තැලසීමියාව ගැන ඔබ දත් දේ සහ නොදත් දේ.

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    තැලසීමියාව ගැන ඔබ දත් දේ සහ නොදත් දේ.

    තැලසීමියා පොරොන්දම

    මෙය තැලසීමියාව පිළිබඳව ඉදිරිපත් කල මාතෘකා වලින් ඉතාම වැදගත් එකක් ලෙස සැලකිය හැකිය.එය එසේ වන්නේ අනාගත පරපුරක නිරෝගිතාවය අද ඔබේ දැනුවත් භාවය මත තීරණය වන බැවිනි.

    තැලසීමියා පොරොන්දම යනු වාහකයන් දෙදෙනෙක් අතර විවාහයන් වැලක්වීමට හා ඒ පිළිබඳව දැනුවත් භාවය වැඩි කිරීම සඳහා ගෙන ආ සංකල්පයකි.


    තැලසීමියා රෝගය සුව කල නොහැකි වුවත් එය සම්පුර්ණයෙන්ම වලක්වා ගත හැකි රෝගී තත්වයකි.
    තැලසීමියා රෝගයෙන් තොර දරුවෙක් සදහා එකම අවශ්‍යතාවය වනුයේ දෙමව්පියන්ගෙන් එක අයෙකු හෝ නිරෝගී වීමයි.(පෙර ලිපි වලින් පැහැදිලි කල අයුරින් )

    මේ සඳහා ඔබ කල යුත්තේ කුමක්ද?

    සෑම අයෙක්ම විවාහය සඳහා තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර රුධිර පරීක්ෂාවක් මගින් තමා වාහකයෙකුදැයි හඳුනා ගන්න.එවිට විවාහය පිළිබඳව බුද්ධිමත් තීරණයක් ගත හැකිය.



    වාහකයෙකු නම් තවත් එවැනි වාහකයෙකු සමග විවාහ ගිවිස නොගැනීමට වග බලාගන්න.
    (තැලසීමියා පොරොන්දම නොගැලපේනම්)




    ඔබ වාහකයෙකු නොවේ නම් ඔබ තැලසීමියා වහකෙයෙකු හෝ රෝගියෙකු සමග විවාහ වුවත් ඔබට දාව තැලසීමියා රෝගී දරුවෙකු බිහි නොවේ .


    ඔබගේ ඉදිරි පියවර විය යුත්තේ,

    ඔබේ විවාහයට පෙර හැකි ඉක්මනින් ලගම ඇති තැලසීමියා මධ්‍යස්ථානයක් වෙත යන්න .එහිදී ඔබගෙන් රුධිර සාමපලයක් ගෙන නොමිලයේ පරීක්ෂා කර බලනු ලබන අතර පැයකටත් අඩු කාලයකදී එහි ප්‍රතිපල ලබාදෙන අතර වෛද්‍යවරයෙකු විසින් එය පරීක්ෂා කර බලා ඔබ නිරෝගී නම් හරිත පතක්ද ඔබ වාහකයෙකු නම් රෝස පතක්ද නිකුත් කරනු ලැබෙයි.

    කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේදී
    සතියේ දින වලදී නම් පෙ.ව 8.00-ප.ව 11.30
    ප.ව 2.30-ප.ව 3.30
    සෙනසුරාදා දින පෙ.ව 8.00-ප.ව 11.30
    යන කාලයන් හිදී රුධිර පරීක්ෂාවන් සිදු කරනු ලැබේ.
    ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී වසා ඇත.


    සියලු පොරොන්දම් ගලපමින් රුපියල් දහස් ගණනින් වැය කරමින් සිදු කරන ඔබේ විවාහය අරුත්දායක වීමටත් ඔබේ අද නොසැලකිල්ල හෝ ප්‍රමාදය පසුව පසුතැවිල්ලක් නොවීමටත් වගබලා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමය,.ඔබත් අදම ඔබේ රුධිර පරීක්ෂාව කරගන්න .

    වලක්වා ගත හැකි මෙවැනි රෝගිත්ත්වයන් වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සැම පුරවැසියෙකුගේම යුතුකමකි.

    වැඩි විස්තර සඳහා
    ජාතික තැලසීමියා මධ්‍යස්ථානය
    ශික්ෂණ රෝහල
    කුරුණෑගල
    037-2222261/62
    037-2233906
    0372224131

    [email protected]





    for more info
    visit
    http://thalassaemiainfoportalsrilanka.blogspot.com/​


    comments are appreciated
     
    Last edited:
    • Like
    Reactions: MNV and asylum

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ඔබ දැනුවත්ද ?

    ඔබේ දැනුවත් භාවය නිසා
    තැලසීමියා යනු ආවේණිගත රෝගයකි.තැලසීමියා වාහක දෙමව්පියන් දෙපලකට තැලසීමියා රෝගී දරුවෙකු බිහිවිය හැකිය.
    දැනට ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගී දරුවන් 2700-3000 ප්‍රමාණයක් සිටින බව අස්තිමේන්තු කර ඇත.
    මෙම තැලසීමියා රෝගී දරුවන්ට මාස 5 න් පසුව බොහෝවිට මාස් පතා රුධිරය මුළු ජීවිත කාලය පුරාවටම ලබාදිය යුතු අතර මෙම රුධිර පාරවිලයනය නිසා සිරුරේ තැන්පත් වන යකඩ ඉවත් කිරීමේ ඖෂධ ද මුළු ජීවිත කාලය පුරාවටම භාවිතා කල යුතුය.


    පළමු වසර තුලදී මෙම යකඩ ඉවත් කිරීම සදහා desferioxiamine එන්නත් කුප්පි 10-15 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එන එකක අද වටිනාකම රු 800 ක් පමණ වේ.


    මෙම එන්නත ශරීර ගත කිරීමට භාවිත වන නික්ෂේපණ පොම්පය රු 50000ක් පමණ වේ.(මෙය දැනට නාවික හමුදාව මගින් සුභසාධන වැඩසටහනක් ලෙස නොමිලයේ ලබා දීම සිදු කෙරයි.)


    යකඩ ඉවත් කිරීමට භාවිතා කරන desferasirox නම් පෙත්ත දිනකට දෙවරක් පමණ භාවිත කලයුතු අතර එම පෙත්තක මිල රු 400ක් පමණ වේ.

    මේ අනුව රජය තැලසීමියා රෝගී දරුවෙකු වෙනුවෙන් අවුරුද්දකට රු 400000 සිට මිලියනයක මුදලක් වැය කරන අතර අවුරුද්දකට රු මිලියන 1700ක මුදලක් වෙන් කෙරෙන අතර එය රජයේ මුළු ජාතික ඖෂධ වියදමෙන් 7% ක ප්‍රමාණයකි.[
    තත්වය මෙසේ තිබියදී ලංකාවේ ජනගහනයෙන් 500000 ක පමණ ප්‍රමාණයක් තැලසීමියා වාහකයන් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් ඒ බැව් නොදනී.​

    Kidthinking.jpg




    වැඩි විස්තර සදහා පිවිසෙන්න
    .
     
    Last edited: