තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ මහතා සමඟ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි.
ආන්ඩුවට එක් වූ පස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබා දීමටද නියමිත බව දැනගන්නට ඇත.
අත්තනායක මහතා මේ වන විටත් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා තහවුරු කරයි.