තැපෑලේ වාහන 42ක් අතුරුදන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තැපැල්පති නමින් ලියාපදිංචි කෙරුණු වාහන 42 ක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිම තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

    තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ගත් තොරතුරු සැසඳීමේදී මෙම වාහනවල අඩුව පිළිබඳ කරුණු අනාවරණයවූ බවද එම වාර්තාවේ දැක්වේ.

    මේ සම්බන්ධයෙන් අප තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන වසර 30 - 50 අතර පැරැණි ඒවා බවයි.

    මෙම වාහන පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවල අඩංගුව තිබුණත් තැපල් දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ලැයිස්තුවේ නැතැයි පවසන තැපැල්පතිවරයා එම වාහන රටේ කොහේ හෝ ධාවනය වෙනවා නම් හෝ කිසිවකු හෝ ඒවාට ආදායම් බලපත්‍ර ගන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු වහා දෙන ලෙස
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලීමක් කර ඇති බවයි.

    කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඒ තොරතුරු තවමත් ලබාදී නැතැයි පැවසූ සත්කුමාර මහතා එම වාහන පිළිබඳ තොරතුරු නැත්නම් ඒවා දත්ත පද්ධතියෙන් ඉවත් කරන ලෙසටද ඉල්ලීමක් කළ බව සඳහන් කළේය.
    මේ අතර තැපල් දෙපාර්තමේන්තුවේ 60 ශ්‍රී 7256 දරන බස් රථය භාවිතයෙන් ඉවත්කර තිබුණද ඒ සඳහා ඉදිරි කටයුතු කර නොතිබුණු බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
    මේ පිළිබඳව අප තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම බස් රථය මුද්දර කාර්යාංශයේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

    ehema karanna kohomada ban?
    තැපැල්පති රුවන් සත්කුමාර ammage ahawal eke dila gaththu wahanada mewa.
     

    Similar threads