තිප්පිලි

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    80376768-3029051820442513-3603054137698156544-n.jpg


    වර්තමානයේ බොහෝ දෙනා අප අවට පරිසරයේ තිබෙන ගහ කොළ හදුනන්නේ නැහැ. අප පරිසරයේ තිබෙන බොහෝ ශාක ඖෂධ වටිනාකමින් යුතු ඒවා වනවා. එදිනෙද අපට ඇතිවන රෝග මෙන්ම විවිධ හදිසි අනතුරු සදහා විසදුම් මෙන්ම බෙහෙත් වර්ගද අප අවට පරිසරයෙන්ම සොයා ගත හැකිනම් අප කෙතරම් වාසනාවන්තද ? ඉතින් හදුනාගනිමු ඔසු පැළයක රුව, ගුණ, වරුණ …

    තිප්පිලි – Pipera Longum

    තිප්පිලි කියන්නේ තෙතමනය බහුල ස්ථාන වල පැතිරී වැවෙන වැල් විශේෂයක්. පිප්පලී කියලත් මෙයහදුන්වනවා. තිප්පලී ශාකයේ ඔසු ගුණ ඇත්තේ වියළන ලද කරල්වල සහ මුල්වලයි. කරල් වියළාගත යුත්තේ සුළඟින් වනවා. මෙම කරල් කොළ පාටින් යුක්ත වන අතර පසුව කහපාටටද වියලන විට කළු පාටටද හැරෙනවා.

    තිප්පිලි සෙම් රෝග වලට නැතිවම බැරි ඔසුවක් .එමගින් ශරීරයේ සෙම පිටකිරීම හොදින් සිදුකරනවා. ආහාර දිරවීම හොදින් වර්ධනය කරන ගුණයක්ද මෙහි ඇති නිසා ආහාර ගැනීමට පෙර හෝ ආහාර ගන්නා අතරතුර තිප්පිලි කරලක් සැපීම අපේ පැරැණ්නන් අතර සිරිතක්ව තිබුණා. එමගින් ආහාර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ශරීර ශක්තිය වර්ධනය සදහාද තිප්පිලි හොද ඔසුවක් ලෙස භාවිතා කෙරුණා.

    ඒ වගේම මේ මගින් සිරුරේ රුධිරය නිපදවන පටක උත්තේජනය කරන නිසා හොදින් රුධිරය වැඩිමටද තිප්පිලි උපකාරී වනවා .

    වේදනා නාශක ගුණයක් ඇති නිසාවෙන් විෂ සහිත කෘමින් දෂ්ට කළ විට අත් බෙහෙතක් ලෙස භාවිතා කරන්නට පුළුවනි. කරලක් ඇල්දියෙන් උලච්චි කර එම දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනවා. සිරුර අකලට දිරාපත්වීම සහ සිරුරේ පැහැපත් බව නැතිවීම වලක්වා ගැනීමට තිප්පිලි කරලක් මී පැණි සමග දිනපතා උදයට ගැනීම සුදුසුයි. තවද එය මගින් ශරිරය විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වනවා.

    වැවෙන පරිසරය

    හොඳින් ජලය සැපයිය හැකි සිසිල් පරිසරයක වගාකරගත හැකියි. අඩි එකහමාරක් පමණ උසට වැවෙන අතර ජලාශ ආශ්‍රිතව පස ආවරණය කිරීමට සුදුසුයි. පෝච්චියක අලංකාර පැලෑටියක් ලෙසද වවා ගන්නට පුළුවනි.

    - උපුටා ගැනිමකි -
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    අපේ ගෙදර කැලේට හැදිලා තියනවා
    ඕවයෙ කරල් වේලලා විකුනන්න පුලුවන් ගම්මිරිස් වලටත් වඩා ගනන්ද කොහෙද
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    අපේ ගෙදර කැලේට හැදිලා තියනවා
    ඕවයෙ කරල් වේලලා විකුනන්න පුලුවන් ගම්මිරිස් වලටත් වඩා ගනන්ද කොහෙද

    :shocked::shocked: