තිස්ස අත්තනායක රක්ෂිත බන්ධනාගාරයට
-Newsfirst
-Lankadeepa
අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලියකියවිලි මාධ්‍යයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ය.
ජනාධිපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම තිස්ස අත්තනායක මහතාට එල්ල වී ඇති චෝදනා වේ.
-Newsfirst
කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළේය.
අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත්, මේ සිද්ධිය ලෙස බොහෝ දෙනකු බලා සිටින නිසා ඇප දුන්නොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් රහස් පොලිසිය කීවේය.
කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වේය.
-Lankadeepa
Last edited:






