තාත්තා.......

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අද තරුණ වයසෙ ඉන්න ළමයින්ට වැදගත් වීඩියො එකක් තියෙන්නෙ. ගොඩක් අය කලින් දැකලත් ඇති.
    මම පාර දිහා බලාගෙන ඉන්නකොට දැකපු දෙයක් තමයි තාත්තා එක්ක පාරෙ යනකොට සමහර ළමයි ටිකක් ඉස්සරහින් යන්නෙ. නැත්නම් ටිකක් පස්සෙන්. තාත්ත එක්ක කතා කර කර යනව දකින්නෙ හරි අඩුවෙන්. සමහර විට තාත්තා එක්ක එකට යන එක ලැජ්ජාවක් වගෙද දන්නෙ නැහැ.
    ඇයි එහෙම වෙන්නෙ. හැබැයි කෙල්ල හරි කොල්ල හරි එක්ක යනකොට අත් පටලවගෙන හරි උජාරුවෙන් යනව.
    එහෙම උන් තාත්තට වයසට ගියාම සලකයිද.
    තාත්තා එක්ක එකට යන්න ලැජ්ජ වෙන්න ඕනද?
    අන්න ඒ වගෙ උන්ට තමයි පහළ වීඩියො එක.
    අදහසකුත් කොටාගෙන පලයල්ලා.
    https://youtu.be/kFAqOpDJcNM
     
    Last edited:

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    ඕක ලෝකේ හැටි බං. ගොඩක් වෙලාවට මේ තාත්තාත් ඉස්සර එයාගේ තාත්තා එකක් ගමනක් යද්දී ඔහොම තමයි යන්න ඇත්තේ.

    ඉස්සරහට මේ ඉන්න ළමයා තාත්තෙක් උනාම, මිනිහගේ ළමයිත් එහෙම තමයි හැසිරෙන්නේ. ඔව්ව ගැන ලොකුවට හිතලා වැඩක් නැහැ. ලෝකේ පැවැත්ම ඕක තමයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාත්තා එක්ක ඉතින් අත් අල්ලන් ඇලිලා ගැලිලා යන්න බෑ නෙව පොඩි කාලේ වගේ :baffled: ඔන්න දුවලා නං තාත්තගේ අතේ එල්ලිලා යනව