තාත්ත කෙනෙක් උනා..
ගොඩක් කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ මේ...
පහුගිය ටිකේ ගොඩක් දේවල් සිද්ධ උනා...
ප්‍රශ්න, ඒවාට විසදුම්....
කොහොම හරි කතාව කියන්නම්... කියවල බලන්නකෝ...
...............
කට්ටියම දන්නවනේ (අලුත් අය දන්නේ නැතිව ඇති) මගේ කලින් විවාහේ විස්තරේ..
ඉතින් එයාව දික්කසාද කරනන සිද්ද උනා එයාගේ අනියම් සම්බන්ධකම් නිසා...
කොහොම හරි නඩුවෙන් පස්සේ අවුරුදු කිහිපයක් ගිහින් 2017 අවුරුද්දේ අයිත් විවාහ උනා... ගැමි කෙල්ලෙක්... පවුලේ සහෝදර සහෝදරියෝ සේරම ක්... හේන් ගොවිතැන කරන්නේ...
කොහොම හරි 2018 ජනවාරි මාසේ දැනගත්තා මගේ නෝනා ගැබ් අරගෙන කියලා..
කලින් ප්‍රශ්න සේරම අමතක උනා... පවුලට එන්න ඉන්න අලුත් අමුත්තා පිළිගන්න දෙපැත්තේම කට්ටිය සුදානම් උනා... එයාට ආස කෑම ජාති කොහෙන්හරි හොයල ගෙනත් දෙනවා... එයා ආස උනා අඹ කන්න... ඒ අඹ කාලේ නිසා මමත් අඹ ගෙනත් දුන්නා... ඒ වගේම කොස් කෑවා... එයාට වමනේ ගියේ නැහැ... ඔලුව කැරකෙන ගතියක් ආවෙත් නැහැ... ඒ ඉන්න අතරේ එයාගේ සීනි පරික්ෂාව කළා.... 210ට සීනි... අඹ කොස් වලින් සීනි ඇවිත් තියෙන්නේ.... චැනල් කලේ ගාල්ලේ ප්‍රියංකරී අමරදිවාකර මැඩම්.... බය වෙන්න එපා කිව්වා... කොළ ජාති කන්න කිව්වා... බත් පිගාන කොටස් 4කට බෙදලා, 1/4ක් බත් විතරක් කන්න කිව්වා... අනිත් 3/4 කොළ ජාති...
කොච්චර කෑම ජාති කන්න ආසද කියල දන්නවනේ එහෙම තත්වෙක ඉන්න අම්මෙක්... ඉතින් අපිටත් දුකයි... එයාට කන්න හොඳ නැති කිසි කෑමක් අපි ගෙදරට ගෙනාවේ නැහැ.... පවුනේ... එයාගේ තාත්තට සීනි තියෙන නිසා ජාන වලින් ඇවිල්ල කියලත් කිව්වා.... කොහොම හරි එයා කන්න ආස දේවල් සේරම කැප කරලා, කොළ ජාති විතරක් කෑවා දරුවා වෙනුවෙන්....
ඉතින් දින ගණන් ලං වෙන නිසා මම එයාව එයාගේ අම්මලාගේ ගෙදර නතර කළා එක්කන් ගිහින්... සල්ලි කෑම සේරම ගෙනිහින් දුන්නා... සතියකට සැරයක් බලන්නත් ගියා....
ක්ලිනික් වලදී කිව්වේ දරුවා සනීපෙන් ඉන්නේ කියලා... එයාගේ හාට් එක ගොඩක් හොඳින් වැඩ කරනවා කිව්වා... අපි සතුටෙන් හිටියා... ඒ අතරේ දවසක් උදේ පාන්දර එයාලගේ ගෙදරින් කෝල් එකක් ආව....
