&quot]බුද්ධ චරිතය හරිම පුදුම දෙයක්. හැම ‍කොටසකම තියෙන්නේ අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ. අපේ ජීවිතවලට ඒ තරම්ම සමීපයි. [/FONT]
[FONT=&quot]බුදුහාමුදුරුවො කිඹුල්වත්පුර වැඩි අවස්ථාවේ රාහුල කුමාරයා මහණ කරනවා. රාහුල ඉල්ලන්නේ පියාගේ දායාදය. කිසිම කෙනෙක්ට කිසිම දරුවෙක්ට ලබන්න බැරි දායාදයක් රාහුල තමුන්ගේ පියාගෙන් ලබා ගන්නවා. අද දවසේ තාත්තලා මේ විදියෙ දායාදයක් දෙන්න කවදාවත් හිතන්නේ නෑ. ඉතින් දෙන්නේ කොහොමද ? තමුන්ට නැතිව.. අද අපි දායාද කියන්නේ මිල, මුදල්. තවත් විදියකට කියනවානම් අද දායාදය කියන්නේ ගෑණු ළමයෙක්ගේ ආත්ම ගෞරවය මනින මිම්මක්. කාලයේ වෙනස.. අපි ධර්මය ගැන කථා කරද්දි මේවත් කථා කරන්න ඕනා. බුදුහාමුදුරුවො විරුද්ධ වුනේ මේවාට. උන්වහන්සේ බුදුඋනේ මේ දේවල් නවත්වන්න. නමුත් අද අපි අතරේ එහෙම ධර්මයක් නෑ. ඒ ගැන අපි ලැජ්ජා වෙන්න ඕනා... හරි ආයිත් කථාවට යමු. [/FONT]

[FONT=&quot]ඉතින් රාහුල කුමාරයා මහණ කල විටදී ඒ ගැන රාහුල මාතාවටත් වඩා දුක දැනුනේ එයාගේ සීයාට. ඒ කියන්නේ ශුද්ධෝදන රජතුමා‍ට. මේ වෙද්දි එතුමා සකෘදාගාමී බෞද්ධයෙක් වග අමතක කරන්න හොඳ නෑ. ඒ අයටත් දුක දැනෙනවා. ඒත් අද අපි අතරේ ඉන්න සෝවාන්යැයි නැත්නම් බුදුයැයි කියා ගන්නා අය දේශනා කරන්නේ මේ ධර්මයට පටහැනි දෙයක් බව ටිකක් බැලුවොත් ඔයාලට පෙනෙයි. මොකද ධර්මය කියන්නේ ලෝකයේ පවත්නා ස්වභාවය. [/FONT]

[FONT=&quot]ශුද්ධෝදනා රජතුමා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමිනී, ඔබ වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය මට මහා දුකක් ඇති කලා. නන්දගේ අභිනිෂ්ක්‍රමණයේදීත් එසේමයි. විශේෂයෙන්ම රාහුලගේ අභිනිෂ්ක්‍රමණයේදී දැනුනෙ මහා දුකක්. දරුවෙක්ට පියෙක්ගේ ඇති ආදරය සම්, ලේ, මස්, ඇට, මිදුළු වලට කාවැදිලා තියෙන්නේ. ඒ නිසා දෙමාපියන්ගේ අවසරය නැතිව දරුවන් මහණ කිරීමට අවසර නොදෙන්න කියලා. බුදුහාමුදුරුවො මේක පිලිගත්තා. ඒ ඉල්ලීම ලබා දුන්නා. [/FONT]

[FONT=&quot]හැම තාත්තෙක්ම තමුන්ගේ ළමයාට පුදුම ආදරයක් තියෙන්නේ. ම‍ගේ තාත්තත් ඔයාලගේ තාත්තලාත් ඒ වගේම තමයි. ඒත් ප්‍රවෘත්ති වලදි අපිට අහන්න ලැබෙනවා පියා විසින් පුතාව, පුතා විසින් පියාව ඝාතනය කල අවස්ථා. බුදුහාමුදුරුවන්ටත් දෙව්දත් කියලා වෛර කල කෙනෙක් ඉඳි බව අමතක කරන්න හොඳ නෑ අපි. [/FONT]

[FONT=&quot]කොයින් කොහොම හරි නිවන් දකින්න උත්සහ කරන කෙනෙක් තමුන්ගේ පියාට පුළුවන් උපරිමෙන්ම සලකන්න ඕනා. ඒකයි ආර්ය ගතිය. මව්ටත් එහෙමයි. නමුත් මව් ගැන මෙතනදි කථා කරන්නේ නෑ. [/FONT]
[FONT=&quot]සතිපට්ඨානෙන් විතරක් නිවන් දකින්න පන්ති යන අය ටිකක් හිතන්න.. තමුන්ගේ අතින් තමුන්ගේ තාත්තාට වෙන්න ඕනා යුතුකම් ඉටුවුනාද කියලා.. නැවත වතාවක් තමුන් ආපු ගමන් මාර්ගය දිහා හැරිලා බලන්න.. ඒ මාර්ගයේ තමුන්ගේ තාත්තාට ලබා දුන්න තැන මොකක්ද කියලා බලන්න... [/FONT]
[FONT=&quot]පාරමිතා සම්පූර්ණ වෙන්නනම් තමුන්ගේ තාත්තට යුතුකම් ඉටු කිරීම අනිවාර්යයි. තාත්තාට විතරක් නොවෙයි අම්මටත්. ඉන් තොර නිවනක් නෑ. ධර්මයෙදි මේවා ගැනත් අපි හිතන්න ඕනා. [/FONT]