Vehicle Importer

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පර්සනල් ඉම්පෝට් කරන්න ගිහින් ගොඩක් අයට ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා පෝස්ට් වලින් දැකලා තියෙනවා.

    ඉම්පෝටර් කෙනෙක් තෝරගද්දි මේ ගැන සැලකිලිමත් වෙන්න.

    1. ඉම්පෝටර්ලා කියලා කියන ගොඩක් අය හරියටම යන කොස්ට් එක දෙන්නෙ නෑ.
    වාහනයටම ගානක් කියනවා.
    අපිගන්නේ ලක්ශයයි දෙකයි කිව්වට කොලේ වහලා ඊට වැඩි ගානක් ගන්නවා.
    ඉම්පෝට් කරද්දි ගන්නවා කියන මුදලමයි ගන්නේ කියලා එකග වෙන්න.

    2. පලමුව අත්තිකාරම් මුදලක් අරන් ඔක්ශන් එකෙන් වාහනේ බිඩ් කරලා ගන්න, ඉන්පසු මුලු මුදලින් බදු මුදල සහ අත්තිකාරම් මුදල අඩුකරලා ඉතිරි මුදල ගන්න, අවසානෙට රජයෙ බදු මුදල ගන්න ඉම්පෝටර් කෙනෙක්ව හොයාගන්න.

    3. නොදන්න අය ඉන්නවා අලුතෙන් ෆීල්ඩ් එකට එකතුවුන. සමහර අය ෆුල් LC ඕපන් කරනවා. ඔබටමයි බදු ගෙවද්දි පාඩුව. මම දැකලා තියෙනවා ලක්ශ 34 බදු ගෙවන්න ඕන වාහනේට ලක්ශ 40 බදු ගෙවපු අවස්තා.

    4. ඉම්පෝටර් RMV රෙජිස්ටඩ් කෙනෙක් නම් විශය දන්න කෙනෙක්. පුලුවන්නම් එහෙම කෙනෙක්ගෙන් එයාගේ ගරාජ් නම්බර් එකටම වාහනේ ගෙන්න ගන්න. එවිට ඔබ කලයුතු වන්නෙ මුදල් ලබාදීම පමනයි. වරායෙන් වාහනය ලබාගත හැකියි. නිවසටම ගෙනත් දෙන අයත් සිටිනවා. ලියාපදිංචි කරන එකත් ඔහුටම කියලා කරගත හැකියි.

    ආයේ කියනවා කියන වචනේ බොරු නොකරන ඔහු ගන්න ගාන කෙලින් කියලා ගන්න, කෙනෙක් වැඩේට සෙට් කරගන්න.