"සුදුට වතුර වගේ යනවා. අපි ඉක්මනට එයාව හොස්පිටල් ගෙනියන ගමන් ඉන්නේ" කියල එයාල කිව්වා... මම කිව්වා ත්‍රිවිල් එකේ ගෙනියන්න කියලා... ඒත් එයාල 1990 ගහල ඇම්බියුලන්ස් එකකට කතා කරලා... එයා හිටියේ උඩුගම.... ඇම්බියුලන්ස් එකේ එවුන් එයාව උඩුගම ඉස්පිරිතාලෙට ගෙනිහින්... මහමෝදර ගෙනිහින් නැහැ... ඒත් ගෙදරි එද්දී උන් කියල තියෙන්නේ මහමෝදර එක්කන් යන බවත්, ගෙදරින් කාටවත් එන්න ඕන නැති බවත්.... අන්තිමේ බලද්දී මෙයාට ගොඩක් වෙලා ඉන්න වෙලා ඉස්පිරිතාලේ ට්‍රොලියකට වෙලා... අන්තිමේදී එහෙ ඇම්බියුලන්ස් එකකින් මහමෝදර ගෙනිහින්....
එතකොට දරු ගැබට මාස 07... එක්කන් ගියේ ජුනි 26... මම ඉස්පිරිතාලෙට බස් එකේ ගියේ... ලෙඩ්ඩු බලන වෙලාව එනකන් ඉඳල ඇතුලට ගියා... නෝනා ගොඩක් අමාරුවෙන් හිටියේ... මම හේතුව ඇහුවා... එයා කිව්වා ඩොක්ටර්ලා දෙන්නෙක් ඇවිත් පුරුදුවෙන ඩොක්ටර්ලා 6 දෙනෙකුට මෙයාගේ ඇතුලට අත දාල පිහිටීම බලන හැටි පුරුදු කරාලු... මොන ඉස්පිරිතාලෙන්ද එහෙම කලේ කියල මට කිව්වේ නැහැ... ඒ වෙලාවේ බබා හිටපු වෝටර් බෑග් එක කැඩිලා... මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දීලා ලේ වතුර නවතින්න...27 පෝය දවසෙම මම ඉස්පිරිතාලේ... මමත් පාරේ යද්දී ඇක්සිඩන්ට් වෙලා මගේ දකුණු කකුලේ නියපොත්ත මුලින්ම ගැලවිලා ගියා...
කොහොම හරි 28 පාන්දර 12.30 ට මට වාට්ටුවේ බබෙක් ලැබෙන්න ඉන්න නංගි කෙනෙක් කතා කරලා කිව්වා අමාරු වෙලා ලේබර් රූම් ගෙනිච්චා කියලා...
මම උදේම ඉස්පිරිතාලෙට ගියා... පාන්දර 2 පහුවෙලා අපිට දුවෙක් ලැබිල... උදේ 6 වෙනකන් බලන් ඉඳල දිව්වා වාට්ටුවට... නෝනා ඉන්නවා ඇඳේ හාන්සි වෙලා... එයාගේ ඉස්සරහ තියෙන කූඩුව ඇතුලේ බබෙක් නැහැ....
මට මාර අවුල්... ඒ වෙද්දී ගෙවල් වල සේරම කට්ටිය දැනුවත් කරලා තිබුනේ... අපේ බබා ලැබිල තියෙන්නේ මාස 07න්. උපත් බර ග්‍රෑම් 900... හිතාගන්න පුළුවන්නේ සයිස් එක...
එයාව අරගෙන ගිහින් බේබි රූම් එකට... උපදින්න තව මාස 3ක් තියෙන දරුවා කලින් ආවේ දොස්තරලගේ නොසැලකිල්ල නිසා... ඒත් එයා අම්මවත් බේරාගෙන නෝමල් ලැබිල තියෙන්නේ... දරුවා ලැබෙන වෙලේ නෝනා කිව්වලු දරුවා එනවා කියලා... ඒත් එතන හිටපු කිසි ගෑනු කෙනෙක්වත් ගණන් ගෙන නැහැ.... අන්තිමේ දරුවා ඩොක් ගාල වැටුනලු ට්‍රොලියට... ඊට පස්සේ කට්ටිය බය වෙලා පෙකණි වැල කපල දරුවා අරගෙන සුද්ද කරලා තියෙන්නේ....
බබාව බලන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරලු ... ඒකත් ලෙඩ්ඩු බලන වෙලාවට... මම දුවල ගියා බේබි රූම් එක හොයාගෙන... මට මැවිලා පෙනුනා බබාගේ මුහුණ... ඒත්, මම යනකොට එයා හිටියේ විදුරු කුඩුවක.... ඔලුවට තොප්පියක් දාල... ඇස් දෙකට පුළුන් තියල ප්ලාස්ටර් දාලා... නාස්පුඩු දෙකෙන් ඔක්සිජන් බට දාලා... කටට බටයක් දාල... බුරියෙන් බටයක් දාල ඇඟ ඇතුලෙන් හාට් එකට.... අත් දෙකට කනියුලා දෙකක් ගහලා... එකකින් ලේ දෙනවා... අනිකෙන් බෙහෙත්/සේලයින් වගේ දේවල් දෙනවා... කකුල් දෙකට ක්ලිප් ගහල හාට් එකේ ගැහෙන වේගේ බලන්න... පපුවට ක්ලිප් ගහල... මගේ ඔලුව කැරකෙන්න ගත්තා...
මම ඩොක්ටර්ගෙන් ඇහුව මොකෝ මේ කියලා... එයා කිව්වා දරුවාගේ ජිවිතේ 50% බලාපොත්තු තියාගන්න පුළුවන් කියලා... දරුවා හුස්ම ගන්නේ මැෂින් එකකින්... වටේට මැෂින් 6ක් තිබුනා... එකකින් එයාව නිදි තත්වේ තියාගන්නේ... අල්ට්‍රා වයලට් ලයිට් එකකුත් දාලා... ඒ විතරක් නෙවි ඉස්පිරිතාලේ ගොඩක් බෙහෙත් වර්ග මේ වගේ ඉපදුන දරුවන්ට හරි යන්නේ නැතිලු... ඒ නිසා ඒ බෙහෙත් පිටින් ෆාමසි වලින් ගෙනිහින් දෙන්න උනා... ගොඩක් වෙලාවට කරාපිටියේ ඩෙවොන් නැත්නම් සෙනිත් ෆාමසියෙන් තමයි බෙහෙත් ගෙනත් දුන්නේ... එක බ්‍රෙස්ට් මිලක් වර්ගයක් තිබුනා.. මාසයක් දෙන්න ඕන කිව්වා... දවසට එකයි... එයින් එකක් රුපියල් 285... වෙලාවට ලෝන් එකක් දාල තිබුනේ... දවසට පම්පස් පැකට් එකක් ඉවර වෙනවා... ඒ නිසා වැඩිපුර ගෙනත් තියන්න උනා...
පැය 2න් දෙකට දරුවට කිරි දෙන්න ඕන... කිරි දෙන්නේ සිරින්ජෙට දාල, ඒක සම්බන්ද කරපු බටේ දරුවාගේ බඩට දාල තිබුනේ... දශම ගානක් කිරි දුන්නේ...
අපි වගේම නෝනගේ ගෙවල්වල අයත් බෝධි පුජා නොකරපු පන්සලක් නැහැ... දවසින් දවස දරුවා හදුනා.... එක දවසක් මම දෙනියාය පැත්තේ බ්‍රේක්ඩවුන් එකකට ගිහින්... උදේ පාන්දර නෝනා මට කෝල් කළා දරුවා හුස්ම ගන්නේ නැහැ කියලා... එයාල නින්ද ගියාම හුස්ම ගන්න එක නවත්වනවලු.... ඉතින් එයාට වෙනමම නර්ස් කෙනෙක් දාල හිටියේ.... කිරි දොවල දෙන ප්‍රමානේ අඩු නිසා නෝනගේ කිරි ගල් වෙන්න ගිහින් තිබුනා.. එයා හිටපු තැන තව අම්මල දෙන්නෙක් හිටියා... එයාලගෙත් බබාලා අඩු මාසෙන් හම්බ වෙලා... ඒ අම්මල දෙන්න(තරුණ වයසේ දෙන්නෙක්) නෝනව අල්ලාගෙන අයිස් ගෙනත් තවලා කිරි දොවල අයින් කරලා... අපි ගොඩක් වෙලාවට නෝනගේ කිරි දුන්න ඒ බේබි රූම් එකේ ඉන්න කිරි අඩු අම්මලාගේ බබාලට....
ඒ විදියට දින ගණන් ගෙවිල ගිහින්, අන්තිමේ දරුවට කප් ෆිඩින් පටන් ගත්තා... ඒ කියන්නේ කෝප්පෙට කිරි දොවල, දරුවට පොවනවා... එයාගේ කට ලඟට තිව්වම පූසෙක් කිරි බොන්න වගේ දිවෙන් ඇදල කිරි ටික ටික බොනවා... ඉතින් අපේ නෝනට පුරුදු කළා දරුවට එහෙම පොවන්න... හැමදාම නෝනා දරුවා බලන්න ගිහින් අඩනවා එයා ඉන්න පෙට්ටියේ වීදුරුව අත ගගා.... පවු... අම්ම කෙනෙක් කොච්චර දුකක් විදිනවද දරුවෙක් වෙනුවෙන්... ඒත් ඒ අම්මව දරුවාගෙන් ඈත් වෙලා තියෙනකොට කොච්චර දුකක්ද....දරුවට මාස 1 1/2ක් වෙද්දී දරුවයි අම්මයි දෙන්නම දැම්ම මදර් බේබි යුනිට් එකට.... ඒකෙ අම්මයි බබය් දෙන්නම එක ළඟ... බබා කුඩුවේ... ඒත් හෝදන්න කිරි දෙන්න අම්මට පුළුවන්.... එහෙම සතුටින් ඉන්නකොට දවසක් ඉස්පිරිතාලෙන් කෝල් එකක් ආවා... දරුවාගේ ජිවිතේ අවධානමේ තියෙන්නේ.. එයාව දැඩි සත්කාර ඒකකයට ගෙනිච්ච කියලා... ඒ වෙනකොට මම බයික් එක්සෑම් ලියල ටෙම්පරිය අරන් තිබුනේ... මම එවෙලේම බයික් එකේ මහමෝදර ගියා...(මම වැලිගම).. දරුවට කිරි පොවන්න ගිහින් හිර වෙලා... ඩොක්ටර් බලනකොට දරුවාගේ ඇඟේ පණ තිබිල තියෙන්නේ හාට් එක විතරයි... බබා නිල් පාට වෙලා... ටිකකින් හාට් එකත් නැවතිලා... ඒ පාර ඉලෙක්ට්‍රික් ශොක් එකක් දීලා අයිත් පණ අරගෙන...
අයිත් සුපුරුදු විදියට බබා නෝනාගෙන් අරගෙන බේබි රූම් දාල... ගොඩක් අමාරුවෙන් දරුවා ගොඩ ගත්තේ... දරුවා B+... අම්ම O+... ඒ නිසා ලේ මාරු කරන්න වෙලා... දරුවට අයිත් පරණ විදියට ලේ දුන්නා... අයිත් මදර් බේබි දැම්මේ හොඳට කිරි පොවන්න පුළුවන් උනාම.... ඒ අස්සේ කිරි හිර වෙලා බබෙක් නැති වෙලත් එක්ක... අපේ බබා යන්තම් ගොඩ ගියා..
අන්තිමේ බබාගේ සියල්ල හොඳින් වැඩ කරන්න ගත්තම. අගෝස්තු 5 ටිකට් කැපුවා... අපි බද්දේගම අක්කලගේ ගෙදර ගියේ...
එයාට අධික ශබ්ධය දරාගන්න බැහැ කිව්වා... ඒ වගේම ඕනෑම ලෙඩක් ක්ෂණිකව වැළදෙන්න පුළුවන් කිව්වා.. ප්‍රතිශක්තිකරණය නැහැ... ඉපදුන දවසේ එයාගේ පෙනහැලි වැඩිලා මදි කිව්වා.. බඩවැල් වැඩිල නැහැ කිව්වා.. දැන් දරුවා අම්මගෙන් උරලා කිරි බොනවත් එක්ක... කෝප්පෙන් දෙන්නේ නැහැ... අපි එයාට මාස 9 වෙනකන් පරිස්සම් කරගන්න වෙනවා.. දැන් බබාට මාස 3....
මේ කතාව මේ විදියට කියන්න හිතුවේ මම වගේම තව කෙනෙක් ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොතින් කලබල වෙන්නේ නැතිව ඉන්න පුළුවන් තත්වෙකට ගන්න ඕන නිසා.... ගොඩක් අම්මල කල්පනා කරලා ජිවිතේ නැති කරගන්න අවස්ථා තියෙනවලු... තාත්තල කල්පනා කරලා අනතුරු වලට ලක් වෙනවලු.... 50%ක් ජිවත් වෙන්නේ කියපු දරුවා අද ගොඩක් හොඳින් ඉන්නවා....
අපිට ගොඩක් උදවු කරපු කිහිප දෙනෙක් ඉන්නවා. එයාලත් මතක් කරන්න ඕන...
1. ඉස්පිරිතාලේ බේබි රූම් එකේ නර්ස්ල... එයාල තමන්ගේම බබෙක් බලාගන්නවා වගේ අපේ බබාව බලා ගත්තේ...
2. බයික් දාන තැන මල්ලිලා සෙට් එක... උන් මගේ මේ සීන් එක ඇහුව, කිහිප දවසක් එනවා දැකපු නිසා... උන් මගෙන් සල්ලි ගත්තේ නැහැ... බයික් එක එහා කොනේ තිබුනත් ගේට්ටුව ලඟට ගෙනත් දාලයි උන් ගියේ...(මම උදේ ආවම දවල් බලල, අක්කලාගේ ගෙදර ගිහින් රෑ කෑම එක ගෙනත්, හවසත් බලල ගෙදර ගියේ නිවාඩු දවස් වල)...
3. සිකුරිටි එකේ අය... මගේ මානසිකත්වේ හොඳින් තේරුම් ගත්තු පිරිසක්... කවදාවත් මට සැරෙන් කතා කරලා නැහැ... ඩොක්ටර්ලා නැති වෙලාවට නෝනාව බලන්න යන්න දුන්න... කෑම එහෙම අරගෙන ආවම...
4. පාරෙන් එහා පැත්තේ කොට්ටම්බා ගහ යට ෆාමසියේ මහත්තය... බෙහෙතේ තියෙන මුදලට වඩා අඩු මුදලක් ගත්තේ.. ගොඩක් වෙලාවට කියනවා "සල්ලි එන වෙලාවක ගෙනත් දෙන්න.. දැන් බෙහෙත ගෙනියන්න" කියලා...
5. එළකිරියේ සාමාජිකයෙක් ඉන්නවා DJnick. මගේ හැම ප්‍රශ්නෙකදිම ලොකු ශක්තියක් උනා... බෙහෙත් වර්ග ගැන එයාගෙන් අහගත්තෙ... නැත්නම් දන්නේ නැහැ බබාට මොකට මේ බෙහෙත් වර්ග දෙනවද කියලා...
6. පෙට්ටි කඩේ අක්ක... බේසම්, ප්ලාස්ටික් බඩු තියෙනවා කඩේ.. ගොඩක් දවස් වල සල්ලි ගත්තේ නැහැ...
7. වැඩපලේ සර් ඇතුළු කොල්ලෝ ටික... දරුවා, නෝනා වෙනුවෙන් බෙහෙත් වලට කෑම වලට සල්ලි වියදම් වෙලා අන්තිම රුපියල් 6000 ට ඇවිත් තිබුන වෙලාවේ, මගේ වියදමට මට එයාල කලෙක්ෂන් එකක් දාල දුන්නා. මම ඉල්ලලා නෙවි.. එයාලම හිතල...
8. ගෙවල් දෙකේ අම්මල තාත්තල... දෙගොල්ලොම ලොකු හයියක් උනා...
ඒ හැමෝටම ගොඩක් පින්... අද අපි දරුවා වෙනුවෙන් හිනා වෙලා ඉන්නවා නම් ඒ උඩින් ඉන්න අය නිසා....
1990 කතා කරනවානම් දෙපාරක් හිතන්න... උන් ගෙනියන්නේ ලඟම ඉස්පිරිතාලෙට... උන්ට වැඩක් නැහැ එහෙ ගියාම හරිද කියල.... බබෙක් ලබන්න පහසුකම් නැති එකකට ගිහින් වැඩක් නැති බව උන්ට වැඩක් නැහැ....
මගේ ත්‍රෙඩ් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි... ඒ වගේම නොවැදගත් කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා අපේ අම්මට පාඩුවේ ඉන්න දෙන්න...(ගොඩක් දෙනෙක් රෙප් කපල යනවා අම්මට බැනල)