තාරු (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    9

    අරින්ද නගරයට ගියේ අවශ්‍ය අඩුම කුඩුම කීපයක් මිලදී ගැනීමට තිබූ බැවිනි.කඩ සාප්පු කීපයකටම ගොස් විවිධ කලමනා මිළදි ගත් ඔහු මහත් වෙහෙසට පත්ව සිටි නිසා අවන්හලකට ගොඩවුණේ මොනවා හෝ බොන්නට සිතා ගෙනය.
    “මල්ලි කොකා කෝලා එකක් ගේන්නකො”
    විදුලි පංකාව අසලින්ම තිබූ ආසනයේ අසුන් ගත් අරින්ද කමිසයේ උඩ බොත්තම ලිහිල් කලේ දාහය දරාගන්නට බැරි තරම් වූ නිසාවෙනි.තාරුකා සමඟ යන ගමන පිළිබඳව සිත මහත් උනන්දුවක් දක්වන්නෙ මන්දැයි විමසා සිටින්නට උවමනා නැත.හිතේ පවත්වාගෙන ආ අරමුණ කෙමෙන් තමා අතින් ගිලිහී යනවාදැයි ඔහුට සිතුනේ ඉබේටමය.”නෑ මේකෙන් වෙන්නෙ ඒ වැඩේ තව ලේසි වෙන එක”ඊළඟ මොහොතේ අරින්ද කල්පනා කලේය.තාරුකා ගේ මවට සමීප වන්නට ලැබීම තවත් හොඳ කාරණාවකි.තාරුකාටත් වඩා වලව්වේ විස්තර දන්නේ ඈය.ඇතැම්විට නිදානය පිළිබඳව ඇති පුස්කොල පොත ගැන පවා ඈ දැන ඉන්නවා වන්නට පුලුවන.සිතුවිලි දාමයේ ගැලී උන් අරින්ද හිස එසවූ මොහොතේ තමා ඉදිරියේ උන් පුද්ගලයකු තමාදෙස බලා සිටිනු අහම්බෙන් දුටුවේය .සැකකල යුතු යමක් නැතද හිතට චකිතයක් ආවේ සැනෙකිනි.
    පසු ගිය වසර ගනනාවක් පුරා කර ඇත්තේ දඩුවම් ලැබිය හැකි වැරදි වලට උදව් වීමය.සෑම මොහොතකම ජීවිත අවදානමක් ඇත.අවි ගත්තෝ නසින්නේ අවියෙන්ම ය.තම අනන්‍යතාව සහ සරත් සමග හවුල්කාර බව දන්නේ අතලොස්සක් පමණි .සරත් ද සැමවිටම අරින්ද ආරක්ෂා කරගන්නට මහන්සි වූයේ ඔහුගේ වටිනාකම දන්නා නිසාවෙනි .එනිසාම අරින්ද කරලියට ආවේ ඉතා අල්ප වශයෙනි .නමුත් මේ රස්සාව තරහකාරයින් පොලී වන ආකාරයේ එකකි.
    තමාගේ වෙනසක් නොපෙනෙන සේ හිඳින්නට අරින්ද මහත් උත්සාහ ගත්තද එය එසේ වූවාදැයි සැක සහිතය.ඔහු රහසේම ඉදිරියේ උන් පුද්ගලයාගේ ඡායාරූපය ක තම ජංගම දුරකථනයෙන් ලබා ගත්තේය .නමුත් පෙර කී පුද්ගලයා නැවත ඔහු දෙස බැලුවේ නැත ඔහු තම ආහාර පාන ගෙන නැගිට ගියෙන් අරින්ද ට යම් සහනයක් දැනුණි.තම බිලද ගෙවා අරින්ද පිටව ආවේ අනියමාර්තේ කලබල වීම ගැන තමාටම දොස් පවරන ගමන් ය.
