තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරයට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලියකියවිලි මාධ්‍යයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ය.
ජනාධිපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම තිස්ස අත්තනායක මහතාට එල්ල වී ඇති චෝදනා වේ.

-Newsfirst

කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළේය.
අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත්, මේ සිද්ධිය ලෙස බොහෝ දෙනකු බලා සිටින නිසා ඇප දුන්නොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් රහස් පොලිසිය කීවේය.
කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වේය.

-Lankadeepa
 
Last edited:

neonz

Member
Mar 31, 2008
1,349
55
0
DSC0555.jpg


DSC0565.jpg
 

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    එජාප සහ එජනිස අතර අප්‍රකාශිත වයංග ගිවිසුමක් තිබෙනවා ඉතිහාසයේ සිටම.එනම් කොපමන වැරදි කලත් මිනීමරුවත් කොල්ල කෑවත් හොරකම් කලත් කුඩු වික්කත් මේ පක්ශදෙකෙන් එකක් විපක්ශයට ගිය කල පාලක පක්ශය ඔවුන්ට එරෙහිව නීතිය සැබැවින්ම ක්‍රියාත්මක නොකරයි.
    බටලන්ද ඝාතන
    වවුල් කැලේ ඝාතන
    සුරියකන්ද ඝාතන
    ත්‍රීමා විතාන ඝාතනය යටගියේ මේ ප්‍රතිපත්තිය අනුවයි

    නමුත් මේ තිස්ස එජාප,එජානිස දෙපැත්තම අනාගත් නිසා ගැටලුවක් එනව

    දුමින්ද මේ පක්ශ දෙකටම සල්ලි දුන්නු නිසා ඔහුට නීතිය අවුලක් නෑ.වැඩිම උනොත් මිනිස්සු අන්දන්න ඔහුව බොරුවට චන්දෙ ලන්වෙලා ටික දවසකට රිමාන්ඩ් කරල චන්දෙන් පස්සෙදා නිදොස් කරයි

    විමල් යූඑන්පී එකට තර්ජනයක් වෙන කෙනෙක් නිසාත්,ශ්‍රීලනිප නොවෙන නිසාත් වැරද්දක් කරලනම් හිරේ යවයි.
    චන්ද්‍රිකා ජානාධ්පති රනිල් අගැමැති කාලේ,යූඑන්පී එකට ජනතා ද්‍රොහී දේවල් කරන්න අමාරු උනා චන්ද්‍රිකාගෙ තිබ්බ දැඩි පෞර්ශත්වය නිසා,,නමුත් දැන් රනිල්ට යට වෙලාවගෙ ඉන්න බවක් පේනවා,,රටේ තත්වෙ අනුව ජානාධිපති කෙලින් පෞර්ශත්වයෙන් යුත් කෙනෙකු හා ඔහු සතුව සේනාධිනායකකම,හදිසි නීතිය හා යුද්දය හා සාමය ප්‍රකාශකිරීමේ බලය තිබිය යුතුමයි,එම බලයත් පාර්ලිමෙන්තුවට පැවරුවොත් රට අස්තාවර වෙන්න ඉඩක් තියෙනව උතුර -නැගෙනහිර දිහා බලනකොට
     
    Last edited: