තිරුපති වන්දනාවට කලින් මෙය කියවන්න...
තිරුපති වන්දනාවට කලින් මෙය කියවන්න...
තිරුපති දෙවොල ලොව බලවත්ම මෙන්ම ජනප්‍රියම විෂ්ණු දෙවොලයි. ශ්‍රී ලාංකික දේශපාලකයන් ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙක් වර්ෂයක් පාසා තිරුපති වන්දනාවේ යති. තිරුපති යනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, අන්ද්‍රd ප්‍රදේශයේ, චිතුර් දිස්ත්‍රික්කයේ, තිරුමාලා නගරයේ පිහිටා ඇති ලොව විශාලතම විෂ්ණු කෝවිලයි. එය ඉතා අනුහස් ඇති බලවත් ස්ථානයක් බවට විශාල පිළිගැනීමක් තිබේ. තිරු යනු ශ්‍රී යන්නයි. ශ්‍රී කාන්තාව යනු ලක්ෂ්මී දෙවඟනයි. පති යනු සැමියා යන්නයි එහි අදහස ලක්ෂ්මී දේවියගේ සැමියාගේ දෙවොල යන්නයි.
ඉන්දියානුවන් විශේෂයෙන් හින්දු භක්තිකයන් විෂ්ණු දෙවියන් හඳුන්වන්නේ වෙන්කටේශ්වර නොහොත් බලාජී, ගෝවින්දා සහ සිරිනිවාස යන අන්වර්ථ නාමයන් වලිනි. හින්දු භක්තිකයන් ඉතාමත් ගෞරවයෙන් අදහන මෙම බලාජී නොහොත් විෂ්ණු දෙවියන් ගේ පිළිමයක් හෝ පින්තූරයක් සෑම නිවසක මෙන්ම ව්‍යාපාර ස්ථානයකම දක්නට ලැබේ.
ප්‍රථමයෙන්ම මෙම ස්ථානයේ තිරුපති කෝවිල තනා ඇත්තේ 8 වන ශතවර්ෂයේදී තොන්ඩයිමන් නමැති ද්‍රවිඩ රජතුමෙකු විසිනි. විෂ්ණු දෙවියන් ඔහුට සිහිනෙන් දර්ශනය වී පැවසූ ලෙස මෙම ස්ථානයේ මෙම දෙවොල පිහිටුවා එහි ගෝපුරම් නමැති මහල සහ ප්‍රාකාරය තනා ඇති බව පැවසේ.
මෙම දෙවොල කඳු සතකින් සමන්විතවූ මනස්කාන්ත කඳු වළල්ලක කි.මී. 853 ක උසින් යුතු සත්වැනි කඳු මුදුනේ පිහිටා තිබේ. මෙහි ඇති කඳු මුදුන් සත හඳුන්වන්නේ නාගලොව සියලු නාගයන්ට අධිපති නාරජුන් වන අඩිශේෂ රජුගේ හිස් මුදුන් ලෙසය. මෙම දේවාලය පිහිටා තිබෙන්නේ වෙන්කට්රාඩි්ර නම් සත්වැනි කඳු මුදුනෙහිය. එම කඳු මුදුන් සත හනීලඩි්ර, අන්ජනාඩි්ර, ගරුඩාඩි්ර, ශේෂාඩි්ර, විෂාබාඩි්ර, නාරායනාඩි්ර, වෙන්කට්රාඩි්ර යනුවෙන් හැඳින්වේ.
වෙන්කටේශ්වර දෙවිඳුන් තම භක්තිවන්තයන් කලියුගයේ පීඩාවලින් බේරා ගැනීම සඳහා මෙම ස්ථානයේ පහළ වූ බව විශ්වාස කරන අතර ඒ නිසාම එය කලියුග වෛකුන්තන් නමින්ද හැඳින්වේ. මෙම දෙවොල තුළ ඇති පිළිමය ප්රාතිහාර්යක් ලෙස ඉබේම සැකසී ඇති බව එක් මතයකි. තවත් මතයක් නම් එය පෘථිවියේ දක්නට නැති ඉතා සුවිශේෂී වූ ගල් වර්ගයකින් නෙළන ලද්දක් බවයි. එම පිළිමය අඩි 9 ක් පමණ උසින් යුක්තය. දිනපතා පිළිමය සුවඳ පැනින් කිරිවලින් නාවා වස්ත්‍ර අන්ඳවා මල් දම් පළඳවා සුවඳ දුම් අල්වා නියමිත වතාවත් කරනු ලැබේ. මෙම සියලුම පූජා ද්‍රව්‍ය දෙවොලට කි.මී. 22 ක් දුරින් පිහිටි එක් විශේෂිත ගම්මානයක වැසියන් විසින් පිළියෙල කරන බවත්, එම ගම්මානය පිළිබඳ තොරතුරු කිසිවෙකුටත් එළි නොකරන බවත් පැවසේ. මෙම පිළිමය පිටුපස කුඩා දියපාරක් ගලා යන බවත්, දෙවොලෙන් ඉවත් කරන පූජා ද්‍රව්‍ය කිසිවෙකුට ලබාගත නොහැකි වන ලෙස මෙම දිය ඇල්ලට මුදාහරින බවත් පැවසේ.
මෙම සුවිශේෂී දෙවොලට ඉතා පැරැණි අතීතයක් ඇත. හින්දු සාහිත්‍යයේ සඳහන් පරිදි විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් කුළු හරකකු වෙසින් මෙම දෙවොල අසල වනයේ වාසය කර ඇත. පසු කලක විෂ්ණු දෙවියන් වෙන්කටේශ්වර දෙවියන් ලෙසින් මෙහි වැඩ වාසය කර ඇත. මෙම දෙවොල වන්දනා කිරීමට ප්‍රථම මෙම දෙවොල ආසන්නයේ ම පිහිටි පත්මාවතී දෙවොල වන්දනා කළ යුතු බව පැවසේ. මෙම පත්මාවතී යනු ලක්ෂ්මී දෙවඟනට කියන තවත් නමක් වන අතර එතුමිය විෂ්ණු දෙවිඳුන්ගේ පතිනිය වෙයි. නමුත් තවත් පුවතකට අනුව විෂ්ණු දෙවියන් සිරිනිවාස නමින් මිනිස් වෙසින්a ලොව පහළ වූ විට විවාහ කරගත් කුමාරිකාවක් බවයි.
ලොව විශාලම ධනයක් උපයන දෙවොල මෙයයි. එහි වාර්ෂික ආදායම ඉන්දියානු රුපියල් ක්රෝර 2000 ක් පමණ බව පැවසේ. මෙහිදී බොහෝ භක්තිවන්තයන් මුදල් මෙන්ම රන් ආභරණද පුජා කරති. මෙහි ආදායමෙන් සෑහෙන කොටසක් ලැබෙන්නේ භක්තිවන්තයන් සිදු කරන හිස මුඩු කිරීමෙන් ලැබෙන කෙස් විකිණීමෙන් බවද පැවසේa. මෙහිදී ස්ත්‍රී පුරුෂ භක්තිවන්තයන් සිදු කරන මෙම හිස් මුඩු කිරීමේ පූජාවේ අර්ථය වන්නේ දෙවියන් ඉදිරියේ තම දැඩි භක්තිය පළ කිරීමය. මීට අමතරව මේ පිළිබඳ වෙනත් කථා ප්‍රවෘත්තියක්ද තිබේ. විෂ්ණු දෙවියන් වනයේ වාසය කරන විට ආයුධයක් වැදීම නිසා තම හිස තුවාල වීමෙන් එම පෙදෙස හිස කෙස් රහිත වී ඇත. එවිට නීලා දේවිය නම් ගාන්ධර්ව කුමාරිකාවක් එය දැක තම හිසෙන් කෙස් ගලවා එම ස්ථානයේ අලවා ඇත. මෙය දුටු විෂ්ණු දෙවියන් මගේ භක්තිවන්තයන් හිස මුඩුකොට කෙස් දෙවොලට පූජා කිරීම තමාට කරන පූජාවක් බවද එම කෙස් සියල්ල නීලා දේවියට අයිති වන පූජාවක් බවද පවසා තිබේ. එදා පටන් මෙම සිරිත පැවැත්වේ.