    තාරුකා මැදිව සිටියේ උභතෝකෝටික ප්‍රශ්නය කය.අරින්ද සමඟ ආරණ්‍යයට යමුයි කියා අම්මාට කියන්නේ කෙසේදැයි සිතා ගන්නට බැරිය.ඈට බොරුවක් කියන්නටත් සිත දෙන්නේ නැත.නන්දිතා ට කතා කරගන්නට සිතුනත් අරින්ද ඈට අකමැති නිසා එසේ කරන්නට ද බැරිය.
    “මොකෝ සුදූ බර කල්පනාවක “
    අම්මාගේ වදනින් ඈ තිගැස්සී ගියා ය.
    “අ..මොකුත් නෑ අම්මා”
    “බොරු කියන්න එපා දරුවො මොකක්ද ප්‍රශ්නෙ ඔයාගෙ වෙනසක් මට අඳුනගන්න බැරි නෑ”
    අම්මා තමාට කෙතරම් ආදරේ දැයි තාරුකා දනී.ඈ අදරින් අම්මාගේ අතේ එල්ලුනාය .මේ කාරනාව කෙලින්ම අම්මාට කීවානම් ඉවරය.ඈ කියන දේකට එකඟ වීම තමාගේ ද යුතුකමකි .
    “නෑ අම්මා එදා අර පන්සලේ දි මගෙ යාලුවෙක් කියලා අදුන්නල දුන්නේ එයා රිසර්ච් එකක් කරනව ලංකාවේ ලේඛන ගැන..ලොකු හාමුදුරුවන් ට ඔය ගැන කීවාම උන්නාන්සෙ කීවා ධම්මප්‍රභ හාමුදුරුවෝ මුණගැහෙන්න උදව් කරයි කියල.ධම්මප්‍රභ හාමුදුරුවෝ ආරණ්‍යයක වැඩ ඉන්නව ලු ..අර ලමය ඇහුව ඒ පන්සලට යන්න එන්න පුලුවන් ද කියල..මම කීව තනියම බෑ කියල ..එහෙනම් අම්මා එක්ක එන්න කියනව ..මොකෝ කරන්නෙ”
    “ආ ඔය පැන්නේ බලලා මල්ලෙන් ..ඉගෙන ගන්න වැඩකට උදව් කලාට නම් වරදක් නෑ ..ඒත් ඔය මිනිස්සු මොන වගේ උදවියද කවුද දන්නෙ ..අද කාලේ අහන්න දකින්න තියෙන ඒවා බැලුවාම කාවද විස්වාස කරන්න පුලුවන් “
    “ඒකනම් එහෙම තමයි..අම්මා අකමැති කියල මම මගඇරල ඉන්නම්
    එතකොට හරිනෙ”
    එහෙම කීවාට සිතේ ඇත්තේ වෙන චේතනාව කි.
    “ආ මගෙ පිටින් දාල මෙයා සුදන වෙන්න..නරක වැඩක් නෙවෙයිනෙ අනික අපි දන්න තැනකටනෙ යන්නේ ..ඔයාට එයා විස්වාස නම් මාත් එන්නම් ගිහින් එන්න..ලොකු හාමුදුරුවෝ කාගෙදෝ අතේ පණිවිඩයක් එවලා තිබුණේ ඔය ගැන කියල”
    හිතේ සතුටක් තැවරුනේ නිතැතිනි .
    “අවිස්වාස කරන්න හේතුවක් නෑ අම්මා..මගෙ හොඳ ම යාලුවෙක් ගේ දන්න කෙනෙක් එයා..ඒ යාලුවට එදාට එන්න බැහැයි කියල තමා මගෙන් එන්න පුලුවන් ද ඇහුවෙ “
    අම්මා තුළ අරින්ද කෙරෙ විස්වාසය ක් ගොඩනැගීම තමා සතු වගකීමකි.
