Gems ගැන මමත් හෙන ඔස්තාර් කෙනෙක් නෙමෙයි හැබැයි එකෙත් බොරු කිව්වා පොඩි එකා. අංක එක මම මෙච්චර කාලෙකට cosmo geology කියලා එකක් අහලා නෑ. gemology (රත්න විද්‍යාව) geoscience වල Minerlogy වල branch එකක් ඒක හරි. දැනට ලංකාවේ මේ සම්බන්ධව ඉගෙන ගන්න පුලුවන් මොරටුව සහ සබරගමුව විශ්වවිද්්‍යාල වල සහ GJRTI හෝ IGA වගේ ආයතනයක මූලික ඉගෙනීම් ඉගෙන ගෙන පිටරට ගිහින් වැඩිදුර ඉගෙන ගන්න පුලුවන් Gem-A (UK), GIA (US), DSEF (DE), IGI (BE) වගේ එකක ඉගෙන ගන්න පුලුවන්. (මීට අමතරව තව තායිලන්තයේ, ස්වීට්සර්ලන්තයේ එහෙම ආයතන තියෙනවා මේ ටික තමයි ලෝකේ ප්‍රමුඛම ඒවා). විශ්වණ්‍යය රත්නවිස්ථාපනය කියන්නේ cosmo redshift මං දන්නේ නෑ ඒකෙයි මේකෙයි සම්බන්ධය? wavelength shifting ගැන දැනගෙන ඉන්න ඔනේ හැබැයි ඔච්චර advanced cosmo science ගැන ඉගෙන ගන්න ඔනේ නෑ. මුගේ word manupulations මුලු ඉදන්ම තියෙනවා කතාවේ. (transfigure එකට adverb එකක් හදලා කියනවා මූ) quantum chemistry නෙමෙයි crystallography කියන කොටස තමයි මූලිකවම වැදගත් වෙන්නේ ඒක තමයි මැණික් ගලක building blocks වෙන්නේ. හොද gemologist ලා අඩුයි ලංකාවේ ඒක හරි. මුලින්ම පෙන්නනවා obsidian එකක්, ඌ ඒකට බොරු කෑල්ලක් මුලට දාලා කියනවා එකම naturally occuring glass ජාතියලු (ලංකාවෙ ඔනෙ තරම් මෙවා හම්බෙනවා තව බිම් වීදුරු හම්බෙනවා රත්නපුර පැත්තෙ වැඩිපුරම) . මූලිකව glass වලට (සිලිකන් ඔක්සයිඩ්) crystal structre එකක් නෑ!
එතනින් එහාට මෙ බොරු ලිහන්න මම කාලය කන්නෙ නෑ. ඉතුරු ටිකෙත් ගොඩක් බොරු තමයි කියන්නෙ.