2022 දි ලංකාවේ ක්‍රම වෙනසක් වෙනුවෙන්
සටන් කරපු, අරගලයක් කරපු මම වගේම ලක්ශ ගානක්
මිනිස්සුන්ට අනිවාර්යෙන්ම මේ අත්දැකීම ඇති.
මගේ අඳුරුම මතකය තියෙන්නේ අග්‍රාමාත්‍ය කාර්‍යාලය ලග
සටන ඇතුලේ.
ඒත් අදටත් ආඩම්බරයෙන් මතක් කරන්නේ.
එදා පටු පාරක අපි හිර උනා.
පොළිසිය, STF එක කිසිම සමාවක් නෑ.
ගහන්න පුලුවන් උපරිමය ගැහුවා.
වැඩේ දරුණු වෙනකොට
Flower Road එකෙන් එහා ඉඩමට ගිය
වෙලාවේ අපි කොටු උනා.
කඳුලු ගෑස් එක පිට එක වැටුනේ ඔලුව ලගින්.
කොච්චර හුස්ම ගන්න හැදුවත් වැඩක් නෑ.
එක දිගට කැස්ස එනවා.
වමනෙට වගේ.
ඔලුව වැඩ කරන එක නැවතුනා ද මන්දා.
බ්ලර් වෙලා වගේ එහා පැත්තේ තඩි තාප්පයක් දකිනවා.
ශුවර් එකටම අඩි 8-10ක් උසයි
එතනින් එහාටත් අඩියක විතර උල් කරපු යකඩ කම්බි.
මම ඒකෙන් පැන්න විදිය මමවත් දන්නෙ නෑ.
උඩින්ම පාරට වැටුනා.
දුවන ගමනුත් වතුර විතරයි ඔලුවෙ වැඩ කලේ.
තව වැටකින් HNB එක පැත්තට පැන්නා.
වෙලාවට එතන සිකුරිටි අරගලය පැත්තේ.
පොර මට ටැප් එකක් පෙන්නුවා.
දිව්‍යලෝකේ වගේ.
කොල්ලා දණගහලා නෑවා
කිව්වොත් හරි.
ඒත් මම ආයෙත් ජීවත් වෙනවා කියල දැනුනේ
විනාඩි 3,4කින්.
අදටත් මම ඒ ජීවිත අත්දැකීම් විඳිනවා.
"අපි හිටගත්තේ රට වෙනුවෙන්"
එදා අපි ජීවිතය හෝ මරණය කියලා පාරට ආවේ.
හර්දසාක්ශියට එකඟව අපේ සටන ගැන සතුටුයි.
ඒත්
කියන්න, ලියන්න බැරි බොහෝ කතා අපිත් එක්කම
දවසක පස් වලට යටවේවි!
හැමදාටමට
2022 පොදුජන අරගලයට ආදරෙයි!
ක්‍රමය වෙනස් කරන්න දවසක් එනවාමයි!
රෙජිමය බිඳින්න දවසක් එනවාමයි.
කාලය එනකම් අල්ලගන ඉන්න!
ජය!
TR
NGF
සටන් කරපු, අරගලයක් කරපු මම වගේම ලක්ශ ගානක්
මිනිස්සුන්ට අනිවාර්යෙන්ම මේ අත්දැකීම ඇති.
මගේ අඳුරුම මතකය තියෙන්නේ අග්‍රාමාත්‍ය කාර්‍යාලය ලග
සටන ඇතුලේ.
ඒත් අදටත් ආඩම්බරයෙන් මතක් කරන්නේ.
එදා පටු පාරක අපි හිර උනා.
පොළිසිය, STF එක කිසිම සමාවක් නෑ.
ගහන්න පුලුවන් උපරිමය ගැහුවා.
වැඩේ දරුණු වෙනකොට
Flower Road එකෙන් එහා ඉඩමට ගිය
වෙලාවේ අපි කොටු උනා.
කඳුලු ගෑස් එක පිට එක වැටුනේ ඔලුව ලගින්.
කොච්චර හුස්ම ගන්න හැදුවත් වැඩක් නෑ.
එක දිගට කැස්ස එනවා.
වමනෙට වගේ.
ඔලුව වැඩ කරන එක නැවතුනා ද මන්දා.
බ්ලර් වෙලා වගේ එහා පැත්තේ තඩි තාප්පයක් දකිනවා.
ශුවර් එකටම අඩි 8-10ක් උසයි
එතනින් එහාටත් අඩියක විතර උල් කරපු යකඩ කම්බි.
මම ඒකෙන් පැන්න විදිය මමවත් දන්නෙ නෑ.
උඩින්ම පාරට වැටුනා.
දුවන ගමනුත් වතුර විතරයි ඔලුවෙ වැඩ කලේ.
තව වැටකින් HNB එක පැත්තට පැන්නා.
වෙලාවට එතන සිකුරිටි අරගලය පැත්තේ.
පොර මට ටැප් එකක් පෙන්නුවා.
දිව්‍යලෝකේ වගේ.
කොල්ලා දණගහලා නෑවා
කිව්වොත් හරි.
ඒත් මම ආයෙත් ජීවත් වෙනවා කියල දැනුනේ
විනාඩි 3,4කින්.
අදටත් මම ඒ ජීවිත අත්දැකීම් විඳිනවා.
"අපි හිටගත්තේ රට වෙනුවෙන්"
එදා අපි ජීවිතය හෝ මරණය කියලා පාරට ආවේ.
හර්දසාක්ශියට එකඟව අපේ සටන ගැන සතුටුයි.
ඒත්
කියන්න, ලියන්න බැරි බොහෝ කතා අපිත් එක්කම
දවසක පස් වලට යටවේවි!
හැමදාටමට
2022 පොදුජන අරගලයට ආදරෙයි!
ක්‍රමය වෙනස් කරන්න දවසක් එනවාමයි!
රෙජිමය බිඳින්න දවසක් එනවාමයි.
කාලය එනකම් අල්ලගන ඉන්න!
ජය!
TR
NGF