    අරින්ද නවාතැන්පොළට ආවේ මහත් වෙහෙසක් සහිතව ය.ගිනි අව්වේ යතුරු පැදිය පැදීම නිසා ඔහු හෙම්බත්ව සිටියේ ය.වතුර මල යටට වී බොහෝ වේලා සිටියත් ඒ හිතට මදිය.
    තාරුකා ගේ නමින් මග හැරුණු ඇමතුම් දෙකක් ඇති වග දුටුවේ නාගෙන ආ පසුවය.
    “හෙලෝ සුදු හාමිනේ ..මොකෝ දන් නෑ කතා කලේ”
    “පණිවිඩයක් කියන්න ගත්තේ ..”
    ඈ නිහඬව සිටින විට හිතේ ඉවසුම් නැතිව ගියා සේය.
    “ඔව් කියන්න ඉතිං..අම්මා මොකෝ කීවේ”
    “ඒක කියන්න තමා ගත්තේ ..අනේ සොරි අරින්ද මට එන්න වෙන එකක් නෑ”
    හිතට දුකක් පිවිසුනේ නිදානය පිළිබඳව සැලසුම් බිඳ වැටුණු නිසා නොවන බව අරින්ද දනී.
    “ආ එහෙමද ඒකට කමක් නෑ..එකට පිං දහම් කරන්න තරම් අපි පිංවන්ත නැතුව ඇති”
    අරින්ද ගේ වදන් නිසා හිතට දුකක් දැනුණි.
    “නෑ නෑ ලමයො අම්මා එන්නම් කීවා අඬලත් ඉවරයි”
    “අපේ මේ අහිංසක හිත් එක්ක සෙල්ලම් කරන්න එපා හරිද”
    “අම්මෝ මන් දන් නැද්ද අහිංසක තරම් කොටි හපුවෙක් වගේ”
    “අර ඒ පාර සත්තුන්ගෙ නම් කියලත් බනිණව”
    “අනේ බැන්නෙ කොහොද අප්පා..”
    “එහෙනම් ඉරිදා උදෙට මම ඔයාලව ගන්න එන්නම්..යාලුව එනවද ඇහුවෙ නැද්ද “
    “ඇහුව ඉතිං බොරුවක් කියල ශේප් කරගත්ත”
    “මම හින්ද පව් සිද්ද කරගන්න එපා”
    “ඔයා හින්දනේ ඒකට කමක් නෑ”
    “බුදු සරණයි තාරු “
    ඔබ මගේ මා ඔබේ කියා හුවමාරු ගිවිසුමක් ලියා නැතත් මේ හිත් පැටලී අවසන් ය.තාරුකා සිටින්නේ තුටිනි.අරින්ද හා දොඩමළු වන මොහොතක් පවා හිතට මිහිරක් එක්කර ඇත.අනෙකා වෙනුවෙන් බිඳෙන තැවෙන තුටුවෙන සිත් ඇත්තේ ආදරය හමුවේ ය.
    සරත් මේ දිනවල පසුවන්නේ දැඩි සිත් තැවුලෙනි.අත ගැසූ වැඩ කීපයක්ම වැරදී ගියේ නොසිතූ ලෙසටය.අලුතින් පත්වී ආ පොලිස් අදිකාරි තුමා මිලදී ගන්නට අමාරු හාදයෙකි.ඔහු හා ගැටෙන්නට යන්නටද නොහැකිය .ලද තොරතුරු අනුව පාතාල නායකයන් බහුතරයක් ඔහු නිසා පීඩාවට පත්ව ඇත.ඔහු විසින් අල්ලා ගත් ඇතැමුන් තම වැරදි වලට ජීවිතයෙන් පවා වන්දිබ්ගෙවා ඇත.ඩ්‍රග් ඩීල් හා ගණිකා මෙහෙයුම මදකට නවතා දමන්නට සිතුවේ ත්ත්වය සාමකාමි වනතුරුය.මේ සියල් කරදර මද්ධයයේ අරින්ද පිටමං කරන්නට වීම මහත් පාඩුවකි.ඔහුට බාර කල අනෙකුත් වැඩ කීපයක්ම ඔහු සම්පූර්ණ කර දුන්නේ නැත.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    11.gif
    +++
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    10

    හිතිං පිටමං කිරීමට නොහැකි හැගීමක් සරත්ට වද දෙමින් සිටී..සුරවීර කීවා සේ අරින්ද තමා රවටනවාද.
    “හෙලෝ අරින්ද මල්ලි කොහොමද ?”
    “හොඳයි අයියා වරදක් නෑ..වැඩේ කරගෙන යනව නිධානෙ ගැන විස්තර තියෙන පුස්කොල පොත ගැන දැනගන්න පොටක් පෑදිලා තියෙන්නෙ”
    “ඒක හොඳයි මල්ලි ..කොළඹ ඇවිත් යන්න වත් එන් නැද්ද ..බිස්නස් කීපයක්ම හිරවෙලා තියෙන්නෙ..අලුත් ඩී අයි ගී කාරය සුද්දයක් දානව ඔක්කොම හොල්මන් වෙලා ඉන්නෙ”
    “උඩින් ඉන්න කවුරුත් ගේම් ඉල්ලල නැද්ද”
    “ගේම තමයි ගිය සතියෙ ජූඩෙගෙ සෙට් එකක් ඇරසට් කලා මල්ලි දන්නවනෙ සතාගෙ හැටි ..මූ සෙට් එක රිලීස් කරන්න කියල පොලිසියට ගිහින් ..යනකොට ලොක්ක එතනලු මූට කොහොමත් වොරන්ට් පිට හිටියෙ ..අන්න ඌත් ඇතුලෙ දැන්..මට හිතෙන්නෙ රජයෙන්ම ගහන ගේම් එකක් අපිත් සද්ද වහල ඉන්නෙ”
    “ශේප් එකේ ඉම්මු අයි යා පොටක් එයි කොහෙන් හරි”
    “ඒක තමා මල්ලි වීක් එන්ඩ් එකේ මේ පැත්තෙ එන්න බැරිද මොකක් හරි මුලක් හොයා ගන්න මුගෙන් ගැලවෙන්න”
    “මේ සතියෙ බැරි වෙයි අයියා යොදාගත්ත වැඩක් තියේ ගෙවල් පැත්තෙ යන්නත් අදහසක් තියේ තාත්තා ට සනීප නෑ”
    “හරි හරි මල්ලි අවුලක් නෑ පුලුවන් වෙලාවට එන්න තිබ්බා එහෙනම්”
    සරත් දුරකථනය තැබුවේ හිතේ සතුටින් නොවේ.කවරදාකවත් නැතිව අරින්ද වැඩකට පසුබහින ගතියක් පෙන්නවයි.නයි වෛරව සිටි පියා බැලීමට ගමේ යන්නට උවමනා යැයි කීම පිළිගන්නට අමාරුය.සරත්ට එක වරම සිතුනේ අරින්ද තමා රවටමින් වෙන කාට හෝ වැඩකරනවා කියායි.මේ පිළිබඳව යමක් කල යුතුය.
    අරින්දට සංවාදය කෙලවර ඇතිවූයේ බියමුසු සංතාපයකි.තමා ආ මගෙහි ආපසු හැරීමක් නැත.සරත් අයියා තමාට බොහෝ උදපදව් කර ඇත.ඒ කෙසේ වෙතත් ඔහුට ද්‍රෝහි වූවන්ට සරත් සලකන අයුරු ත් අරින්ද දැක ඇත.නිදානය ගැනීම කෙසේ වෙතත් තාරුකා ගේ ලේ සෙලවීමට හිත හදා ගත නොහැකිය.යොදාගත් ගමන යා යුතුය තමා කරන්න ට ගිය මෙහෙයුම ඈ දැනගත හොත් ඈ තමා දෙස බලන්නේවත් නැති වග අරින්ද දනී.දැන් මගින් හැරී ගියහොත් සුරවීර කා මාර්ගයෙන් හෝ තම අරමුණ වෙත එළඹෙනවා නිසැකය.නිදානය ට කුමක් වූවත් ඒ අරබයා තාරුකා ට අනතුරක් වීමට ඉඩ තැබිය නොහැක.
    තාරුකා කල්පනා කරමින් උන්නේ පහුවදාට යෙදී ඇති ගමන පිළිබඳව ය.පුරුද්දක් ලෙස ඈ විනෝද චාරිකා වන්දනා වලට එතරම් සහභාගි වූයේ නැත.ඒ තමා නිසා අන් අයට වන අපහසුතාවයට අකමැති නිසාවෙනි.එවන් ප්‍රතිපත්තිය ක එල්බ සිටියත් අරින්ද හා මේ ගමන යාමට හිතට ඇත්තේ අසීමිත කලබලයකි.ජීවිතේ නුහුරු මානයක් කරා තමා තල්ලු වෙමින් යන වග ඈ සිතුවේ සතුටිනි.ආබාධිත බව නිසා මුලුගැන්වී සිටීමට අවශ්‍ය නැත.ජීවිතය ඇත්තේ විඳීමට මිස විඳවීමට නොවේ.
    “මොකෝ සුදු හාමිනේ බර කල්පනාවක”
    අම්මා ළඟට එන තුරුම ඈ දුටුවේ නැත.
    “නෑ අම්මා හෙට ගමනට පොඩ්ඩක් සූදානම් උනා”
    “හ්ම්..පිරිකර මොනාහරි ලෑස්ති කරගන්න වෙයි නේද..අප්පච්චි හා කීවෙත් නෑ එපා කීවෙත් නෑ අනේ මන්දා “
    “හෙට උදේට එපා කියාවිද ...අරින්ද ටත් බනීද දන්නෙ නෑ?”
    “ඒ අහවල් එකකටද එයැයිට බැරි නම් ඉන්න කියල අපි ගිහින් එමු..ඉස්සර ගමන් යන්න හරි රුසිය වරක් සිරීපාදෙ ගිහින් මට හති හැදිල මගින් හැරිල ආවේ අඬ අඬ”
    අම්මා කවුලුවෙන් එපිට බලා සුසුමක් හෙලුවේ අද ඒ ආදරයට කුමක් වී ඇත්දැයි තමාගෙන් අසාගන්නා ගමන්‍ ය.
    “ඔයාගෙ යාලුව එන්නේ නැද්ද “
    “ඒවිද දන්නෙ නෑ මොකක්ද වැඩක් තියේ කිව්වා”
    “හරි හමන්වට අදුරන්නෙ ඒ ලමය නේද අපි නිකන් සවුත්තු වෙයිද දන්නෙ නෑ”
    “එහෙම වෙන්නෙ මොකටද මන් ආයෙ අහන්න්ම්කො නන්දි ගෙන්”
    එසේ පැවසුවද නන්දිතා ගමනට ඈඳා ගැනීමේ අදහසක් ඈට තිබුණේ නැත අරින්ද නන්දි ට අකමැති වා සේම නන්දි ද ඔහුට අකමැති වග ඈ දනී.
    උදේ පාන්දරින්ම අවදි වූ තාරුකා සුදු අත්දිග බලව්සයක් හා දිගුසායකින් සැරසුනාය.ඇඳුමට සරිලන සේ පබලු තෝඩු දෙකක් පැළඳි ඈ ඒ හැඩ බැලුවේ ආසාවෙනි.මල් පහන් හා පිරිකර සඳහා කලමනා පොඩිනා විසින් සූදානම් කර තිබුණි .අම්මා සුපුරුදු ඔසරියකින් සැරසී උන්නාය.පිළිවෙලට හැද පැළඳ ඉන්නට විසිතුරු කරන්නට ගෑණු සිත් කවදත් කැමති ය.වයසට ගියත් අම්මා තරුණ වියේ සුන්දර යුවතියක් කියන්නට ලක්ෂණ තවමත් නොඅඩු ව ඇති බැව් තාරුකා සිතුවාය.දැන් ඇත්තේ අරින්ද ගේ පමාව පමණි.අම්මාත් තාරුකා ත් සාලයට වී මගබලා හිඳින විට අප්පච්චි විත් හාන්සි පුටුවේ වාඩිවුණේය.තාරුකා ගේ හිතට චකිතයක් පිවිසියේ නිරායාසයෙනි .
    “වේල පහින් ගියානම්නෙ හොඳ දවාලෙ ගල් පොත්ත රත් උනාම ඇවිදිනව බොරු”
    අප්පච්චි ගෙන් එවන් ප්‍රතිචාරයක් ඈ බලාපොරොත්තු වූයේ නැත.
    “දැන් ළඟ එනව කිව්ව අප්පච්චි “
    එසේ කියන විටම පොල් වත්ත මැදින් ඇති ගුරු පාරේ වලව්ව දෙසට ඇදෙන මොන්ටෙරෝ ජීප් රතය තාරුකා දුටුවාය .
    අරින්ද රාත්‍රී කාලයේම ගමනට අවශ්‍ය කලමනා රතයේ පටවා ගත්තේ ය.තාරුකා නිසා තමා වෙනස්වී ඇති බව ඔහුටම දැනී ඇත.වැරදි කරනවුන් සැමවිටම ජීවත් වන්නේ බියෙන් හා සැකයෙනි.සරත් අය්යා අද සිටින තත්ත්වය ඊට හොඳම නිදසුනකි .මිනිසෙකුට ජීවිතේ වරදින්නට ත්ත්පර ගානක් ඇතිය නමුත් වැරැද්දක් නිවරදි කරන්නට ජීවිත කාලයක් මදිවන්නට පුලුවන.අද වැරදි නොකර තමාට කියා හම්බකරගෙන ජීවත් වන්නට ශිල්පයක් තමා සතුව ඇත.තාරුකා තම ජීවිතය ට ආවේ කුමක් හෝ පිනකටය.
    උදෑසනින් අවදි වූ අරින්ද රතය පනගන්වා මගට බැස්සේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් සමගිනි.ඇති තරම් පෙම්වතියන් සිටියත් මේ දැනෙන හැඟීම සුවිශේෂී එකකි.එහි ඇත්තේ ජීවන අර්ථයකි.නවාතැන් පොලේ සිට නගරයට එනතුරුම අරින්ද සිතුවේ තාරුකා ගැනය.වාහන කීපයක්ම තමා පසුකර ගියත් ඒ ගැන හැඟීමක් අරින්ද ට තිබුණේ නැත.නමුත් කෙතරම් ඉඩ ලබා දුන්නත් තමා පසුකර නොයන යතුරු පැදි කරුවන් දෙදෙනා කෙරේ අරින්ද ට උපන්නේ සැකයකි.තමා ගෙවන ජීවිතයේ අනතුර කොයි මොහොතේද කියා නැති වග දන්නා නිසා අරින්ද කල්පනාකාරී වුනේය .එක් වරම රතය වේගවත් කොට වංගුව ගත්තේ යතුරුපැදි කරුවන් නොසිතූ ලෙස නිසා ඔවුන් හා තමා අතර දුරක් පවත්වා ගන්නට අරින්ද ට ඉඩ ලැබිණි.ඊළඟ වංගුවෙන් ඔබ්බේ වූ අතුරු පාරකට රතය හරවා යතුරුපැදි කරුවන් මග හරවා ගන්නට අරින්ද ට හැකියාව ලැබුණි .
    එක්කෝ මේ තම සිතේ උපන් අනවශ්‍ය බියකි හිතලුවකි එසේ නැතිනම් සරත් හෝ සුරවීර විසින් තමා ගැන ඔත්තු බලන්නට කවුරුන් හෝ යොදවා ඇත.කෙසේ වෙතත් දැන් මේ පිළිබඳව වද වෙන්නට වෙලාව නොවන වග අරින්ද සිතුවේය .අතුරු මාර්ග කීපයකින් ගොස් වටයක් ගසා නගරයට ගිය ඔහු කුලී පදනමට ලබාගත් ජීප් රිය වෙනුවට වැඩි මුදලක්ද ගෙවා පැරනි හොඳ තත්වයේ මොන්ටෙරෝ රතයක් ලබා ගත්තේ වැඩි ආරක්ෂා වටය.සියලු කාරනා නිසා තාරුකා ගේ නිවසට ළඟා වූයේ පොරොන්දු වූ වේලාවට පැයක් ප්‍රමාදවය.
    වලව්වේ මිදුලේ රතය නවතා අරින්ද ඉන් බැස ආවේ සිනාවතිනි.තාරුකා අත්වාරුවෙන් ඔහු පිළිගන්නට පෙරමග ආවාය.
    “පොඩ්ඩක් ලේට් උනා තාරු “
    “හොඳ පොඩ්ඩ නේද අම්මා”
    “හරි හරි ඔය දරුවට ගෙට ගොඩවෙන්න දෙන්නකො”
    අරින්ද ඉස්තෝප්පුවේ උන් අම්මාගේ දෙපා වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.
    “අප්පච්චි මේ අරින්ද “
    “අම්මාව නම් පන්සලේ දි මුණගැහුනනෙ”
    කියමින් අරින්ද අප්පච්චි ටද නමස්කාර කලේය.
    “කොහොමද පුතා..මොකෝ පරක්කු උනේ”
    “නෑ මේ වාහ්නේ පොඩි ට්‍රබල් එකක් ආව අන්කල්”
    “ඕවා ඔහොම තමා යක්ඩ ගොඩවල් විස්වාස කරන්න නරකයි..පොඩිනා තේ ලෑස්ති ද”
    සාමාන්‍යයෙන් වැඩි කතාබහක් නැති අප්පච්චි අරින්ද හා හරි හරියට දොඩමලුව සිටිනා අයුරු තාරුකා බලා සිටියේ පුදුම සිතිනි .
    “තව ප්‍රමාද නොවී පිටත් වෙමු නේද”
    තේ පානයෙන් පසු අම්මා මතක් කලේ කාටත් ගමන අමතක වී ඇතිවා සේ නිසාය.
    “අන්කලුත් ඔන්න ඔහෙ ගිහින් එමු..මේ බවලත්තු එක්ක මට කම්මැලි ත් එක්ක”
    අම්මා අප්පච්චි දෙසත් තාරුකා දෙසත් බැලුවේ ඔහුගේ පිලිතුරු මොනවාගේ වේදැයි සිතමිනි.
    “අද බෑ පුතා වැඩ වගයක් තියේ”
    “වැඩනම් හෙටත් කලහැකිනෙ ...ගිහින් එමු කට්ටියම “
    අරින්ද අම්මා දෙස බැලුවේ අප්පච්චි කැමතිකරවාගන්නට කියන්නට මෙනි.
    පිටස්තරයකු සමග ඔහු මෙතරම් කුලුපග වන්නේ ඉතා කලාතුරකින් වග හොඳ ටම දන්නා නිසා ඈ හඬ අවදි කලාය.
    “වාහනේ ඉඩත් තියෙන එකේ ගිහින් එමුකො මහ දුරකට නෙවේනෙ”
    මදක් කල්පනාවේ සිටි අප්පච්චි
    “පොඩ්ඩක් ඉමු එහෙනම් මම ඇඳුමක් දාගෙන එන්නම්”
     
    • Like
    Reactions: DangerMan119