Questions තෑගි ඔප්පු සම්බන්ධ නීතිය

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ මල්ලි ගෙදර ලියල දෙන්ඩ කියල කියනව.
    මගෙ ගෙදර තාම හදල ඉවර නෑ (මම අයිය)

    මේ page එකේ තියෙන විදියට:


    3. ජීවිත භුක්තිය සහිත තෑගි ඔප්පු
    ජීවිත භුක්තිය සදහන් කිරීමෙදී අවශ්‍ය නම් දීමනාකරුගේ හෝ දීමනාකරුට අවශ්‍ය ඕනෑම අයෙකුගේ සම්පූර්ණ ජීවිත භුක්ති බලය හෝ යම් විශේෂිත කොන්දේසි වලට යටත් වූ ජීවිත භුක්ති බලය සදහන් කොට ඔප්පුව සැකසිය හැක.


    1. මේ විදියට අම්මගෙයි තාත්තගෙයි සම්පුර්ණ ජිවිත භුක්තිය සහ මගේ වසර තුනක ජිවිත භුක්තිය තියල ලියන්න පුළුවන්ද?
    2. බැරිනම් මගේ සම්පුර්ණ ජිවිත භුක්තිය ලියල පස්සේ එක අයින් කරන්ඩ පුලුවන්ද?
    3. මල්ලි අම්මට තාත්තට නොසලකා හැරියොත් ඔප්පුව cancel කරන්න පුලුවන්ද?
    4. මේ ඔප්පුව බැංකුවක උකස් කරල සල්ලි ගන්න බැරිවෙන්න රැකවරණයක් තියෙනවද?
    5. මේ ගෙදර කඩන්නේ නැති වෙන්න රැකවරණයක් තියෙනවද?


    ස්තුති
     
    • Like
    Reactions: siri_ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට දෙමාපියන්ගෙන් දේපල ලැබුනද? ඕනිනම් ගෙදර දෙන්නටම ලියන්න පුළුවන්.

    අපේ මල්ලි ගෙදර ලියල දෙන්ඩ කියල කියනව.
    මගෙ ගෙදර තාම හදල ඉවර නෑ (මම අයිය)

    මේ page එකේ තියෙන විදියට:


    3. මල්ලි අම්මට තාත්තට නොසලකා හැරියොත් ඔප්පුව cancel කරන්න පුලුවන්ද?
    අවුරුදු 10කට වඩා පරණ වුනාම ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම සමහර තෑගි ඔප්පු කැන්සල් කරන්නත් උසාවි ගිහින් බරපතල අකෘතඥතාවයක් ඔප්පු කරන්න වෙනවා.

    මම දන්න දෙන්නෙකුට දීපු දේපල දෙමාපියො ආයෙත් අරගෙන වෙන දරුවන්ට දුන්නා. ඒ අවස්ථා දෙකේදීම උන් දන්නේ නෑ දෙමාපියෝ දේපල පවරාගෙන වෙන එකෙකුට දුන්න කියලවත්.
    4. මේ ඔප්පුව බැංකුවක උකස් කරල සල්ලි ගන්න බැරිවෙන්න රැකවරණයක් තියෙනවද?
    උකස් කරන්න/විකුනන්න නම් ප්‍රාණභුක්තිය තියෙන කෙනා කැමතියි කියල බැංකුවට ලියුමක් දෙන්න ඕන.
    5. මේ ගෙදර කඩන්නේ නැති වෙන්න රැකවරණයක් තියෙනවද?

    ස්තුති
    වැදගත් ප්‍රශ්ණයක්. මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන ලෝයර් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    තෑගි ඔප්පුවක් ලිවීමේදී ජීවිත භුක්තිය තබා ගෙන අවලංගු කිරීමේ අයිතිය තමා වෙත තබා ගන්නවා යන කොන්දේසිය ඇතුළත් කරමින් ලිවිය හැකිය. එවිට එම ඉඩම විකුණනවා නම් ජීවිත බුක්තිකරු අනිවාර්යෙන් අත්සන් කළ යුතුය. බැංකුවකට උකස් කිරීමට මෙවැනි කොන්දේසියක් ඇතුලත් කිරීමේදී හැකියාවක් නොමැත. බැංකුවකට උකස් කරන්නේ නම් අවලංගු කිරීමේ අයිතිය අතහැර ජීවිත භුක්තිය ද අවලංගු කළ යුතුය.
    (මං අම්මගෙන් අහගෙන තමයි මේ Answer එක ලිව්වේ.)
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    තෑගි දිමනාකරුගේ ලිඛිත අවසරයකින් තොරව දේපලෙහි කිසිදු ඉදිකිරිමක් සිදු කළ නොහැක වගේ කොන්දේසියක් දාලා ලියන්න කියන්න.
     
    • Like
    Reactions: Download_Now

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    bump GIF by Pixel Bandits
     
    • Like
    Reactions: The Kingslayer