කකුලෙ පොඩි ඔපරේශන් එකක් කරල අදට දවස් 18ක් ඔපරේශන් එක කරල . තුවාලෙ වේලෙන්නෙ නෑ කියල ගෙදර එන්න දුන්නෙ නෑ . ඊයෙ තමා කිව්වෙ ඒ වගේ තුවාල වලට දාන බෙහෙත් ආවෙ නෑ සති ගානකින් ඒකයි වේලෙන්න පරක්කු කියල . ඉතින් එලියෙන් ගන්න ඇහුවහම ලියල දුන්න . දවසක් මහන්සි වෙලා එක පැකට් එකක් හොයාගත්ත පැකට් එකේ ග්රෑම් 5යි තියෙන්නෙ 4300 යි . දැන් මාසෙකට විතර කලින් 400යි ලු .
දන්දිනාට හමන්නන්න මට කියන්න දේවල් නෑ. බලු රාජපස්ස හැත්ත මරාගෙන මැරෙන්න හිතිල තියෙන්නෙ .
--------------------------------------------------------------------------------------------------------------------
දන්දිනාට හමන්නන්න මට කියන්න දේවල් නෑ. බලු රාජපස්ස හැත්ත මරාගෙන මැරෙන්න හිතිල තියෙන්නෙ .
--------------------------------------------------------------------------------------------------------------------
මට සතිදෙකට කලින් වෙච්ච දේ ඔය වගේ තමයි.. ත්රෙඩ් එකක් දාලා කියන්න හිතුනා... එත් බලු බයි රැල එක්ක කොමෙන්ට් කර කර ඔට්ටු වෙන්න වෙලාවක් නැති කමට නිකන් හිටියා...
ජයවර්දනපුර හොස්පිටල් එකේ ඇහේ සුදට තාත්තා නැවැත්තුවා.. දවසකට පස්සේ තමයි දොස්තර බලල මෙෂමන්ට් එක දෙන්නේ කාචේ.... ඩොක්ටර් දෙන්නේ ගේට් එක ගාවම තියෙන කඩෙන් කාච ගන්න පුළුවන් වෙන්න.. ලේසි නිසා...
කඩේට ගියාම තමයි කිව්වේ ලාස්ට් ස්ටොක් එක ඒගොල්ලෝ ගාව තිබ්බේ.. දැන් බඩු නෑ කියල.... 21+ පහල සයිස් කීපයක් විතර තියෙනවා කිව්වා.. දොස්තරට කදෙන්ම කෝල් කරලත් කිව්වා.....
පස්සේ අපි දවල් 1 ට ආයි දොස්තරට කිව්වා මෙහෙම දෙයක් වෙලා කියල... අපි දන්නා තැන්වලත් බැලුව... ආසිරි, ගෝල්ඩන් කී, විෂන් කෙයාර්, ඩෙල්මේජ් ... මේ කොහෙවත් නෑ බන් 21 උඩ එව්වා ...
මම ගාල්ලේ කරාපිටියෙත් අපේ කෙනෙක් හරහා හොස්පිටල් එකේන් බැලුවා... ඒ අවට හරි ගන්න තියේද කියල බැලුව... එහෙත් නෑ... දොස්තරට මේ ඔක්කොම කිව්වා... කීවට පස්සේ දොස්තර කිව්වා හවස 4 ට හරියට පණිවිඩයක් ඒයාට එනවා එකෙන් තමයි කියන්න පුළුවන් බඩු ලැබෙයිද නැත්ද කියලා කිව්වා... ... කාච අවේ නැති උනොත් හවස 4 ට ටිකට් කපන්න කිව්වා කාච නැති ඔක්කොම ගේම .... අපි 5 හිටියා... ගෑනු වාට්ටුවල නම් කි දෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ ඒ ගැටලුවෙන්...
හවස 4 වෙනකන් බකන්නිලන් හිටියා හොස්පිටල් එකේ... ඔන්න 4 ට තමයි දොස්තර කොහෙන්ද කාච කීපයක් හොයා ගෙන තිබ්බා... හැබැයි ඉන්දියන් එකක් වෙන්න ඕනා... ගාන අඩුයි ....යන්තම් කරගන්න පුළුවන් උනා ...
ඔන්න ඔහොමයි දැන් තත්වේ.... බඩු නෑ.... මිනිස්සුන්ට ලෙඩකට වත් බෙහෙත් කර ගන්න බැරි රටක් උඩ දැන් අපි ඉන්නේ... හිතලා බලපන්කො රජෙ ඉස්පිරිතාල වල දැන් කාච සැත්කමක් කරන්නේ කොහොමද කියල... ලිස්ට් එක ට වෙලා බලන් ඉන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට....
Last edited:
