තාරුණ්‍යයේ යක්ෂාවේශය.... (18+)

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    තාරුණ්‍යයේ යක්ෂාවේශය.... (18+)


    JZVPP.jpg


    ඔන්න අදත් අලුත්ම චිත්‍රපටයක් ඔයාලට බලන්න අරගෙන ආවා. මේ චිත්‍රපටය පසුගිය සති කිහිපය පුරාවටම ඉන්දියාව තුල සාර්ථක ලෙස තිරගත වුණා. ටිකක් අමුතු විදියේ හොලිවුඩ් ගණයේ චිත්‍රපටයක්. වෙනසක් තිබුණ නිසාමද කොහෙද චිත්‍රපටය බෙහෙවින් ජනප්‍රිය වුණා. කැමරාකරණය සහ දර්ශන ප්‍රයෝග නිසා වෙනස්ම ආරක් ගත්ත චිත්‍රපටයක්.
    මෙන්න මෙහමයි කතාව, Amy කියන්නේ ලොස් ඇන්ජලීස් වල ඉදලා මුම්බායි වලට පදිංචියට ආපු තරුණියක්. ඇයගේ මව සියදිවි නසාගෙන මිය ගිහින් තිබ්බේ. මෙය ඇයගේ මානසික තත්වයට බෙහෙවින්ම බලපානවා. ඇයගේ පියා වෙනත් කසාදයක් කරගෙන ඉන්නේ දැන්. Amy ට හම්බවෙනවා KC නම් තවත් සෙල්ලක්කාර තරුණයෙක්. ඔහු ඔහුගේ යාලුවෝ පිරිසට Amy ව හදුන්වලා දෙනවා. එතැන් පටන් Amy ත් ඒ යාලුවෝ එක්ක කුඩු ගහන්න, බොන්න පටන් ගන්නවා.
    ඔය අතරේ දවසක් මොවුන් යන වාහනයට ස්කූටරයක ගිය මිනිස්සු දෙන්නෙක් හැප්පිලා මිය යනවා. මොවුන් කරන්නේ එතනින් පැන ගිහින් වාහනයත් සගවලා ඉන්නවා. ඒත් මොවුන් මේ අනතුර කරා කියලා පොලිස් නිලධාරියෙක් දැන ගන්නවා. එතන ඉදලා මම කතාව කියන්නේ නෑ. ඔයාලා බාගෙනම බලන්න. කුතුහලය පිරුණු කතාවක්. එපාවෙන්නේ නැතිව බලන්න පුලුවන්.


    මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 ජූනි මස 10 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Rajit Kapoor, Rajeev Khandelwal, Kalki Koechlin, Pawan Malhotra, Shiv Pandit, Gulshan Devaiya යන අය විසින් රගපානු ලබන අතර චිත්‍රපටය Anurag Kashyap ගේ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය Bejoy Nambiar විසින්. සංගීතය Prashant Pillai විසින්.


    IMDB Link : http://www.imdb.com/title/tt1836912/

    මෙන්න Trailer එක,



    මෙහි අඩංගු දර්ශන සහ සමහර වචන පොඩි ලමයින්ට උචිත නැති බව කරුණාවෙන් සලකන්න.



    Click Here To Download Torrent