තීන්ත_ගෑව_හැටි….

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    තීන්ත_ගෑව_හැටි….

    ඉක්කොලේ කාලේදී උන සීන් එකක් ලියන්න හිතුවා….. වැඩි දෙයක්නම් නෑ… ළඟ ඉන්න කාට හරි කියලා කුචු කවාගෙන හරි ආතල් එකක් ගනිල්ලා….

    මේක උනේ උසස්පෙළ කරන කාලේදී…… උඹලා දන්නවා නොවැ ඉස්කෝලේ පන්ති කාමරේ ඩෙස් පුටු වල තීන්ත ගාන සීන් එක….. පොඩි කාලේදී වගේ ඕක කරන්න අම්මලා තාත්තලා එන්නේ නැහැනේ….. ඔන්න ඉතින් අපි සෙට් එකත් තීන්ත ගාන්න කියලා ගියා… ඔක්කොම ඇවිත් එත් තීන්ත කලවම් කරන්න බාල්දියක් තියා පින්සලක්වත් ගෙනත් නැහැ…. ( ගෙනවානම් තමයි පුදුමේ… ) සර් කාරයා අපිව මරන් කන්න යනවා……

    ” තොපිල අත වන වන ආවේ අහවල් එකෙන් තීන්ත ගාන්නද යකුනේ…. හොයන් වරෙල්ලා කොහෙන් හරි බඩු මුට්ටු ටික….ඒ එක්කම මේ සල්ලි වලින් තීන්තත් අරන් වරෙව්….”
    පන්තියේ ළමයින්ගෙන් එකතු කරපු සල්ලිත් ආපහු අපිටම දුන්නා තීන්තත් ගෙන්න කියලා…

    සර්ගේ බර බරේ නිසා මම ඇතුළු තව කිහිප දෙනෙක් එලියට ආවා ඉස්කෝලේ ගාවම ගෙවල් තියෙන කොල්ලොන්ගේ ගෙවල් වලට හරි ගිහින් හරි බඩු මුට්ටු හොයාගෙන එන්න….වෙලාව 10 ට විතර ඇති…. බාල්දි හොයන්න ගියාට මොකද අපිට ආවා කක්කි අදහසක්…. පාලිමන්ට් ජෝක්ස් කියලා ෆිල්ම් එකක් මතකද උඹලට… අන්න ඒක ආවම අලුත වගේ…. තීන්ත ගාන ඒක පැත්තකින් තියලා කස්ටිය රිංගුවා ෆිල්ම් හෝල් ඒක ඇතුලට… ( යුනිෆෝම් උනාට වෙනම ටීෂර්ට් එකක් ඇඳලා හිටියේ..) තීන්ත ගෙන්න කියලා දුන්න සල්ලි වලින් ආතල් එකේ ෆිල්ම් ඒක බැලුවා කියමුකෝ…. ඔන්න දැන් සෙට් එකම එලියට බැස්ස විතරයි සර් කාරයා ෆිල්ම් හෝල් ඒක ඉස්සරහා ඉන්නවා මාරයා ආවේස වෙලා……. අපිට චු යන්න වගේ….

    ” තොපිල ඔය තීන්ත ගේන හැටිද….? යමල්ලා ඔක්කොම ඉස්කෝලෙට….. ”

    අපිත් ඉතින් හොර පුසෝ වගේ සර්ගේ පස්සෙන් ඉස්කෝලෙට ගියා…. ගියා විතරයි බනිනවා හිටු කියලා… බැනපු වචන ලස්සන වැඩි කමට මෙතන ලියන්න බැහැ….. බැනල බැනල ඔන්න සර් තීරණයක් ගත්තා…..

    “ මම ප්‍රින්සිපල් ගාවට එක්කන් යන්නද නැත්තම් උබලා ටික විතරක් සෙනසුරාදා තින්තයි ඔක්කොම බඩු මුට්ටුයි හොයාගෙන ඇවිත් මුළු පන්තියේම තීන්ත ගානවද….? “

    අපිත් පැනල වැඩේට කැමති උනා…. ඔයින් බේරුන එකට අපිට ෆුල් ආතල්…. හොඳම සීන් ඒක උනේ ඊට පස්සේ…. මෙච්චර වෙලා ගිරිය පුප්පන් අපිට බැනලා බැනලා යන්න ඔන්න මෙන්න තියලා අහනවා…

    මේ ළමයිනේ…. ගෑනියි , ළමයින්ගෙනුයි පොරේ ඕක බලන්න එක්කන් යන්න කියලා… ෆිල්ම් ඒක හොඳද බන්… ?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලොල් සීන් එක බන්...........
    මම බලපු පලවෙනි ෆිල්ම් එකද කොහෙදෝ......

    දෙන්නම්කෝ ලොක්කා
    ඉදිමෙන්නට බොක්කා
    පොල්කටු කන්න
    පනත්තා

    :lol::lol::lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    ඔව් බන් මම පොඩි එකානේ... මම ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා එකටම බැලුවේ ඕක තමා..
    ඔන්න මටත් මතක් වුනා ලොල් සීන් එකක් ඕකත් එක්ක...
    ඔන්න දැන් ඒ කාලයෙ අඳුරන සෙට් එකක් එක්ක තමා ගියේ ෆිල්ම් එක බලන්න.. මම ගිහිල්ලා වාඩි වුනා මචන් පුටුවකින්. අම්මටහුඩු ඒක කැඩිලා..වාඩි වුන ගමන් බැස්සා කියහන්කෝ. ඔන්න ඉතින් මමත් ගනන් ගන්නේ නැතුව තව පුටුවකින් වාඩි වුනා.. අෆ්ෆා එකත් කැඩිලා කියහන්කෝ.. මක් කරන්නද.. මම ඊට පස්සේ කිවා බලන්නකෝ මම වාඩි වෙන හැම පුටුවම කැඩිලානේ කියලා. ඔන්න ඊට පස්සේ ආමා හරි කවුරු හරි කියනවා

    පුතේ,, ඔය පුටු වල හැටි ඔහොමතමා කියලා..

    අෆ්ෆා බැලින්නම් ඒක එහෙම තමා..
    අර ආතල් එකේ ඉන්න තියන පුටුවක් බැලින්නම්:P:P:P

    :lol::lol::lol::lol:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    cobra.jpg
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මම කට්ටා;13243938 said:
    ඔව් බන් මම පොඩි එකානේ... මම ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා එකටම බැලුවේ ඕක තමා..
    ඔන්න මටත් මතක් වුනා ලොල් සීන් එකක් ඕකත් එක්ක...
    ඔන්න දැන් ඒ කාලයෙ අඳුරන සෙට් එකක් එක්ක තමා ගියේ ෆිල්ම් එක බලන්න.. මම ගිහිල්ලා වාඩි වුනා මචන් පුටුවකින්. අම්මටහුඩු ඒක කැඩිලා..වාඩි වුන ගමන් බැස්සා කියහන්කෝ. ඔන්න ඉතින් මමත් ගනන් ගන්නේ නැතුව තව පුටුවකින් වාඩි වුනා.. අෆ්ෆා එකත් කැඩිලා කියහන්කෝ.. මක් කරන්නද.. මම ඊට පස්සේ කිවා බලන්නකෝ මම වාඩි වෙන හැම පුටුවම කැඩිලානේ කියලා. ඔන්න ඊට පස්සේ ආමා හරි කවුරු හරි කියනවා

    පුතේ,, ඔය පුටු වල හැටි ඔහොමතමා කියලා..

    අෆ්ෆා බැලින්නම් ඒක එහෙම තමා..
    අර ආතල් එකේ ඉන්න තියන පුටුවක් බැලින්නම්:P:P:P

    :lol::lol::lol::lol:

    උබ දැන් හිතන්නේ හරි ලොකු මිනිහ කියලද?? යාකො විකාර නැතුව 2 වෙනි පාර විබාගේ ලියන්න ලෑස්ති වෙයන් බන්!!:rofl::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;13244269 said:
    ha ha lape mata kiuwa mewa..meaka mata kiyeuwahama hina giya ban ithin damma.........mekata copyak......

    අහක ඉන්න මාව ඔඅවට ගාවන්න එපා.. උබල දෙන්න ඕනේ දෙයක් කරගනින්..

    මාන්න මන් ලපයට හදපු බ්ලොග් එක එකත් ටිකක් ඉන්න ගමන බලන්න. :P

    http://lapayagerasakatha.wordpress.com/
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අහක ඉන්න මාව ඔඅවට ගාවන්න එපා.. උබල දෙන්න ඕනේ දෙයක් කරගනින්..

    මාන්න මන් ලපයට හදපු බ්ලොග් එක එකත් ටිකක් ඉන්න ගමන බලන්න. :P

    http://lapayagerasakatha.wordpress.com/

    Aaa Uba thama me okkama kare ithin kohamada uba gawa ganne nathiwa inne...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: