තායි ලෙනක සිරවූ දරුවන්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    තායි ලෙනක සිරවූ දරුවන්

    13 දෙනා යහතින් ඉන්නවා

    image_98a34859fa.jpg

    තායිලන්තයේ භූ ගත ලෙන තුළ දින නවයක් තිස්සේ සිරවී සිටින පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු යහතින් සිටින බව තහවුරු වී ඇත.
    මේ බව තහවුරු කර ගැනිමට හැකි වූයේ ජලයෙන් පිරි ගිය ලෙන් පද්ධතියේ එම කණ්ඩායම සොයා මෙහෙයුම් සිදු කළ බ්‍රිතාන්‍ය කිමිඳුම්කරුවන් දෙදෙනකුටය.
    ජලයෙන් යට නොවුණු එක් කුහරයක 13 දෙනා ආරක්ෂිතව සිටින බව පැවැසෙයි. මීළඟ අභියෝගය වී ඇත්තේ ජලයෙන් යටවුණු ලෙන් පද්ධතිය හරහා ඔවුන් පිටතට ගැනීමය. ඒ සඳහා නව මෙහෙයුමක් ආරම්භ කරමින් සිටින බව ද වාර්තා වේ.
    දින නවයක් ලෙන තුළ සිරවී අකරතැබ්බට මුහුණ දුන්නේ ‘මූ පා’ නමැති පා පන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු එක්කාපෝල් ජන්තාවොන්ග්ය.
    මෙම කණ්ඩායම නිරන්තරයෙන් වීර චාරිකාවල යෙදෙන බවත්, ඔවුන් චියංග් රායි පළාතේ පිහිටි තාම් ලුන්ග් නමැති ලෙන් පද්ධතියේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී චාරිකාවල නියැලී ඇති බවත් වාර්තා වේ.
    image_c03a00e731.jpg

    image_1b604200b4.jpg

    වයස අවුරුදු 11ත් 16 අතරේ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙන තුළ සිරවුණු බව දැනගත් සැණින් ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට තායිලන්ත රජය කටයුතු කළ අතර විදෙස් සහාය ද ලබා ගත්තේය.
    චීනය, මියන්මාරය, ලාඕසය, ඕස්ටේ්‍රලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවලින් සහන සේවකයන් සහ දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැලෙන විශේෂඥයන් දහසකට වැඩි පිරිසක් අතුරුදන් කණ්ඩායම සෙවිමේ මෙහෙයුම්වලට සම්බන්ධ විය.
    (රොයිටර්)


    තායි ලෙනක සිරවූ දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය යහපත්

    fori3.jpg
    තායිලන්තයේ තාම් ඉවාන් ලෙනෙහි සිරවී සිටින එරට කනිෂ්ඨ පාපන්දු කණ්‌ඩායමක්‌ නියෝජනය කරන පිරිමි දරුවන් 12 දෙනා සහ පුහුණුකරු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔවුන් සොයාගත් මෙහෙයුම් කණ්‌ඩායම් නිලධාරීහු පවසති.

    පුරා දින 09 ක්‌ තිස්‌සේ ඔවුන් මෙම ලෙන තුළ සිරවී සිටින අතර ඉකුත් 02 වැනිදා ඔවුන් සිටින ස්‌ථානය නිවැරදිව සොයා ගැනීමට අතුරුදන්ව සිටි මෙම දරුවන් සොයා මෙහෙයුම් කටයුතුවල යෙදෙන කණ්‌ඩායම් සමත්වූහ.

    ඔවුන් සිරව සිටින ලෙන තුළින් එළියට ගැනීමට තවත් මාසයක පමණ කාලයක්‌ ගතවේ යෑයි පවසන මෙහෙයුම් කණ්‌ඩායම් එතෙක්‌ ඔවුනට අවශ්‍ය ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට පියවර ගනිමින් සිටිති.

    ලෙන පිහිටි ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මේ වන විට ලෙන සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. දරුවන් සියලු දෙනා සහ පුහුණුකරු ලෙනෙහි උස ස්‌ථානයක රැඳී සිටිති.




    thai%20cave%20map%20.png


    _102292719_c53f2c6b-9d3b-4cb2-9c69-3815899f0628.jpg


    3ccca0fd0e7059b9815cb79ce91bd676



    636662360549002469-070318-thai-tunnel-rescue.png
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,930
    16,928
    113
    Colombo
    Diving උගන්නන්න මාස 4ක් යනවලු. පීනන්න බැරි අය ගොඩක් ඉන්නේ. පවු. marines ලාටත් පුහුණු පැය දහස් ගානක් යනවලු ඔය වගේ cave එකක dive කරන්න ඉගෙනගන්න. දැනට Telephone ලයින් එකක් දාල තයෙන්නේ ඇතුලට ළමයිට අම්මල එක්ක කතා කරන්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    meyala inna thena indan eliyata enna beri meyalata dive karanna beri nisa...
    Dan hithan inne, watura bahinakal inna
    Hebai beriwelawath wessa set wunot ayet watura pirenawa
    Etakota wede case
    Mama hithanne meyala ganna wena widihak hituwoth nuwanata hurui
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බේරාගන්න මාසයක් යාවි

    image_77636a0f4f.jpg

    තායිලන්තයේ භූ ගත ලෙන් පද්ධතියක සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වුණු බ්‍රිතාන්‍ය ජාතික කිමිඳුම්කරුවෝ දෙදෙනක් සමත් වූහ.
    image_659588264d.jpg

    ඒ, ඔවුන් ලෙන තුළ අතුරුදන් වී දින නවයකට පසුවය. අවුරුදු 13 ත් 11 ත් අතර වයස්වල දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු ආහාර නොමැතිව දුර්වල සිටි නමුත්, ඔවුන් යහතින් පසුවන බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පසුව පැවැසීය.
    image_6be81a90be.jpg

    පා පන්දු පුහුණුකරු සහ ඔවුන්ගේ 12 දෙනාගේ කණ්ඩායම ගවේෂණ චාරිකාවල නියැලීම විනෝදාංශය කරගෙන ඇත. පසුගිය ජූනි 24 වැනිදා, පිරිස තායිලන්තයේ, චියැං රායි පළාතේ වනගතව පිහිටි ත්හාම් ලුවංග් භූගත ලෙන් පද්ධතිය ගවේෂණයට ගියහ. ත්හාම් ලුවංග් ලෙන් පද්ධතිය, මෙම පා පන්දු කණ්ඩායමට හෝ පුහුණුකරුට හෝ ආගන්තුක තැනක් නොවන බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිස ලෙන් පද්ධතිය ගවේෂණයට පැමිණ ඇති බවත් පසුව වාර්තා විය. මෙවර ගවේෂණයට ගිය අවස්ථාවේ නොසිතූවිරූ අකරතැබ්බක් සිදුවිය. ඒ, වැසි සමය ආරම්භ වී, ලෙන් පද්ධතිය ජලයෙන් පිරී, පිටවීමේ මාර්ග සියල්ල වැසී යෑමත් සමඟය.
    දරුවන් 12 දෙනා සහ පුහුණුකරු ලෙන තුළ යහතින් සිටිනවා යැයි අනුමාන කරමින්, තායිලන්ත රජය දිවි ගලවා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ඇරැඹීය. ලෙන තුළ පිරුණු ජලය ඉවත් කිරීමට කටයුතු කළ ද නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් එම කටයුත්ත අසාර්ථක විය.
    image_24439d0156.jpg

    තායිලන්ත බලධාරීන්ගේ ඉල්ලීමට වහා ප්‍රතිචාර දක්වමින් චීනය, මියන්මාරය, ලාඕසය, ඕස්ටේ්‍රලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවලින් සහන සේවකයන් සහ දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැලෙන විශේෂඥයන් දහසකට වැඩි පිරිසක් අතුරුදන් කණ්ඩායම සෙවිමේ මෙහෙයුම්වලට සම්බන්ධ විය.
    දරුවන්ගේ දෙමාපියෝ ලෙන් පද්ධතියේ ප්‍රධාන පිවිසුම අසල රැඳී සිටිමින් දෙවියන් යදින්න වූහ. තායිලන්තය බෞද්ධ රාජ්‍යයකි. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් පින්කම් රැසක් ද පැවැත්විණි.
    දරුවන් පිරිස සහ පුහුණුකරු සොයා ගැනීමට සමත් වූයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින බි්‍රතාන්‍ය ජාතික කිමිඳුම්කරුවන් දෙදෙනකි. ඔවුන් විදුලි පහන් ආලෝකයෙන් පිහිනා එනවිට, ජලයෙන් යට නොවුණු කුහරයක කොටු වී සිටින දරුවන්ට එය දකින්න ලැබී ඇත.
    image_215ff7ef06.jpg

    දරුවන් කණ්ඩායම හමුවුණු අයුරු කිමිඳුම්කරුවන් දෙදෙනා විසින් රූගත කරනු ලැබ ඇති අතර, එම දසුන් පසුව, තායිලන්ත නාවික හමුදාවේ සීල් බළඇණිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළේය. විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූයේ එම දසුන්ය.
    එම දසුන් ලොව කාගේත් නෙතට කඳුළක් එක් කළ හැඟීම්බර දසුන් පෙළක් බවට පත්වී අවසන්ය. ‘ඔයාලා මොන රටේ අයද?’ යනුවෙන් දරුවන් කිමිඳුම්කරුවන්ගෙන් විමසන අතර, ‘අපි ආවේ බි්‍රතාන්‍යයෙන්’ යැයි කිමිඳුම්කරුවෝ දෙදෙනා පිළිතුරු දෙති. පිරිස යහතින් සිටිනවාදැයි විමසද්දී, දරුවන් පිළිතුරු දෙන්නේ, ඔවුන් යහතින් සිටින බවත් ඔවුන් සිටින්නේ දැඩි කුසගින්නේ බවත්ය. අපට කොතරම් දවසක් මෙතැන ඉන්න වේවිදැයි දරුවන් විමසීමක් කරන අයුරු වීඩියෝ එම දසුන් පෙළෙහි දකින්න ලැබේ. ‘ඔයාලා සොයන්නත් ඔයාලා බේරාගන්නත් බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඉක්මණින් ඔයාලා බේරා ගන්නවා. හැබැයි ටික දවසක් ඔයාලට මෙතැන ඉන්න වේවි. කෑම බීම අපි දෙනවා. වෛද්‍ය කණ්ඩාමක් සමඟ තවත් කිමිඳුම්කරුවන් එනවා ඔයාලා බලන්න’ යැයි කිමිඳුම්කරුවෝ පැවැසූහ.
    13 දෙනා මේ වනවිට ජලයෙන් යට නොවුණු කුහරයක් තුළය. කිමිඳුම්කරුවන් දෙදෙනා රිචඞ් විලියම් ස්ටැන්ටන් සහ ජෝන් වොල්ටෑන්දන්, අතුරුදන් වුණු පිරිස සොයමින් මෙම ස්ථානයට පිහිනා ගියේ ද මහත් ආයාසයකිනි.
    image_d04b76faea.jpg

    දරුවන් කණ්ඩායම ජලය යටින් ඉහළට ගෙන යෑම අසීරු කටයුත්තක් වී ඇත ලෙන තුළ පිරී ඇති ජලය ඉවත් නිරීම දිගටම සිදුවෙමින් පවතින නමුත් එය ද සාර්ථක වී නැති බව තායිලන්ත රජය කියයි. සිරවී සිටින පිරිසට අවශ්‍ය ආහාර, පානීය ජලය, විදුලි පහන්, ඖෂධ ආදිය ඊයේ දිනයේ කිමිඳුම්කරුවන්ගේ මාර්ගයෙන් ලබා දීම සිදුවිය.
    දරුවන්ට සහ පුහුණුකරුට අවශ්‍ය දේ රැගෙන කිමිඳුම්කරුවන් කණ්ඩායම සමඟ වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ගෙන ගැඹුරට ගොස්, දරුවන්ගේත් පුහුණුකරුගේත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ බව ද වාර්තා විය.
    ලෙන තුළ පිරුණු ජලය ස්වභාවිකව පහළ යනු ඇත්තේ තව මාසයක පමණ කාලයකිනි. ඒ, වැසි සමය අවසන් වීමෙන් සති කිහිපයක් ගතවෙද්දීය. කිමිඳුම් කට්ටල යොදා ගනිමින් දරුවන් පිටතට ගැනීමට නොහැකි වුවහොත්, ජලය බැස යනතුරු මාසයක් බලා සිටීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.
    ඒ.එෆ්.පී. ඇසුරිනි
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    meyala inna thena indan eliyata enna beri meyalata dive karanna beri nisa...
    Dan hithan inne, watura bahinakal inna
    Hebai beriwelawath wessa set wunot ayet watura pirenawa
    Etakota wede case
    Mama hithanne meyala ganna wena widihak hituwoth nuwanata hurui

    ජලය ඉවත් කිරීමට පියවර අරගෙනලු. ලෙන තවදුරටත් ජලයෙන් පිරීම ව.ක්වන්න හොදයි ඒක.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    Diving උගන්නන්න මාස 4ක් යනවලු. පීනන්න බැරි අය ගොඩක් ඉන්නේ. පවු. marines ලාටත් පුහුණු පැය දහස් ගානක් යනවලු ඔය වගේ cave එකක dive කරන්න ඉගෙනගන්න. දැනට Telephone ලයින් එකක් දාල තයෙන්නේ ඇතුලට ළමයිට අම්මල එක්ක කතා කරන්න.


    පැය දහස් ගනනක් :shocked:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Diving උගන්නන්න මාස 4ක් යනවලු. පීනන්න බැරි අය ගොඩක් ඉන්නේ. පවු. marines ලාටත් පුහුණු පැය දහස් ගානක් යනවලු ඔය වගේ cave එකක dive කරන්න ඉගෙනගන්න. දැනට Telephone ලයින් එකක් දාල තයෙන්නේ ඇතුලට ළමයිට අම්මල එක්ක කතා කරන්න.

    :no::no::no::no:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඉල්ලන්නෙ කාල තියෙන්නෙ.. හැම රෙද්දෙම රිංගන්ඩ ගිහින්..

    මමනං ලොරියක ඉස්සරහ උස්සල රිපෙයාර් කරද්දි ඔලුව දාල බලන්ඩත් බයයි ඔලුව උඩට කඩං වැටෙයි කියල :sorry:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැනට ප්ලෑන් එක මේකයි.
    ළමයි ඉන්න තැන ඉදන් එලියට කේබල් එකක් ඇදල
    පලපුරුදු Diver කෙනෙක් එක්ක ලමයින්ට කිමිදුම් ට්‍රේනින් එකක් දීල උමග්‍ර් narrow තැන් ඩ්‍රිල් කරල එකා එකා ගේන්න හිමීට