තාත්තේ මං ආවා!

Oct 13, 2016
2,675
276
0
15253526_915392188593742_3472813684537534358_n.jpg


කොහොම හරි දිග නිවාඩුවකට තාත්තේ මං ඔන්න ආවා
-------------------------------------------------------------------------------------

පුහුනු වැඩමුලු ඔපිසියෙ වැඩ දවස ගානෙම මටත් වැටුණා
පංති පෙරහුරැ විභාගයෙ වැඩ පුංචි උන්ටත් නිතර තිබුණා
පෝය සති අග නිවාඩුවටත් වැඩත් එක්කම ඔහේ උන්නා
උඹිව අමතක වෙලා කියලත් මතක නැතිවම දවස් ගෙවුනා

අලුත් අවුරැදු නිවාඩුවකට නත්තලත් එන දවස් බලලා
අරය කුණු කුණු ගාන හින්දම ගෙවුනෙ එහෙ ගෙදර ඉදලා
උඹට බෙහෙතක් අරන් දෙන්නට එන්න හැදුවත් දමල ගහලා
බොසා බර බර ගෑව නිතරම මගේ පහුවුනු වැඩැක් ඇදලා

ගෙදර රට උලු වහල වැස්සට අඩල අඩලම දිරල තිබුණා
මිදුලෙ අටපෙති ගහේ ඉදහිට මලක් තනියම පිපිල මැරැණා
බලල ඇවිදින් යන්න එනකන් ලියපු ලියුමක හුස්ම වැටුණා
මඩමෙ වෙිවැල් පුටුවෙ ඉදගෙන උඹත් නියපොතු කාලා තිබුණා

පරණ යාලුවො ඔපිසියෙ උන් මටත් කලියෙන් ඇවිත් තිබුණා
බැනර් කටවුටි වලින් මම ගැන උඹට වැඩියෙන් කැපිල පෙණුනා
පැටියො මහ ගේ හදල විකුණමු ගෑණි කිවිවම පපුව පැලුනා
දැනුන හිරිකිත කමට මන් ගැන මටත් නොදැනිම හුගක් ඇඩුනා

කඩපොලේ කුණු පාට කනුවල ඉලවි කොලවල කොටුවෙලා
නුග ගහේ උඩ දාපු කොඩියක් හුළං පාරට සෙලවුනා
පහුවෙලා හරි මං ආපු එක ගැන සතුට වැඩිතැන හිනැහිලා
තාත්තේ උඹ බලන් ඉන්නැති මල් වඩමි මැද තනිවෙලා

---------------------------------------------------------------------
ඡනිත් විතාරණගේ
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:shocked::shocked::shocked::shocked:අම්මට සිරි, අලි කළු ගලක් නේද අරං එන්නේ :shocked::shocked::shocked::shocked:


myOLyL0.jpg



 
Last edited:

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙලෝ දෙයක් තේරුනේ නෑ


    ඔෆිස් එකේ වැඩයි, බිරිඳගේ වැඩයි, අනිත් කරදරයි එක්ක පුතාට තාත්තාව බලන්න එන්න වෙන්නේ නෑ.. මහ ගෙදර අබලන් නිසා තාත්තා මඩමක තනි වෙලා.. පුතා තාත්තව බලන්න එන්න හිත හිත හිටියට එන්න විදිහක් නෑ.. අන්තිමට එන්නේ තාත්තගේ මළ ගෙදරට.. පුතා එනකොට තාත්තා නැති වෙලා...:sorry:
    ඕක සාරාංශය විතරයි..ආයෙ කියවලා බලපං... ගොඩක් දුක හිතෙයි හරියට තේරුණාම..:(