මෙම දෙවොලේ ඉතිහාසය පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ඉතා සුප්‍රසිද්ධ රජ පෙළපත් වන පලවා පෙළපත (9 වැනි ශතවර්ෂය), චෝලා රජ පෙළපත (10 ශතවර්ෂය) සහ විජයනාගර් අධිරාජ්‍ය (14-15 ශතවර්ෂය) විසින් මෙම දෙවොලේ පාලන කටයුතු කර ඇති බවයි. අද වන විට මෙය පාලනය කරන්නේ තිරුමාලා තිරුපති දේවස්තානම (TTD) ආයතනයයි.
ඈත අතීතයේ එනම් ශතවර්ෂ 11-12 ත් අතර කාලයේ ජීවත්වූ රාමනුජාචාර්ය නම් ඉසිවරයා විසින් නියම කරන ලද වතාවත් අදටත් එලෙසම මෙම දෙවොලේ දී සිදු කෙරේ. දිනපතා දෙවියන් අවදි කිරීමේ පූජාව නොහොත් සුප්රබාතම් පූජාව අලුයම 3.00 ට පැවැත්වෙන අතර දෙවියන් නින්දට යැමේ පූජාව නොහොත් ඒකාන්ත පූජාව පැවැත්වෙන්නේ අලුයම 1.00 ටය .
මෙම දේවාලය වන්දනාමාන කිරීම දෙවියන්ගේ දර්ශනය නැරැඹීම සඳහා දිනකට 50000 - 100000 අතර ජනතාවක් සහ වසරකට මිලියන 30 - 40 ත් අතර ජනතාවක් පැමිණෙති. තිරුපති දෙවොල ආසන්නයේ මෙන්ම කඳු පාමුල නවාතැන් ගැනීමට සුදුසු හෝටල් මෙන්ම නවාතැන්පොළ රැසක් තිබේ. සමහර පුද්ගලයන් දෙපයින්ම කිලෝමීටර් 11 ක දුරක් පඩි 3550 ක් තරණය කොට දෙවියන් දර්ශනය කිරීමට පැමිණෙන අතර දේව දර්ශනයට අති විශාල පෝලිමක් දක්නට ලැබේ. නමුත් වැඩිහිටියන්ට සහ විදේශිකයන්ට වැඩිපුර මුදලක් දී මෙම පෝළිමේ මැදින් ඇතුල් වීමට කටයුතු සලසා තිබේ. එවිට පෝළිමේ සිටිය යුතු කාලසීමාව අඩු වේ. පෝළිමේ යන විට වතුර බෝතලයක් ගෙන යැම ඉතා වැදගත් වේ. දර්ශනය අවස්ථාව ක්ෂණයක් පමණක් බැවින් ඉතා කල්පනාවෙන් එම අවස්ථාව භාවිතා කළ යුතු වේ.
පඬුරු දැමීම සඳහා එම දොරටුවේ විශාල භාජනයක් තැන්පත් කර ඇත. මේ පිළිබඳව ද රසවත් කථා ප්‍රවෘත්aතියක් තිබේ. එනම් මෙම පඬුරු දමන්නේ විෂ්ණු දෙවියන් විසින් කුවේරයන්ගෙන් ගත් ණය මුදලක් ගෙවීමට බවයි. එනම් විෂ්ණු දෙවියන් පත්මාවතී දේවිය සමඟ විවාහ වීමේදී එම මංගල උත්සවය සදහා ධනයට අධිපති කුවේරයන්ගෙන් විශාල ණය මුදලක් ලබාගෙන තිබේ. එම ණය ගෙවීම සදහා භක්තිවන්තයන් දායකත්වය පඬුරු දැමීමෙනි.
සමහර වන්දනා ගමන් සංවිධායකයන් මෙම වන්දනාවට නඩයන් ගෙන ගියත්, එම ස්ථානය පිළිබඳ කිසිම විස්තරයක් හෝ දැනුවත් කිරීමක් කරන්නේ නැත. මේ නිසා බොහෝ වන්දනාකරුවන් අපහසුතාවට පත්වෙති. මම ද නොබෝදා එවැනි අත්දැකීමක් ලද හෙයින් ඔබ සැම දැනුවත් කිරීමට මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි. තිරුපති වන්දනා කිරීමට තම තමන්ට පහසුවෙන් පෞද්ගලිකවද කළ හැක. චෙන්නායි නගරයේ සිට බසයකින් හෝ වෑන් රථයකින් මෙම ගමන ආරම්භ කළ හැක. කි.මී. 140 ක් පමණ වන මෙම ගමන සඳහා සාමාන්‍යයෙන් පැය 4 - 5 ක පමණ කාලයක් වැයවේ. එදින රැය තිරුපතිහි නවාතැන්පොළක ගත කර, පසුදා උදේ තිරුපති වන්දනාව නිම කර නැවත චෙන්නායි නුවරට පැමිණිය හැක.
ඔබට මහා දෙවොලෙන් පිටතට පැමිණි විට වන්දනා මාන කිරීම සඳහා තවත් දේවාල කීපයක් ඇත. මහ දෙවොලෙන් පිටවන විටම ඔබට ලඩ්ඩු නමින් හැඳින්වෙන අග්ගලා වර්ගයක් සහ මුරුතැන් බත් ලබා දෙයි. ඔබට අවශ්‍ය සමරු තිළිණ වැනි දෑ ලබා ගැනීම සඳහා තව කිලෝමීටරයක් පමණ ඔබ්බෙහි පිහිටා ඇති තිරුපති වෙළෙඳ සංකීර්ණය වෙත යා යුතුය. එහිදී ඔබට බලාජී දෙවිඳුන්ගේ පින්තූර, පිළිම ආදී දෑ ලබාගත හැකියි. දිනකට විශාල පිරිසක් මෙම දෙවොල වන්දනා කරන බැවින් සෑහෙන තදබදයක් දක්නට ඇත. සාමාන්‍යයෙන් මාර්තු සිට ජුනි දක්වා කාලය තුළ අඟහරුවාදා සහ බදාදා දිනවල තරමක පිරිස් අඩු දවස් ලෙස සැලකේ.
මෙම දේවාලය වන්දනා කිරීමේදී කාන්තාවන් සාරිය හෝ පන්ජාබ් ක්රමයේ ඇඳුමක් ඇඳිය යුතු අතර සළුවක් ගෙන යැමද අත්‍යවශ්‍යය. පුරුෂයන් කුර්තා ක්රමයේ ඇඳුමක් හෝ වේට්ටියක් භාවිතා කළ යුතු අතර සෑම දෙනාම කලු පැහැති ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුය. මේ සඳහා බොහෝ භක්තිවන්තයන් යම් සීමිත කාලයක් මස් මාලු අනුභව කිරීමෙන් වැළකී සිටිති. එමෙන්ම පූජාවට සහභාගි වීමට ප්‍රථම නා පිරිසිදු වීම ඉතා වැදගත්ය. නවාතැන් ගැනීමේදී හැකිතාක් දෙවොලට ආසන්නව නවාතැන් ගතහොත් ඔබට කාලය ඉතිරි කරගත හැක.
ඔබද වන්දනාකරුවකු ලෙස ඒ ස්ථානයට යන විට ඒ පිළිබඳව මනා අධ්‍යයනයක් කොට යන්නේ නම් එම ගමන ඉතා සාර්ථක කරගත හැක. මෙම වන්දනාව තවත් අර්ථවත් කර ගැනීමට ඔබට එම ප්‍රදේශයේ තිබෙන තවත් සුප්‍රසිද්ධ කෝවිල් වන ශිව කෝවිල සහ අතරමඟ පිහිටා ඇති මුරුගන් කෝවිලද වන්දනා කළ හැක. නැරැඹීමට ඇති දේවල් අතර අලංකාර දිය ඇල්ලක් සහ පොකුණක්ද තිරුපති කෝවිලට කිලෝමීටර් 5 ක් පමණ ඇතුළත පිහිටා ඇත.
* ශ්‍රියානි ද සේරම්

Last edited: