තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CIDයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CIDයට

    තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CIDයට​


    මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද ආරම්භ කෙරුණි.

    ඒ අනුව අද දිනයේදී එහි මාධ්‍ය විශේෂඥයන් දෙදෙනකු ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.

    මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

    පසුව ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබුණි.

    ඒ අනුව විමර්ශන සිදුකළ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දිනයේදී සැකකාරිය ඇයගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයටද රැගෙන ගියේය.

    අනතුරුව විමර්ශන නිලධාරීන් එහි සේවකයන්ව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අතර අද දිනයේදී ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණියේ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥයන් දෙදෙනාය.

    මේ අතර රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර තිළිණි ප්‍රියමාලිව අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා වෙතට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥවරු,

    සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

    සිදුවෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් මුළු රටම දන්නවා. ඒ නිසා තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවය කරන සේවක මණ්ඩලයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවලා තියෙනවා.

    ප්‍රශ්නය - ඉදිරියට ඔබතුමියලගේ කටයුතු කරගෙන යනවද?

    සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

    අපි රාජකාරිය තුළ කොහොමත් රාජකාරිය තමයි එදා සිට කළේ, ඒ නිසා සභාපතිතුමිය දැඩි ලෙස ප්‍රකාශ කරලා තියෙනවා රාජකාරිය එලෙසින්කරගෙන යන්න. ආයතනය වහලත් නෑ ගොඩක් අය ප්‍රචාරය කරනවා 34වන මහලේ තිකෝ සමූහ ව්‍යාපාරය වහල තියෙනවා, සේවකයෝ වැරදිකාරයො බවට පත්වෙලා තියෙනවා කියලා, එහෙම කිසිම දෙයක් වෙලා නෑ.

    ප්‍රශ්නය - ඔබතුමිය තමයි බන්ධනාගාරයට යන්නේ කියලා සමාජ ජාලවල තිබෙනවා. ඔබතුමියට සභාපතිතුමිය උපදෙස් දුන්නද?

    සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

    සභාපතිතුමිය නිරතුරුවම කියන්නේ ආයතනයේ රාජකාරිය, නැත්නම් මගේ ඩිවිෂන් එකේ රාජකාරිය සහ මම කරගෙන ආපු රාජකාරිය එලෙසින්ම පවත්වාගෙන යන්න.

    ප්‍රශ්නය - ඊයේ ඔබතුමන්ලාගේ ආයතනය පරීක්ෂාවට ලක්කළා. මොකක්ද ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන්?

    ධනංජය නානායක්කාර - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

    ආයතනය ඇතුළේ වැඩකටයුතු සිදුවෙන ආකාරයන් පිළිබඳව සහ සමහර දේවල්වල දත්ත ලබාගැනීම සිදුකළා. ඒ අයගේ පරීක්ෂණ කටයුතුවලට ඒවා අවශ්‍ය නිසා. ඉතින් ඒ සියලු දේවල්වලට අවශ්‍යකරන පූර්ණ සහයෝගය ආයතන ඇතුළේ ඉන්න සමස්ත සේවකයන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ අවශ්‍ය කරන සහයෝගය ලබාදුන්නා.

    ප්‍රශ්නය - අපි දැක්කා තිස්දෙනෙකුගේ පමණ ලැයිස්තුවක් මූල්‍ය ගනුදෙනුවලට එක්කහු වුණා කියලා. ඔබතුමන්ලා විශ්වාස කරනවද ඒ ලැයිස්තුව හරියි කියලා.

    ධනංජය නානායක්කාර - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

    නෑ ඇත්තටම අපි ඒ ගැන නම් කියන්න දන්නේ නෑ මොනවාද කියලා. ලැයිස්තු මොකක්ද කියලාවත් දන්නේ නෑ. ලැයිස්තුවල හිටපු නම් ගම් පිළිබඳව නම් මම දන්නේ නෑ. නමුත් සමහර චරිත ජනප්‍රිය වීම උදෙසා මෙය ජනප්‍රිය කටයුත්තක් බවට පත්කරගෙන තියෙනවා
     
    • Like
    Reactions: NRTG and narihashan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මේ ගෑනිගෙ ඇති ලස්සනකුත් නෑ. මුන් මෙච්චරටම වේලෙන එවුන්ද
     
    • Like
    Reactions: haunte

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මුන්ගෙ කොම්පැනිය මොකො තාම සීල් තියල නැත්තෙ හරිම පුදුමයි අප්ප. වෙන එකක් උනානම් ස්ටාෆ් ඔක්කොම රිමාන්ඩ් දාල ඕක සීල්කරල එහෙනම්🤔🤔🤔🤔🤔
    මාර නීතියක්.. පොලිටිකල් මෝරු පිටිපස්සෙ ඇති


    Central Bank of SL doi da
    ------ Post added on Oct 13, 2022 at 5:20 PM
     
    • Like
    Reactions: NRTG and sanhen143

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මහබැන්කුවෙ එවුන්ට පඩිගෙවන්නෙ මක්කටෙයි මේන්මුන් තාම බිස්නස් කරනව තගදාගෙන
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,279
    113
    33
    ෆින්ලන්ඩ්
    මහබැන්කුවෙ එවුන්ට පඩිගෙවන්නෙ මක්කටෙයි මේන්මුන් තාම බිස්නස් කරනව තගදාගෙන
    මහා බැංකුවේ උන්ටත් පඩි ගෙවන්නේ ඔතනින් වෙන්න ඕන. කෝටි 1000 ක් කියන්නේ මහබැංකුවේ ඇත්තේ ලක්ෂ 1200 ක් වගේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    balapn gahille tharama approx. $10 mil neh.. politicco gen connections eka nisa oki eliyata ei
    Oke salli dapu Rajapawul wala name delete karanna wennathi tama office open karan inna denne. Tawa mun vip name hide karanawa kiyala kappan gani..

    ත‍්‍රිකෝ ගෲප්’ ආයතනයේ වැඩ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදු කරගෙන යමින් සිටින බව එම ආයතනයේ මාධ්‍ය ප්‍රධානීන් කියා සිටිති.
    සුරංගි කොඩිතුවක්කු හා ඇයගේ මාධ්‍ය සහායකයා පවසන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි තම ආයතනය වසා දමා නැති බවත් සුපුරුදු රාජකාරි කටයුතු සිදු කරමින් ඇති බවත්ය.

    Why they are kept open and letting them to operate ???
    If innocent man or ordinary entrepreneur does something they will be locked up & sealed the place as soon as possible.

    ------ Post added on Oct 13, 2022 at 6:56 PM
     
    Last edited:
    • Like
    Reactions: BanX

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    Oke salli dapu Rajapawul wala name delete karanna wennath tama office open karan inna denne. Tawa mun vip name hide karanawa kiyala kappan gani..

    ත‍්‍රිකෝ ගෲප්’ ආයතනයේ වැඩ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදු කරගෙන යමින් සිටින බව එම ආයතනයේ මාධ්‍ය ප්‍රධානීන් කියා සිටිති.
    සුරංගි කොඩිතුවක්කු හා ඇයගේ මාධ්‍ය සහායකයා පවසන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි තම ආයතනය වසා දමා නැති බවත් සුපුරුදු රාජකාරි කටයුතු සිදු කරමින් ඇති බවත්ය.

    Why they are kept open and letting them to operate ???
    If innocent man or ordinary entrepreneur does something they will be locked up & sealed the place as soon as possible.

    ------ Post added on Oct 13, 2022 at 6:56 PM
    sirawata ban.. un owa hondata plan karala kalla thiyenne balapan... hama paththak ma cover wena widiye minissu allagena.. kalakanni
     
    • Like
    Reactions: IMMuhandiram

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අඩේ කොහොමද බන් මුන් කොම්පැනි එක ඇරන් ඉන්නෙ බිලියන් 10ක ස්කැම් එකක් නේද...පට ගාල ඕක සීල් කරල ඕකෙ ඩේටා ඉන්ෆොමේශන් ආරක්ශා කරන්න එපැයි නත්නම් ඕව ඔක්කොම මැනිපුලේට් කරල ගේම ගහයි ඔය කොපැනිය පිටිපස්සෙ ඉන්න ඇත්ත ඇයිතිකාරයො සෙට් එක
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    මේකට තියන උනන්දුව මහ බැන්කුව කඩපු වෙලාවෙත් තිබුනා නම්?
     
    • Like
    Reactions: Alexb