තැඹිලි වවුලා මෙන්න

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    තැඹිලි වවුලා මෙන්න

    එප්පාවල මැඩියාව ප්‍රදේශයේ නිවස පිහිටි ගෙවත්තේ සිටි දුර්ලභ ගනයේ තැඹිලි හා කළු පැහැයෙන් යුතු වර්ණවත් වවුලෙකු එච්.පී.එම් ආනන්ද මහතාට අඟහරුවාදා(17)සවස හමු වී ඇත.
    wau1.png
    ආනන්ද මහතා කෙසෙල් ගසක කදෙහි තැඹිලි හා කළු පැහැයෙන් යුතු වවුලන් යුවලක් සිටිනු දැක ඇති අතර එම වවුලන් ඇල්ලීමට යාමේදී එක් වවුලෙකු පියඹා ගොස් ඇත. ඔහු විසින් අනෙක් වවුලා අල්ලා ගැනීමට සමත්ව ඇත. කිසිදා නොදුටු දුර්ලභ ඝනයේ වර්ණවත් වවුලෙකු ආනන්ද මහතාගේ නිවසේ සිටින බවට ගම්වාසීන් දැනගැනීමෙන් පසු වවුලා දැක ගැනීමට ආනන්ද මහතාගේ නිවසට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණියහ.
    wau.png

    මෙවැනි වර්ණවත් වවුලෙකු මින් පෙර දැක නොමැති බවද ගම්වාසීන් පැවසු අතර මෙම වවුලා ජාතික සත්ව උද්‍යානයට හෝ සතුන් පිළිබද පරීක්ෂණ සිදු කරන රජයේ ආයතනයකට ලබා දීමට තමා කැමති බවද ආනන්ද මහතා වැඩිදුරටත් පැවසීය.
    wau2.png

    ජායාරූප සටහන අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසුරිය --ලක්බිම--
     

    Similar threads