තිසර-ෂෙරමි කැදැල්ල

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තිසර-ෂෙරමි කැදැල්ල

    SAN_6563-Cover.jpg



    ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක‍්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප‍්‍රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත‍්‍රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි.

    විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම කෝට්ටේ පාර්ලිමේන්තුවට ආසන්න ස්ථානයකයි.


    SAN_6432.jpg


    SAN_6486.jpg

    ”දැන් අපි මේ නිවසට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා.” තිසර කියන්නෙ එහෙමයි. හැබැයි අවුරුදු හයක් වුණත් කවුරුවත් දන්නෙ නැති තරම් කිව්වොත් හරි. ”අපට කාටවත් කියන්න ඕනෑ වුණොත් නැහැ. ඒක අපේ නිදහසට බාධාවක්.” තිසරගෙ ආදරණීය බිරිඳ ෂෙරමි කියන්නෙ එහෙමයි.

    පදිංචියට මේ නිවස සහ මේ පළාත තෝරා ගත්තෙ ඇයි?

    අද රටේ සිදුවන දේ දිහා බලද්දි අපි ආරක්ෂාව ගැන හිතුවා. ඇත්තටම මේ ගෙදර බලන්න කලින් අපි තව ගෙවල් 50ක් විතර බැලූවා. නමුත් අපට හිත ගියේ මේ නිවසටයි. මේක හැබැයි මගේ සැළසුමකට අනුව හදපු එකක් නෙවෙයි. එංගලන්ත ජාතික මහත්මයකුගේ නිවසක්. නමුත් එයා ආපසු එයාගේ එංගලන්තයේ ඇති නිවසට ගියාම මෙහේ එන්න අදහසක් තිබිලා නැහැ. එයාගෙන් පසුව මුල්ම පදිංචිකරුවා ලෙස මේ නිවසේ හිමිකාරිත්වය ලැබුණේ අපට. ගේ ගත්තට පසුව තමයි මෙය ක‍්‍රිකටර් කෙනෙක් ගත් බව එයා දැන ගත්තෙ.

    SAN_6550.jpg


    SAN_6453.jpg

    මෙතැන පදිංචියට ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?

    නගරයට සමීප වුණාට ඇත්තටම මෙතැන හරිම නිස්කලංකයි. ගමේ වගේ පරිසරයක් තියෙන්නේ. කවුරුවත් කෑ කෝ ගහන සද්ද නැහැ. හොඳ නිවැසියන් පිරිසක් පදිංචිව සිටින බව කියන්න පුළුවනි. අපි දෙන්නා බලාපොරොත්තු වූ නිදහස මෙහි තිබෙන්නේ. ඉතිං නෝනායි මායි සතුටින් ජීවත් වෙන බව කියන්න පුළුවනි.


    ෂෙරමි මේ නිවස ගැන ඔබ කොහොමද හිතන්නේ.

    ඇත්තටම හරි නිදහසක් දැනෙන්නේ. කාමර වුණත් තරමක් විශාලයි. ඒ අවකාශයට අපි කැමතියි. තිසර ටී.වී. ගේම්ස් වලට හරි කැමතියි. නිදහසේ සිටින වෙලාවට ටී.වී. ගේම්ස් කරන්න එයාට වෙනම ස්ථානයක් තියෙනවා. ඒ වගේම චිත‍්‍රපට නැරඹීමට එයා හරිම ආසයි. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු පුංචි සිනමාශාලාවක් මෙන් වූ ස්ථානයක් වෙනම තනා තිබෙනවා. මහල් දෙකකින් සමන්විත මෙහි ඔක්කෝම කාමර ගණන පහක් විතර වෙනවා. අපේ යාළුවෝ, නෑදෑයින් විවේකය ලැබුණ විගස මෙහි පැමිණෙනවා. ඉතින් ඒකට අපි හරි කැමතියි. ඒ කවුරුත් නැති වෙලාවට ”ටැලී” තමයි අපි දෙන්නො පස්සෙන්ම එන්නෙ. එයාට අපි නැතුව බැහැ.


    SAN_64181.jpg


    SAN_6425.jpg


    කවුද මේ ටැලී?

    අපේ සුරතල් බල්ලා. එයාගේ නම ටැලී. ටැලී හමුවෙච්ච විදියත් හරි පුදුම දෙයක්. අපි දෙන්නා විවාහ වූ අලූත ගමනක් යද්දී බලූ පැටව් විකුණන තැනක් තිබුණා. තිසර ගිහින් ඒ බලූ පැටව් හිටපු කූඩුවට ඇඟිල්ල දිගු කලාම මේ පැටියා ඇවිත් ඇඟිල්ල හැපුවලූ. ඉතින් තිසර මිලදී ගෙන තිබෙන්නේ මෙයා.


    පසුගිය කාලයේදී තිසර තරමක් දුරට අසාර්ථක වුණා. එයාගේ මානසිකත්වය හදන්න ඔබ මොනවද කළේ?

    එක් එක් කාලවලදී එහෙම වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම එයාගේ හිත හදනවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයකුට නිවසේ පරිසරය හරි වැදගත්. ඒ නිදහස් පරිසරය මම හදලා දෙනවා.

    SAN_6539.jpg


    SAN_6411.jpg



    තිසරට රඟපෑමට ආරාධනා ලැබුණොත් ෂෙරමි ඊට අවසර දෙනවාද?

    තිසර නම් ඊට කොහොත්ම කැමති නැහැ. ඒක ස්ථීරයි. නමුත් එයා ඒකට යන්න මගෙන් අවසර ඉල්ලූවොත් මම එක්වරම බැහැ, එපා කියලා තමයි කියන්නේ.


    ක‍්‍රිකට් ජීවිතයේ වගේම පුද්ගලික ජීවිතයේ බලාපොරොත්තු මොනවාද?

    කෙසේ හෝ ලෝක කුසලාන ජයග‍්‍රහණයක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම එයාගේ ලොකුම අරමුණයි. ඒ වගේම මොන දේ කළත් එයාගේ ජීවිත දර්ශනය වන්නේ පවුලේ කටයුතුවලට මුල්තැන දීමයි. මොන තරම් ලෝකය දිනුවත් පවුලට ලැදි නැත්නම් වැඩක් නැති බව එයාගේ අදහසයි. ඒ නිසා ක‍්‍රීඩාව සහ පවුල් ජීවිතය දෙකම ගැන එයාට හොඳ අවබෝධයක් තිබෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ලෝකයේ වාසනාවන්තම බිරිඳ මම කියලයි මට හිතෙන්නේ.




    SAN_6399.jpg


    SAN_6410.jpg


    SAN_6589.jpg


     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මීට අවුරුදු 3ට විතර කලින් මම මේ දෙන්නව දැක්ක මැග්සිටි එකේදි.පරණ ප්‍රෙෂියා එකක් කැඩිලා හද හද හිටියා .හෙන ඩීසන් කෙල්ලෙක්.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තිසර වාසනාවන්ත කොල්ලෙක්

    :yes::yes:
    supiri geyak,sangage geth maligawak wage ban
    mun denna AL iwarauna gaman bande
    kollage luck eka thama

    kohomada e kale


    1919381_1146505462734_3424660_n.jpg

    lassana geyak

    star eka thamai machan


    balapnko wahan tika :dull::shocked:

    patta
    kellage pina thamai


    Patta Jaya wewa
    Thank youuu

    Ado loweth salline

    Aru ara thadi eka arakita bassanakota... Uuui baba gaanawa athi ne... Lol

    wahan 2i gei
    ado patta salliyak sellam karana unta tiyenne

    මීට අවුරුදු 3ට විතර කලින් මම මේ දෙන්නව දැක්ක මැග්සිටි එකේදි.පරණ ප්‍රෙෂියා එකක් කැඩිලා හද හද හිටියා .හෙන ඩීසන් කෙල්ලෙක්.

    සිරාවටම ලක් එක බලපානවා..:)