තාරු (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ස්පොයිල් පාරක් හිතෙනවා මට නම්...............:rolleyes:
    කමක් නැ..තව ටිකක් යමු කො........:yes:
    ෆ්‍රි තිබ්බොත් pm එකක් එවන්නම්..එ විදිහට ලියන්න එපා...

    :D:oo::love:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    4

    අරින්ද නවාතැන්පොළට ආවේ දහවල් වූ පසුවය.භාරගත් තවත් වැඩ කීපයක් වෙනුවෙන් වෙහෙසුනු ඔහු ඇඳට වැටුනේ ගතේ තෙහෙට්ටුවෙනි.ගමෙන් පිටව ආවේ ආයේ එහේ නොයන්නට සිතාගෙනය .අප්පච්චි කිසිදා තමා තේරුම් ගත්තේ නැත.ඔහුට උවමනා වූයේ තමා ගුරුසේවයට එක්කරන්නටය.එහෙත් ඉගැන්වීමට වඩා ආසා කලේ කලාවටය.ඒ ඔස්සේ දුරක් යන්නට මග පෑදුනේ වසර ගනණාවකට පෙර ගත් මුරන්ඩු තීරණය නිසාවෙනි.අරින්ද සරත් ගේ වැඩ වලට දායක වුවත් වඩා ආසා කලේ ඡායාරූපකරණය ටය.රට වටේ ගොස් වාර්තාමය ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්තන්නට සිතා සිටින්නේ කලක පටන්‍ ය.පසුගිය දින කීපයේ කළ සංචාර වල දී ගත් සේයාරූ පිරික්සුවේ අරමුණකින් තොරවය.තාරුකා ගේ සේයාරුව මතුව ආවේ අහම්බෙනි .කියා විස්තර කල නොහැකි සිතිවිලි ගොන්නක් ඒ රුව දකින මොහොතක් පාසා ඇතිව නැතිව යන වග දැනී තිබුණත් අරින්ද ඒ ඔස්සේ වැඩි දුර සිතන්නට ගියේ නැත.පාදයේ අඩු පාඩුව හැරෙන්නට ඈ පතන්නට වටින යුවතියක් වග මගහැර සිටින්නට බැරිය.
    අරින්ද ට ගැමියන්ගේ කතාව සිහියට ආවේ නිතැතිනි .
    “සුදු හාමිනේ සීදේවි දැරිවි තමා ඒත් මහත්තයො ව්ලව්ව නැත්තට නැතිවෙන්න පටන් ගත්තෙ ඔය දරුව මැණිකෙගෙ බඩට ආ දවසෙ ඉඳල කියල ගමේ කට කතාවක් ගියා..ඕවයෙ ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ..ඒත් සුදු හාමිනා නිසා දෙමාපියන්ට අපලයි කියල වේලපත්කඩේ පවා තිබුණා කියනව.”
    ඇසට නොපෙනෙන අභූත බලවේගයන් පිළිබඳව අරින්ද විස්වාස කලේ නැත.ජෝතිශය වැනි ශාස්ත්‍රයන් අද අභාවයට ගොස් ඇත්තේ ඒවා ගුණාත්මක බාවයෙන් තොර ශාස්ත්‍රය හරි හැටි නොදත් ලෝභයන් අතට පත්වීම නිසාය.මුදල් වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට මිනිසා පෙළඹී ඇත.අද ජෝතිශකරුවන් බොහොමයක් කරන්නෙ දුකට පත් නූගතුන්ගේ දුක ආදයම් මාර්ගය කරගැනීමයි.
    හවස් වරුවේ වත් අරින්ද මුණගැසෙතැයි බලා සිටියද එය ඉටු නොවූ නිසා තාරුකා සිටියේ දුකිනි.කොහෙන්දෝ ආ ආගන්තුකයෙකු නිසා හිත ලෙඩ වී ඇති සෙයකි.දුරකථන අංකයක්වත් තිබුණා නම් සොයාබලන්නට තිබුණා .තාරුකා මිදුලේ පිහිඹිය ගස යට ලී බංකුවේ වාඩි වී කල්පනා කලාය.තම රුව නිසා සරසවියේ දි ඇතැම් තරුණයින් ආදරය ඉල්ලා ආවත් ඒ හැම ප්‍රතික්ෂේප කලේ ඒ අයවලුන් කෙරේ කිසිදු හැඟීමක් ජනිත නොවූ නිසාය.ඒ නමුත් මුල් නම පමණක් දන්නා අරින්ද වෙනුවෙන් හිත හඬාවැටෙන්නෙ මන්දැයි තේරුම් ගන්නට නොහැකිය .ඉක්මනින් එළි වෙනවානම් හොඳය.
    “මොකෝ සුදු හාමිනේ බර කල්පනාවක”
    පොඩිනා ළඟට එනතුරු තාරුකා ට දැනුනේ නැත.
    “කල්පනා කරන්න දේවල්ද නැත්තෙ පොඩිනා අම්මෙ..අම්මා තේ බීවද”
    “නෑ ඔලුව කකියනව කියල ඇඳට වෙලා ඉන්නව..ලොකු අප්පො බීල ඇවිත් මොන මොනවද කියෙව්ව ඊටපස්සෙ තමා ඔය”
    “අනේ මන්ද අප්පච්චි ට මොනා වෙලාද කියල”
    “ඒකනෙ සුදු හාමිනෙ..මං දැනුං තේරුං ඇති කාලෙ පටං මේ වලව්වෙ හිටපු එකී ..ලොකු අප්පො ගෙ ගති ගුණ රුවන් අප්පො වාගෙමයි මොන හේතුවකට මෙහෙම වෙනස් වුණාද මන්ද”
    “සීය තාත්ත සැරයිද ගොඩක්..අප්පච්චි බය ඇති ඒ දවස් වල”
    “හම්මෝ සැර ..අසාධාරණයක් පේන්න බෑ අපිට උණත් ඒමයි වැරැද්ද නම් මොන ඒජන්තට උනත් කියයි කනේ ඇඟිලි ගහ ගන්න..කට ඇරිඅයත් ඇති සභාවක් නිස්සද්ද වෙන්න”
    “හ්ම්ම්..හැමදේම හින්ද දුක් විඳින්නෙ අම්මා..මට දුක එයා ගැන”
    තාරුකා දුක පිරුණු සුසුමක් නිදහස් කලාය.
    “අනෙ මන්ද සුදු හාමිනේ ..පිරිත් පිංකමක් වත් කලොත් වලව්වට සෙතක් වෙන්න හිතල නේද ..හැමදාම කරදරනෙ..මේ පරණ වස්තු වලට අමනුස්ස බලපෑම් වැඩි”
    “අනෙ මාව බය කරන්නෙ නැතුව ඉන්න “
    තාරුකා පොඩිනාගේ උදව්වෙන් නැගිට නිවස තුළට ගියාය.
    ලොකු මැණිකේ දවල් දවසේම කල්පනා කලේ තම සැමියාගේ හැසිරීම ගැනය.ඒ දවස් වල තමාට ආදරෙන් සිටි හැටි මතකය.මගුල් කතා කර තීන්දු වන්නටත් පෙරාතුව ඔහුගේ ඳගකම් වලට ඉඩ දුන්නේ අකමැත්තෙන් නොවේ .කයෙන් කය තෙරපුණු රහසිගත සැඳෑවල හිතපුරා ඒ පිරිමිකම විඳගත්තේ ආසාවෙනි.ගත පෙලූ මිහිරි හිරියක රස කියාදුන් තරුණයා අද හාත්පසින් වෙනස් අයකු වී හමාරය.අද ඒ වැනි ආසාවන් නැත්තෙකු සේ හැසිරීමට වෙර දරන්නේ මන්දැයි තේරුම්ගත නොහැක.කලින් තමා නිදාගන්නා තුරු නිදා නොගත් සැමියා අද බීමතින් වැටුනු තැනෙක නිදන්නට පුරුදු වී ඇත.
    තමා අතින් අඩුපාඩුවක් වුනා දැයි සිහියෙන් සිටියදී විමසා සිටි වාර අනන්තය .ඒත් ඒ ප්‍රශ්න මගහැර යනවා හැර දුන් පිළිතුරක් නැත.වලව්වේ ඉඩ කඩම් වල අස්වනු හොරෙන් බුක්ති විඳින්නට ගම්මුන් පුරුදු වී හමාරය .වෙනදා නිලමේ,අප්පෝ ආදී ගෞරවාර්ත වලින් කතා කල අය අද කතා කරන්නේ කිසිදු ගරු සරුවක් නැතිවය.මේ තේජාන්විත පවුලේ බිඳ වැටීමට තමාද වග කිව යුතුයැයි ඈ පසුතැවුනාය .
    “මොකක්ද අනේ මේ වෙලා තියෙන්නෙ අර කෙල්ල ගැන හිතල වත් ඔය දහ ජරාව බොන එක නවත්ත ගන්න බැරිද..පව් ඒ කෙල්ල නොසෑහෙන්න දුක් විඳිනව..”
    මැණිකේ හිතේ දුක වචනවල තැවරුවාය.
    “ඒ කෙල්ලට අවැඩක් වෙන කිසි දෙයක් මම කරල නෑ ඕයි..තමුසෙගේ වැඩක් බලාගෙන ඉන්නව”
    ඈ තවදුරටත් කිසිත් කියන්නට ගියේ නැත.අසිහියෙන් සිටින ඔහු හා වාදයට යාමේ තේරුමක් නැත.කල පවක් ඇත්නම් ගෙවා නිම කරනවා හැර ගැලවීමක් නැත.
    හිතට තාරුකා දැකීමේ උවමනාවක් ඇතිවී තිබේ .අරින්ද වෙනදාට කලින් අවදි වුනේය.අවදි වූ මොහොතේ හිත මතට ආවේ තාරුකා ය.අරින්ද ඒ සිතුවිලි යටපත් කරනට වෙර දැරුවත් අසාර්ථක වූ නිසා හිත රවටන්නට හැදුවේ මේ හැඟීම ඈට තමා කෙරේ සැකයක් ඇති නොවීමට හේතු වෙතැයි සිතමිනි.බසයට ගොඩ වුනේ කලබලයෙනි.වෙනදා සිටින අසුනේ ඈ පෙනෙන්නට නැතිනිසා අරින්ද වට පිට බැලුවේ ඈ සොයා ගන්නටය.ඈ මුණගැසීමේ උවමනාව තමාටත් තම කණ්ඩායමේ පොදු අරමුණටත් ඉතා වැදගත් ය.
    අරින්ද බසයේ ඉදිරියට ගියේ ඊළඟ නැවතුමෙන් බැස ගන්නට සිතාගෙනය.කරන්නට සිටි සියලු වැඩ අකර්මණ්‍ය වී ගියේ තාරුකා දකින්නට නැති නිසාවෙනි .
    “කෝ දෙන්න බෑග් එක”
    ඒ හඬ හඳුනාගැනීම අපහසු වූයේ නැත.
    “මොකෝ තැන මාරු වෙලා”
    “හැමදාම එක තැන ඉඳල බෑනෙ”
    දෙදෙනාම සිනාසුනේ නෙත් වලට එබෙමිනි.
    ඇස් ගැටුනු ඇසිල්ලේ හිත ගොලු වී ගියා වැනිය.තාරුකා ඉවත බලා ගත්තේ ලැජ්ජා සිතුනු නිසාය.
    “අද යාලුව නැද්ද ?”
    “එහා පැත්තෙ ඉන්නව කතා කරල දෙන්නද”
    “අපොයි එපා මිරිස් හොඳයි කොච්චි වලට වඩා”
    “ආ එතකොට අපි මිරිස් වගේද පේන්නෙ..ඉන්නකො වෙලාවක නන්දිට අල්ලල දෙන්න”
    ඈ කෝල ලෙස කීවාය.
    “ජොබ් එකට යනවද හැමදාම උදේට”
    “මම රිසර්ච් එකක් කරනව අපේ අතීත ලේඛන කලාව ගැන ඉතිං විස්තර හොයන්න ඇවිදින එක තමයි දවසෙම”
    “ෂා හරි ශෝක්නෙ ..අපේ ගමටත් එන්න වෙලාවක අපේ පන්සලේ ලෙන් වලත් පරණ අක්ෂර වගයක් කොටල තියෙනව “
    “ගයිඩ් කෙනෙක් නැතුව ඔය දන් නැති තැන් වල යන්න බෑ”
    “ආ මම ගමේ කෙනෙක් කතා කරල දෙන්නම්”
    අනේ මැට්ටි ගමේ එකෙක් එක්ක ටුවර් යන්න මට පිස්සු නෑ අරින්ද සිතුදේ කියන්නට ගියේ නැත.
    කපටි එහෙම නම් නෑ පොඩ්ඩක් වත් තාරුකා සිතුවේ මුවග සිනා සඟවමිනි.
     
    • Like
    Reactions: Sara531

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    5

    අරින්ද නවාතැන්පොළට ආවේ සතුටු සිතිනි .කාමරයට යනවිටම සරත් අයියා කතා දුරකථන ඇමතුමක් ගත් නිසා අරින්ද ගේ සිතුවිලි දාමය බිඳ වැටුනි.
    “ඔව් සරත් අයියෙ”
    “කොහොමද මල්ලි ඔයා නැතුව මෙහෙ වැඩ අබ්ලික් වෙලා තියෙන්නෙ අප්පා “
    “ඒ මොකෝ “
    “දන් නැද්ද ඉතිං අපේ එකෙක් ඇතුලට ගියානෙ ගංජ කේස් එකකට.ඌ අලුත් එකෙක් වමාරයි කියල බයේ ඉන්නෙ”
    “ඇතුලෙන් වෝනින් පාරක් දෙන්න බැරිද කවුද මිනිහා”
    “නෑ මල්ලි මෙ සයිඩ් එක කරන්නෙ නෑනෙ ඔයා දන්න කෙනෙක් නෙවේ ඒකට මැච් එකක් ගහ ගන්න පුලුවන් අර වීඩියෝ කෑලි ටික හරිද මල්ලි”
    “අද හෙට දෙන්න පුලුවන් වෙයි..සුරවීර කාරය කරදර කරගෙන ආව මම පොඩ්ඩක් කතා කලා අයියට කීවද”
    “ඔය යකා ගනන් ගන්න එපා ඌව ඕන පාර පාදගන්න විතරයි ඌට අපිව ඕන වෙනව මිසක් අපට මිනිහගෙන් ගන්න ලොකු වැඩක් නෑ..මල්ලිගෙ වැඩෙ මොකද”
    “ටික ටික දැල එලාගෙන යනව අයියා දන්නවනෙ මගෙ ස්ටයිල් එක”
    “අනිවා මල්ලි ගේම ගහගෙන යන්න අර වීඩියෝ ටික බලහන් මල්ලි ගානක් ගොඩදාගන්න ඕන ඔක්කොම හිර වෙලා තියෙන්නෙ”
    අරින්ද දුරකථනය විසන්දිකර ඇඳේ හාන්සි වූයේ චංචල වූ සිතිනි.තම සිතට මොනවා හෝ වී ඇති සෙයකි.සරත් අයියා ඉල්ලන්නේ ඔහුට අයත් ස්පා වල සහ රූම් වල රහසේ පටිගත කල ගෑණු පිරිමින්ගේ ලිංගික හරඹ ඇතුලත් වීඩියෝ දර්ශන සංස්කරණය කොට දෙන්නට කියායි.මේ ලෙසින් රහසේ වීඩියෝ දර්ශන ලබා ගැනීම මගින් දෙයාකාරයකට මුදල් ඉපැයෙන අතර පලමු ක්‍රමය නම් රූම් ගානෙ ගොස් කාම සැප විඳින ලපැටි තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් එවා බලන්නට ප්‍රිය කරන කාම ලෝලීනට විකිනීමයි.ඒ සඳහාම සරත් සොයා එන පිරිසක් සිටි අතර ඔවුන් බොහොමයක් මැදි විය ඉක්මවූ වයස්ගත අයවලුන් වග අරින්ද දනී.අනෙක් ක්‍රමය වඩා ලාබ දායී සහ වැඩි මුදලක් උපයා දෙන අතර එහිදී වැදගත් සල්ලිකාර පිරිමින් තම පවුල් වලට රහසේ කරන දේවල් වීඩියෝ ගත කර ඔවුන් බිය වද්දා කප්පම් ලබා ගැනීමයි.
    නව තාක්ෂණය විසින් ගිලගෙන ඇති තාරුණ්‍ය යන්නේ හරි මගකදැයි විමසා බැලිය යුතුව ඇත.රාගයෙන් තොර වූ ප්‍රේමය ඇත්තේ කවි පොත්වල පමණක් වුවත් අද බොහෝ දෙනා ළං වන්නේ රාගය නිසාම වීම කණගාටුවට කරුණකි .බටහිර සංස්කෘතිය තුල කන්‍යා භාවය යනු ශරීරාංගයක් පමණක් වුවත් තවමත් ශ්‍රීලංකාවේ ඒ වෙනුවෙන් පිරිනැමෙන වටිනාකම් ඉහලය.හය හතරවත් නොදත් ලපටි යුවතියන් පෙම්වතුන් ගේ බලවත් පෙරැත්තය මත ගැහැණුන් බවට පත්වන අයුරු සරත් ගේ රූම් වීඩියෝ වල අරින්ද ඕනෑතරම් දැක ඇත.පෙරාතුව එවන් දසුන් පිරිමි කය පීඩිත කරවන හැඟුම් දැනවූවත් අද වීඩියෝ සංස්කරණය අත් හැර දමන්නට අරින්ද ට සිතුණි.
    තාරුකා හිත මතට එන්නේ පුරුදු හිනාවත් ඇඳගෙනය.ඒ රුව කෙරේ ඇතිව ඇති ආසක්තබව අරින්ද නිර්වචනය කරන්නට ගියේ නැත.ඒ හිත ඉල්ලාගැනීමට සිතෙන තරමට ලෙංගතුකමින් පිරී ඇත.ඊටත් වඩා හද පෙළන කරුණ නම් ඈ සමීපයේදී දැනෙන පෙර පුරුදු ගතියයි.

    නන්දිතා හමුවූයේ දහවල් කෑම වෙලාවේදීය.
    “නන්දි කොහෙද අනේ උදේ ගියෙ”
    “අක්කගෙ පොඩි එකාට සනීප නෑ මට උඹට කියන්න බැරි උනා මම හොස්පිටල් ගිහින් තමා ආවෙ “
    නන්දිතා ප්ලාස්ටික් පුටුව පස්සට කර තාරුකා ට ඉඳ ගැනීමට උදව් කලාය.
    “අද නම් හිටියා “
    “ආ ඇත්තට ..මොකෝ කියන්නෙ මෑන්ස්..”
    “මොකුත් නෑ ඉතිං .. රිසර්ච් එකක් කරනවලු කාගෙද ප්‍රොෆ් කෙනෙක්ගෙ ඇසිස්ටන්ට් කීව”
    “යකඩෝ එච්චරටම විස්තර කතා කරාද”
    තාරුකා ගේ ඇස් සතුටින් දිලිසෙනු නන්දිතා බලා සිටියාය.තාරුකා ට ඇති ප්‍රශ්න වල දිග පළල තමාද දන්නා නිසා ඈ සතුටින් සිටීම හොඳය .
    “මොනව උනත් පරිස්සමෙන් තාරු පිරිමි කවුරුත් ඕනෙවට වඩා විස්වාස කරන්න එපා ..අනික ...වැඩිය කතාවට යන්න එපා උඹ බලෙන් එල්ලෙන්න හදනව කියල හිතයි”
    “හ්ම්ම්..මම නිකම් ආගිය තොරතුරු කතා කලා විතරයි නන්දි .. ගොඩක් පිරිමි මට අනුකම්පාව පෙන්නගෙන ආවෙ මොනව බලාපොරොත්තුවෙන්ද කියල මම දන්නව”
    “දුක හිතන්න එපා තාරු මම කියන්නෙ පරිස්සම් වෙන්න කියල සුදු මූණයි හුරතලයයි හරි අවදානම් කියනවනෙ”
    “අනේ යන්න මගෙ ඇති හුරතලයක් නෑ”
    තාරුකා කීවේ බොරු තරහක් මවා ගනිමින්‍ ය.
    ජීවිතේ බොහෝ තැන්වල ජීවත් වන්නට සිදුවූයේ පනවාගත් සීමා මායිම් වලය.අනෙකුත් බොහෝ අයවලුන්ට උරුම අත්දැකීම් මගහැර යන්නට සිදුවූයේ කායික දුබලතාව නිසාය.ආදරය වැනි මාතෘකා ජීවිතයේ පසෙකින් තබා සිටියේ ඒ හා බැඳී එන ගැටලු වලට මුහුණ දීමට තිබූ බිය හේතුවෙනි .කිසිම අම්මා කෙනෙක් තම පුතුට නොන්ඩි කෙල්ලෙකු බන්දා දෙන්නට කැමති වන්නේ නැත.නිශ්චිත දුක්ඛාන්තයක් ඇති ප්‍රේමකතාවක් ලියාගන්නට උවමනා නැත.ඒත් පෙරදා දැඩි කරගෙන සිටි සිත අද අරින්ද හමුවේ බයාදු වී ගොසිනි.ඔහු කෙරේ උපදින හැඟුම් යටපත් කිරීමට ඈ අපොහොසත් ය.
    අරින්ද තම කැමරාවේ සටහන් කරගත් ඡායාරූප ලැප්ටොප් පරිගණකය හරහා නරඹමින් සිටියේය.රහසේ ලබාගත් වලව්වේ ඡායාරූප කීපය ඔහු හොඳින් විමසා බැලූයේ සුරවීර කියන්නාවූ මහ ධනස්කන්දයක් සඟවා ඇති තැනක් සොයාගන්නටය.ජනප්‍රවාදයේ බොහොතැන් වල අසන්නට ලැබෙන්නෙ ගල් වල තැනූ කුටීර වල නිධන් තැන්පත් කොට ඒවා ආරක්ෂා කල බව කියැවෙන කතාය.තැනිතලා බිමක් වූ අක්කරයක පමණ වපසරියකින් යුත් වලව් වත්තේ එවන් සැක කල හැකි තැනක් සොයාගන්නට නැත.එසේ නම් වලව්වේ ඇතුලත තැනෙක එය සඟවා ඇත්ද..එකින් එක මාරු කරමින් ඡායාරූප පිරික්සූ අරින්ද ට තාරුකා ගේ සේයාරුවක් නෙත ගැටුනේ ය.මතක හැටියට මේ ප්‍රදේශය ට පැමිණි මුල් සමයේ ඈ යනෙන තැන් පිරික්සමින් සිටි විටෙක ලබා ගත් ඡායාරූපයකි එය.
    මැදින් බෙදා ඇති කොණ්ඩය තනි කරලක් වන්නට ගොතා උස්ව ගත ලැම මතට මුදාහැර ඇත.කහට හුරු චවි වර්ණය තද පාට සාරිය නිසා වඩාත් ප්‍රමුඛ වී ඇති සෙයකි.බසයේ කවුලුවෙන් එපිට බලා සිටින ඒ ඇස්වල ඇත්තෙ දුකක්දැයි අරින්ද ට සිතුණේය.ඕනෑ තරම් නිරූපිකාවන් නලු නිලියන් ඡායාරූපගත කර ඇතත් ඒ හැමට වඩා තාරු ෆොටෝජෙනික් ය.අරින්ද එම සේයාරුව සංස්කරණය කරන්නට ගත්තේ නිස්චිත හේතුවක් නැතිවය.කවුරුන්දෝ කාමරයේ දොරට තට්ටු කරනු ඇසුනු නිසා අරින්ද ගැස්සී ගියේය.තමා සිටින තැන දන්නේ සරත් අයියා පමණකි ..මේ කවුද
    “අරින්ද අයියා ..දොර ඇරපං කො බං”
    දොර අසල සිටගෙන සිටින චමින්දව හඳුනාගැනීම අපහසු නැත.
    “අඩො උඹ මොකද මෙහෙ කරන්නෙ “
    සරත්ගේ ගෝලයකු වූ චමින්ද ගෙට වදදාගනිමින් අරින්ද ඇසුවේ කුහුලෙනි.
    “බොස්ගෙ වැඩ තමා කෑල්ලක් බාන්න ආව..අප්පා ඔයාගෙ භවන ..”
    “ඔන්න ඔහොම ඉඳ ගනින් ..මොකෝ ඇතුලට ගිය එකාගෙ කේස් එක අයිය ඊයෙ මට කීවෙ”
    “මම කීව ඔහොම හරක් බිස්නස් එකට වද්ද ගන්නකොට කොහෙද මේ බොසා මල පණ්ඩිතයිනෙ අයියෙ එපා වෙනව”
    චමින්ද කාමරය සිසාරා බැලුවේ ඕපා දූප සොයන කතක් මෙනි.අරින්ද ගේ පරිගණක තිරයේ සටහන්ව ඇති රුව ඔහු නෙත ගැටුනේ ය.
    “අප්පට සිරි කවුද අයියෙ මේ කෑල්ල පට්ට හැඩයිනෙ..ගමේ එකක් වගේ ..කොළඹ ට ඇද්ද නම් මරු ගානක් කඩන්න තිබ්බා”
    අරින්ද ට කේන්ති ආවේ ඒ කතාවටය.
    “චමින්ද මේ මගෙන් කුණුහරුප අහගන්න එපා උඹ ..මගෙ නංගි ඔය”
    ඒ නෑදෑකම ආවේ කොහෙන්දැයි දන්නේ නැත.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    6

    අරින්ද ගේ කේන්තිය දුටු චමින්ද තිගැස්සී ගියේය.අරින්ද කා අතරත් ප්‍රසිද්ධ නිහඬ සාමකාමී චරිතයක් ලෙසින් නිසා මෙවන් ප්‍රතිචාරයක් ඔහු බලාපොරොත්තු වූයේ නැත.
    “හරි හරි මම නිකමට කීවෙ..කවුද දන්නෙ නංගි කෙනෙක් ඉන්නව කියල”
    “හරි ඒකට කමක් නෑ උඹ මොකටද ආවෙ කියපන් ..”
    “ලොක්ක කීව අර වීඩියෝ වගයක් ඇති ඉල්ලං එන්න කියල”
    “තවම ඒටික හදල ඉවර නෑ මම ඉවර උනාම කියන්නම් කියපං”
    “හරි මම කියන්නම් ඕකටත් ඉතිං අහගන්න වෙන්නෙ මටනෙ බ්‍රෝ”
    “මම කෝල් කරන්නම් අයියට”
    “මම යන්නම් එහෙනම් ..සොරි ඈ”
    චමින්ද පිටව ගියපසු අරින්ද කල්පනාවක ගැලුනේය.මොහොතකට කලින් සිදුවූ සිදුවීම හිතට වදයකි.තමා කෙතරම් අවස්තාවාදියකු දැයි අරින්ද සිතුවේ පශ්චාත් තාපයෙනි.ඈ තමාගේ වගකීමක් කරගන්නට සිතුනේ මන්දැයි තේරෙන්නෙ නැත.ගෑණු පහස ලබන්නටත් හෙලුව දකින්නටත් පිරිමි කැමතිය එය සොබාදහමේ නීතියයි.ශිෂ්ඨාචාරගත මානවයා කුටුම්භ සංස්කෘතික රාමුව තුළ හිඳිමින් පනවාගත් නීති නිසා මානව වර්ගයාගේ ගැහැණු පිරිමි බැඳීමට වෙනත් ජීවීන්ට එහා ගිය වටිනාකමක් ලැබී ඇත.
    ඕනෑම වස්තුවක් අපෙ වූ විට එයට හානි වනවාට අපි අකමැති වෙමු.අම්මා,තාත්තා,සහෝදරයා ආදී බන්දූන්ට රිදෙන විට අපටත් රිදෙන්නේය.මග තොට එකෙකු ගුටි කෑවාට අපට දැනෙන්නේ නැත.ඒ අප ඒ ඒ පුද්ගලයාට ඇති ලෝභයේ තරමය.අරින්ද කල්පනා කලේ චමින්ද අද සිදුවීම කෙලෙසින් සරත් අයියා වෙත ගෙනයනු ඇත්දැයි කියාය.ඊට කලින් සරත් ඇමතීමට ඔහු සිතුවේ ය.
    “හෙලෝ සරත් අයියා පොඩි කාරනාවක් කියන්න ගත්තෙ”
    “ඔව් කියන්න මල්ලි”
    “මම ඉන්න තැන දන්නෙ අයියා විතරයි ඒක රහසක් විදියට තියා ගන්න එක මේ වැඩේට වැදගත් කෙල්ල පොඩ්ඩක් හරි සැක හිතුවොත් වැඩේ කොට උඩ..අයියට තේරෙනවනෙ..මම වෙනම චරිතයක් රඟපාන්නෙ ..එහෙව් එකේ අයියා ඔය පොඩි එවුන් මගෙ පොට් එකට එවන්න එපා..අද චමිය ඇවිත් මගෙන් අහගෙන ගියෙ හොඳ ට”
    “අනේ සොරි මල්ලි මම එච්චර හිතුවෙ නෑ චමින්ද ගෙ කට වහල තියාගන්න්ම් මම”
    පොඩිනා මල් කඩන තුරු තාරුකා අරලියා ගස යටට වී උන්නාය.පෝය දවස නිසා පන්සල් යන්නට සූදානම් වූයේ දවාලයේ පටන්මය.අම්මා සිල් ගන්නට ගොස් ඇති නිසා ඈවත් බලා එන්නට තාරුකා සිතුවාය.බිමට සුදු රෙද්දක් එලා පොඩිනා කෙක්කක් ගෙන මල් කැඩුවාය.
    “ඇති නේද සුදු හාමිනේ”
    “ඔව් පොඩිනා අම්මෙ ඔය මදෑ..මහන්සිත් ඇති”
    “මහන්සි වෙලා කරන කුසල් වල පින වැඩි”
    “එහෙනම් බලන් ඉඳපු මටත් පිං ලැබේවිනෙ නේද”
    “ඔව් ඔව් මේ පින් බෙලෙන් සුදු හාමිනේට හොඳ මහත්තයෙක් ලැබෙන්න ඕන “
    මල් එකතු කරමින් ඈ කියන්නේ සිනා සෙමින්‍ ය.
    “අනේ මට මහත්තුරු ඕනෙ නෑ”
    “ආ එහෙම කියල කෝමද ලොකු මැණිකේ මොහොතක් ගානෙ කියවන්නෙ ඔය ගැන”
    “අම්මට මාව වදයක් වෙලා ඇති ඒකනෙ පිටමං කරන්න හදන්නෙ “
    ඈ කඳුළු පිරි නෙතින් ඈත වෙල් යාය දෙස බලා සිටියා ය.
    “වදයක් නෙවේ සුදු හාම්නෙ කල වයස ආවම දරුවො දීග තල දෙන එක දෙමාපියොන්ගෙ වගකීම”
    “මේ අබ්බගාත කෙල්ලව බඳින්නෙ කවුද පොඩිනා”
    “ඔන්න කිව්වා නිකමටවත් කියන කතාවක්ද ..පතං ආපු කෙනා මුණ ගැහුනම හරියාවි”
    තාරුකා කිසිත් නොකියා සිටියාය.පොඩිනා හා වාදයට යාමේ තේරුමක් නැත.හැම විටම උත්සාහ කලේ ජීවිතේ හොඳ පැත්ත දකින්නට ය.යුවතියක් ලෙස අහිමි වූ ජීවිතයක් ඇත.ඒ යතාර්ථය මගහැර යා නොහැක.සුදු අත් දිග බලව්සයක් හා උස් සායකින් ඈ සැරසුනාය.අත් වාරුවෙන් ඒ තරම් දුරක් යා නොහැකි නිසා ඈ ත්‍රීරෝද රතයක් ගෙන්වා ගත්තාය .
    පෝය දින නිසා පන්සල ජනාකීර්ණය .පෝය දවසට හෝ ගම්මුන් පන්සලට එකතු වීම හොඳ යැයි තාරුකා ට සිතුනි.සෙමෙන් ගල් පඩි පෙල නැග ආවේ සීරුවෙනි .දහම් පාසල් ආ කාලයේ ඇදගන වැටුණු ගල්තලාව තවමත් ඒ වාගේමය.
    “මොකෝ සුදු හාමිනේ තනියම හිනා වෙන්නෙ “
    “නෑ පොඩි කාලෙ මේ ගල්තලාවෙ පහලට රෝල් වෙලා ගියා මතක් උනා”
    “හිනා තමයි අපි බය උනේ ජීවිතේ ට අනතුරක් උනා කියල”
    ගමෙ කීපදෙනෙකුම තාරුකා හඳුනාගෙන ඈ හා කතා කලෝය.සමහරු වලව්ව සමඟ තරහින් පසු වුවත් තාරුකා හා හිතවත්‍ ය.වීරගොඩ නැන්දා මුණ ගැහුනේ හොඳ වෙලාවටය නැත්නම් මේ සෙනග ගොඩේ අම්මා සොයාගන්නට බැරිවෙනවා තාරුකා සිතුවාය.
    “නැන්දා අපේ අම්මල කොහෙද”
    “බෝධි පූජාව පටන් ගත්තා බෝ මලුවෙ බලන්න දුවේ මම මේ විහාරෙට පොඩ්ඩක් ගිහින් එන්නම්”
    “හොඳයි නැන්දෙ”
    සෙනග අතරින් ඉදිරියට ගිය ඈ බෝ මලුවට සේන්දු වුනාය .අම්මා එක එල්ලෙ බලා සොයාගන්නට බැරි තරම් සෙනඟ නිසා ඈ බෝ මලුවේ පසෙකට වී අවට සිසාරා බැලුවාය.
    “අනේ පොඩිනා අම්මා ඉන්නව පේනවද බලන්න “
    “සුදු හාමිනේ ඔහොම ඉන්න මම විපරම් කරල බලන්න “
    තාරුකා අත් වාරුව සිමෙන්ති බැම්මට හේත්තු කර එයට පිටදී අසුන් ගත්තාය.
    අරින්ද නිවාඩු දවස නිසා කල්පනා කරමින් සිටියේ දවසේ ඉදිරි කටයුතු ගැනය.කිසිම දෙයක් ගැන හිතේ උනන්දුවක් නැත.ජීවිතේ වැරදුණු තැන් බොහොමයක් ඇත ඒවා ගැන සිතා පසුතැවීමක් තිබුණේ නැත.ඒත් දැන් දැන් සරත් අයියාගේ රාජකාරි කිරීමට හිත උනන්දුවක් නැත.මාස ගනණකින් ගමේ ගියේ නැත.තාත්තාගේ ක්‍රියාකලාපය දැනුම් තේරුම් ඇති කාලයේ පටන් අනුමත කලේ නැත.අම්මා දුක් විඳගෙන ඔහුගේ අඩම්තේට්ටම් ඉවසා සිටියත් තමාට තවත් ඒවා ඉවසා සිටින්නට නොහැකිවූ තැන තාත්තා සමඟ ඇති කරගත් දබරය තමාව අද ඉන්නා තත්ත්වයට පත් කර ඇත.මල්ලීගෙන් වරින් වර තොරතුරු විමසා සිටියා විනා අවුරුදු දෙකක් පහු වන තුරුත් ගමට ගියේ නැත.බොහෝ කලකින් පසු අම්මා මුණ ගැසුණු විට ඈ ඉකිගසා හඬා වැටුනාය .මගින් මගට නිවසේ රැඳෙන ලෙස ඇවිටිලි කලත් ඒ රැඳෙන්නට හිත දුන්නේ නැත.තාත්තා තවමත් කතාබස් කරන්නේ නැත.
    කවුරුත් හිතට එකගව වැරදි කරන්නේ නැත.හරි වැරැද්ද දන්නා කෙනෙක්ට වැරදි කිරීමට දිරියක් තිබිය යුතුය.අරින්ද කාමරයෙන් එලියට බැස්සෙ නිශ්චිත අරමුණකින් තොරවය .
    පෝය දවස නිසා ජනාකීර්ණ වුවත් බෝ සෙවනේ වාඩි වූ විට හිතට දැනෙන්නේ සුවයකි.හැකි සෑම විටම පන්සලට එන්නට පුරුදු වුණේ අම්මා නිසාවෙනි .අප්පච්චි පන්සලට එනවානම් ආවේ විශේෂ උත්සව අවස්ථාවක් දායක සභා රැස්වීමට පමණි .අම්මා ත් අප්පච්චි ත් දැන් ඉස්සර මෙන් ආදරයෙන් වෙසෙන බවක් දකින්නට නැත.අප්පච්චි ගේ වැඩකටයුතු නිසා අම්මා සැමවිටම පසුවන්නේ විස්සෝපයෙනි.එම නිසා පොහොය දවසේ වත් ගිහිගෙයි ගින්නෙන් මිදෙන්නට ඈ සිල් සමාදන් වෙන එක හොඳය .
    කවුරුන් හෝ තමා අසලින් වාඩි වනු දැනුනත් ඈ ගණනකට නොගත්තේ අවට බොහෝ දෙනෙක් වන්දනාවේ යෙදෙමින් උන් නිසාවෙනි.
    “අපිටත් පිං ටිකක් දෙනවද තාරු “
    ඒ හඬින් ඈ ගැස්සී ගියාය .
    “අරින්ද ...කොහෙද මෙහ”
    ඒ අනපේක්ෂිත හමුවීම විශ්වාස කරන්නට බැරි තරම්‍ ය.
    “ඇයි අපිට පන්සල් එන්න බැරිද?”
    “අපෝ පුලුවන් එතකොට මේ ළඟද ඉන්නෙ”
    “ඔව් ට්කක් ළඟ හවස් වරුවෙ වැඩක් තිබුණේ නැ ඒ නිසා පොඩ්ඩක් ඇවිදල බලන්න ආවෙ “
    “එහෙනම් පිං කරන්න නෙවේ ඇවිදල බලන්න ඇවිත් තියෙන්නෙ “
    ඈ සිනා මුසුව පැවසුවේ අරින්ද ගේ දෑස් වලට එබෙමිනි .
    “සුදු හාමිනේ ලොකු මැනිකෙ අනෙක් අහ ඉන්නෙ එහෙට යමුද”
    පොඩිනා පැමිණීම නිසා ඇස් පැටලුම ලිහී ගියෙය.
    “අ..හා හා “
    “අම්මා ඉන්නව එහා පැත්තෙ අපි ඒ පැත්තට යන්නද”
    එපා කියන්නට උවමනා උනත් අරින්ද නිහඬව හිස සැලුවේය.